වරිගපූර්ණිකාව

විකිපීඩියා වෙතින්

වරිගපූර්ණිකාව යනු යක්‌ෂ ගෝත්‍රිකයන් ගැන මූලාශ්‍ර තොරතුරු ඇතුලත් පුස්‌කොල ග්‍රන්ථයකි.ශ්‍රී රාජාධි රාජසිංහ රජ සමයේ මානාපවි අරණවාසි නීලගිරික බෝධිවංශාභය නොහොත් ශ්‍රී බෝධි වංශාභිධාන හිමියන් විසින් රාවණා යුගයේ සිට පැවත ආ රවිශෛල්‍යාශ වංශය ට අයත් පුස්කොල ග්‍රන්ථ රැසක්‌ එක් කර මෙම පුස්‌කොළ ග්‍රන්ථය සම්පාදනය කර තිබේ.

රාවණා පරම්පරාව[සංස්කරණය]

රාවණා රජුගෙන් පැවතෙන රාජ පරම්පරාවක් ගැන ද වරිගපූර්කාව සඳහන් කරයි. ප්‍රධාන පරම්පරා දෙකක් වශයෙන් රටේ ව්‍යාප්තව සිටිය මේ අය අතර, කේවේ සස්ථාන පරපුර වාසස්ථාන කරගෙන තිබුණේ මුහුදු බඩ ප්‍රදේශයි. නැව් තාක‍ෂණය පිළිබඳ හසල දැනීමක් ඇති මේ අය ලෝකයේම ව්‍යාප්ත වූ පරම්පරාවක් වීය. රවිශෛලාශ පරපුර රට අභ්‍යන්තරයේ වාසස්ථාන කරගෙන විසූහ. මේ අය තාරකා ශාස්ත්‍රය, ගුවන් යානා තාක‍ෂණය වාරිවාපි තාක‍ෂණය පිළිබඳ හසල දැනීමක් ඇති අය වූහ. මේ පරම්පරා දෙක අතර, ආවාහ විවාහ සම්බන්ධකම් තුළින් එකම ජාතියක් ලෙස කටයුතු කළහ. කෙවෙසස්ථාන (යාපනය) නගරයේ සිට ප්‍රධාන කෙන්ද්‍රස්ථානය වන මහගිර දක්වා යක‍ෂ ගෝත්‍රික ජනාවාස පිහිටා තිබී ඇත. ලලාටදේශය (පුත්තලම) ගිරිදේශය, (ගිරිබාව) නීලගිරිය ( මානෑව) සත්තානාගිර, රකුන්ගිර (රිටිගල) විල්පත්තු ප්‍රදේශ වල ද විශාල වශයෙන් මොවුන්ගේ ජනාවාස තිබී ඇත.වරිගපූර්ණිකාවට අනුව මන්නාරම සිට රිටිගල, මයියංගනය දක්වා අකණ්ඩව ගොඩනැගිලි සංකීර්ණයක් තිබුණ බවට ද සාධක තිබේ. මේ දියුණු සංස්කෘතියට අයත් යක‍ෂ ගෝත්‍රික රාජ පරම්පරාව ගැන නිවැරදි අවබෝධයක් වරිගපූර්ණිකාව තුළින් ලබාගත හැකිය. මේ කෘතියේ අන්තර්ගත තොරතුරුවලට අනුව වඩාත් තහවුරු වී ඇත්තේ රවිශෛලාශ රාජපරම්පරාව ගැනයි. රවිශෛලාශ රාජපරම්පරාවේ ආදිතමයා ලෙස සැලකෙන්නේ රාවණා හෙවත් යගු කෞරාණ මන්ඨකයි. කෞරාණ යන්න රෞලාන වශයෙන් ද භාවිතා වේ එයි. කෞරාණ යනු මෙරට සහ ලෝකයේ ව්‍යාප්තව සිටින යක‍ෂ ගෝත්‍රික කෝණ වංශිකයන්ගේ මුල් නමයි.

"https://si.wikipedia.org/w/index.php?title=වරිගපූර්ණිකාව&oldid=378912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි