සෙෙල සැකිල්ල

විකිපීඩියා වෙතින්
සෙෙල ජීවවිද්‍යාව
සත්ව සෙෙලය
සූන්‍යෂ්ටික සෙෙල සැකිල්ල. ඇක්ටින් තන්තු රතු පැහැයෙන් දක්වා ඇති අතර, බීටා ටිබියුලින් වලින් සමන්විත ක්ෂුද්‍ර නාලිකා කොළ පැහැයෙන් දැක්වේ.

ජීවයේ සියළු අධිරාජධානියන්ට අයත් (ආකියා, බැක්ටීරියා, යූකැරියා) සියළු සෙෙලයන්හී සෙෙල සැකිල්ල දැකගත හැකිවේ. එය න්‍යෂ්ටියේ සිට ප්ලාස්ම පටලය දක්වා සෙෙල ප්ලාස්මය පුරා විහිදී යන, අන්තර් සම්බන්ධිත තන්තු සහ නාලිකා සමූහයකින් තැනුනු සංකීර්ණ ජාලයක් ලෙස පවතී.[1] විවිධ ජීවීන්ගේ සෙෙල සැකිලි පද්ධතියන්, සමාන වූ ප්‍රෝටීන වර්ග වලින් තැනී තිබේ. සූන්‍යෂ්ටිකයන්ගේ සෙෙල සැකිලි පූරකය ප්‍රධාන ප්‍රෝටීන වර්ග තුනකින් තැනුනු ගතික ව්‍යුහයක් වන අතර, ඒවාට නිශ්චිත කාල පරාසයක් තුලදී සෙෙලයේ අවශ්‍යතාව අනූව වේගවත් වර්ධනය වීමක් සිදුකිරීමට හෝ කොටස් වලට වෙන්වී යාමේ හැකියාවක් පවතී.[2] ජීවියා සහ සෙෙල වර්ගය මත පදනම්ව සෙෙල සැකිල්ලෙහි ව්‍යුහය, කෘත්‍යය සහ ගතික හැසිරීම් එකිනෙකින් ඉතා වෙනස් විය හැකිය.[3][4] වෙනත් ප්‍රෝටීන සමග සහසම්බන්ධ වීම මගින් එක් සෙෙලයක් තුලදීම පවා සෙෙල සැකිල්ල වෙනස් විය හැක.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. හාඩින්, ජෙෆ්; බර්ටොනි, ග්‍රෙගරි; ක්ලයින්ස්මිත්, ලුවිස් ජේ. (2015). බෙකර්'ස් වර්ල්ඩ් ඔෆ් ද සෙල් (8 සංස්කරණය ed.). නිව් යෝර්ක්: පියර්සන්. pp. 422–446. ISBN 978013399939-6.
  2. මැක්කින්ලි, මයිකල්; ඩීන් ඔ'ලොග්ලින්, වැලැරී; පෙන්ෆාදර්-ඔ'බ්‍රයන්, එළිසබෙත්; හැරිස්, රොනල්ඩ් (2015). හියුමන් ඇනටොමි (4 සංස්කරණය ed.). නිව් යෝර්ක්: මැක්ගෘ හිල් එඩියුකේෂන්. p. 29. ISBN 0-07-352573-1.
  3. ඇල්බට්ස්, බෲස්; et al. (2008). මොලිකියුලර් බයොලොජි ඔෆ් ද සෙල් (5වන සංස්කරණය ed.). නිව් යෝර්ක්: ගාලන්ඩ් සයන්ස්. ISBN 978-0-8153-4105-5.
  4. වික්ස්ටෙඩ් බී, ගුල් කේ (අගෝස්තු 2011). "දි ඉවොලූෂන් ඔෆ් ද සයිටොස්කෙල්ටන්". ද ජර්නල් ඔෆ් සෙල් බයොලොජි. 194 (4): 513–25. doi:10.1083/jcb.201102065. PMC 3160578. PMID 21859859. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
  5. ෆ්ලෙචර් ඩීඒ, මුලින්ස් ආර්ඩී (ජනවාරි 2010). "සෙල් මැකැනික්ස් ඇන්ඩ් ද සයිටොස්කෙල්ටන්". Nature. 463 (7280): 485–92. Bibcode:2010Natur.463..485F. doi:10.1038/nature08908. PMC 2851742. PMID 20110992. {{cite journal}}: Vancouver style error: name in name 1 (help)
"https://si.wikipedia.org/w/index.php?title=සෙෙල_සැකිල්ල&oldid=390895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි