හීනයක්ද මේ
ඒක් තා රාජා ඒක් ති රාණි | |
---|---|
මෙලෙසද හැඳින්වේ | හීනයක්ද මේ |
ප්‍රභේදය | නාට්‍ය ප්‍රේම වෘත්තාන්ත අභිරහස් |
තැනුවේ | ස්ෆියර් ඔරිජින්ස් සහ නිර්මාණ ප්‍රධානී නිලංජනා පී. |
රචනය කලේ | කථාව නිලංජනා පූර්කායාස්ථ රාජිතා ෂර්මා ආකාශ් දීප් දෙබස් අපරාජිතා ෂර්මා දිව්‍යා ෂර්මා තිර රචනය ෆයිසාල් අඛ්තර් ස්වේක්ෂා භාගත් |
අධ්‍යක්ෂණය කලේ | පවන් පාර්ඛි |
නිර්මාණාත්මක අධ්‍යක්ෂක(වරු) | සිද්ධාර්ථ වැන්කර් සහ නිලංජනා පී. |
රඟපෑම | |
තේමා සංගීත නිර්මාණකරු | රාජු සිං සිද්ධාර්ථ වැන්කර් සෞරභ් |
Composer(s) | ආශිෂ් රෙගූ |
සම්භව රට | ඉන්දියාව |
භාෂාව(න්) | හින්දි |
කථාංග ගණන | 507 |
නිෂ්පාදනය | |
නිෂ්පාදක(යෝ) | සුජෝයි වාධ්වා කෝමල් සංජෝයි වාධ්වා |
ස්ථානය(න්) | රාජස්ථානය මුම්බායි |
කැමරා සැලැස්ම | බහු-කැමරා |
ධාවන කාලය | ආසන්න. මිනිත්තු 26 |
නිෂ්පාදන සමාගම | ස්ෆියර් ඔරිජින්ස් |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සී ටීවී |
රූප ආකෘතිය | 720i(SDTV) 1080i(HDTV) |
මුල් ධාවනය | 27 ජූලි 2015 | – 4 ජූලි 2017
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
ඒක් තා රාජා ඒක් ති රාණි (සිංහල: වරෙක රජකු විය, වරෙක රැජිනක විය) යනු සී ටීවී නාළිකාවෙන් විකාශය වන ඉන්දියානු රූපවාහිනී කාලාන්තර නාට්‍යයකි. 2015 ජූලි 27 දින විකාශය ඇරඹි මෙය, සතියේ දිනවල ප.ව. 9.30ට විකාශය වේ.[1][2] මෙහි 1වන කථාවාරයේ දී ද්‍රාෂ්ටි ධාමි සහ සිද්ධාන්ත් කර්ණික් විසින් ප්‍රධාන චරිත නිරූපණය කරන ලදී. 2වන කථාවාරයේ දී ප්‍රධාන චරිත නිරූපණය කළේ ඊෂා සිං සහ සර්තාජ් ගිල් විසිනි. 3වන කථාවාරයේ දී එම ප්‍රධාන නළු නිළි දෙපළ විසින්ම රංගනයේ යෙදිණි. මෙම වැඩසටහන 2017 ජූලි 4 දින අවසන් වීමට නියමිත ය.
කථාපුවත
[සංස්කරණය]ඒක් තා රාජා ඒක් ති රාණි සඳහා පසුබිම් වී ඇත්තේ 1940 දශකයයි. ගයාත්‍රි යනු ධනවත් සමීන්දාර් කෙනකුගේ දියණියක් වන අතර, ජනයා විසින් ඔහුව මංගලික යැයි සලකනු ලබයි. අනෙක් අතින්, අමේර්කොට්හි රජු වන රාණා ඉන්ද්‍රවාදන් සිං සිය ප්‍රථම බිරිය වන රාණි සුලක්ෂණාගේ වියෝව හේතුවෙන් ක්ෂතිජයට පත්ව සිටියි. රාණාජිගේ මව වන රාජමාතා ප්‍රියංවදා ගයාත්‍රිගේ පියාගෙන් ණය ලබාගෙන එය ගෙවිය යුතුව ඇත. මේ නිසා ඇය රාණාජි සහ ගයාත්‍රි විවාහ කරවීමට යෝජනා කරයි. අකමැත්තෙන් වුවත් රාණාජි ගයාත්‍රි සමග විවාහ වේ. විවාහයෙන් පසුව, ක්‍රමයෙන් රාණාජි සහ ගයාත්‍රි එකිනෙකාට සමීප වෙති. නමුත් එවිටම, බාඩි රාණි මා, ව්‍යාජ සුලක්ෂණා, අව්දේශ්, රාගේශ්වරී වැනි විවිධ දුෂ්ට පුද්ගලයින් ඔවුන්ගේ දිවියට පැමිණෙයි. පසුව බාඩි රාණි මා සහ රාගේශ්වරීගේ බලපෑම හේතුවෙන් රාණාජි රාගේශ්වරී සමග විවාහ වෙයි. ඔහුගේ මතකය අහිමි වන අතර, ගයාත්‍රි පිළිබඳ ඔහුට අමතක වේ. රාණාජිගේ ප්‍රේමය යළි ලබාගැනීම පිණිස ගයාත්‍රි සාවිත්‍රි ලෙස වෙස්වලා ගනියි. විවිධ අරගල මධ්‍යයේ ඇය සාර්ථක වන අතර, රාණාජිහට සිය මතකය නැවත ලැබෙයි. නමුත් කෲර බාඩි රාණි මා විසින් කාල් නැමැති වනගත පුද්ගලයකු ගෙන්වා ගන්නා අතර, ඔහු රාණාජිව මරාදමයි. ගයාත්‍රි පලිගන්නට ප්‍රතිඥා දෙන නමුත්, ඇය බිළිඳියකට උපත ලබා දීමෙන් පසුව බාඩි රාණි මා විසින් ඇයව ද මරාදමනු ලබයි. බිළිඳිය සමගින් රාජමාතාව පලා යයි. රාණාජි සහ ගයාත්‍රි දෙව්ලොවේ දී යළි එක්වෙති.
ගයාත්‍රි සහ රාණාජිගේ දියණිය වන රාණි වැඩී සිටින අතර, ඇයව රැකබලා ගනු ලබන්නේ රාජමාතා සහ ලක්ෂණ් විසිනි. ඇය රාජ මාලිගයේ සේවිකාවක ලෙස සේවයට බැඳෙන අතර එහි දී ඇයට රාජා, ජීවන් සහ බින්දු වැනි මිතුරන් හමුවේ. රාජා සහ ජීවන් යනු කාල්ගේ පුත්‍රයින් වන අතර, බින්දු යනු ලක්ෂන්ගේ දියණියයි. මේ වනවිට කාල් රජු බවට පත්ව සිටියි. නමුත් ඔවුන්ගේ මිත්‍රත්වය බිඳීයන්නේ බාඩි රාණි මා විසින් සිදුකරන කුමන්ත්‍රණ හේතුවෙනි. මඳ කලින්ම, රාජා සහ රාණි ඔවුන්ගේ ළමාවියේ දී වෙන් කෙරේ.
වසර 12කට පසු, රාජා සහ රාණි කොලීජියේ දී මුණගැසෙති. මේ වනවිට, රාජා ඇයට ගැටලු ඇතිකරන්නේ තමන්ව නේවාසික පාසලට ඇතුළු කිරීමට හේතුව ඇය යැයි විශ්වාස කරමිනි. ඔවුන්ගේ වෛරය එතරම් කල් නොපවතින අතර, ඔවුහු ප්‍රේමයෙන් බැඳෙති. විවාහ දිනයේ දී, රාණි යනු රාණාජි සහ ගයාත්‍රිගේ දියණිය බවත්, ඔවුන්ව මරාදැමූයේ කාල් සහ බාඩි රාණි මා විසින් බවත් රාජා දැනගනියි . ඔවුහු දෙදෙන විවාහ වෙති. විවාහයෙන් පසුව, ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය දළුලා වැඩෙයි. ජීවන්, බින්දු සහ බාඩි රාණි මා වැනි එදිරිවාදීන් විසින් ඔවුන්ගේ දිවියට නොයෙකුත් ගැටලු ඇති කරයි. රාජා විසින් කාල්ව සිරගත කරනු ලබන අතර, රාණිව මරාදැමීමට උත්සාහ දැරීමේ දී බාඩි රාණි මා ද මියයයි. බින්දු ද සිරගත කෙරේ. රාණි සිය දෙමාපියන්ගේ ඝාතකයන්ට දඬුවම් පමුණුවයි. මේ වනවිට, නවාක් ඉක්බාල් ඛාන් ඔවුන්ගේ දිවියට පැමිණෙන්නේ රාණි සහ රාජාගේ දිවියට නොයෙකුත් අභියෝග එල්ල කරමිනි. ඉක්බාල් රාණිට පෙම්කරන අතර, ඔහු රාජා සහ රාණි වෙන් කිරීමට ප්‍රයත්න දරයි. ඔහු රාජාට වෙඩිතබන අතර, ඔහු ගිරිකුලකින් පහළට ඇදවැටෙයි. මේ අතර ඔහුගේ පලිගැනීමට සිතා රාණි ඉක්බාල්ට තමන් ප්‍රියකරන බව ව්‍යාජ ලෙසින් හඟවයි. මාස 4කට පසු, රාජා නැවත පැමිණෙයි. ඔහුව බින්දු විසින් බේරාගෙන තිබිණි. නමුත් රාජා නැවත පැමිණෙන විට, ඔහු රාණි සහ ඉක්බාල් එකට සිටිනු දකියි. මේ නිසා පලිගැනීමට සිතන ඔහු අංගද් ලෙස වෙස්වලා ගනියි. නමුත් රාණි මඳ කලකින්ම ඔහුව හඳුනාගනියි. ඉක්බාල් ඔවුනට එරෙහිව කුමන්ත්‍රණය කරන අතර, රාජා රාණිට වෛර කිරීමට පෙළඹෙයි. රාජා මැරවරයන්ගේ ඇසුරට පත්වෙයි. රාණි සහ ඉක්බාල් මෝටර් රථ අනතුරකින් මිය යති.
වසර 10කට පසු, රාජා මුම්බායේ මැර නායකයකු බවට පත්ව සිටියි. රාණිට සමාන පෙනුමක් ඇති නයනා නම් යුවතියක කථාවට පිවිසෙයි. රාජා මැර නායකයකුගේ දියණියක වන ලයිලා සමග දිවිගෙවන අතර, ඔහු ලයිලාව රැක බලාගන්නා බවට පොරොන්දු වී සිටියේ ය. නයනා චිත්‍රපටවල කනිෂ්ඨ චිත්‍ර ශිල්පිනියක වන අතර, ඇය සිය මව සහ සොයුරිය සමගින් දිවි ගෙවයි. නයනා යනු රාණි යැයි සිතන රාජා ඇයට වෛර කරයි. අනෙක් අතින්, රාණි හට පොලිස් නිලධාරියකු වන විජේ ප්‍රිය කරයි. මෙම කථාව මගින් නයනා, රාජා සහ ලයිලා තුන්කොන් ප්‍රේමයක සිරවනු දක්නට ලැබේ. රාජා සහ ලයිලා විවාහ වීමට ආසන්නව සිටින විටථ රාජා පවසන්නේ තමන්ට ලයිලාව විවාහ කරගැනීමට අවශ්‍ය නොවන බවයි. මේ නිසා ලයිලා සිතන්නේ නයනා විසින් රාජාගේ සිත වෙනස් කර ඇති බවයි. මේ අතර නයනාහට රාණිගේ ආත්මය ද මුණගැසෙන අතර, ඇයට ද අවශ්‍ය වන්නේ නයනා සහ රාජා එක්වනු දැකීමටයි. විජේ නයනාට අතවර කිරීමට උත්සාහ දරන අතර, ඇගේ දෙපා ද කඩා දමයි. රාජා සහ විජේ අතර සටනක් ඇතිවන අතර, එහි දී විජේ හට දුර්ගා දේවතාවියගේ ත්‍රිශූලයෙන් අනිනු ලැබේ. නමුත් ලයිලා දූසමාන ආරංචි පතුරුවන්නේ නයනාගේ චරිතය අයහපත් බව පවසමිනි. නයනාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් රාජා ඇය සමග විවාහ වේ. මේ නිසා ලයිලා නයනාට වෛර කරයි.
රාජා සහ නයනාගෙන් පලිගැනීමට ලයිලා තීරණය කරයි. මැරයන් විසින් නයනාව ළිඳකට තල්ලු කොට කිඹුලන් පිරි විලක ඇයව හැර දමා යයි. අවසානයේ ලයිලා මියයයි. තම දිවියේ නව ඇරඹුමක් යැයි සිතන රාජා රාණි සමග මධුසමය ගතකිරීමට ලෝනවාලා වෙත යයි. එහි දී, ඔහුට දුෂ්ට බලවේගයක් බවට පත්වූ රාණිගේ ආත්මය හමුවේ. රාණිට රාජාව අවශ්‍ය අතර, ඇය ඒ වෙනුවෙන් ඕනෑම දෙයක් සිදු කිරීමට සූදානම් ය. සිය භාණ්ඩ අසුරාගන්නා මෙන් නයනාට පවසන රාජා රාණිව සිය නිවසේ දී සොයාගනියි. රාණිගේ ආත්මව බාඩි රාණි මාගේ (BRM) ආත්මයේ මෙහෙයවීම යටතේ ඇති බැව් පෙනී යයි. BRM පසුව පැවසූයේ සිය දේහය ආදාහනය නොකළ බැවින්, ඇගේ බාබා ඇයට නව සිරුරක් ලබාදුන් බවයි. මේ වනවිට ඇය දාකිනියක් බවට පත්ව සිටියි.
මාලිගයේ සියලු වැසියෝ රාණි සහ BRMගේ නැවත පැමිණීම දැනගනිති. රාණි නැවත යැවීමට ඔවුන් දරන උත්සාහයන් අපතේ යයි. බොහෝ වේදනාවන්ට පසුව, රාජා රාණිට පවසන්නේ ඇයව තමන්ට වටිනා තැනැත්තියක බවයි. තමන් නයනා සමග විවාහ වූයේ ඇගේ අනුමැතිය සමග බවත්, මරණින් පසුව තමන් ඇය සමග යළි එක්වන බවත් ඔහු පවසයි. මේ නිසා රාණිට මෝක්ෂය ලබාගැනීමට හැකිවේ. එසේම ඔවුහු සැලසුමක් දියත් කරන්නේ BRMහට රාජමාතාව පණපිටින් සිරුරට ගිනිතබාගත් බව ඒත්තු ගැන්වීමටයි. නමුත් සත්‍යය සොයාගැනීමෙන් පසුව, BRM නැවත පැමිණ රාජා සහ නයනාව මරාදමයි. නමුත් ඇය ලිස්සා ගොස් ඔවුන්ගේ රුධිරය ස්පර්ශ වන අතර, අනතුරුව ඇගේ බලයන් අහිමි වේ.
බාබා රාජමාතාවට පවසන්නේ සත්‍ය ප්‍රේමයට වඩා කිසිවක් බලවත් නොවන බැව් ඒත්තු ගැන්වීමට රාජා-රාණි නැවත පැමිණෙන බවයි. මේ අතර රාණි නැමැත්තියගේ ආරක්ෂාවට රාජ් නම් ආරක්ෂකයාව පත් කෙරේ. මෙය ඇගේ අප්‍රසාදයට හේතුවේ. ඇය ඔහුව නිවසෙන් පිටතට යැවීමට උත්සාහ කළ ද එය අසාර්ථක වේ. ඇගේ විවාහය කුන්දන් සමග ස්ථිර වන විට, ඇය රාජ්ට පවසන්නේ තමන්ව පැහැරගන්නා ලෙසයි.මේ අතර ආනන්දි (රාණිගේ නැන්දණිය) විසින් රාජ්ට තර්ජන එල්ල කරයි. මේ කාලයේ, රාජ්-රාණි අමීර්කොට් වෙත පැමිණෙන අතර, රාණිට මෙම ස්ථානය හා තමන්ට සම්බන්ධතාවක් ඇතැයි හැඟී යයි. එහිදී ඇයට රාණි ගයාත්‍රිගේ (ද්‍රාෂ්ටි ධාමි) සිනපොතක් හමුවන අතර, ඇය රාජ් පසුපස යයි. නමුත් රාජ් ඇයට ඇති ප්‍රේමය හෙළි නොකරයි. මේ අතර රාජ්හට රාණිව මරාදමන මෙන් නියෝග ලැබෙන්නේ ආනන්දි භාරයේ සිටින සිය සොයුරා දේව් බේරාගැනීම පිණිසයි. රාජ් මේ බව රාණිට පාපොච්ඡාරණය කළ ද, ඔහු ආනන්දිගේ නම හෙළි නොකරයි.
නිවසේ දී, රාණි සිය විවාහය පිළිබඳ රාජ්ට මුසා පවසන අතර, ක්‍රමයෙන් රාජ් සහ දේව් යන දෙදෙනාම බේරාගැනීමට සමත් වේ. එහි දී හෙළිවන්නේ ආනන්දි විසින් රාණිගේ පියාව ද ඝාතනය කොට ඇති බවයි. රාණි සුනන්දාට පවසන්නේ තමන් කුන්දන් සමග විවාහ වන බවයි. මේ වනවිට ආනන්දි සිරභාරයේ සිට නැවත පැමිණ සිටියි. කුන්දන්ට සිය ලන්ඩන් දිවිය සඳහා රාණිගේ මුදල් අවශ්‍ය වන අතර, ආනන්දිට අවශ්‍ය වන්නේ ඇගේ දේපළයි. රාණි මේ වනවිට මෙම ලේඛනවලට අත්සන් තබා ඇත. නමුත් රාණි සහ කුන්දන්ගේ විවාහ දිනයේ දී රාජ් විසින් කුන්දන් සහ ආනන්දි ඇගේ සියලු දෑ පැහැරගැනීමට සිදුකරන සැලැස්ම හෙළි කරයි. ඔවුන් දෙදෙනාව සිරභාරයට ගැනෙයි. පසුව රාණි රාජ් තුළ ඇය කෙරෙහි ඇති ප්‍රේමය පාපොච්ඡාරණයට සලස්වන්නේ ඔහුව පැහැරගෙන අමේර්කොට් වෙත ගෙනයාමෙනි. එහි දී ඔහු ඇයට සිය හැඟීම් හෙලි කරයි. එතැන දී ඔවුනට බාඩි රාණි මාගෙන් ප්‍රහාරයක් එල්ල වේ. ඇයට අවශ්‍ය වන්නේ ඔවුන්ව මරාදැමීමටයි. නමුත් ඔවුන් ඇයව දකින විට, ඔවුනට සිය පෙර ආත්මය සිහිපත් වේ. අනතුරුව ඔවුන් ඇගේ කෙස්වැටිය කපාදමමින් ඇගේ බලය නැති කිරීමට උත්සාහ දැරීමේ දී ඇය අතුරුදන් වේ. ඔවුනට රාජමාතාව ද මුණගැසෙයි. ඇය ඔවුනට බාජි රාණි මා විනාශ කිරීමට සහාය ලබා දෙයි. ආනන්දි සිය නොමනා ක්‍රියා වෙනුවෙන් පවුලෙන් සමාව ගන්නා අතර, ඇයට සමාව හිමි වේ.
දැන් රාණි සහ රාජ් විවාහ වේ. විවාහ දිනයෙන් පසුව, රාජ් රාණිව සිය පැරණි පැල්පත වෙත රැගෙන යන අතර, රාණිගේ මව විසින් සිය පවුල විනාශ කළ බව හෙළිකරයි. තමන් ඇයට කිසි දින පෙම් නොකළ බවත්, තමන් මේ සියල්ල කළේ ඇගෙන් පලිගැනීමට බවත් ඔහු පවසයි. අනුතරුව ඔහු තමන් රාණිගේ සහ සුනන්දාගේ (රාණිගේ මව) දේපළවල උරුමකරු වශයෙන් නම් කිරීමට අදාළ ලේඛන ඇයට පෙන්වයි. ඔහු ඇයව මුලා කොට එයට අත්සන ගෙන තිබිණි. (සැබැවින්ම ඔහු ඇයට පවසා තිබුණේ එය ඔහුගේ සියලු දේපළ ඇය වෙත පවරන ලේඛනයක් බවයි) රාජ් රාණිව ගිරිකුලකින් පහළට තල්ලු කරයි. එහි ඇති රාණිගේ අත්සන අවලංගු එකක් බව ඔහු දැනගනියි. මේ වනවිට රාණිව මිනිසුන් පිරිසක් විසින් බේරාගනු ලැබෙයි. ඇය තමන්ට මතකය අහිමිව ගොස් ඇතැයි මවාපාන්නේ සුනන්දා රාජ්ගේ පවුලට සිදු කළේ කුමක්දැයි හෙළි කරගැනීමටයි. මේ අතර රාජ් රාණිගේ වංචාව පිළිබඳ සොයාගනියි. ඔහු සිය මිතුරකු වන තෝෂිගේ උපකාර ඇතිව රාණිට මානසික ආබාධයක් ඇතැයි පවසන අතර, සුනන්දා ද එය විශ්වාස කරයි. රාණි මානසික රෝහලක් වෙත යැවෙන නමුත්, ඉන් ඇය පලායන්නේ ඇගේ මව රාජ්ගේ ලේඛනවලට අත්සන් තැබීම වැළැක්වීමටයි. සුනන්දාගෙන් සියලු දෑ ලබාගැනීමෙන් පසු, ඔහු සිය සත්‍යය රාණිගේ පවුලට හෙළිකරන අතර, ඔවුනව නිවසෙන් පලවා හැරීමට උත්සාහ දරයි. නමුත්, එවිට එතැනට පැමිණෙන රාජ්ගේ මව පවසන්නේ එම සිදුවීමේ වැරදිකාරිය සුනන්දා බවට තමන් පැවසූයේ මුසාවක් බවයි. එසේම එහි සැබෑ වරදකරු රාජ්ගේ පියා බව ඇය හෙළිකරයි. තම වරද වටහාගැනීමෙන් පසු, රාජ් සියලුදෙනාගෙන්ම සමාව ගන්නා අතර, රාණි හැර සෙසු සියල්ලෝම ඔහුට සමාව දෙති. නමුත් රාණි ඇගේ මංගලසූත්‍ර පවා ඔහුට නැවත ලබාදෙයි. චිත්‍රාගේ (රාජ්ගේ මව) සහ සුනන්දාගේ සහාය ඇතිව ඔහු රාණිගේ සිත නැවත දිනාගැනීමට උත්සාහ දරයි. නමුත් ඔහුගේ සියලු සැලසුම් අසාර්ථක වේ. පසුව ආනන්දි විසින්රාණි සහ රාජ්හට සැමියා සහ බිරිඳ ලෙස රඟපාන මෙන් පවසන්නේ ප්‍රීතිගේ (රාණිගේ ඥාති සොයුරිය සහ ආනන්දිගේ දියණිය) මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇති නිසායි. ප්‍රීතිගේ අනාගත නැන්දණිය අතිශයින් සම්ප්‍රදායික තැනැත්තියකි. ප්‍රීතිගේ විවාහය වෙනුවෙන් රඟපාන්නට රාණි එකඟ වේ. මේ කාලයේ රාණිව නැවත දිනාගැනීමට රාජ් ඉටා ගනියි.
ප්‍රීතිගේ අනාගත නැන්දණිය වන වසුන්දරා (දේශපාලනඥවරියකි) සහ රාණි එකිනෙකාව නුරුස්සති. එහි දී හෙළිවන්නේ වසුන්දරා ඇගේ පුත්‍රයා වන වික්‍රම්ජීත්ව ප්‍රීතිට විවාහ කරදෙන්නේ මැතිවරණ වාසි පතා බවයි. වික්‍රම්ජීත් අයමපත් තරුණයකු වන අතර, ඔහු සාක්ෂිට (රාජ්ගේ සොයුරිය) අතවර කරයි. මේ පිළිබඳ දැනගන්නා රාජ් සහ රාණි මාධ්‍ය සහ වසුන්දරා ඉදිරියේ ඔහු පිළිබඳ හෙළිකරති. වික්‍රම්ජීත් ඔහුගේ අපරාධ වෙනුවෙන් සිරභාරයට ගැනෙයි. මේ අතර, රාජ්ගේ මිතුරා වන තෝෂි අත්වැරදීමකින් විවාහ දිනයේ ප්‍රීති සමග විවාහ වේ. රාණි රාජ්ට සමාව ලබා දෙයි.
වසුන්දරා තමන්ට මානසික රෝගයක් වැළඳී ඇතැයි මවා පාන අතර, රාණිට ඇයව සිය නිවස වෙත රැගෙන ඒමට සිදුවේ. වසුන්දරා පලිගැනීමට සැලසුම් කරන අතර, ඇය රාජ්ව ගිනිතබා මරාදමයි. රාණි සහ තෝෂි වසුන්දරාගේ අපරාධය සැමදෙනාටම හෙළිකරති. නමුත් පලායන වසුන්දරා රාජ්ට සමාන පෙනුමක් ඇති ෂේරාව හමුවෙයි. ඇය ඔහුට ව්‍යාජ කථාවක් පවසන්නේ රාණි සහ තෝෂි අතර අයථා සම්බන්ධයක් ඇති බවත්, ඔවුන් දෙදෙනා රාජ්ව මරා දමා එහි වරද තමන් වෙත පැටවූ බවයි. ඇයව විශ්වසා කරන ඔහු ඇයට සහාය වීමට පොරොන්දු වේ. ඔවුන් රාණිගේ නිවස වෙත යන අතර, ෂේරා මුසා පවසන්නේ වසුන්දරා තමන්ව ගින්නෙන් බේරාගත් බවයි. එසේම ඔහු වසුන්දරාට නිවසේ නිසිතැන ද ලබා දෙයි. නමුත් ෂේරා යනු අන් කිසිවකුත් නොව රාජ්ම බව වටහා ගන්නා රාණි ඔහුව පෙට්ටගමක සිර කරන්නේ එය තුළට වාතාශ්‍රය නොලැබෙන පරිදි ය. කෙසේ හෝ අවසානයේ ඔහු තමන් මෙය සිදුකරන්නේ වසුන්දරා විසින් සුනන්දාව පැහැරගෙන ඇති නිසා බව හෙළිකරයි. නමුත් ෂේරා යනු රාජ්ම බව සොයාගන්නා වසුන්දරා නියමිත වේලාවක් තුළ සුනන්දාව සොයාගන්නා මෙන් ඔවුනට අභියෝග කරයි. ඔවුන් සුනන්දාව සොයාගන්නා නමුත්, වසුන්දරා පලා යයි. නමුත් සුනන්දා යැයි ඔවුන් සොයාගත් තැනැත්තිය අන් කවරකුවත් නොව සුනන්දාගේ මෙන් පෙනෙන වෙස්මුහුණක් පැළඳි වසුන්දරා ය.
රාණි මේ වනවිට ගැබිනියකව සිටින අතර, වසුන්දරා ඇගේ දරුවා මරාදැමීමට තැත් කරයි. නමුත් මඳ කලකින්ම වසුන්දරා සුනන්දාව සඟවා සිටින ස්ථානය සොයාගෙන ඇයව බේරාගනියි. නමුත් වසුන්දරා පවසන්නේ රාජ් ඔහුගේ දිවිය පූජා කරන්නේ නම් තමන් පවුලේ සෙසු සාමාජිකයන්ට හානියක් නොකරන බවයි.
චරිත නිරූපණය
[සංස්කරණය]- ද්‍රාෂ්ටි ධාමි, ගයාත්‍රි/ රාණි ගයාත්‍රි දේවි/ සාවිත්‍රි ලෙස (මියගිය) (කථාවාරය 1) (2015-16)[3][4]
- සිද්ධාන්ත් කර්ණික්, රාණා ඉන්ද්‍රවාදන් සිං දියෝ ලෙස (මියගිය) (කථාවාරය 1) (2015-16)[5]
- ඊෂා සිං, රාණි/ නයනා ලෙස (කථාවාර 2–3) (2016-17)[6][7]
- සර්තාජ් ගිල්, රාජ්/ රාජා/ කුන්වාර් රාජ්වීර් සිං ලෙස (කථාවාර 2–3) (2016-17)
- ඇනීටා රාජ්, රාජමාතා ප්‍රියංවදා දේව්වාදන් සිං දියෝ ලෙස (කථාවාර 1–3) (2015-17)
- සුරේඛා සික්රි, බාඩි රාණි මා භාග්‍යවතී සිං දියෝගේ ආත්මව (දාකිනි) ලෙස (කථාවාර 1–3) (2015–17)
- මූන් බැනර්ජී, සේතනී දමයන්ති දේවී ලෙස; ගයාත්‍රිගේ මවයි. (කථාවාරය 1) (2015-16)
- අංජුම් ෆකී, රාණි රාගේෂ්වරී සිං ලෙස; රාණා ඉන්ද්රවාදන්ගේ තෙවන භාර්යාවයි. දෙවරක් ඔහු සමග විවාහ වී ඇත. (මියගිය) (කථාවාර 1–2) (2015-16)
- අක්ෂේ ආනන්ද්, කුන්වාර් චන්ද්රවාදන් සිං දියෝ ලෙස (කථාවාරය 1–2) (2015–16)
- පාරුල් චෞධරි, කුන්වාරනී කෝකිලා චන්ද්රවාදන් සිං දියෝ ලෙස (කථාවාරය 1–2) (2015-16)
- පනීත් ෂර්මා, ලඛාන් ලෙස (මියගිය) (කථාවාරය 1–2) (2015–16)
- ප්‍රියා ටන්ඩන්, චෝටි කුන්වාරනී ස්වර්ණලේඛා ලක්ෂ්යරාජ් සිං දියෝ ලෙස (මියගිය) (කථාවාරය 1–2) (2015–16)
- රිතේෂ් එම්. එම්. ශුක්ලා, භුවන් කාකා ලෙස (කථාවාරය 3) (2017)
- රාඝව් තිවාරි, තෝෂි ලෙස (කථාවාරය 3) (2017)
- පරිනීතා බෝර්ඨාකුර්, වසුන්දරා සූර්යවංශි ලෙස (ප්‍රධාන දුෂ්ටවරිය) (කථාවාරය 3) (2017)
- ෆහාඩ් අලි, වික්‍රම්ජීත් ලෙස (කථාවාරය 3) (2017)
- ආකාශ් තල්වාර්, කුන්දේර් ලෙස (කථාවාරය 3) (2017)
- ඌෂා බචානි, ආනන්දි ලෙස (කථාවාරය 3) (2017)
- ඩොලී සෝහි, සුමින්දා ලෙස (කථාවාරය 3) (2017)
- ප්‍රාග්යා සේති, ප්‍රීති ලෙස (කථාවාරය 3) (2017)
- නිධි උත්තම්, සාක්ෂි ලෙස (කථාවාරය 3) (2017)
- ප්යුමෝරි මෙහ්තා ඝෝෂ්, චිත්‍රා ලෙස (කථාවාරය 3) (2017)
- සුයියාෂ් රාජ්, විජේ ලෙස (මියගිය) (කථාවාරය 2) (2017)
- හේමා සූඩ්/ඇලීසා ඛාන්, ලයිලා ලෙස (මියගිය) (කථාවාරය 2) (2017)
- මොහම්මද් ඉක්බාල් ඛාන්, නවාබ් ඉක්බාල් ඛාන් ලෙස (මියගිය) (කථාවාරය 2) (2016-17)
- නේහා මිෂ්රා, මීනු/ ගයාත්‍රිගේ මිතුරිය ලෙස (කථාවාරය 2) (2016-17)
- ශිවංගි ෂර්මා/පූර්වා පරාග්, රාණි අම්බිකා සිං ලෙස (කථාවාරය 2) (2016–17)
- සුදේශ් බෙරී, ඩොන් ලෙස (මියගිය) (කථාවාරය 2) (2017)
- පූනම් ප්‍රීත්, කුන්වාරි බින්දු සිං දියෝ/ ලව්ලි ලෙස (කථාවාරය 2) (2016-17)
- දීපශිඛා නාග්පාල්, අබිදා ලෙස; ඉක්බාල්ගේ සුළු මෑණියන් ය. (කථාවාරය 2) (2017)
- චේතන් හංසරාජ්, මහාරාජා කාල් සිං ලෙස (කථාවාරය 1–2) (2016)
- සාන් ඛාන්, කුන්වාර් ජීවන් සිං/ ජීවෙස් ලෙස (කථාවාරය 2) (2016)
- මහිමා ජෝෂි, (ළමා) කුන්වාරි රාණි ගයාත්‍රි ඉන්ද්‍රවාදන් සිං දියෝ/ රාණි ලෙස (කථාවාරය 2) (2016)
- සාගර් හිංගෝනියා, (ළමා) රාජා/ කුන්වාර් රාජ්වීර් සිං ලෙස (කථාවාරය 2) (2016)
- විජේ කල්වානි, උප විදුහල්පති චෞබේ මහතා/ චිල්ගෝසා ලෙස (කථාවාරය 2) (2016)
- ජයනා ටිඩා, රාණි සුලක්ෂණා ඉන්ද්‍රවාදන් සිං දියෝ ලෙස; රාණා ඉන්ද්රවාදන්ගේ පළමු බිරියයි. (මියගිය) (කථාවාරය 1) (2015)
- අජේ ආර්යා, ලක්ෂ්යරාජ් චන්ද්රවාදන් සිං දියෝ ලෙස (මියගිය) (කථාවාරය 1) (2015-16)
- ආස්ථා අගර්වාල්, ජුම්කි ලෙස; ව්‍යාජ සුලක්ෂණා ය. (කථාවාරය 1) (2015)
- විනීත් ෂර්මා, සර්තාජ් ලෙස (කථාවාරය 1) (2015)
- අභිරාම් නායින්, අව්දේශ් සිං චෞහාන් (මියගිය) (කථාවාරය 1) (2016)
- දර්ශන් ජරිවාලා, සෙත් ගෝවින්ද්දාස් ලෙස (කථාවාරය 1) (2015)
ආරාධිත නිරූපණයන්
[සංස්කරණය]- මෞනි රෝයි, නව වසරේ විශේෂ කථාංගයේ නර්තන දායකත්වය (2016)
- කරන් වාහි, නර්තන දායකත්වය (2016)
- රශමි දේසායි, නර්තන දායකත්වය (2016)
නිෂ්පාදනය
[සංස්කරණය]මෙම වැඩසටහන නිෂ්පාදනය කරන ලද්දේ ස්ෆියර් ඔරිජින්ස්හි සන්ජෝයි වාධ්වා විසිනි.
සංවර්ධනය සහ ආරම්භක විකාශය
[සංස්කරණය]මෙම වැඩසටහන විකාශය ඇරඹියේ 2015 ජූලි 27වන සඳුදා දින ප.ව. 09:30ට (IST) සී ටීවී නාළිකාව ඔස්සේ ය. එය සෑම සඳුදා සිට සිකුරාදා දක්වා දිනකම විකාශය විය. කුබූල් හේ කතාමාලාවට ප.ව. 07:30 ධාවන කාලය ලබාදෙමින් මෙයට එහි ධාවන කාලය ලබාදෙන ලදී.[8][9][10]
මෙම අවස්ථාවේ නව කථා සංකල්පයක් හඳුන්වා දීම සම්බන්ධයෙන් සී ටීවීහි ව්‍යාපාර ප්‍රධානී ප්‍රදීප් හෙජ්මාඩි පැවසූයේ “ඉතිහාසය සහ මිත්‍යාවන් වැනි ගණයන් කෙරෙහි පැමිණිය ද, ඉන්දියානු රූපවාහිනියේ ගවේෂණයට ලක් නොවූ රසවත් කාල පරිච්ඡේදයක් වනුයේ පූර්ව-නිදහස් යුගයයි. ඉන්දියානු ඉතිහාසයේ මෙම අරගලකාරී කාල වකවානුව ප්‍රාදේශීය රාජ්‍යවල රාජකීයයන්ගේ ජීවිතවල මහත් කැළඹීම් සහ දිගහැරීම් සහිත යුගයක් විය. ශ්‍රීවිභූතියෙන් යුත් හිස් බිත්තිවලට සහ ගෞරවනීය ව්‍යාජ මවාපෑම්වලට පසුපසින් වූ ධනයේ පරිහානිය, අනාරක්ෂිතභාවය බ්‍රිතාන්‍ය ආධිපත්‍යයටනතු වීම, ආතතිය සහ බංකොලොත්භාවය මින් කැපී පෙනේ. ඒක් තා රාජා ඒක් ති රාණි යනු වඩාත් රසවත් කැන්වසයක් මත දිවෙන ප්‍රේම කථාවකි. මෙමගින් ප්‍රේක්ෂකයන් හට 1940 දශකයේ ධනවතුන් සහ රාජකීයයන්ගේ ජීවනරටායේ පිළිබඳ පුද්ගලික දැක්මක් සහ ඔවුන්ගේ සමීප රහස් අනාවරණය කෙරේ. ප්‍රබන්ධ කෘතියක් වන මෙය එම යුගයේ රාජකීයයන්ගේ ජීවිත පිළිබඳ අදහසක් සිත්තම් කරයි."[11]
ස්ෆියර් ඔරිජින්ස්හි සන්ජෝයි සහ කෝමල් වාධ්වා යන නිෂ්පාදකවරුන් වැඩිදුරටත් සඳහන් කළේ, “ඉතිහාසයේ තේජාන්විත යුගයක් ලෙස නැවත හැරී බැලීමේ අදහස සහ එය අකාලික අග්‍රකෘතියක් බවට පත්කිරීම රූපවාහිනී ප්‍රේක්ෂකයින් ප්‍රමුදිත කරනු ඇත. වඩාත්ම දුෂ්කර කටයුත්ත වූයේ පූර්න-නිදහස් යුගය සහ එවැනි කුමාර රාජ්‍යවල රජුන් සහ රැජිනියන්ගේ ජීවන රටාව ප්‍රතිනිර්මාණය කිරීමයි. යුගයේ විශ්වසනීය නිරූපණයක් සහ තිරය මත මායාව නිර්මාණය සඳහා පුළුල් පර්යේෂණ සිදු විය. අප සතුව චරිතවලට මනාව ඔබින අතිශයින් දක්ෂ නළුවන් රැසකින් යුත් කණ්ඩායමක් සිටියි. මෙම වැඩසටහන නිසැකවම වාර්තා බිඳ හෙළමින් වසරේ දැවැන්තම ප්‍රබන්ධ වැඩසටහන වනු ඇත.”
නළුවරණය
[සංස්කරණය]ජනප්‍රිය රූපවාහිනී නිළියක වූ ද්‍රාෂ්ටි ධාමි මෙහි ප්‍රධාන චරිතය වූ ගයාත්‍රි සඳහා තෝරාගැනිණි.[12] ඇගේ අවසන් වැඩසටහන වූ මධුබාලා – ඒක් ඉෂ්ක් ඒක් ජුනූන්වලින් පසුව සිය යළි රූපවාහිනී ආගමනය පිළිබඳ ඇය පැවසූයේ “මට තරමක පීඩනයක් එල්ල වූයේ ‘මධුබාලා’ අතිශයින් සාර්ථක වූ නිසායි. නමුත් මම මගේ මේ නව වැඩසටහනට වෙත ප්‍රේක්ෂකයන්ගේ ප්‍රතිචාරය දෙස බලා සිටිනවා. මගේ පවුල සහ මිතුරන් ද කලබලයට පත්ව සිටිනවා,” “එකල ජනයා භාවිත කළ උපභාෂාවකින් කථා කිරීම තරමක් අපහසු වූවා. එය අභියෝගයක්.”[13]
සිදධාන්ත් කර්ණික් ද්‍රාෂ්ටි සමග ප්‍රධාන පිරිමි චරිතය සඳහා තෝරාගැනිණි. වැඩසටහනේ සෙසු වැදගත් නළු නිළියන් ලෙස ඇනීටා රාජ්, මූන් බැනර්ජී, ප්‍රියා ටන්ඩන්, අජේ ආර්යා සහ බාලිකා වධු රූපවාහිනී කතාමාලාවේ රැඟූ සුරේඛා සික්රි සැලකිය හැක. 2015 දෙසැම්බර් මස, අභිනම් නායින් කතාමාලාවට පිවිසියේ ය. පසුව අංජුම් ෆකී මෙහි ප්‍රධාන එදිරිවාදිනිය වූ රාගේශ්වරී ලෙස කථාවට පිවිසියා ය.
2016 මැයි මස, ද්‍රාෂ්ටි සහ සිද්ධාන්ත් නාට්‍යය හැරගියේ කථාව අවුරුදු ගණනාවක ඉදිරි පිම්මක් ඇතුලත් වූ බැවිනි. පසුව නව රාණි-රාජා යුවළ ලෙස ඊෂා සිං සහ සර්ජාට් ගිල් කථාවට පිවිසුණහ.
පිළිගැනීම
[සංස්කරණය]වැඩසටහන යහපත් ප්‍රතිචාර සමග ඇරඹුණු අතර වඩාත්ම නැරඹූ රූපවාහිනී වැඩසටහන් බවට පත්වූයේ 2015 ඉහළම රූපවාහිනී කතාමාලා දහය අතරට ඇතුළත් වෙමිනි. පසුව දුර්වල පුනරාවර්තී ගලායාම හේතුවෙන් TRP අගයයන් බහත වැටුණු නිසා, එහි විකාශය අත්හිටුවීමට සැලසුම් කෙරිණි. වැඩසටහන අත්හිටුවීමට යන බවට ජනයා අතර දූසමාන ආරංචි පැතිරගියේ ය.[14] ප්‍රධාන නළු නිළි යුවළ වූ ද්‍රාෂ්ටි ධාමි සහ සිද්ධාන්ත් කර්ණික් කතාමාලාවෙන් පිවිසීමෙන් පසු පළමු කථාවාරය අවසන් විය.[15] අනතුරුව 2වන කථාවාරය මනා ප්‍රතිචාර සහිත විකාශය ඇරඹූයේ නව ප්‍රධාන නළු නිළි යුවළක් සමගිනි.
මෙම වැඩසටහන 2017 අප්‍රේල් මස අවසන් වීඹට නියමිතව තිබුණත්, මාස 2ක දීර්ඝ කිරීමකින් පසුව එය ජූලි 4 දින අවසන් වීමට නියමිත ය.
ඇගයුම්
[සංස්කරණය]වර්ෂය | සම්මාන උළෙල | ප්‍රවර්ගය | යෝජිතයා | ප්‍රතිඵලය |
---|---|---|---|---|
2015 | සී රිෂ්තේ සම්මාන | ප්‍රියතම බේටි සම්මානය | ද්‍රාෂ්ටි ධාමි | දිනාගති[16] |
ප්‍රියතම නායා සදස්‍යා (පිරිමි) | සිද්ධාන්ත් කර්ණික් | |||
වසරේ ප්‍රියතම පෞරුෂත්වය | ඇනීටා රාජ් | |||
ප්‍රියතම බාහු | ද්‍රාෂ්ටි ධාමි | නිර්දේශිත[16] | ||
ප්‍රියතම පති-පත්නි රිෂ්තා | සිද්ධාන්ත් කර්ණික් සහ ද්‍රාෂ්ටි ධාමි | |||
ප්‍රියතම බේටා | සිද්ධාන්ත් කර්ණික් | |||
ප්‍රියතම සාස්-බාහු | ඇනීටා රාජ් සහ ද්‍රාෂ්ටි ධාමි | |||
ප්‍රියතම සෞතන් | ජයනා ටිඩා | |||
ප්‍රියතම බුසූර්ග් | සුරේඛා සික්රි | |||
ප්‍රියතම කුටුම්භ් | සුජෝයි වාධ්වා | |||
2016 | සී රිෂ්තේ සම්මාන | හොඳම ඍණාත්මක චරිතය (කාන්තා) | සුරේඛා සික්රි[17][18] | |
ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන | ඍණාත්මක චරිතයක හොඳම නිළිය | සුරේඛා සික්රි | දිනාගති[19][20] | |
2017 | සී රිෂ්තේ සම්මාන | ප්‍රියතම බේටි' | ඊෂා සිං | |
ප්‍රියතම බාහු | ඊෂා සිං | නිර්දේශිත[20] | ||
ප්‍රියතම බේටා | සර්තාජ් ගිල් | |||
ප්‍රියතම බුසූර්ග් | ඇනීටා රාජ් | |||
ප්‍රියතම ඛාල්නායක් | ඉක්බාල් ඛාන් | |||
ප්‍රියතම කිර්දාර් (පිරිමි) | සර්තාජ් ගිල් | |||
ප්‍රියතම කිර්දාර් (ගැහැනු) | ඊෂා සිං | |||
ප්‍රියතම ජෝඩි | සර්තාජ් ගිල් සහ ඊෂා සිං | |||
ප්‍රියතම ධාරාවහික් (ප්‍රබන්ධය) | ස්ෆියර් ඔරිජින්ස් |
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]පාකිස්ථානය තුළ මෙම කතාමාලාව ජියෝ කාකෂ්කොවානි නාළිකාවෙන් විකාශය වේ. මොරිෂස්හි MBC ඩිජිටල් 4 නාළිකාවෙන් මෙය විකාශය වේ. ශ්‍රී ලංකාව තුළ සිංහලෙන් හඬකවන ලද මෙම කතාමාලාව හීනයක්ද මේ යන තේමාව යටතේ හිරු ටීවී නාළිකාවෙන් විකාශය වේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ Goswami, Parismita (29 June 2015). "Zee TV's 'Jodha Akbar' to be Replaced by Drashti Dhami's New Show 'Ek Tha Raja Ek Thi Rani'". International Business Times. සම්ප්‍රවේශය 3 July 2015.
- ^ "Drashti's show to replace Jodha Akbar on Zee TV". Telly Chakkar. 29 July 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- ^ "5 Reasons Why We Love Drashti Dhami's 'Ek Tha Raja Ek Thi Rani'". සම්ප්‍රවේශය 27 July 2015.
- ^ "Siddhant Karnick and Drashti Dhami quits Ek Tha Raja Ek Thi Rani?". සම්ප්‍රවේශය 19 April 2016.
- ^ "Siddhant shoots in 47 degrees covered in four layers". Times of India. 3 July 2015. සම්ප්‍රවේශය 3 July 2015.
- ^ TNN (8 June 2016). "Eisha Singh is the new Rani on 'Ek Tha Raja Ek Thi Rani'". [[Times of India|]]
- ^ Desai, Shraddha (22 June 2016). "Bhopal's Eisha Singh plays the new Rani in Ek Tha Raja Ek Thi Rani". Times of India
- ^ "In Video: ZEE TV's new show 'Ek Tha Raja…'". සම්ප්‍රවේශය 15 February 2015.
- ^ "Grand launch of Zee TV's Ek Tha Raja Ek Thi Rani". සම්ප්‍රවේශය 22 July 2015.
- ^ "Drashti Dhami's Ek Tha Raja Ek Thi Rani To Get Qubool Hai Time Slot!". සම්ප්‍රවේශය 31 July 2015.
- ^ http://businessofcinema.com/tele/zee-tvs-ek-tha-raja-ek-thi-rani-is-all-set-to-take-viewers-to-the-1940s/219039
- ^ "Drashti Dhami to return with Sphere Origin's show on Zee TV; Anita Raj roped in". 24 January 2015. සම්ප්‍රවේශය 9 June 2017.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "Marriage has been a smooth transition: Drashti Dhami".
- ^ "Drashti Dhami's show Ek Tha Raja Ek Thi Rani to go off air; fails to get TRPs". සම්ප්‍රවේශය 4 February 2017.
- ^ "Drashti, Siddhant out of show". Times of India. 26 April 2016.
- ^ a b "Zee Rishtey Awards 2015: 'Kumkum Bhagya', 'Ek Tha Raja, Tashan-e-Ishq...' get lucky". The Times of India. සම්ප්‍රවේශය 3 April 2016.
- ^ "Golden Petal Awards 2016 Helly Shah, Varun Kapoor, Mouni Roy, Others Nominated". ibtimes.
- ^ "Gold Awards 2016 Nomination List: Divyanka Tripathi, Sriti Jha, Varun Kapoor & Others Nominated". filmibeat.com.
- ^ Goswami, Parismita (14 November 2016). ITA Awards 2016 winners list: Rubina Dilaik, Mouni Roy, Shabir Ahluwalia and others win big. International Business Times. Retrieved 18 November 2016.
- ^ a b "Zee Rishtey Awards: Sriti Jha-Shabbir Ahluwalia, Divyanka Tripathi & Others Bag Awards". සම්ප්‍රවේශය 1 February 2017.