සුනිල් සෝම පීරිස්
සුනිල් සෝම පීරිස් යනු ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකි. දින සියයෙ රජා සිනමාවෙහි පෙරලියක් ඇති කරනු ලැබූ වැඩිම සිංහල චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කරමින් වාර්තාවක් තැබූ නළුවකු, අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකයකු, තිර කතා රචකයකි.[උපුටාදැක්වීම අවශ්‍යයි] වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් අධ්‍යක්‍ෂණය කළ අධ්‍යක්ෂවරයා සේම එකදිගට චිත්‍රපට හතක් දින සියය වාර්තා පිට වාර්තා තැබූ අධ්‍යක්ෂවරයෙකි. වාණිජ චිත්‍රපට නිර්මාණයෙහි ඔහුට සුවිශේෂී හැකියාවක් විය. එසේම දෙමළ,හින්දි චිත්‍රපට නිර්මාණාත්මකව අනුකරණය කිරීමේද[උපුටාදැක්වීම අවශ්‍යයි] පුරෝගාමියෙකි.
අධ්‍යක්ෂවරයෙකු ලෙස[සංස්කරණය]
සිංහල සිනමාවෙහි මෙතෙක් චිත්‍රපට වැඩිම ප්‍රමාණයක් අධ්‍යක්‍ෂණය කළ මොහු දැනට චිත්‍රපට 54 ක් අධ්‍යක්‍ෂණය කර තිබේ[උපුටාදැක්වීම අවශ්‍යයි] අවසන් චිත්‍රපටිය ජය පිට ජය (2010) වන අතර ඔහු අධ්‍යක්ෂණය කළ ඔබට දිවුරා කියන්නම්, ජය අපටයි, මමයි රජා, රජ වැඩකාරයෝ, යුක්තියට වැඩ , දිනුම, ඔබටයි ප්‍රියේ ආදරේ යන චිත්‍රපට හත පිට පිටම දින සියය දිව්වේය. පිට පිටම ඔහුගේ එම චිත්‍රපට 7ම දින 100 පැන්නීය. ඔහුගේ වෙනත් චිත්‍රපට දින 100 ඉක්ම වූයේය. සමහරක් චිත්‍රපට දින 75 ඉක්ම වූයේය. ඔහුගේ සියළුම චිත්‍රපට දින 50 ඉක්මවා ආරම්භක ප්‍රදර්ශන සිනමා ශාලාවල තිරගත විය. ජේම්ස් බොන්ඩ්, පිස්සු පූසෝද ඔහුගේ ජනප්‍රිය චිත්‍රපටි දෙකකි. සියලු චිත්‍රපට සාර්ථක වීම නිසාවෙන් නිෂ්පාදකයෝ කිසිවෙක් පාඩූ ලබා නොමැත.[උපුටාදැක්වීම අවශ්‍යයි] ඔහු විසින් කරන ලද අනුකරණ චිත්‍රපට ද එලෙසම වාර්ත ගත විය.[උපුටාදැක්වීම අවශ්‍යයි] එබඳු නිර්මාණශීලී හැකියාවක් ඔහුතුල පැවතීය. ඔහු ජෝතිපාලව හා විජයව චිත්‍රපට වලට සම්බන්ද කර ගැනීමද එහි සාධකයකි. එම යුගයන්හි ප්‍රේක්ෂකයන් සිනමාහල් වල මොහුගේ චිත්‍රපට නැරඹීමට දිගු පෝලිම් ගැසිණ.[උපුටාදැක්වීම අවශ්‍යයි] ඔහුගේ චිත්‍රපට ආදායම් වාර්තා අතින් ඉහළ අගයක් ගත්ත නිසා චිත්‍රපට උලෙළවල චිත්‍රපට සතියට ඔහුගේ චිත්‍රපට ඇතුළත් විය.
වෙනත්[සංස්කරණය]
ඔහුගේ චිත්‍රපටවල ඔහු රඟපෑ අවස්ථා ලෙස ඔබට දිවුරා කියන්නම්, රජ වැඩකාරයෝ, මමයි රජා චිත්‍රපට හැඳින්විය හැකිය.
පවුල් පසුබිම[සංස්කරණය]
ඔහු පදිංචි නිවස මහරගම, වත්තෙගෙදර පාරේ පිහිටා ඇත. එසේම ඔහු ප්‍රියංකා කුමුදිනි, රෝහණ ප්‍රේම කුමාර, සුදේශ් වසන්ත යන අයගේ පියාද වෙයි. http://www.sarasaviya.lk/2017/04/27/?fn=sa1704279