පරමාණුක ක්‍රමාංකය
Jump to navigation
Jump to search
![]() |
මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
ප්‍රෝටෝන අංකය ලෙසින් ද හැඳින්වෙන පරමාණුක ක්‍රමාංකය (සංකේතය Z) අර්ථ දැක්වෙන්නේ පරමාණුක න්‍යෂ්ටියක පවතින ප්‍රෝටෝන ගණන ලෙසයි. මූලද්‍රව්‍ය එකිනෙකින් වෙන් කොට හඳුනා ගැනෙන්නේ පරමාණුක ක්‍රමාංකයෙනි. අයනික නොවන අවස්ථාවේ පවතින තනි පරමාණුවක් වටා ඇති ඉලෙක්ට්‍රෝන ගණන පරමාණුක ක්‍රමාංකයට සමාන වෙයි.
එකම පරමාණුක ක්‍රමාංකයක් පැවැතුණ ද, වෙනස් ස්කන්ධ ක්‍රමාංක පවතින පරමාණුක න්‍යෂ්ටි සමස්ථානික ලෙස හැඳින්වේ. ස්වාභාවික අවස්ථාවේ පවතින බොහෝ මූලද්‍රව්‍ය සමස්ථානික මිශ්‍රණයක් ලෙස පවතින අතර මිශ්‍රණයෙහි ඇති ස්කන්ධ ක්‍රමාංකයන්ගේ සාමාන්‍යය පරමාණුක ස්කන්ධ ඒකක වලින් ගත් විට සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ලෙස හැඳින්වේ.