හිණි පිරමිඩ

විකිපීඩියා වෙතින්

හිණි පිරමිඩ යනු ඉතිහාසය පුරා සංස්කෘතීන් කිහිපයක ආවේණික ලක්ෂණ නිරූපණයට ඉවහල් වූ ව්‍යුහයන් වෙති. මෙම පිරමිඩ සාමාන්‍යයෙන් විශාල වන අතර, පාෂාණ ස්තර කිහිපයක් භාවිතයෙන් නිර්මාණය කොට ඇත. මෙම පදය ව්‍යවහාර වන්නේ, එකිනෙකින් විවික්තව (වෙන්ව) පැන නැග ඇති සාමාකාර ආකෘති සහිත පිරමිඩ වලට වන අතර, “එකිනෙකට විවික්තව” යන්න මෙහි යෙදෙන්නේ ඒවා තැනූ ශිෂ්ඨාචාර අතර පැහැදිලි ලෙසින් සනාථ කෙරුනු සබැඳියාවන් තුබූ බවට සාක්ෂි නොමැති බැවිනි.

මෙසපොටේමියාව[සංස්කරණය]

දකුණු ඉරාකයෙහි පිහිටි වසර 4100 පැරැණි ඌර් හී මහා සිගුරාට්.

සිගුරාට් වනාහි පුරාතන මෙසපොටේමියානු මිටියාවතෙහි සහ බටහිර ඉරාන සානුවෙහි තැනුනු දැවැන්ත ආගමික ස්මාරක වන අතර, තට්ටු හෝ ස්තර කෙමෙන් කුඩා වන පේසා සහිත හිණි පිරිමිඩ ආකාරය නිරූපණය කරයි. මෙසපොටේමියාව තුල හෝ අසබඩ හෝ සිගුරාට් 32 ඇති බවට අවබෝධ කරගෙන ඇත. මෙයින් විසි අටක් ඉරාකය තුලද , සතරක් ඉරානය තුලද ඇත.සංගණ්‍ය සිගුරාට් අතර ඉරාකයේ නසිරියා අසල පිහිටි, ඌර් හී මහා සිගුරාට්, ඉරාකයේ බැග්ඩෑඩ් අසල පිහිටි, අකාර් කුෆ් සිගුරාට්, ඉරානයේ කුසෙස්ටාන් හි, චෝගා සැන්බිල්, ඉතා මෑතදී සොයාගත් - ඉරානයේ කෂාන් අසබඩ, සියල්ක් සහ අනෙක්වා වෙති. ප්‍රාදේශීය ආගම් වලට ස්මාරක ලෙසින් සිගුරාට් තනන ලද්දේ, සුමේරියානුවන්, බැබිලෝනියානුවන්, ඉලාමියානුවන් සහ ඇසිරියානුවන් විසිනි.

"https://si.wikipedia.org/w/index.php?title=හිණි_පිරමිඩ&oldid=425584" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි