මාළු

විකිපීඩියා වෙතින්
මාළු
Temporal range: Ordovician–Neogene
A giant grouper at the Georgia Aquarium, seen swimming among schools of other fish
A giant grouper at the Georgia Aquarium, seen swimming among schools of other fish
The ornate lionfish as seen from a head-on view
The ornate lionfish as seen from a head-on view
Scientific classification
රාජධානිය: Animalia
Phylum: Chordata
(unranked): Craniata
Groups included
Jawless fishes
Armoured fishes
Cartilaginous fishes
Ray-finned fishes
Lobe-finned fishes
Cladistically included but traditionally excluded taxa

Tetrapods

මාළු යනු ජලජ ජීවීන් කොට්ඨාශයක් වේ.ඔවුන්ට සාමාන්‍යයෙන් කරමල්, යුගල වරල් සහ කොරපොතු වලින් වැසී ඇති දිගු ශරීරයක් ඇත. මසුන් ප්‍රදාන කොටස්  තුනකින් යුක්ත වේ. එනම් අස්ථි මාළු (Osteichthyes), හකු රහිත මාළු (Agnatha) සහ කාටිලේජ මාළු (Chondrichthyes). දැනට සොයගෙන ඇති ආකාරයට, විවිධ වර්ගයේ මත්ස්‍ය විශේෂ 33,000කට අධික සංඛ්‍යාවක් ඇති අතර පෘෂ්ඨවංශී සතුන්ගේ වඩාත් විවිධාකාර කාණ්ඩය වන්නේ මාළු ය.

සත්‍යය වශයෙන්ම ලෝකයේ විවිධ මාළු වර්ග කීයක් සිටීදැයි කිසිවෙකු දන්නේ නැත, තවත් බොහෝ දේ නිරන්තරයෙන් සොයා ගැනේ. අපට ඉක්මනින්ම විශේෂ 35,000කට වඩා වැඩි ප්‍රමාණයක් හෝ දන්නා විශේෂ 40,000ක් පමණ සොයාගත හැකිවනු ඇත.

මත්ස්‍යයන් ලෙස වර්ගීකරණය කළ හැකි පැරණිතම ජීවීන් වූයේ කේම්බ්‍රියානු යුගයේදී ප්‍රථමයෙන් දර්ශනය වූ මෘදු ශරීර සහිත චෝඩේට් (chordates) ය. ඔවුන්ට සැබෑ කොඳු ඇට පෙළක් නොතිබුණද, ඔවුන්ගේ අපෘෂ්ඨවංශික සගයන්ට වඩා කඩිසර වීමට ඉඩ සලසන නොටෝකෝඩ් (Notochord) ඔවුන් සතුව තිබුණි. මත්ස්‍යයන් පැලියෝසොයික් යුගය (Paleozoic Era) හරහා අඛණ්ඩව පරිණාමය වෙමින් විවිධ ආකාරවලට විවිධාංගීකරණය විය. පැලියෝසොයික්හි බොහෝ මසුන් විලෝපිකයන්ගෙන් ආරක්ෂා කරන බාහිර සන්නාහයක් නිපදවා ඇත. හකු සහිත පළමු මත්ස්‍යයා සිලුරියන් යුගයේදී දර්ශනය වූ අතර ඉන් පසුව බොහෝ (මෝරුන් වැනි) බලවත් සාගර විලෝපික මසුන් බිහිවිය.

මත්ස්‍යයන් බොහෝ ජල මූලාශ්‍ර වල බහුලව දක්නට ලැබේ. උස් කඳු වල ඇති ඇළ දොළවල සිට, ගැඹුරුම සාගරවල ගැඹුර දක්වා සෑම ජලජ පරිසරයකම පාහේ මසුන් ජීවත්වේ. මසුන් චලතාපීන් (Ectothermic)වේ. එනම් පරිසර උෂ්ණත්වය වෙනස් වන විට ඔවුන්ගේ ශරීර උෂ්ණත්වය වෙනස් කිරීමට ඔව්න්ට හැකිය.

මාළු ලොව පුරා මිනිසුන් සඳහා වැදගත් සම්පතක් වේ . විශේෂයෙන් ආහාර සඳහා මසුන් යොදාගන්නා අතර වාණිජ හා යැපුම් ධීවරයින් මසුන් ඇල්ලීම හෝ සාගරයේ පොකුණුවල (ජලජීවී වගාවේ) මසුන් දඩයම් කිරීම රිම කරනු ලබයි . මීට අමතරව මිනිසුන් විනෝදාස්වාදය සඳහා මසුන් ඇල්ලීම, සුරතල් සතුන් ලෙස තබා ගැනීම ආදී දේවලටද මසුන් යොදාගනී. මෙහි මත්ස්‍ය පලනය(Fish keeping) වැදගත් කර්මාන්තයක් වන අතර සුරතල් මසුන් සඳහා විශාල ඉල්ලුමක් ඇත . එසේම මත්ස්‍යයන් දෙවිවරුන්, ආගමික සංකේත සහ චිත්‍ර, පොත්පත් සහ චිත්‍රපට ආදී විෂයයන් වලදී  විශාල  සංස්කෘතික කාර්යභාරයක් ඉටු කර ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=මාළු&oldid=627318" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි