Jump to content

සෙම්ප්‍රතිශ්‍යාව

විකිපීඩියා වෙතින්
සෙම්ප්‍රතිශ්‍යාව
වර්ගීකරණය සහ බාහිර සම්පත්
මිනිස් සිරුරේ ඇති Rhinovirus ප්‍රභේදයක මතුපිට පෙනුම
ICD-10J00.{{{3}}}
ICD-9460
DiseasesDB31088
MedlinePlus000678
eMedicinemed/2339
MeSHD003139

සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයක් වන අතර ප්‍රධාන වශයෙන් නාසයට බලපාන්නක් වේ. කැස්ස, උගුරේ අමාරුව,සොටු දියර ගැලීම, කිවිසුම් යාම, සහ දින 7 ත් 10 ත් අතර පවතින උණ ප්‍රධාන වශයෙන් පවතින්නාවූ රෝග ලක්ෂණ වේ. සමහර ලක්ෂණ සති 3 ක් පමණ පැවතීමට ඉඩ ඇත. වර්ග 200 කට අධික වයිරස ගණනාවක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන අතර ඒ අතුරින් බහුලවම rhinovirus දැකිය හැක. මෙම රෝගය නාසා ග්‍රසනිකතාව (nasopharyngitis), ඝ්‍රාණ රුහිතය ( rhinopharyngitis), උග්‍ර ස්‍රැතිය (acute coryza) [1] , හිසරදය අදී නම් වලින්ද හඳුන්වනු ලැබේ.

පෙන්නුම් කරන්නාවූ රෝග ලක්ෂණ

[සංස්කරණය]

ඉහළ ශ්වසන කාර්ෂයේ ආසදන ඒවා බලපානු ලබන ප්‍රදේශ අනුව වර්ගීකරණය කල විට සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රධාන වශයෙන් නාසය, උගුර (ග්‍රසනිකා ප්‍රදාහය), කෝටරක (කෝටරක ප්‍රදාහය) සහ කලාතුරකින් ඇතැම් විට ඇස් (අක්ෂි පටල ප්‍රදාහය හේතුවෙන්) යන ප්‍රදේශයන්ට බලපාන බව සොයගෙන ඇත.රෝග ලක්ෂණ බොහෝ විට ඇති වන්නේ වයිරසයන් මගින් සිදු කරනු ලබන පටක විනාශ කිරීමේ ක්‍රියවලිය නිසා නොව ආසාදන වලට එරෙහිව ශරීරයේ සිදුවන ප්‍රතිශක්තීකරණ ක්‍රියවලිය හේතුවෙනි. දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පහල වූ විට මුහුනු ආවරණ පැලදීම මගින් ප්‍රාරම්භක වශයෙන් රෝගය වළක්වා ගත හැක. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම්විට නියුමෝනියාව (වයිරසයන් මගින් ඇති වන නියුමෝනියාව සහ බැක්ටීරියාවන් මගින් ඇති වන නියුමෝනියාව ) දක්වා වර්ධනය විය හැක.
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකර්මයක් නොමැති වුවත් ඉන් ඇතිවන රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකර කිරීමේ හැකියාව ඇත.සෙම්ප්‍රතිශ්‍යාව යනු බෝවන රෝග අතරින් නිතර නිතර ඇති වන්නා වූ රෝගයක් වන අතර දළ වශයෙන් වැඩිහිටි පුද්ගලයෙක් වසරකට 2 - 3 වතාවක් ද කුඩා දරුවෙක් වසරකට 6 - 12 වතාවක් ද මෙයට ගොදුරු වීමේ ඉඩක් ඇත.පුරාතන කාලයේ පටන් මෙම ආසාදනයට මිනිසුන් ගොදුරුව ඇත. [2]


සෙම්ප්‍රතිශ්‍යාවේ මූලික රෝග ලක්ෂණ ලෙස කැස්ස, සොටු දියර ගැලීම, නාසික අවහිරය, උගුරේ අමාරුව ද ඇතැම්විට මාංශ පේශි වේදනාව, තෙහෙට්ටුව, හිසරදය සහ කෑම අරුචිය [3] ද පෙන්නුම් කරයි. සෙම්ප්‍රතිශ්‍යාව සෑදුනු අවස්ථා ගත් විට ඉන් 40% කම උගුරේ අමාරුව ද 50% [4]කම කැස්ස ද ඉතිරියෙන් අඩකම මාංශ පේශි වේදනාවද පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන් මෙම රෝගයේදි වැඩිහිටියන්ගෙන් උණ අමාරුවක් දක්නට නොලැබෙන නමුත් ළදරුවන් හා කුඩා දරුවන් තුලින් එවැන්නක් පෙන්නුම් කෙරේ. [5]ඉන්ෆ්ලුවෙන්සා සමඟ සැසඳීමේදී මෘදු කැස්සක් පවතී. වැඩිහිටි පුද්ගලයෙකුට කැස්ස සමඟ උණ පෙන්නුම් කෙරේ නම් එය ඉන්ෆ්ලුවෙන්සා තත්වයක් වීමේ සම්භාවිතාව වැඩිය. [6]

ප්‍රගමනය

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාවේ මුල් අවදියේදී රෝගියාට තෙහෙට්ටුව, සීතල ,හිසරදය, කිවිසුම් යාම සහ දින 2 ක් පමණ පවතින කැස්ස සහ සොටු දියර ගැලීම දක්නට ලැබේ. [3] රෝගය අනාවරණයෙන් පැය 16 ක් ඇතුලත රෝග ලක්ෂණ මතු වීම ඇරඹේ. [7] සාමාන්‍යයෙන් මෙම රෝග ලක්ෂණ දවස් 7 ක් පමණ ගතවන විට නැති වී යන නමුත් ඇතැම් ඒවා සති 3 ක් [8] පමණ ද පැවතිමේ හැකියාව ඇත. [9] කැස්ස පවතින සාමාන්‍ය කාල පරාසය දින 18 ක් [10] වන අතර සමහර අවස්ථාවන්හිදී සෙම්ප්‍රතිශ්‍යාව නිමා වී සති 8 ක් පමණ වන තෙක් කැස්ස පැවතිමේ හැකියාව ඇත. [11](post-viral cough) කුඩා ළමුන් රෝගයට ගොදුරු වන අවස්ථාවන්ගෙන් 35-40% කදීම කැස්ස දින 10 කට වඩා පවතින අතර අවස්ථාවන්ගෙන් 10% කම කැස්ස දින 25 කට වඩා පවතී. [12]

හේතුකාරක

[සංස්කරණය]
Coronaviruses යනු සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට බලපානු ලබන වයිරස කාණ්ඩයක් ලෙස හඳින්වේ. ඔවුන්ට ඔටුන්නක් වැනි වූ රැස් වළල්ලක් ඇති අතර එය ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය ආධාරයෙන් දැක ගත හැක.

විද්‍යාත්මක වෛරස අධ්‍යයනය

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව යනු වයිරසයක් මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයකි. රයිනොවයිරස්(30-80%) යනු picornavirus ගණයේ හඳුනාගත් [13][14]serotypes 99 කගෙන් සමන්විත සෙම්ප්‍රතිශ්‍යාවට බහුලවම හේතු වන වයිරසය යි. human coronavirus (~15%),influenza viruses (10-15%),adenoviruses(5%), human parainfluenza viruses , human respiratory syncytial virus, enteroviruses සහ metapneumovirus අනෙකුත් වයිරසයන් [15][16]වේ. සෑමවිටම එක් වයිරසයකට වඩා හට ගනී. මුළු එකතුවක් ලෙස ගත් විට 200 කට වැඩි විවිධ වයිරස ගණනක් සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වේ.

සම්ප්‍රේෂණය

[සංස්කරණය]

කුඩා වාත අංශු මාර්ගයෙන්, ආසාදිත නාසික ස්‍රාවයන් ඍජු ස්පර්ශයෙන් හෝ රෝග වාහක ඕනෑම වස්තුවක් (fomites) ස්පර්ශයෙන් වයිරස මූලිකවම සම්ප්‍රේෂණය් වේ.[4] [17]වාත අංශු මාර්ගයෙන් රෝගය පැතිරීමට වඩා ස්පර්ශයෙන් රෝගය පැතිරීමේ ප්‍රවණතාවක් ඇත.[18] මෙම වයිරසයන් යම්කිසි කාල පරාසයක් පරිසරයේ නොනැසී පවතින අතර (Rhinovirus පැය 18 කට වැඩි කාලයක් ) මිනිස් අත් වල තැවරී ඇස් හෝ නාස් ප්‍රදේශයට යෑමේ හැකියාවක් ඇත. [17]මෙම ආසාදනයන් පවුලේ අනෙකුත් සාමාජිකයන්ටද බෝ වීමේ වැඩි ඉඩකඩක් ඇත. ළමුන් වැඩි පිරිසක් එකට ගැවසීම හා දුර්වල ස්වස්ථතාව හේතුවෙන් පාසැල් හා ළමුන් රැක බලා ගන්නා මධ්‍යස්ථානයන්හිදී සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි වේ. [19]ඉන්පසු ඔවුන්ගේ නිවෙස් වල අනෙකුත් සාමාජිකයන්ටද රෝගය සම්ප්‍රේෂණය විය හැක. [19]

කාළගුණය

[සංස්කරණය]

සාම්ප්‍රදායික ගැමි මතයට අනුව වැස්ස හෝ ශීත ඍතුව වැනි සීතල කාළගුණික තත්වයන්ට නිරාවරණය වීම සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන ප්‍රධානම හේතුවයි. [20][21] සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන සමහර වයිරස ඍතුමය වශයෙන් හට ගන්නා අතර සීතල කාළගුණික තත්වයන්හිදී බහුල වේ. නමුත් ඍතුමය වශයෙන් හට ගැනීමට හේතුව නිශ්චිතවම සොයා ගෙන නැත. [22]ඇතැම් විට සීත කාලයේ ශ්වසන පද්ධතියේ ඇති වන වෙනස්කම් [23] , ප්‍රතිශක්තීකරණ දුර්වලතා [24], අඩු ආර්ද්‍රතාවය හේතුවෙන් වැඩි වන වයිරස සම්ප්‍රේෂණ සීග්‍රතාව සහ වියළි වාතය කුඩා වයිරස අංශු වල අපකිරණ හැකියාව වැඩි කිරීමෙන් ඒවාට වැඩි දුරකට සම්ප්‍රේෂණය වීමේ ප්‍රවණතාව ඍතුමය බලපෑමට හේතු විය හැක.[25] වැඩි කාල වේලාවක් ගොඩනැඟිලි තුල සිටීම, ආසාදිත රෝගියෙක් අසල සිටීම [23]( විශෙෂයෙන්ම පාසැල් ළමුන් )[19][22], වැනි සමාජ සාධක මත ද රෝගය වැළඳීමට හැක. අඩු ශරීර උෂ්ණත්වය සෙම්ප්‍රතිශ්‍යාවට බලපාන අවදානම් සාධකයක් ද යන්න පිළිබඳව මත්භේදයක් පවතී. බහුතර මතය වන්නේ සෙම්ප්‍රතිශ්‍යාව ආසාදනය වීමේ නැඹුරුතාවට අඩු ශරීර උෂ්ණත්වය බලපාන බවයි.[24]

අනෙකුත්

[සංස්කරණය]

පෙර අවස්ථාවන්හිදී සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වී තිබේ නම් වයිරසය පැතිරීමේ ප්‍රවණතාව අඩු වේ.[26] මේ හේතුවෙන් ළාබාල ළමුන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වී මේ ප්‍රවණතාව වැඩිය. රෝගය වැළඳීමේ අවදානම් සාධකයක් ලෙස දුර්වල ප්‍රතිශක්තීකරණ පද්ධතියකින් යුතු වීමද පෙන්වා දිය හැක.[27][28] අඩු නින්ද, මන්දපෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තීකරණ කාර්යය දුර්වල වන අතර වයිරසය වර්ධනය වීමේ සීග්‍රතාවය වැඩි වේ. [29][30]මව්කිරි දීම මගින් තදබල මධ්‍ය ශ්‍රෝත්‍රදාහය හා පහළ ශ්වසන කාර්ෂයේ ආසාදන අවම කර ගත හැකිය.[31] ළදරුවෙකුට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳී ඇති විට මව්කිරි දීම සුපුරුදු ලෙස සිදු කරන ලෙස නිර්දේශ කර ඇත.[32]එසේ වුවද සංවර්ධිත ලෝකයේ මව්කිරි දීම මඟින් පමණක් සෙම්ප්‍රතිශ්‍යාව වළක්වා ගත නොහැක. [33]

ව්‍යාධි කායික විද්‍යාව

[සංස්කරණය]
සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වයිරස මගින් බෝවන ඉහළ ශ්වසන කාර්ෂයේ රෝගයකි .

සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියට මූලිකවම සම්බන්ධ වන බව විශ්වාස කෙරේ. [34] ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලියේ යාන්ත්‍රණය එක් එක් වයිරසය සඳහා විශේෂිත වේ. නිදසුනක් ලෙස රයිනොවයිරස් ඍජු ස්පර්ශය තුළින් පැතිරේ; එය මිනිස් ICAM-1 ප්‍රතිග්‍රාහක සමඟ බැඳී දැවිල්ල ඇති කරනු ලබන ප්‍රතික්‍රියාවන් ආරම්භ කරනු ලැබේ. [34]මෙම මූලික ප්‍රතිශක්තීකරණ ප්‍රතික්‍රියා රෝග ලක්ෂණ ඇති කරලීමට හේතු වේ.[34] සාමාන්‍යයෙන් එය නාසික අපිචජයට හානියක් නොකරයි.[5] තවද ශ්වසන සංසෛල වයිරස(RSV) ඍජු ස්පර්ශයෙන් මෙන්ම කුඩා වාත අංශු මඟින්ද පැතිරේ. ඉන්පසු එය පහළ ශ්වසන කාර්ෂයට පැතිරීමට ප්‍රථමව නාසයට හා උගුරට ව්‍යාප්ත වේ.[35] RSV අපිචජයන්ට හානි පමුණුවයි.[35] මිනිස් පැරා ඉන්ෆ්ලුවෙන්සා වයිරසය ප්‍රධාන ලෙස නාසික, උගුරු හා ශ්වාසනාල ශාඛා (bronchi) ප්‍රදාහයන් ඇති කරයි.[36] කුඩා ළමුන්ට සෑදුනු විට එය ශ්වාසනාලයට බලපාන අතර ශ්වසන මාර්ගය කුඩා වීම හේතුවෙන් වියළි කැස්ස සහිත රෝග ලක්ෂණ (croup) පෙන්නුම් කරයි.[36]

රෝග විනිශ්චය

[සංස්කරණය]

එකිනෙකට වෙනස් ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදන වල ප්‍රධාන වෙනස වනුයේ ඒවා රෝග ලක්ෂණ ඇති වන ප්‍රදේශ මත පදනම් වීම හා සෙම්ප්‍රතිශ්‍යාව නාසික ප්‍රදාහය, ග්‍රසනිකා ප්‍රදාහය සහ පෙනහළු වල බ්‍රොන්ක්‍රයිටිස් රෝගය ඇති කිරීමයි. කෙසේ වෙතත් සැලකිය යුතු සමානකම් ද තිබිය හැක. සෙම්ප්‍රතිශ්‍යාව බොහෝ විට නාසික ප්‍රදාහයට හේතු වන්නක් ලෙස සලකන අතර උගුර ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහයද යම් ප්‍රමාණයකින් ඇති විය හැක. [37]සෙම්ප්‍රතිශ්‍යාවේදී තමන් විසින්ම රෝග විනිශ්චය කර ගැනීම බහුලව සිදු වේ.[5]සැබෑ වයිරස කාරකය විසංගමය වීම ඉතා කලාතුරකින් සිදු වන අතර රෝග ලක්ෂණ තුළින් වයිරසයේ වර්ගය සොයා ගැනීම කල නොහැකි වේ. [5]

තුරන් කිරීම

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාප්තිය අඩු කිරීමට දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම, රෝග ලක්ෂණ පහල වූ විට මුහුනු ආවරණ පැලදීම සහ සෞඛ්‍ය මධ්‍යස්ථානයන්හි දී අත් වැසුම් පරිහරණය වැනි ක්‍රියාමාර්ගයන් [38]වැදගත් වේ. [38]සෙම්ප්‍රතිශ්‍යාව යනු සියල්ලම පාහේ දන්නා රෝගයක් බැවිනුත් එහි රෝග ලක්ෂණ විශේෂී නොවීම හේතුවෙනුත් හුදෙකලාව සිටීම කළ නොහැක්ක කි. උදා : කොරන්ටීන් (quarantine) . සෙම්ප්‍රතිශ්‍යාවට එකිනෙකට වෙනස් වයිරස විශාල ප්‍රමාණයක් හේතු වන නිසාත් එම වයිරසයන් ඉතා වේගයෙන් වෙනස් වීම් වලට භාජනය වන බැවිනුත්[38] එන්නත් කිරීම අමාරු කාර්යයක් බව සොයා ගෙන ඇත. සියල්ලන්ට ගැළපෙන අයුරින් වඩා ඵලදායී එන්නතක් නිෂ්පාදනය ඉතා අපහසු වේ. [39]නිතිපතා දෑත් සෝදා පිරිසිදුව තබා ගැනීම මඟින් විශේෂයෙන්ම කුඩා දරුවන් අතර සෙම්ප්‍රතිශ්‍යාවට සම්ප්‍රේෂණය වීම අවම කර ගත හැක.[40] ප්‍රතිවයිරසයන් හා ප්‍රතිබැක්ටීරියාවන් දෑත් සේදුම් දියරයන්ට එකතු කර ගැනීමෙන් විශේෂ වාසියක් අත් වේද යන්න තවමත් සොයා ගෙන නොමැත.[40] ආසාදිත පිරිස් සමඟ ගැවසෙන විට මුහුනු ආවරණ පැළැඳීම යහපත්ය.කෙසේ වුවද සමාජ ආශ්‍රයෙන් බොහෝ ඈත් වීම අනවශ්‍යය.[41] සින්ක් පරිපූරක(zink) මඟින් සෙම්ප්‍රතිශ්‍යාව ව්‍යාප්ත වීම අඩු කර ගත හැක. විටමින් C පරිපූරක සෙම්ප්‍රතිශ්‍යාවේ දරුණුකම අඩු නොකළත් එය පවතින කාල සීමාව අඩු කරයි.

කළමණාකරණය

[සංස්කරණය]
සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ගැනීමට "වෛද්‍යවරයා හමුවන්න" ලෙස ප්‍රදර්ශනය කරන්නා වූ පෝස්ටරයක දර්ශනයක්.

ආසාදිත කාල සීමාව අඩු කිරීම සඳහා බෙහෙත් හෝ ඖෂධීය ප්‍රතිකාර නිශ්චිතවම හඳුනාගෙන නැත. [42] ප්‍රතිකාර මඟින් රෝග ලක්ෂණ අඩු කරයි. [43] අවශ්‍ය තරම් විවේක ගැනීම,විජලනය වළක්වා ගැනීමට දියර පානය කිරීම සහ උණුසුම් ලුණු වතුරෙන් උගුර සේදීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව යම් තරමකට අවම කර ගත හැක. ඖෂධීය ප්‍රතිකාරයන්ගේ සාර්ථකත්වයට පෙර සඳහන් කරන ලද ක්‍රියාමාර්ග හේතු වේ. [44] [ placebo effect ]

රෝග නිමිති

[සංස්කරණය]

රෝග ලක්ෂණ තුරන් කිරීමට උපකාරී වන ප්‍රතිකාර වල නිර්වේදක හා ibuprofen ,acetaminophen/paracetamol වැනි ප්‍රතිජ්වරක අඩංගු වේ.[45] කැස්ස සඳහා වූ බෙහෙත් නිර්වේද වලට වඩා ප්‍රතිඵල දායක බවට සාක්ෂි නොපවතින අතර ඒවයේ පවතින හානිදායක බව හේතුවෙන් කුඩා ළමුන්ට දීම සඳහා නිර්දේශ නොකරයි. [46]2009 දී කැනඩාව ඕවර්-ද-ක්වුන්ට් බෙහෙත අවු: 6 හා ඊට අඩු ළමුන් සඳහා තහනම් කරන ලද්දේ එහි ඇති අවදානම් බව [47] සහ භාවිතයෙන් යහපත් ප්‍රතිඵල නොලැබුණු බැවිනි.[48][49] dextromethorphan (කැස්සට ගන්නා වූ බෙහෙත ) වැරදි ලෙස භාවිතයෙන් රටවල් ගණනාවක් විසින් තහනම් කරන ලදී. වැඩිහිටියන්ගේ සොටු දියර ගැලීමේ රෝග ලක්ෂණය , ආසාදිත බලපෑම් නිෂ්ක්‍රිය කිරීමට යොද ගන්නා ඖෂධ විශේෂයක් වූ first-generation antihistamines මඟින් අඩු කර ගත හැක.[43] ඇතැම් අවස්ථාවන්හිදී නිදිමත වැනි අහිතකර බලපෑම්ද ඇති වේ.

අනෙකුත් pseudoephedrine වැනි නාසය හිර වීම අඩු කරන ඖෂධ (decongestants) වැඩිහිටියන්ට යහපත් ප්‍රතිඵල ලබා දේ. [50]Ipratropium නාසික ඉසිනය සොටු දියර ගැලීම අඩු කළද නාසය පිරවීම/හිර කිරීම වැනි ගැටළු ඇති කළ හැකිය.[51] Second-generation antihistamines එතරම් ප්‍රතිඵල දායක නොවේ. [52]වැඩි වූ තරල චූෂණය රෝග ලක්ෂණ වැඩි කරන බව හෝ ශ්වසන දුර්වලතා අඩු කරන බව [53] තවමත් අධ්‍යයන මඟින් සොයා ගෙන නැත.එක් අධ්‍යයනයක් මඟින් සොයා ගෙන ඇති පරිදි chest vapor rub [54] මඟින් රාත්‍රී කාලයේ ඇති වෙන කැස්සෙන්, අවහිරයන්ගෙන් හා නිදා ගැනීමේ අපහසුතාවන්ගෙන් සහනයක් ලබා ගත හැක.[55]

ප්‍රතිජීවක හා ප්‍රතිවයිරස

[සංස්කරණය]

වයිරස ආසාදනයන්ට ප්‍රතිජීවක මඟින් බලපෑමක් නොමැත. [56] එනිසා සෙම්ප්‍රතිශ්‍යාව සාදන වයිරසවලට එරෙහිව කිසිදු බලපෑමක් නොමැත. ප්‍රතිජීවක වල අතුරු ආබාධ හේතුවෙන් ඒවා සමස්ථ ලෙස හානි පමුණුවන නමුත් දැනටත් ඒවා නිර්දේශ කරනු ලැබේ. [57]බොහෝ විට ප්‍රතිජීවක නිර්දේශ කරනු ලැබීමට හේතුව වන්නේ මිනිසුන් ප්‍රතිජීවක පිළිබඳ තබා ඇති විශ්වාසය, වෛද්‍යවරුන්ගේ කැමැත්ත සහ ප්‍රතිජීවක මඟින් සුව වන අවස්ථා බැහැර කිරීමේ අපහසුතාව යි.[58] සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිඵලදායී ප්‍රතිවයිරස බෙහෙත් නොමැති නමුත් සමහර මූලික ගවේෂණ මඟින් යහපත් ප්‍රතිඵල පෙන්නුම් කර ඇත.[43][59]

විකල්ප ඔසු

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා බොහෝ විකල්ප ප්‍රතිකාර ක්‍රම භාවිතා කරනු ලැබුවත්, ඒවායින් බොහොමයක් සනාථ කිරීමට ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැත. [43]2010 දී පවා මීපැණි හෝ නාසික නිස්සේචනය [60][61] නිර්දේශ කිරීමට හෝ ඊට විරුද්ධ වීමට ප්‍රමණවත් සාක්ෂි නොවීය. සින්ක් රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගැණිනි.අධ්‍යයන වලට අනුව රෝග ලක්ෂණ ඇතිවී පැය 24 ක් ඇතුළත සින්ක් ගැනීමෙන් ,සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාල පරාසය හා එහි දරුණුතාවය අඩු කර ගත හැකිය.[41]අධ්‍යයන වල පවතින පුළුල් වෙනස්කම් හේතුවෙන් සින්ක් වල ඵලදායිතාවය කුමන වේලාවේදී,කුමන ආකාරයකට යන්න තීරණය කිරීමට තවදුරටත් ගවේෂණය කිරීම අවශ්‍ය වේ.[62] එනමුදු සින්ක් ලොසින්ජර අතුරු ආබාධ ඇති කරයි. වෛද්‍යවරුන් විසින් සින්ක් නිර්දේශ කිරීම සඳහා එක් දුර්වල තාර්කිකයක් පවතී. [63]විටමින් C මඟින් ඇති කළ හැකි බලපෑම ඉතා අඩු බව පර්යේෂණ මඟින් සොයා ගෙන ඇත.[64][65] [66] (සමහර අවස්ථාවන්හි හැර ). Echinacea නිෂ්පාදන මඟින් යහපත් ප්‍රතිඵල ගෙන දෙන බවට ස්ථීර සාක්ෂියක් නොමැත. විටමින් D සඳහා එක් වරක් පරීක්ෂණයක් පැවැත් වූ අතර [67]එයින් වාසියක් ඇති බව සොයා ගෙන නොමැත. සුදුළුණු සෙම්ප්‍රතිශ්‍යාව අඩු කිරීමට සුදුසු ද යන්න සොයා ගෙන නොමැත.[68]

රෝග විග්‍රහය

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව යනු සාමාන්‍යයෙන් මෘදු ස්වයං-සීමාකාරී රෝගයක්වන අතර එහි බොහෝ රෝග ලක්ෂණ සතියකින් පමණ වර්ධනය වේ. ඉන් භාගයක් පමණ දින 10 කින් පමණ නැති වී යන අතර දින 15 කදී 90% ක් පමණ නැති වී යයි. [69]ඉතා මහළු, ඉත ලාබාල හෝ ප්‍රතිශක්ති මර්දිත පුද්ගලයන්ට සෙම්ප්‍රතිශ්‍යාව ඉතා උග්‍ර ලෙස බලපෑ හැක. අතුරු බැක්ටීරියා ආසාදන හේතුවෙන් නාසාරන්ද්‍ර ඉදිමීම, ග්‍රසනිකා ප්‍රදාහය හා කන් ආශ්‍රිත ආසාදන ඇති විය හැක.[70] සෙම්ප්‍රතිශ්‍යාව සෑදුණු අවස්ථාවන්ගෙන් 8% කට නාසාරන්ද්‍ර ඉදිමීම ද 30% කට කන් ආශ්‍රිත ආසාදන හට ගෙන ඇති බව තක්සේරු කර ඇත.[71]

වසංගත අධ්‍යයනය

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව යනු මිනිසුන් අතර පොදුවේ [72]දක්නට ලැබෙන රෝගයකි. එයට මුළු ලෝක වාසීන්ම ගොදුරු වේ. සාමාන්‍යයෙන් වැඩිහිටියෙකුට වාර්ෂිකව 2-5 [4][5]අතර ආසාදන සංඛ්‍යාවක්ද කුඩා දරුවන්ට 6-10 වාර ගණනක්ද (පාසැල් දරුවන්ට වසරකට 12 වතාවක් පමණද ) [43]සෙම්ප්‍රතිශ්‍යාව වැළඳේ. වයස්ගත පුද්ගලයන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය වඩාත් නරක අතට ගෙන යමින් [73]ආසාදනයන් වර්ධනය වේ. ස්වදේශීය ඇමරිකානුවන් හා එස්කිමෝවරුන් සෙම්ප්‍රතිශ්‍යාවට ගොදුරු වීමේ ප්‍රවණතාව වැඩි අතර මධ්‍ය ශ්‍රොත්‍රදාහය වැනි ගැටළුකාරී තත්වයන්ට ගොදුරු වීමේ ප්‍රවණතාවය යුරෝපීයයන්ට වඩා වැඩිය.

ඉතිහාසය

[සංස්කරණය]
සෙම්ප්‍රතිශ්‍යාවෙන් සිදු වන අලාභය විස්තර කරන්නා වූ දෙවන ලෝක යුද්ධයේදී ගැණුනු බ්‍රිතාන්‍ය පෝස්ටරයකි.[74]

සෙම්ප්‍රතිශ්‍යාවට බලපෑ හේතුව 1950 දී සොයා ගත් නමුදු එය පුරාතන කාලයේ පටන් පැවති රෝගයකි.[75] එහි රෝග ලක්ෂණ හා ප්‍රතිකාර පිළිඳව පැරණි මිසර පැපිරීස් (ඉතාමත් පැරණි වෛද්‍යමය සටහන් වන අතර 16 වැනි ශත වර්ෂයට පෙර ලියා ඇත. )වල විස්තර කර ඇත. [76]ඉංග්‍රීසි බසින් සෙම්ප්‍රතිශ්‍යාවට Cold යන්න භවිතා කරන අතර එය භාවිතයට පැමිණ ඇත්තේ 16 වැනි සියවසේ ය. සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ හා සීතල දේශගුණයට නිරාවරණයෙන් ද රෝගය ඇති විය හැකි බැවින් එයට මෙම නම ලැබී ඇත. [77]එක්සත් රාජධානියේ වෛද්‍ය ගවේෂණ මණ්ඩලය මඟින් සෙම්ප්‍රතිශ්‍යා ඒකකයක් පිහිටවනු ලැබුයේ 1946 වන අතර රයිනොවයිරස් හඳුනා ගනු ලැබුයේ 1956 දීය. [78]1997 දී CCU පෙන්වා දෙන ලද්දේ රයිනොවයිරස් ආසාදනයකට විවෘත වූ පසු මුල් රෝග ලක්ෂණ ඇති වීම අතරතුර කාලයේදී interferon ප්‍රතිකාරය මඟින් රෝගයට එරෙහිව යම් ආරක්ෂාවක් සැපයෙන බවයි. [79]නමුත් ඒ සඳහා කිසිදු ප්‍රායෝගික ප්‍රතිකාරයක් දියුණු කළ නොහැකි විය. සින්ක් ග්ලුකොනේට් ලොසින්ජර ( zinc gluconate lozenges) පිළිබඳ ගවේෂණය අවසන් කිරීමෙන් වසර 2 කට පසු එම ඒකකය 1989 දී වසා දැමීය.[80]

සමාජ හා සංස්කෘතික

[සංස්කරණය]

සෙම්ප්‍රතිශ්‍යාව නිසා වූ ආර්ථික බලපෑම පිළිබඳව ලෝකයේ එතරම් උනන්දුවක් නැත. [71] ඇමරිකානු එක්සත් ජනපදයේ සෙම්ප්‍රතිශ්‍යාව නිසා වාර්ෂිකව ඩොලර් මිලියන 75-100 අතර වෛද්‍යවරුන් හමුවීම් සංඛ්‍යාවක්ද වාර්ෂිකව ඩොලර් බිලියන 7.7 පමණ වූ වියදමක් ද යන බව තක්සේරු කර ඇත. ඇමරිකානුවන් ඩොලර් බිලියන 2.9 ක් over-the-counter බෙහෙත් සඳහා ද තවත් ඩොලර් මිලියන 400 ක් නිර්දේශ කරනු ලබන අනෙකුත් බෙහෙත් සඳහා ද වැය කරනු ලබයි.[81] වෛද්‍යවරුන් හමු වන පිරිසෙන් තුනෙන් එකකටම වඩා පිරිසක් ප්‍රතිජීවක නිර්දේශයන් ලබා ගනී. ඇස්තමේන්තු වලට අනුව මිලියන 22-189 පමණ පාසල් දින නැති වී යෑම් වාර්ෂිකව සිදු වේ. [81] මේ හේතුවෙන් ලෙඩ වූ තම දරුවන් බලා ගැනීම සඳහා නිවසේ නතර වීමෙන් දෙමව්පියන්ගේ වැඩ කරන දින මිලියන 126 ක් පමණ නැති වී යයි. සෙම්ප්‍රතිශ්‍යාව හේතුවෙන් සේවක වැඩ කරන දින මිලියන 150 ක් පමණ නැති වී යන අතර සෙම්ප්‍රතිශ්‍යාව නිසා ඇති වන මුළු ආර්ථික බලපෑම වාර්ෂිකව ඩොලර් බිලියන 20 ඉක්මවයි. [81]ඇමරිකානු එක්සත් ජනපදයේ වැඩ කරන කාලයෙන් 40% ක් පමණ අඩු වන බව ගණන් බලා ඇත.[82]

ගවේෂණ උපදේශනය

[සංස්කරණය]

ප්‍රතිවයිරස විශාල සංඛ්‍යාවක් ප්‍රථිඵල දායී බව දැන ගැනීම සඳහා පරීක්ෂණ වලට භාජනය කර ඇත. [59]කෙසේ නමුත් 2009 වන විට කිසිවක් ප්‍රථිඵල දායී බව සොයාගෙන නොතිබූ අතර භාවිතය සඳහා ලියාපදිංචි කර නොතිබිණි. picornaviruses වලට එරෙහිව පූර්වනිමිති පළ කළ pleconaril ප්‍රතිවයිරසය පිළිබඳව හා BTA-798 සම්බන්ධව අත්හදා බැලීම් ඉදිරියට සිදු කරගෙන යයි.[83] pleconaril හි වාචික ආකාරය පිළිබඳව ආරක්ෂිත ගැටලු පැන නඟින නමුත් ඉතා කුඩා අංශු වායුවක විසිර තිබීමේ ක්‍රමය පිළිබඳව අධ්‍යනය කරමින් පවතී.[83]

Massachusetts Institute of Technology මඟින් දියුණු කරන ලද DRACO , පුළුල් වර්ණාවලී ප්‍රතිවයිරස රෝග චිකිත්සාව රයිනොවයිරස්වලට හා අනෙකුත් ආසාදිත වයිරස ගණනාවකට ප්‍රතිකාර කිරීමේ සාර්ථකත්වය ප්‍රාථමික වශයෙන් පෙන්නුම් කර ඇත.[84][85] බෝල්ටිමෝ නගරයේ පිහිටි University of Maryland School of Medicine සරසවියේ හා University of Wisconsin–Madison සරසවියේ ගවේෂකයන් විසින් සියළු රයිනොවයිරස් වර්ගයන්හි ජානමය ද්‍රවය අනුපිළිවෙලකට සකස් කරනු ලැබීය.[86]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ ජෝන් ප්‍රමෝඩ් ආර්.ජෝන් (2008). වාචික වෙදකම. ජේපී සහෝදරයෝ ප්‍රකාශන. p. 336. ISBN 9788180615627.
  2. ^ එකල්ස් p. 3
  3. ^ a b එකල්ස් p. 24
  4. ^ a b c Arroll B (March 2011). "සෙම්ප්‍රතිශ්‍යාව". Clinical evidence. 2011 (3): 1510. PMC 3275147. PMID 21406124.
  5. ^ a b c d e එකල්ස් ආර් (නොවැම්බර් 2005). "සෙම්ප්‍රතිශ්‍යා සහ ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ අවබෝධය". Lancet Infect Dis. 5 (11). doi:10.1016/S1473-3099 (05)70270-X. PMID 16253889. {{cite journal}}: Check |doi= value (help); Unknown parameter |පිටු= ignored (help)
  6. ^ එකල්ස් p. 26
  7. ^ චිකිත්සාව ග්‍රන්ත්‍රය : ඖෂධ හා ලෙඩ රෝග කළමණාකරණය (8. ed.). ෆිලඩෙල්ෆියා, Pa. [u.a.]: ලිපින්කොට් විලියම්ස් සහ විල්කින්ස්. 2006. p. 1882. ISBN 9780781757348. {{cite book}}: |first= missing |last= (help)CS1 maint: multiple names: authors list (link)
  8. ^ Heikkinen T, Järvinen A (ජනවාරි 2003). "සෙම්ප්‍රතිශ්‍යාව". ලැන්සෙට්. 361 (9351). doi:10.1016/S0140-6736(03)12162-9. PMID 12517470. {{cite journal}}: Unknown parameter |පිටු= ignored (help)
  9. ^ al.], edited by Helga Rübsamen-Waigmann ... [et (2003). වයිරස ආසාදනයන් සහ ප්‍රතිකාර. Hoboken: Informa Healthcare. p. 111. ISBN 9780824756413. {{cite book}}: |first= has generic name (help)
  10. ^ Ebell, M. H.; Lundgren, J.; Youngpairoj, S. (Jan – Feb 2013). "කොපමණ කාලයක් උණ පවතීද ? දෙමාපිය අපේක්ෂාවන් සහ වර්ගීකාරක සමාලෝචනයක දත්ත සංසන්දනය". Annals of Family Medicine. 11 (1): 5–13. doi:10.1370/afm.1430. PMC 3596033. PMID 23319500. {{cite journal}}: Check date values in: |date= (help)
  11. ^ Dicpinigaitis PV (May 2011). "කැස්ස: ළඟා කර ගත නොහැකි වූ සායනික අවශ්‍යතාව". Br. J. Pharmacol. 163 (1): 116–24. doi:10.1111/j.1476-5381.2010.01198.x. PMC 3085873. PMID 21198555.
  12. ^ Goldsobel AB, Chipps BE (මාර්තු 2010). "ජනගහණය තුල පවතින කැස්ස". J. Pediatr. 156 (3). doi:10.1016/j.jpeds.2009.12.004. PMID 20176183. {{cite journal}}: Unknown parameter |පිටු= ignored (help)
  13. ^ Palmenberg AC, Spiro D, Kuzmickas R, Wang S, Djikeng A, Rathe JA, Fraser-Liggett CM, Liggett SB. "දන්නා සියළු මිනිස් රයිනොවයිරස් ජාන පෙළ ගැසීම හා විශ්ලේෂණය තුලින් ආකෘතික ස්වභාවය සහ පරිණාමය හෙළි වේ". Science. 324 (5923). doi:10.1126/science.1165557. PMID 19213880. {{cite journal}}: Unknown parameter |පිටු= ignored (help); Unknown parameter |වසර= ignored (help)CS1 maint: multiple names: authors list (link)
  14. ^ එකල්ස් p. 77
  15. ^ Pelczar (2010). ක්ෂුද්‍ර ජීව විද්‍යාව : භාවිතය පදනම් වූ ප්‍රවේශය. ISBN 9780070151475. {{cite book}}: Unknown parameter |පිටුව= ignored (help)
  16. ^ වෛද්‍යශාස්ත්‍රය, s cecil. රත්ත්‍රන් මිනිසා (24th ed. ed.). Philadelphia: Elsevier Saunders. p. 2103. ISBN 9781437727883. {{cite book}}: |edition= has extra text (help)
  17. ^ a b කතුවරුන්, රොනල්ඩ් එකල්ස්, ඕල්ෆ් වෙබර්,. සෙම්ප්‍රතිශ්‍යාව (Online-Ausg. ed.). බේසෙල්: Birkhäuser. ISBN 978-3-7643-9894-1. {{cite book}}: Unknown parameter |පිටුව= ignored (help); Unknown parameter |වසර= ignored (help)CS1 maint: extra punctuation (link) CS1 maint: multiple names: authors list (link)
  18. ^ එකල්ස් pp. 211, 215
  19. ^ a b c al.], edited by Arie J. Zuckerman ... [et (2007). සායනික විද්‍යාත්මක වෛරස අධ්‍යයනය පිළිබඳ මූලධර්ම හා භාවිත. හොබොකෙන්, N.J.: විලී. p. 496. ISBN 978-0-470-51799-4. {{cite book}}: |first= has generic name (help); Unknown parameter |සංස්කරණය= ignored (help)
  20. ^ සුගර්, අබිගයිල් (2003 මාර්තු 4). "'ඔබව මරණය ලුහුබඳීවි !' පැරණි භාර්යාවන්ගේ කතන්දරයක්? හොඳයි ..." The New York Times. {{cite news}}: Check date values in: |date= (help)
  21. ^ එකල්ස් p. 79
  22. ^ a b "සෙම්ප්‍රතිශ්‍යාව – පසුබිම් තොරතුරු". සෞඛ්‍ය හා සායනික විශිෂ්ඨතාව පිළිබඳ ජාතික ආයතනය. සම්ප්‍රවේශය 2013 මාර්තු 19. {{cite web}}: Check date values in: |accessdate= (help)
  23. ^ a b එකල්ස් p. 80
  24. ^ a b Mourtzoukou EG, Falagas ME (2007 සැප්තැම්බර්). "සෙම්ප්‍රතිශ්‍යාවට හා ශ්වසන කාර්ෂයේ ආසාදනයන්ට නිරාවරණය". පෙනහළු රෝග හා ක්ෂය රෝගය පිළිබඳ ජාත්‍යයන්තර ජර්නලය. 11 (9): 938–43. PMID 17705968. {{cite journal}}: Check date values in: |date= (help)
  25. ^ එකල්ස් p. 157
  26. ^ එකල්ස් p. 78
  27. ^ එකල්ස් p. 78
  28. ^ එකල්ස් p. 166
  29. ^ කොහෙන් S, ඩොයිල් WJ, ඇල්පර් CM, ජැනිකි-ඩිවර්ට්ස් D, ටර්නර් RB (2009 ජනවාරි). "නිදා ගැනීමේ පුරුදු සහ සෙම්ප්‍රතිශ්‍යාවට ඇති නැඹුරුතාව". Arch. Intern. Med. 169 (1). doi:10.1001/archinternmed.2008.505. PMC 2629403. PMID 19139325. {{cite journal}}: Check date values in: |date= (help); Unknown parameter |පිටු= ignored (help)CS1 maint: multiple names: authors list (link)
  30. ^ එකල්ස් pp. 160–165
  31. ^ McNiel, ME; Labbok, MH; Abrahams, SW (July 2010). "මව්කිරි වෙනුවට ලබා දෙන සූත්‍ර පෝෂණයේ අවදානම කුමක්ද ? නැවත විශ්ලේශණය සහ සමාලෝචනය ". මව්කිරි දීම සමාලෝචනය : ඕස්ට්‍රේලියා හෙද මව් වරුන්ගේ වෘත්තීය සංගමය. 18 (2): 25–32. PMID 20879657.
  32. ^ Lawrence, Ruth A. Lawrence, Robert M. (2010-09-30). මව්කිරි දීම වෛද්‍ය වෘත්තීය සඳහා මාර්ගෝපදේශයක් ලෙස (7th ed.). Maryland Heights, Mo.: Mosby/Elsevier. p. 478. ISBN 9781437735901.{{cite book}}: CS1 maint: multiple names: authors list (link)
  33. ^ Williams, [edited by] Kenrad E. Nelson, Carolyn F. Masters (2007). සංක්‍රාමී වසංගත රෝග අධ්‍යනය : සිද්ධාන්ත හා භාවිත (2nd ed. ed.). Sudbury, Mass.: Jones and Bartlett Publishers. p. 724. ISBN 9780763728793. {{cite book}}: |edition= has extra text (help); |first= has generic name (help)CS1 maint: multiple names: authors list (link)
  34. ^ a b c එකල්ස් p. 112
  35. ^ a b එකල්ස් p. 116
  36. ^ a b එකල්ස් p. 122
  37. ^ එකල්ස් pp. 51–52
  38. ^ a b c එකල්ස් p. 209
  39. ^ ලොරෙන්ස් DM (2009 මැයි). "ජාන අධ්‍යන තුළින් රයිනොවයිරස් විවිධත්වයට ආලෝකයක් ගෙන දෙයි". Lancet Infect Dis. 9 (5): 278. doi:10.1016/S1473-3099(09)70123-9. {{cite journal}}: Check date values in: |date= (help)
  40. ^ a b ටී. ජෙෆර්සන් , සී.බී. ඩෙල් මාර්, එල්. ඩූලි, ඊ. ෆෙර් රෝනි, එල්.ඒ. ඇල්-අල්සාරි, ජී.ඒ. බවසීර්, එම්.එල් වැන් ඩ්‍රිල්, එස්. නෙයර්, එම්.ඒ. ජෝන්ස්, එස්. තෝනින්ග්, ජේ.එම්. කොන්ලි (2011 ජූලි). ජෙෆර්සන්, ටොම් (ed.). "ශ්වසන වයිරස ව්‍යාප්තියට බාධා කිරීමට හෝ අඩු කිරීමට භෞතීය මැදිහත් වීම්". Cochrane Database of Systematic Reviews (7): CD006207. doi:10.1002/14651858.CD006207.pub4. PMID 21735402. {{cite journal}}: Check date values in: |date= (help)CS1 maint: multiple names: authors list (link)
  41. ^ a b Singh M, Das RR (2011 පෙබරවාරි). සින්ග්, මීනු (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා සින්ක්". Cochrane Database of Systematic Reviews (2): CD001364. doi:10.1002/14651858.CD001364.pub3. PMID 21328251. {{cite journal}}: Check date values in: |date= (help)
  42. ^ "සෙම්ප්‍රතිශ්‍යාව: ඖෂධ සහ ප්‍රතිකාර". Mayo Clinic. සම්ප්‍රවේශය 2010 ජනවාරි 19. {{cite web}}: Check date values in: |accessdate= (help)
  43. ^ a b c d e Simasek M, Blandino DA (2007). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර". ඇමරිකානු පවුලේ වෛද්‍යවරයා. 75 (4): 515–20. PMID 17323712. 2007-09-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2014-04-11. {{cite journal}}: More than one of |accessdate= and |access-date= specified (help); More than one of |archivedate= and |archive-date= specified (help); More than one of |archiveurl= and |archive-url= specified (help) open access
  44. ^ එකල්ස්p. 261
  45. ^ කිම් SY, චැන්ග් YJ, චෝ HM, වැන්ග් YW, මූන් YS (2009). Kim, සූ යන්ග් (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා විටමින හෝ හෝමෝන අඩං ගු නොවන ඉදිමුම් / දැවිල්ල ඇති නොකරන ඖෂධ". Cochrane Database Syst Rev (3): CD006362. doi:10.1002/14651858.CD006362.pub2. PMID 19588387.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  46. ^ එකල්ස් ආර් (2006). "සෙම්ප්‍රතිශ්‍යාවට හා උණට ප්‍රතිකාර කිරීමේදී ඕවර්-ද-ක්වුන්ට් බෙහෙත් නිර්වේදයන්හි කාර්යෂමතාව හා ආරක්ෂාව". Journal of Clinical Pharmacy and Therapeutics. 31 (4): 309–319. doi:10.1111/j.1365-2710.2006.00754.x. PMID 16882099.
  47. ^ Smith SM, Schroeder K, Fahey T (2008). Smith, Susan M (ed.). "ළමුන් හා වැඩිහිටියන්ගේ උග්‍ර කැස්ස සඳහා ඕවර්-ද-ක්වුන්ට් ඖෂධ". Cochrane Database Syst Rev (1): CD001831. doi:10.1002/14651858.CD001831.pub3. PMID 18253996.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  48. ^ ෂෙෆ්‍රින් AE, ගෝල්ඩ්මෑන් RD (November 2009). "ළමුන්ගේ කැස්ස සඳහා ඕවර්-ද-ක්වුන්ට් ඖෂධ භාවිතය" (PDF). Can Fam Physician. 55 (11): 1081–3. PMC 2776795. PMID 19910592.
  49. ^ Vassilev ZP, Kabadi S, Villa R (March 2010). "ළමුන් සඳහා භාවිතයේදී ඕවර්-ද-ක්වුන්ට් බෙහෙත් නිර්වේදයන්හි කාර්යෂමතාව හා ආරක්ෂාව". Expert opinion on drug safety. 9 (2): 233–42. doi:10.1517/14740330903496410. PMID 20001764.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  50. ^ Taverner D, Latte GJ (2007). Latte, G. Jenny (ed.). "නාසික රක්තාවරෝධය අඩු කිරීමට දෙන ඖෂධ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා". Cochrane Database Syst Rev (1): CD001953. doi:10.1002/14651858.CD001953.pub3. PMID 17253470.
  51. ^ Albalawi ZH, Othman SS, Alfaleh K (July 2011). Albalawi, Zaina H (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා අයිප්‍රට්‍රෝපියම් බ්‍රෝමයිඩ්". Cochrane Database of Systematic Reviews (7): CD008231. doi:10.1002/14651858.CD008231.pub2. PMID 21735425.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  52. ^ Pratter MR (January 2006). "කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව: ACCP සාක්ෂි මත පදනම් වූ සායනික භාවිත මාර්ගසූචක". Chest. 129 (1 Suppl): 72S–74S. doi:10.1378/chest.129.1_suppl.72S. PMID 16428695.
  53. ^ Guppy MP, Mickan SM, Del Mar CB, Thorning S, Rack A (February 2011). Guppy, Michelle PB (ed.). "ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදනයන්හිදී තරල චූෂණය වැඩි කර ගැනීම සඳහා රෝගීන්ට අවවාද කිරීම". Cochrane Database of Systematic Reviews (2): CD004419. doi:10.1002/14651858.CD004419.pub3. PMID 21328268.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  54. ^ Singh M, Singh M (May 2011). Singh, Meenu (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා උණුසුම් වූ, ආර්ද්‍රිත වාතය". Cochrane Database of Systematic Reviews (5): CD001728. doi:10.1002/14651858.CD001728.pub4. PMID 21563130.
  55. ^ Paul IM, Beiler JS, King TS, Clapp ER, Vallati J, Berlin CM (December 2010). "හුමාලය ඇල්ලීම සහ රාත්‍රී කාලයේ ඇති වෙන කැස්ස හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර නොමැති වීම". Pediatrics. 126 (6): 1092–9. doi:10.1542/peds.2010-1601. PMC 3600823. PMID 21059712.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  56. ^ Arroll B, Kenealy T (2005). Arroll, Bruce (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සහ සැරව වෑහෙන උග්‍ර ඝ්‍රාණදාහය සඳහා ප්‍රතිවයිරස". Cochrane Database Syst Rev (3): CD000247. doi:10.1002/14651858.CD000247.pub2. PMID 16034850.
  57. ^ එකල්ස් p. 238
  58. ^ එකල්ස් p. 234
  59. ^ a b එකල්ස් p. 218
  60. ^ Oduwole O, Meremikwu MM, Oyo-Ita A, Udoh EE (January 2010). Oduwole, Olabisi (ed.). "ළමුන්ගේ තියුණු කැස්ස සඳහා මීපැණි". Cochrane Database of Systematic Reviews (1): CD007094. doi:10.1002/14651858.CD007094.pub2. PMID 20091616.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  61. ^ Kassel JC, King D, Spurling GK (March 2010). King, David (ed.). "ඉහළ ශ්වසන කාර්ෂයේ රෝග සඳහා සේලයින් නාසික නිස්සේචනය". Cochrane Database of Systematic Reviews (3): CD006821. doi:10.1002/14651858.CD006821.pub2. PMID 20238351.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  62. ^ "Zinc for the common cold — Health News — NHS Choices". nhs.uk. 2012. සම්ප්‍රවේශය 24 February 2012. මේ සමාලෝචනයේදී, සින්ක් භාවිතයෙන් සෙම්ප්‍රතිශ්‍යාව පවතින කාල පරාසයට ඇති වන බලපෑම තීරණය කිරීමට කරන ලද අධ්‍යයන වල ඉතා ඉහළ විෂමජාතීය බවක් දක්නට ලැබිණි. ඒ අනුව මෙම සොයා ගැනීම අවිනිශ්චිත විය.
  63. ^ Science, M. (7 May 2012). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර කිරීමට සින්ක්: a systematic review and meta-analysis of randomized controlled trials". Canadian Medical Association Journal. 184 (10): E551–E561. doi:10.1503/cmaj.111990. PMC 3394849. PMID 22566526. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help); Unknown parameter |month= ignored (help)
  64. ^ Hemilä H, Chalker E, Douglas B, Hemilä H (2007). Hemilä, Harri (ed.). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර කිරීමට හා තුරන් කිරීමට විටමින් C". Cochrane Database of Systematic Reviews (3): CD000980. doi:10.1002/14651858.CD000980.pub3. PMID 17636648.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  65. ^ Heiner KA, Hart AM, Martin LG, Rubio-Wallace S (2009). "රෝග නිවාරණයට හා සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර කිරීමට විටමින් C භාවිතයේ සාක්ෂි අධ්‍යයනය". Journal of the American Academy of Nurse Practitioners. 21 (5): 295–300. doi:10.1111/j.1745-7599.2009.00409.x. PMID 19432914.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  66. ^ Karsch-Völk M, Barrett B, Kiefer D, Bauer R, Ardjomand-Woelkart K, Linde K (2014). "සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර කිරීමට හා තුරන් කිරීමට Echinacea". Cochrane Database Syst Rev (Systematic review). 2: CD000530. doi:10.1002/14651858.CD000530.pub3. PMID 24554461.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  67. ^ Murdoch, David R. (3 October 2012). "Effect of Vitamin D3 පරිපූරකතාව - ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදන<subtitle> VIDARIS අහඹු පාලක පරීක්ෂණය</subtitle><alt-title>විටමින් D3 සහ ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදන</alt-title>". JAMA: the Journal of the American Medical Association. 308 (13): 1333. doi:10.1001/jama.2012.12505.
  68. ^ Lissiman E, Bhasale AL, Cohen M (2012). Lissiman, Elizabeth (ed.). "සෙම්ප්‍රතිශ්‍යාවට සුදුළුණු". Cochrane Database Syst Rev. 3: CD006206. doi:10.1002/14651858.CD006206.pub3. PMID 22419312.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  69. ^ Thompson, M (11 Dec 2013). "ළමුන් තුළ ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදනයන්ගේ රෝග ලක්ෂණ පවතින්නා වූ කාල පරාසය: ක්‍රමානුකූල සමාලෝචනය". BMJ (Clinical research ed.). 347: f7027. PMID 24335668. {{cite journal}}: Unknown parameter |coauthors= ignored (|author= suggested) (help)
  70. ^ Eccles p. 76
  71. ^ a b එකල්ස් p. 90
  72. ^ එකල්ස් p. 1
  73. ^ එකල්ස් p. 78
  74. ^ "සෙම්ප්‍රතිශ්‍යාවසහ ඉන්ෆ්ලුවෙන්සාව හේතුවෙන් සිදු වන අලාභය". Imperial War Museum: Posters of Conflict. vads.
  75. ^ එකල්ස් p. 3
  76. ^ එකල්ස් p. 6
  77. ^ "Cold". Online Etymology Dictionary. සම්ප්‍රවේශය 12 January 2008.
  78. ^ එකල්ස් p. 20
  79. ^ Tyrrell DA (1987). "වෛරසයක් නිසා සෛලයක ප්‍රෝටීන නිපදවීම සහ ඒවායේ සායනික වැදගත්කම". Rev. Infect. Dis. 9 (2): 243–9. doi:10.1093/clinids/9.2.243. PMID 2438740.
  80. ^ Al-Nakib W; Higgins, P.G.; Barrow, I.; Batstone, G.; Tyrrell, D.A.J. (December 1987). "රයිනොවයිරස් උණ සඳහා සින්ක් ග්ලුකොනේට් ලොසින්ජර". J Antimicrob Chemother. 20 (6): 893–901. doi:10.1093/jac/20.6.893. PMID 3440773.
  81. ^ a b c ෆෙඩ්‍රික් AM, මොන්ටො AS, නයිටින්ගේල් B, සානෙස් M (2003). "ඉන්ෆ්ලුවෙන්සා ආශ්‍රිතව නොවන්නා වූ වයිරසයන් ගෙන් හට ගන්නා ඉහළ ශ්වසන කාර්ෂයේ ආසාදනයන් ගෙන් ඇති වී තිබෙන ඇමරිකාවේ ආර්ථික කරදරය". Arch. Intern. Med. 163 (4): 487–94. doi:10.1001/archinte.163.4.487. PMID 12588210.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  82. ^ Kirkpatrick GL (1996 දෙසැම්බර්). "සෙම්ප්‍රතිශ්‍යාව". Prim. Care. 23 (4): 657–75. doi:10.1016/S0095-4543(05)70355-9. PMID 8890137. {{cite journal}}: Check date values in: |date= (help)
  83. ^ a b එකලස් p. 226
  84. ^ Rider TH, Zook CE, Boettcher TL, Wick ST, Pancoast JS, සුස්මාන් BD (2011). Sambhara, Suryaprakash (ed.). "පුළුල් වර්ණාවලී ප්‍රතිවයිරස රෝග චිකිත්සාව". PLoS ONE. 6 (7): e22572. doi:10.1371/journal.pone.0022572. PMC 3144912. PMID 21818340.{{cite journal}}: CS1 maint: multiple names: authors list (link)
  85. ^ Fiona Macrae (11 August 2011). "පෙනිසිලීන් වලට පසු ශ්‍රේෂ්ඨතම සොයා ගැනුම: සෑම දෙයක් සඳහාම ප්‍රතිකාරයක් – සෙම්ප්‍රතිශ්‍යාවෙන් HIV සඳහා". The Daily Mail. UK{{cite web}}: CS1 maint: postscript (link)
  86. ^ Val Willingham (12 February 2009). "සෙම්ප්‍රතිශ්‍යා වයිරසයන්හි ජාන අනුරූපිතය පියවරක් ඉදිරියට විද්‍යාඥයින් පවසයි". CNN. සම්ප්‍රවේශය 28 April 2009.

වැඩිදුර කියවීමට

[සංස්කරණය]
  • රොනල්ඩ් එකල්ස්, ඕල්ෆ් වෙබ්ලර් (eds). සෙම්ප්‍රතිශ්‍යාව. Basel: Birkhäuser. ISBN 978-3-7643-9894-1. {{cite book}}: |first= has generic name (help); Unknown parameter |වසර= ignored (help)

බාහිර යොමු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සෙම්ප්‍රතිශ්‍යාව&oldid=679748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි