ෂම්හාලා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ෂම්හාලා, ෂැංගීලා(shangri -la), ධර්මශාලා නමින්ද හදුන්වන්නේ මේ පුරවරයයි.

හිමාලයේ ටිබෙත සානුවේ පවතින්නේ යැයි විශ්වාස කරන අභිරහස් නගරයකි. මෙය හිරණ්‍යක නම් රජුගේ හොහොයුරු මානස නැමත්තා විසින් කරවන්නට ඇතැයි සැලකේ. මෙහි උගතුන් බුද්ධිමත් ආරක්ෂා සහිතව නවතා තැබූ බව තිබෙත ජනකතාවල එයි. හිමාල අඩවියට එන යෝගීන්ට ආහාර හා වෙනත් අවශ්‍යතාවන් සදහා මෙය ඉදිකරන්නට ඇතැයි සැලකේ. මානස විලද තැනුවේ ඉහත මානස නැමැති පාලකයා විසින් යැයි කියවේ. මෙය කිසිවෙකු විසින් සොයාගෙන නොමැති අතර විවිධ ජනකතාවල පමනක් එන පුරවරයකි.

හිමාල අඩවියේ සීතල ගිරි හිස් අතර මිහිදුමෙන් වැසීගිය සානුවල මොන තරම් රහස් සැගවී ඇද්ද?

වසර 1800සිය ගනන්වල හරි අපූරු මිනිසෙක් ටිබෙටයේ ගමකට ලගාවූයේ මග වැරදීමෙන් අතරමන් වීමෙනි.  මේ මිනිසා වටා ගම්මු වටකරගත්හ. මිනිසුන්ගේ අශ්වාස ප්‍රාස්වාසය වැදීමෙන්දෝ බලාසිටියේදීම රෝගී වූ ඒ මිනිසා මියගියේය. එකල සිටි කාය ව්‍යවච්ඡේද විශේෂඥයන් පැවසූවේ මේ අද්භූත මිනිසා වසර දහසක්වත් වියපත් මිනිසෙක් බවය.

එසේනම් ඔහු ෂම්හාලා නොහොත් ධර්මශාලා අභිරහස් පුරවරයේ මිනිසෙක් වියැ යුතුයැයි මිනිසුන් කීහ.

යම් නගරයක වැසියෙකුට කිසිදින හර්දයාබාධයක්, පිළිකාවක් සෑදී මියගියේ නැද්ද? එම අභිරහස් පුරවරයෙන් පිටතට ගියවිට සාමාන්‍ය වැසියන්ගේ රෝගබීජ සහිත ඇසුරෙන් පවා සැනින් මිය ගියේද? ඒ ෂැංගීලා පුරවරයේ වැසියෝයි.

ෂම්හාලා නොහොත් ධර්මශාලා නගරය භාවනා යෝගී මුණිවරයින්ගේ නගරයකි. අතීත ලෝකයේ දැනුම අනාගතය වෙනුවෙන් සංරක්ෂණය වන්නේත්, නේක කලාවන්ගේ පරතෙරට ගියවුන් මෙහි වෙසෙනබව කියැවේ.

මේ ලෝකයටම අබිරහසන්වූ ෂම්හාලාව ගොඩනැගුවේ හෙළයේ මහ නරේන්ද්‍රයාව සිටි හිරණ්‍යකස්සපයන් සමයේ ඔහුගේ සොයුරු මානසයි. හෙළදැනුමේ ආරක්ෂාව පිණිස මේ අභිරහස් මුණිවරයින්ගේ නගරය කරවීය. එහි පැවැත්මට අවැසි සේවා කුළද පිහිට විය. ජානක තරංග ආරියරත්නයින් විසින් පළ කල හිරණ්‍යක නම් කෘතියේ මේ පිළිබද හෙළ ප්‍රවාදය වැඩිදුරටත් දක්වා ඇත.

ටිබෙටයේ ලාසා අගනුර සිට කිලෝමීටර් 940 ගිය තැන වර්ග සැතපුම් 160ක් විශාල, අඩි 300ක් පමන ගැඹුරැති මානස නැමැති නිසල විල පවතී. එයට නෙත් මානයේ හිමාල කඳු පංතියේ අත්භූත කෛලාස කූටය නම්වු කන්ද පිහිටා ඇත.

හිංදු සාහිත්‍යට අනුව ශිව දෙවිදුන් වාසය කරන්නේ මෙහිය. රාමායනයට හා හෙළ පුරාවෘත වලට අනුව දශානත් රාවණ රජු අතින් පරාජයට පත්වන වෛශවනයන් පලාවිත් සිය විමන කරගන්නේ මෙයයි. අනවත්ත හෙවත් බෞද්ධ සාහිත්‍යෙය් එන අනෝතත්ත විල පවතින්නේ මේ නිම්නයේමය. එසේනම් ෂම්හාලා පිහිටිය යුත්තේද මේ ඇසුරේමය.

හිංදු දහමට අනුව කිසියම් ලෝක විනාශයකින් පසුව නැවත මිනිසාට සංවිධානය වීමේ දැනුම හා ආධ්‍යාත්මික ප්‍රතිසංවිධානය සදහා උපදෙස් ෂම්හාලාවේ තැම්පත් කර ඇත. ටිබෙට නිම්නයේ විසූ එක් පසේබුදුවරයෙක් ක්‍රි.පූ 1066 දී විශ්වීය විදු දැනුම ඇතුළත් කාලචක්‍ර නම් වටිනා ග්‍රංතයක් ෂම්හාලා පාලකයින්ට දුන් බවත්, ක්‍රි.පූ 966දී ඉන් කොටසක් විද්වතුන්  අතට පත්වූ බවත් සම්පූර්ණ ග්‍රංතය ෂම්හාලා වල සුරක්ෂිත බවත් ටිබෙට මහායානිකයෝ අදහති. ක්‍රි.පූ 400 දී ලියන ලද මහා භාරතයේ මේ නගරය ගැන ඉගි පල කරයි.

මේ නගරය සොයන දේපාර්ෂවයක් සිටී. ඒ විනාශකිරීමට හා ආරක්ෂා කිරීමටය. ක්‍රිස්තියානි ජෙසුයිට් පූජක අන්තෝනියෝ අන්ද්‍රෝ මේ නගරය සෙවීය. ඒ පිළිබව ජේම්ස් හිල්ටන් විසින් 1933 දී නැතිවුණ සිතිජය නමින් පොතක් ලිවීය. මූගල් පාලක අක්බාර් මෙය සෙවීමට මහත් වෙහෙසක් දැරීය. ජර්මනියේ ඇඩොෆ් හිට්ලර් මෙය සෙවීය. මේ නගරය අනාරක්ෂිත වීමෙ තර්ජනය දුටු චීන මහා පාලක මාවෝ සේතුන්  පැරණි චීනයට අයත් ටිබෙතය ඈදාගැනීමටද එය එක් හේතුවක් විය.

මේ සියල්ලටම වඩා මේ අභිරහස් පුරවරය හෙලයින්ට වැදගත් වන්නේ රාම රාවණ යුද්දයේදී රාවණ රජු නොමැරුණ බවත් නිද්‍රාවට පත් එතුමාව දඩුමොණරයෙන් ෂමහාලා වෙත ගෙන ගියේය යන ප්‍රවාදය නිසාය.

හෙලේනා බ්ලැවැට්ස්කි මැතිනිය සිය අධිමානසික බලයෙන් මේනගරය දැක ඇතැයි කියවේ.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ෂම්හාලා&oldid=419603" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි