සෙප්ටිමියස් සෙවේරුස්
සෙප්ටිමියස් සෙවේරුස් | |||||
---|---|---|---|---|---|
රෝමානු අධිරාජ්‍යයෙහි 20වන අධිරාජයා | |||||
රාජ්‍ය සමය | ක්‍රිව 193 අප්‍රේල් 14 –211 පෙබරවාරි 4 | ||||
පූර්වප්‍රාප්තිකයා | ඩිඩියුස් ජූලියානුස් | ||||
අනුප්‍රාප්තිකයා | කරකල්ල සහ ජේටා | ||||
උපත | 11 අප්‍රේල් 145[1] ලෙප්ටිස් මඤ්ඤා (වර්තමාන කැරොම්ස්, ලිබියාව) | ||||
මරණය | 4 February 211[2] ඉබොරාකුම් (වර්තමාන යෝර්ක්, එංගලන්තය) | (වයස 65)||||
වල්ලභයා | පච්චා මසීයනා (175 පමණ – 186 පමණ) ජූලියා ඩොම්නා | ||||
දරුවන් | කරකල්ල සහ පුබ්ලියුස් සෙප්ටිමියස් ජේටා (දෙදෙනම ජූලියා ඩොම්නා වෙතින්) | ||||
| |||||
රාජ වංශය | සෙවේරානු | ||||
පියා | පබ්ලීයස් සෙප්ටිමියස් ගෙටා | ||||
මව | ෆුල්වියා පියා |
සෙවේරුස් ලෙසින්ද හැඳින්වෙන, සෙප්ටිමියස් සෙවේරුස් (ලතින්: ලූකියුස් සෙප්ටිමියස් සෙවේරුස් අගෝස්ටස්;[4] 11 අප්‍රේල් 145 – 4 පෙබරවාරි 211) යනු, 193 සිට 211 දක්වා රාජ්‍ය කල රෝමානු අධිරාජයෙකි. අප්‍රිකා නම්වූ රෝමානු පළාතේ ලෙප්ටිස් මඤ්ඤා නම්වූ ස්ථානයෙහි සෙවේරුස් උපත ලදි. මාර්කුස් අවුරෑලියුස්ගේ සහ කොමඩුස්ගේ රාජ්‍යධූර කාලයන් තුලදී, තරුණ සොවේරුස්, කුර්සුස් ඔනෝරුම්—සාම්ප්‍රදායිකව තනතුරුවලට අනුප්‍රාප්තිය — යටතේ ඉහළ තනතුරු සඳහා ක්‍රමයෙන් පත් විය. වසර 193දී පර්ටිනක්ස් අධිරාජයාගේ මරණයෙන් පසු ඇතිවූ අධිරාජයන් පස්දෙනගේ වසර තුලදී සෙවේරුස් බලය ඩැහැගති.[5]
තනතුරුධාරී අධිරාජයා ඩිඩියුස් ජූලියානුස් බලයෙන් පහකොට මරාදැමීමෙන් පසුව, තනතුරුට හිමිකම් පෑ ඔහුගේ විරුද්ධවාදීන්වූ, පෙෂනියුස් නයිජර් සහ ක්ලොඩීයස් ඇල්බයිනස් නමැති සෙන්පතිවරුන් හා සෙවේරුස් සටන් කලේය. චිලීචාහී පැවති ඉසස් සටනෙහිදී නයිජර් පරාජය කෙරුණේ වසර 194 දීය.[5] එම වසරේ පසු භාගයේදී, නැගෙනහිර දේශසීමාවෙන් ඔබ්බට කෙටි දාණ්ඩිත යුද්ධ ක්‍රියාන්විතයක් මෙහෙයවූ සෙවේරුස්, නව පළාතක් ලෙසින් ඔස්රොයිනෙ රාජධානිය ඈඳා ගත්තේය.[6] වසර තුනකට පසුව, ගොල් දේශයෙහිදී පැවති ලූග්ඩුනුම් සටනේදී, සෙවේරුස් විසින් ඇල්බයිනස් පරාජය කෙරිණි.[7]
බටහිර පළාත් තුල ඔහුලේ පාලනය තහවුරු කරගැනීමෙන් අනතුරුව, පර්තියානු අධිරාජ්‍යයට එරෙහිව, කෙටි නමුත් වඩාත් සාර්ථක යුද්ධයක් නැගෙනහිර දිගෙහි මෙහෙයවූ සෙවේරුස්, වසර 197දී, ඔවුන්ගේ අගනුවර කතෑසිෆොන් ඉවත් කරමින් නැගෙනහිර දේශසීමාව ටයිග්‍රස් දක්වා දිගු කර ගති.[8] තවදුරටත්, ඇරබියා පෙට්‍රයියා පළාතේ පිහිටි ලයිම්ස් ඇරබිකුස් බලකොටුව පුළුල් කොට තවද ශක්තිමත් කලේය.[9] 202 වසරෙහිදී, ගැරමන්ටෙස් වරුනට එරෙහිව, ඔහු අප්‍රිකාවෙහි සහ මොරිටේනියාවෙහි මෙහෙයුම් දියත් කලේය; එහිදී ඔවුන්ගේ අගනුවර ගැරමා අත්පත් කර ගෙන, අධිරාජ්‍යයෙහි දකුණු දේශසීමාවෙහි පිහිටි ලයිම්ස් ට්‍රිපෝලීටානුස් බලකොටුව පුළුල් කෙරිණි.[10]
ඔහුගේ රාජ්‍ය පාලන යුගයෙහි පසු කාලයේදී ඔහු බ්‍රිතාන්‍යය වෙත ගමන් කොට, හේඩ්‍රියන්ස් පවුර ශක්තිමත් කිරීම සහ ඇන්ටොනයින් පවුර යළි අත්පත් කර ගැනීම ආදි මෙහෙයුම් වල නිරත විය. 208 වසරෙහිදී, ඔහු විසින් කැලිඩෝනියාව ආක්‍රමණය (නූතන ස්කොට්ලන්තය) කළ නමුදු, වසර 210 අග භාගයේදී මරණාමුඛ ලෙසින් රෝගාතූර වීම නිසා ඔහුගේ අභිප්‍රායයන් වෙත එළඹිම එදිසියේ නවතාලීමට සිදු විය.[11] 211 වසරේ මුල් භාගයේදී, ඉබොරාකුම් (වර්තමාන යෝර්ක්, එංගලන්තය) හිදී , සෙවේරුස් මිය ගිය අතර [2] කරකල්ල සහ ජේටා නමැති ඔහුගේ පුතුන් අනුප්‍රාප්තිකයෝ වූහ. ඔහුගේ පුතුන්ගේ අනුප්‍රාප්තිය හා සමගම, සෙවේරුස් විසින් සෙවේරානු රාජ වංශය අරඹන ලද අතර, තෙවන සියවසෙහි අර්බුදයට පළමුව, අධිරාජ්‍යයෙහි පැවැති අවසාන රාජ වංශය විය.
සටහන්
[සංස්කරණය]- ^ බර්ලි (1999), පි. 1.
- ^ a b බර්ලි (1999), පි. 187.
- ^ පැජට්, ජේම්ස් කාල්ටන්, ජූස්, ක්‍රිස්ටියන් ඇන්ඩ් ජුවිෂ් ක්‍රිස්ටියන්ස් ඉන් ඇන්ටික්විටි, මෝර් සීබෙක්, 2010, පි. 398; ගුඩ්මන්, මාටින්, රෝම් ඇන්ඩ් ජෙරූසලෙම්: ද ක්ලෑෂ් ඔෆ් ඒන්ෂන්ට් සිවිලිෂේසන්ස්, පෙන්ගුයින්, 2008, පි. 505.
- ^ සම්භාව්‍ය ලතින් භාෂාවෙන්, සෙවේරුස්ගේ නම අභිලේඛනය කෙරෙනුයේ LVCIVS SEPTIMIVS SEVERVS AVGVSTVS ලෙසිනි.
- ^ a b බර්ලි (1999), පි. 113.
- ^ බර්ලි (1999), පි. 115.
- ^ බර්ලි (1999), පි. 125.
- ^ බර්ලි (1999), පි. 130.
- ^ බර්ලි (1999), පි. 134.
- ^ බර්ලි (1999), පි. 153.
- ^ බර්ලි (1999), පිටු. 170–187.
- 145 උපත්
- 211 මරණ
- 2වන-සියවසෙහි රෝමානු අධිරාජයෝ
- 3වන-සියවසෙහි රෝමානු අධිරාජයෝ
- අධිරාජ්‍යවාදී රෝමානු කොන්සල්වරු
- සෙවේරුයානු රාජ වංශය
- බ්‍රිතාන්‍යයෙහි පුරාතන රෝමන්වරු
- සෙප්ටිමියාවරු
- දේවාත්වාරෝපිත රෝමානු අධිරාජයෝ
- අප්‍රිකා පළාතෙන් බිහිවූ රෝමානුවෝ
- උතුරු අප්‍රිකාවේ ඉතිහාසය
- කාර්තජිනියානුවෝ
- රෝමානු ලිබියාව
- රෝමානු–පර්සියානු යුද්ධ වල නිරතවූ ජනයා