ෆීජි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
ෆීජි කොදෙවු ජනරජය

Matanitu Tu-Vaka-i-koya ko Viti
Flag of ෆීජි හී ධජය
Flag
{{{coat_alt}}}
Coat of arms
උද්යෝග පාඨය: Rerevaka na Kalou ka Doka na Tui
Fear God and honour the Queen
ජාතික ගීය: God Bless Fiji
Location of ෆීජි
අගනුවරSuva
විශාලතම නගරයඅගනගරය
නිල භාෂාව(න්)English, Bau Fijian, and Hindi[1]
ජාති නාම(ය)Fiji Islander, Fijian
රජයහමුදා ජුන්ටාව මගින් පාලනය වන පාර්ලිමේන්තු ජනරජය
Epeli Nailatikau
Frank Bainimarama
Ratu Epeli Nailatikau
Queen Elizabeth II1
Independence 
• Date
10 October 1970
• Republic
28 September 1987
වර්ග ප්‍රමාණය
• සම්පූර්ණ
18,274 km2 (7,056 sq mi) (155th)
• ජලය (%)
negligible
ජනගහණය
• 2009 ඇස්තමේන්තුව
849,000[2] (156th)
• ඝණත්වය
46.4/km2 (120.2/sq mi) (148th)
දදේනි (ක්‍රශසා)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.850 billion[3]
• ඒක පුද්ගල
$4,358[3]
දදේනි (නාමික)2009 ඇස්තමේන්තුව
• සම්පූර්ණ
$3.060 billion[3]
• ඒක පුද්ගල
$3,464[3]
මාසද (2007)0.741
දෝෂය: අනීතික HDI අගය · 108th
ව්‍යවහාර මුදලFijian dollar (FJD)
වේලා කලාපයUTC+12
• ගිම්හාන (DST)
UTC+13[4]
රිය ධාවන මං තීරුවleft
ඇමතුම් කේතය679
අන්තර්ජාල TLD.fj
  1. Recognised by the Great Council of Chiefs.

නිල වශයෙන් ෆීජි සමුහාණ්ඩුව ලෙස හැඳින්වෙන ෆීජි දුපත් රාජ්‍යය දකුණු පැසිෆික් සාගරයේ මෙලනිශියාහි නවසීලන්ත උතුරු දිවයිනට නාවික සැතපුම් 1100 ( කි.මි. 2000; සැතපුම් 1300) ක් ඊශාන දිගින් පිහිටා ඇත. බටහිරින් වනුවාටු දිවයිනත් නිරිතදිගින් ප්‍රංශයේ නව කැලිඩෝනියාවත් ගිනිකොනින් නවසීලන්තයේ ක'මඩෙක් දිවයිනත් නැගෙනහිරින් ටොංගා දිවයිනත් ඊශාන දිගින් සැමෝවා, ප්‍රංශයේ වෝලස් සහ ෆුටුනා සහ උතුරින් ටුවාලු දිවයින් එහි ලඟම අසල්වැසියන් වේ. ෆීජි සමුහාණ්ඩුව දුපත් 332 කින් සමන්විත වන අතර ඉන් දුපත් 110 ක්ම ස්ථිර වාසය සඳහා යොදා ගැනේ. සමස්ථ භුමි ප්‍රදේශය වර්ග කිලෝමීටර 18,300ක (වර්ග සැතපුම් 7100) පමණ වන දුපත් 500කට අධික ප්‍රමාණයකින් සමන්විත වන මෙහි දුරස්ථම දූව "ඔනුයි ලාවෝ" වෙයි. ප්‍රධාන දිවයින් දෙක වන විටි ලවු සහ වනුව' ලවු හි ජනගහනය 850,000ක් පමණ වන අතර එය ජනගහනයෙන් 87% කි. අගනුවර සහ විශාලතම නගරය වන සුවා නගරය විටි ලවු හි පිහිටා ඇත. බහුතරයක් ෆීජි වාසින් විටි ලවු දුවෙහි වෙරළාශ්‍රිත සුවා නගරය සහ කුඩා නගරබද නාදි සහ ලවු'ටෝකා වැනි ප්‍රදේශ ආශ්‍රිතව ජිවත් වේ. විටි ලවු දූවෙහි කුඩා භූමි ප්‍රදේශය අධික ලෙස ජනාකීර්ණ වී ඇත. ඝන වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් පිරි ෆීජි සමුහාණ්ඩුව පැසිෆික් දුපත් සමුහයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියයි. වර්තමානයේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ග වනුයේ සංචාරක කර්මාන්තය සහ සීනි අපනයන කර්මාන්තයයි.

ආර්ථිකය[සංස්කරණය]

වනාන්තර ඛනිජ වර්ග සහ මත්ස්‍ය සම්පතින් සපිරි පැසිෆික් කලාපයේ දියුණුතම ආර්ථිකයකට හිමිකම් කියන රටක් වුවද ෆීජි ආර්ථිකය විශාල යැපුම් ආර්ථික අංශයකින්ද සමන්විත වේ. ෆීජි, දැව, මසුන්, රත්රන්, තඹ, වෙරළබඩ තෙල් සම්පත සහ ජලවිදුලිය වැනි ස්වභාවික සම්පත් රැසක් සහිත දිවයිනකි. ආර්ථිකයේ සීග්‍ර දියුණුවක් 1960 සහ 1970 දශකයන් වලදී ඇතිවූ නමුත් 1980 දශකය වන විට මන්දගාමී තත්වයකට පත්විය. 1987 වර්ෂයේදී සිදුවූ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය ආර්ථික වර්ධනය තවදුරටත් අඩු කිරීමට හේතු විය. කුමන්ත්‍රණයට පසුව සිදුවූ ආර්ථික ලිහිල්කරණය ඇඟළුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ විශාල වර්ධනයකට සහ නියත වර්ධන වේගයක් ලඟා කර ගැනීමට හේතු විය. නාගරීකරණය සහ සේවා අංශයේ පුළුල් වීම දළ දේශීය නිෂ්පාදනයේ මෑත කාලීන වර්ධනයට හේතු වී ඇත. ෆීජි සමුහාණ්ඩුවේ ආදායම සංචාරක කර්මාන්තය මත දැඩි ලෙස රඳා පවතින අතර කාර්මික ක්ෂේත්‍රයේ තුනෙන් එකක පමණ ප්‍රමාණයක් සීනි සැකසුම් කර්මාන්ත වලින් සමන්විත වේ.

ව්‍යවහාර මුදල්[සංස්කරණය]

ෆීජියානු ඩොලරය (ලකුණ: $; කේතය: FJD) 1969 සිට ෆීජිහි ව්‍යවහාර මුදල ලෙස භාවිත වන අතර 1867 -1873 අතර කාලයේදීද භාවිත මුදල විය. මෙය $ ලකුණින් දැක්වෙන අතර ඩොලර් ලකුණ සහිත අනෙකුත් ව්‍යවහාර මුදල් වලින් වෙන්කොට හඳුනාගැනීම සඳහා FJ$ ලෙසද දැක්වේ. FJ$ ඩොලර් එකක් ශත 100කට බෙදේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Dr. A. Tschentscher, LL.M. "Section 4 of Fiji Constitution". Servat.unibe.ch. සම්ප්‍රවේශය 2009-05-03. 
  2. Department of Economic and Social Affairs Population Division. "World Population Prospects, Table A.1" (PDF). 2008 revision. United Nations. Retrieved on 2009-03-12.
  3. 3.0 3.1 3.2 3.3 "Fiji". International Monetary Fund. සම්ප්‍රවේශය 2010-04-21. 
  4. "Timeanddate.com". Timeanddate.com. සම්ප්‍රවේශය 2010-05-02. 
"https://si.wikipedia.org/w/index.php?title=ෆීජි&oldid=347589" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි