ජලවිදුලිය

විකිපීඩියා වෙතින්
මෙගාවොට් 22,500 විදුලි ජනන ධාරිතාවයක් සහිත ලොව විශාලතම ජලවිදුලි බලාගාරය වන චීනයේ Three Gorges Dam.

ජලවිදුලිය යන වචනයෙහි අර්ථය ජලය යොදාගෙන විදුලිය නිපදවීම. එනම් ගුරුත්වාකර්ෂණ බලය නිසා පහලට ගලායන ජලය යොදාගෙන විදුලිය නිපදවීමයි. මෙය ලොව වැඩියෙන්ම භාවිතාවන පුනර්ජීව බලශක්ති ක්‍රමය වන අතර 2010 වසරේදී එහි භාවිතය ලොව සමස්ථ විදුලිය භාවිතයෙන් 16%ක අගයක්, එනම් 3427 ටෙරවොට්-පැය අගයකි. එමෙන්ම ඉදිරි වසර 25 තුල ලොව ජලවිදුලි භාවිතය සැම වසරකම 3.1%කින් වැඩිවන බව පැවසේ.

ලොව පුරා රටවල් 150ක පමණ ජලවිදුලිය නිපදවන අතර 2010 වසරේදී ආසියානු-පැසිපික් කලාපය තුල පමණක් ලොව සමස්ත ජලවිදුලිය භාවිතයෙන් 32%ක් පමණ නිපදවා ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ජලවිදුලිය&oldid=293075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි