මහජනපද

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
මහා ජනපද සිතියම



මහා ජනපද යනු ප්‍රායෝගික වශයෙන් “ බලවත් රාජධානි” වේ. (මහා, බලවත් සහ ජනපද, උපහාරයේ පියසටහන්, රට) බෞද්ධ අංගුත්තර නිකාය වැනි පුරාණ ග්‍රන්ථයන්හි (IP 213;IV පිටු 252, 256, 261) මහා රාජධානි දහසය සම්බන්ධයෙන් සහ ( සෝලා මහා ජනපද) ඉන්දියාවේ බෞද්ධ ආගම ඇති විමට පෙර ඉන්දියානු අර්ධද්වීපයේ උතුර/ වයඹ ප්‍රාදේශයන්හි සශ්රීදකව දියුණූවෙමින් විකාශය වූ ප්‍රදේශ වූ සමූහාණ්ඩුව පිළීබද නිතර සදහන් වේ.


සමස්ත විග්‍රහය[සංස්කරණය]

පුරාණ ඉන්දියාවේ දේශපාලන සංයුතිය ජන නමින් හැදින්වූ අර්ධ එඩේර ගෝත්‍රික ඒකක වලින් ආරම්භ වූ බැව් පෙනේ. මුල් වේද ග්රජන්තයන්හි අර්ධ එ‍ඩේර ගෝත්‍රික ප්‍රාන්තයන්හි ඔවුනොවුන් අතර හා ආර්ය නොවන ගෝත්‍රිකයින් සමග එළදෙනුන් බැටළුවන් හා සශ්‍රීක තණබිම් සදහා කලහ කරමින් ජීවත් වූ ජන හෙවත් ආර්යයන්ගේ ගොත්‍රිකයින් පිළිබද සදහන් වේ. මෙම මුල් කාලීන වේද ජන කොටස් පසුව එකට එකතු වීමෙන් වීරත්වය පාදක වූ වකවානුව තුල ජනපද බවට පත් විය.

ජනපද යන්නෙහි ප්‍රායෝගික අදහස වනුයේ ගෝත්‍රිකයින් ගෙන් පැවති යන්නයි. මුල කාලයේදී ජන ගොත්‍රිකයින් විසින් පදිංචි වීම සදහා ඉඩම් තෝරා ගැනීමෙන් ජනපද ඇති විය. මෙසේ ඉඩම් වල පදිංචි වීමේ ක්‍රියාවලියේ අවසානය බුදුරජානන් වහන්සේට සහ පනිනිට පෙර සිදු විය. බුදුරජානන් වහන්සේ පහල වීමට පෙර ඉන්දියානු අර්ධද්වීපයේ වයඹ දිග ප්‍රදේශය ජනපද කීපයකට බෙදා වෙන් කර තිබූ අතර ඒවා එකින් එක මායිම් වලින් වෙන් විය. පනිනි ජන පදය යන්න රට වශයෙන් ගැනෙන අතර ජනපදින් යන්න රට වැසියා වශයෙන් ගැනේ. ගොත්‍රිකයින් හො ජන වශයෙන් ගැනෙන කොටස් පදිංචි වීමෙන් පසු ජන පද වලට නම් තබන ලදී. BCE 600 පමණ වන විට මෙම ජනපද බොහොමයක් තවදුරටත් වඩා විශාල දේශපාලන ප්‍රදේශ වලට පත් වූයේ ඉඩම් අත් කර ගැනීමෙන් වූ අතර මෙය නිරායාසයෙන්ම රාජධානිය ඇති වී ඒ බැව් බෞද්ධ සංස්කෘතියෙහි මහා ජනපද හෙවත් බලවත් ජාතීන් ලෙස හැදින්වේ. (සංස්කෘත: මහා ජනපද = බලවත් රට)

බුදුරජාණන් වහන්සේ පහල වීමට පෙර බලවත් ජාතීන් දහසයක් වූ බව (සොලොස් මහා ජන පද) බෞද්ධ හා අනෙකුත් ග්‍රන්ත වල සදහන් කරයි. ඔවුහු මගධ ජන පදය ගැන හැර අනෙකුත් ජනපද ගැන සදහනක් නොකරති. බෞද්ධ අංගුත්තර නිකායේ කීප අවස්ථාවක සොලොස් මහා ජනපද ගැන සදහන් වේ.

  1. කාසි
  2. කොසල
  3. අංග
  4. මගධ
  5. වජ්ජි (හෙවත් ව්රිතජි)
  6. මල්ල
  7. චේති
  8. වටිස (හෙවත් වම්ස)
  9. කුරු
  10. පංචාල
  11. මච්චා ( හෙවත් මත්ස්ය )
  12. සුරසේන
  13. අස්සක
  14. අවන්ති
  15. ගන්ධාර
  16. කාම්බෝජ


තවත් බෞද්ධ ග්‍රන්තයක් වන දීඝ නිකාය පළමු මහා ජනපද දොලස ගැන පමණක් සදහන් කරන අතර ඉහත ලේඛණයේ අන්තීමට සදහන් ජනපද සතර අත් හැර ඇත. (දීඝ නිකාය. II වෙලුම 200 පිටුව).

බුදු සමයේ වූ තවත් ග්‍රන්ථයක් වූ චුල්ල නිද්දේස ඉහත ලේඛනයට කාලිංග ජනපදය එකතු කරන අතර ගාන්ධාර වෙනුවට යෝනා එකතු කර ඇත. ඒ අනුව කම්බොජ හා යෝනා උත්තර පථ කාල සීමාවේ සිට ඇති එකම මහා ජනපදයේ ලෙස කාම්බොජ හා යෝන දක්වයි.

ජෛන භාග්වාති සුත්‍රයෙහි මහාජනපද 16 පිළිබදව තරමක් වෙනස්ව සදහන් වේ. එනම් අංග, බංග (වංග), මගධ, මලය, මාලාවක, අක්චා, වක්චා, කොච්චා (කච්චා), පාධ, ලාධ (ලාට), බජ්ජි (වජ්ජි), මොලි (මල්ල), කාසි, කෝසල, අමාහ, සම්මුට්ටාර, වශයෙනි. භාග්වතී කතෘ වරයා මධ්ය දේශයේ, ඈත පෙර දිග හා දකුණු ප්‍රදේශයන්හි රටවල් කෙරෙහි අවධානය යොමු කර ඇති බව පෙනේ. උත්තරපාත, ප්‍රදේශයේ කාම්බොජ හා ගන්ධාර වැනි ජාතීන් ඔහු විසින් අත් හැර ඇත. වැඩිපුර දීර්ඝ කර ඇති භාග්වතී සීමාව හා උත්තරපාත ප්‍රදේශයේ සියලුම රටවල් අත්හැරීමෙන් පෙනී යන්නේ භාග්වතී ලේඛණ‍ය පසුව බිහි වූ වක් බවත් හේතුවෙන් අඩුවෙන් විශ්වාසයක් තැබිය හැකි බවත්ය. ( පුරාණ ඉන්දියාවේ දේශපාලන ඉතිහාසය 1996 86 පිටුව ; ඉන්දියානු ජනතාවගේ ඉතිහාසය හා සංස්කෘතිය, Age of Imperial Unity p 15-16)

ජනපද ලේඛණ සකස් කරන ලද පුද්ගලයන්ගේ සිත් තුල වූ ප්‍රධාන අදහස භූගෝලීය පදනමට වඩා ගොත්‍රික පදනම බැව් ලේඛණයෙහි රටවල් වල නම් නොව පුද්ගලයින්ගේ නම් අතුළත් කිරීමෙන් පෙනේ. බෞද්ධ හා ජෛන ග්‍රන්ථයන්හි ඉතිහාසය පිළිබද විස්තර නොමැතිව මහා ජන පද පිළිබදව කලාතුරකින් සදහන් කර ඇත. පහත දැක්වෙන හුදකලා කරුණු කීපයක් සහ වෙනත් පුරාණ ග්රමන්ථයන් ගෙන් අහුලා ගන්නා ලද කරුණු කිහිපයක් පමණක් පුරාණ ජාතීන් ගැන දැක්විය හැක.

අංග ජනපදය[සංස්කරණය]

අංග වැසියන් ගැන මුලින්ම පැහැදිලිව සඳහන් වන්නේ අතර්වන් වේදයේයි. මලධ වැසියන්, ගාන්ධාරි වැසියන් හා මුජාවා වැසියන් මෙන් නොවටිනා මිනිසුන් ලෙස එහි අංග ජනපද වැසියන් දක්වා ඇත. ජෛන ප්‍රජනනයේ, අංගවරුන් හා වංගවරුන් ආර්යය මනුෂ්‍යයන්ගේ මුල්ම කණ්ඩායමට අයත් වූවන් සේ වර්ග කරයි. මහා භාරතයට අනුව අංග ජනපදය පිහිටා තිබුණේ දළ වශයෙන් බගාපු, බිහාරයේ මොන්ගිර් සහ බෙන්ගාලයේ ඇතැම් ප්‍ර‍දේශ වලය. චම්පා නදිය මගධයේ බටහිර මායිමේත්, අංග ජනපදයෙන් නැගෙනහිර මායිමත් වෙන්කරන ලදී. අංගයෙහි උතුරු මායිම වූයේ ද ගංගා නදියයි. කලින් මාලිනි ලෙස හඳුන්වන ලද එහි අගනගරය වන චම්පා,චම්පා නදිය හා ගංගා නදිය හමුවන ස්ථානයට නුදුරින් ගංගා නදියේ දකුණු ඉවුරේ පිහිටා තිබුණි. එය ආදි කාලීන ඉන්දියාවේ තිබූ ශක්තිමත් ම හා ප්‍රධාන නගර හයෙන් එකක් විය. එය වෙළඳ හා වානිජ කටයුතු සඳහා ප්‍රධාන මධ්‍යස්ථානයක් වු අතර එහි වෙළෙන්දන් ඈත පිහිටි ස්වර්ණභූමියට යාත්‍රා කරන ලදී. බිම්බිසාර රාජ්‍යය යටතේ අංග ජනපදය ද මගධ රාජ්‍යයේ කොටසක් බවට පත් විය.

ගාන්ධාර දේශය[සංස්කරණය]

උතුරු දිග පකිස්ථානයේ හා නැගෙනහිර ඇෆගනිස්ථානයේ පිහිටා තිබුනේ පෞරාණික රාජධානිය ගාන්ධාර නම් විය. ගාන්ධාර රාජධානිය ප්‍රධාන වශයෙන් පිහිටා තිබු පෙෂාවර් නිම්නය, පොටෝ හර් සානුව සහ කාබුන් නදිය කේන්ද්‍රගත කරගෙනය. එහි ප්‍රධාන නගර වුයේ පුරුෂපුරය (පුරුෂයන්ගේ නගරය) නූතන පෙෂාවර් නගරය හා තක්ෂිලාවයි.

ගාන්ධාර රාජධානිය ක්‍රිස්තු පූර්ව පළමු ශතවර්ෂයේ සිට ක්‍රිස්තු වර්ෂ එකොළොස් වන සියවස දක්වා අඛණ්ඩව පැවැතුණි. ක්‍රිස්තුවර්ෂ පළමු සියවසේ සිට පස්වන සියවස දක්වා වූ කාලය තුළ ගාන්ධාර රාජධානිය එහි උපරිමයට ලඟා විය. ඒ සඳහා දායක වු පාලකයා වුයේ බෞද්ධ රජෙකු වූ කුෂාන් ය.

දසවන හා එකො‍ළොස්වන ශතවර්ෂයන්හි එහි පාලනය මුස්ලිම් භක්තික අධිරාජයන් අතට පත් වීමට ප්‍රථම එහි පාලනය හින්දු භක්තිකයන් වූ ෂහි වරුන් අත විය. ෂහිවරු මෙය ඉතිහාස කතෘ අල් - බියිරුනි විසින් හින්දු පාලකයන් හැඳින්වීමට යොදා ගන්නා ලදී. ගසන්හි මහමුද් එහි පාලනය ක්‍රිස්තුවර්ෂ 1021 දී අත්පත් කරගත් පසු, ගාන්ධාර යන නාමය භාවිතයෙන් ඉවත්විය. මෝගල් යුගයේ දී එම ප්‍රාදේශිකය ලාහෝර් සිට හෝ කාබුල් සිට පාලනය කෙරිණි. එම කාලයේ දී ගාන්ධාර ප්‍රදේශය කාබුල් ප්‍රාන්තයේ කොටසක් විය.


චේති රාජධානිය[සංස්කරණය]

චෙඩ් රාජධානිය යනු මුල් කාලයේ පෞරාව රජවරුන් විසින් ද පසුකාලීනව යදව් රජවරුන් විසින් ද පාලනය කරන ලද මධ්‍ය හා බටහිර ඉන්දීය රාජධානි වලින් එකකි. එය දල වශයෙන් මධ්‍ය ප්‍රදේශයේ වන බුන්දල් කාන්ද්හි සිට යමුනා නදියේ දකුණු ප්‍රදේශය දක්වාත්, බෙත්වා හෙවත් වෙන්රාමකී නදිය ඔස්සේත් පැතිරි පවතී. මෙම චෙඩ් රාජ්‍යය පාලනය කරන ලද්දේ මගධයෙහි ජානිසන්ධගේ මිතුරකු වන සිසුපාල හා කුරු දේශයේ දුර්වෝධක යන ‍රජවරුන් විසිනි. ඔහු ඔහුගේම මයිලනුවන්ග් පුත්‍රයෙකු වූ වාසුදේව ක්‍රිෂණන්ගේ එදිරිවාදියෙක් විය. යුධිස්ථිර නම් වූ පාණ්ඩය රජුගේ රජසුව බිලි පුජාවේ දී, වාසුදේව ක්‍රිෂ්ණන් විසින් සිසුපාලයන් මරණයට පත්කරන ලදි. හීමගේ භාරයාව චෙඩ් රාජ්‍යයේ වැසියෙකි. චෙඩ් හි අගනුවර ලෙස සඳහන් වනුයේ සුක්කිමතී නම් වූ නගරයයි. කුරුක්ෂේත්‍ර යුද්ධයේ දී කැපී පෙනන චෙඩ් ශුරයන් සේ ධාමපොරෂ, සිසුපාල, දෘෂ්ඨයකේතු , සුකේතු, සරභ, භීමගේ බිරිඳ, කකුලේ බිරිඳ, කරෙනුමති හා දෘෂ්ටකේතුගේ පුතුන් යන අය ඇතුලත් ය. අනෙකුත් ප්‍රසිද්ධ චෙඩ් වැසියන් ලෙස උපරිචාර වාසු රජු, ඔහුගෙ දරුවන්, සුවානු රජු, සහජ රජු යන අය වේ.

කාම්බෝජවරු[සංස්කරණය]

සංස්කෘත සහ පාලි ග්‍රන්ථවල සඳහන් පරිදි කාම්බෝජවරු යකඩ යුගයේ ඉන්දියාවේ විසු ක්ෂත්‍රීය ගෝත්‍රිකයෝය.ගෝත්‍රිකයින් හෝ රාජධානියක් ලෙස කාම්බෝජවරු (Vamsa Brahaman) පිළිබඳව මහා භාරතයේ වේදාංග සාහිත්‍යයෙහි ද සඳහන් වේ.

කාම්බෝජ රාජධානි පිහිටා තිබුණේ වයඹ දිග ‍ඉන්දියාවේය. සමහර උගතුන් පවසන පරිදි පැරණි කාම්බෝජවරු ඉන්දු ආර්යයන්ගේම කොටසකි. ඇතැම් කාම්බෝජවරුන් ඉන්දු ආර්යයන් ලෙස හඳුන්වති. තවත් සමහරු (කීත් (keith) ද මැක්‍ඩොනල්ඩ් (Mac Donald) ගේ ලේඛන අනුව) ඉන්දීය සහ ඉරාන ජාතිකයන් සේ හඳුන්වති. කෙසේ වෙතත් දැන් බොහෝ උගතුන්ගේ මතය නම් කාම්බෝජවරු යනු ඉරාන ජාතිකයන් බවය. ඇතැම් උගතුන් කාම්බෝජවරුන් යනු ඉන්දීය රාජකීය ගෝත්‍රයක් සේ සලකයි. මතුරා සිංහ අගනුවරේහි 'මහා කාස්මිපුර රාජවුලය' සහ අශෝක රජතුමාගේ නිපදවීම් මත මෙය වඩාත් සහතික වන්නේය.

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය සහ ඉන්දියානු ප්‍රාග් - තුජනා යුගය තුළ කාම්බෝජ වැසියන් ගුජරාත් ප්‍රදේශ‍යටත් ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් පසුව දෙවැනි සහ පස්වැනි ශතවර්ෂ වලදි බෙංගාලය සහ කාම්‍බෝජයටත් සංක්‍රමණය විය. දහවන ශතවර්ෂය තුළ දී ඔවුන් විසින් මධ්‍යම ඉන්දියාවේ සහ උතුරු බටහිර බෙංගාල ප්‍රදේශවල තම ප්‍රතිපත්ති ස්ථානගත කරන ලදී.

කාම්බෝජ ගෝත්‍රය උසස් පංජානි ගෝත්‍රිකයන්ගෙන්, සියනා - පෝස් ගෝත්‍රිකයන්ගෙන් හා ඇෆ්ගනිස්ථානු නුරිස්ටන් පළාත් ජනයාගෙනුත් පැවතෙන බවටද විශ්වාස පවතියි.

පංචාල[සංස්කරණය]

පංචාල ගෝත්‍රිකයන් පදිංචිව ඇත්තේ නැගෙනහිර තුර්කි කදුකර ආශ්‍රිතව ගංගා නම් ගඟ අසබඩය. එය බොහෝ විට සාමකාමී දැක්මක් සහිත හෝ නූතන බුදුහිමියන් විසු ෆරුක්බාද් හා උත්තර ප්‍රදේශයට යාබද ප්‍රදේශ ‍වල පැතිර තිබෙන්නට ඇත. මෙම රට උත්තර (උතුරු) පංචාල සහ දක්ෂිණ (දකුණු) පංචාල වශයෙන් බෙදා දක්වා ඇත. 'අදිම්චන්ත්‍රාර'‍හෝ 'චක්‍රවර්තී' හි උතුරු පංචාලයේ අගනුවර පිහිටා (නූතනයේ රාමිගර් නගරය බාරේලි දිස්ත්‍රීක්කයේ හි ) ඇත. තමිපිලායා හෝ තම්පිල් යන ෆාරුක්බාද් වල පිහිටා ඇති නගර වල දක්ෂින පංචාලයේ අගනුවර පිහිටා ඇත. ප්‍රසිද්ධ නගරයක් වන 'තන්යාකුබිජ' හෝ කනායුජ්' පිහිටා ඇත්තේ ද පංචාල රාජධානියේය. පංචාලයන්හි රාජකීය ගෝත්‍රිකයන් පස්වන, හයවන ශතවර්ෂයේ දී කෞටිල්‍යය විසින් රචිත අර්ථශාස්ත්‍රයේ සහතික කොට පෙන්වා දී තිබෙන්නේ පංචාලය 'රාජශවෝද පංජවින් ව්‍යවස්ථාව ලෙස පත්වී ඇති බවයි.

වජ්ජි හෝ විරිජි[සංස්කරණය]

වජ්ජි ජනයා හෝ විරිජින් ඒකාබද්ධ වු කාණ්ඩ 8 කින් හෝ 9 කින් සමන්විත වේ. ලිච්ඡවි, විදේහ, ජනාත්‍රික වූ  එම කාණ්ඩ අතුරෙන් වජ්ජින් ප්‍රධාන වෙයි. විදේහ අගනගරය වූ මිථිලා (වර්තමාන තරූත් දිස්ත්‍රීක්කයෙහි ජනක්පූර්) දකුණු දිග ඉන්දියා‍වේ දේශපාලන හා සංස්කෘතික කටයුතු වල ප්‍රමුඛ මධ්‍යස්ථානය විය. ජනක රජුගේ කාලයේ දී විදේහය ප්‍රමුඛස්ථානයට පත් විය. විදේහයේ අවසාන රජු වු කළාර විසින් බ්‍රාහ්මණ ස්ත්‍රියක දිනා ගැනීමට කරන ලද උත්සාහය නිසා ඔහුව රාජධානියෙන් පළවා හරින ලදී. ඔහුගේ රාජධානියේ නටඹුන් මත ලිච්ජවි, විදේහ සහ තවත් කුඩා කාණ්ඩ 7 ක් එක්ව සමූහාණ්ඩුවක් බිහි විය. ලිච්ඡවීවරු ස්වාධීන මිනිස් කොට්ඨාශයක් විය. මහා වීරගේ මව ලිච්ඡවි කුමාරිකාව කි. ලිච්ඡවින්ගේ අගනගරය හා බලවත් වර්ජියානු සමුහාණ්ඩුවේ දේශපාලන මුලස්ථානය වුයේ වෛශාලියයි. (දකුණු බිහාරි ප්‍රාන්තයේ වෛශාලි දිස්ත්‍රීක්කයේ වූ වර්තමාන බසාර්ග්) වෛශාලිය ගංගා නදියට සැතපුම් 25 ක් උතුරින් ද රාජග්‍රිහ ට සැතපුම් 38 ක් දුරින් ද පිහිටි සෞභාග්‍යමත් නගරයක් විය. දෙවන බෞද්ධ සංගායනාව වෛශාලියේදී පැවැත්විණි. ලිච්ඡවිහු බෞද්ධ අනුගාමිකයෝ වුහ. විවිධ අවස්ථාවන් හි දි බුදුරජාණන් වහන්සේ ඔවුන් වෙත වැඩම කළ බැව් ද කියවේ. ඔවුහු විවාහ සබඳතා නිසා මගධය හා සමීපව බැදුණු අතර මධ්‍යතන යුගයේ ආරම්භය දක්වාම ලිච්ඡවි ‍රජ පෙළපතේ ඒක් ශාඛාවක් නේපාලය පාලනය කළ නමුදු වත්මන් නේපාලයේ ෂා රජ පෙළපත සමඟ ඔවුන්ගේ සම්බන්ධයක් නොමැත. මනුස්මිතියෙහි සදහන් අන්දමට ලිච්ඡවීන් ක්ෂත්‍රීය වංශිකයන් (වත්‍ය) නියෝජනය කරයි. බලවත් වජ්ඡි සමූහාණ්ඩුවේ ‍කේන්ද්‍රස්ථානය හා ලිච්ඡවින්ගේ අගනගරය වු වෛශාලිය මගධයේ අජාසත් රජු විසින් පරාජය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=මහජනපද&oldid=456617" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි