Jump to content

රේඛාව (චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
රේඛාව
චිත්‍රපටයේ දසුනක්
අධ්‍යක්ෂණයලෙස්ටර් ජේම්ස් පීරිස්
නිෂ්පාදනයලෙස්ටර් ජේම්ස් පීරිස්
කථාව ලිවීමලෙස්ටර් ජේම්ස් පීරිස්
රගපෑමආනන්ද වීරකෝන්
සෝමපාල ධර්මප්‍රිය
ඩී. ආර්. නානායක්කාර
මර්ට්ල් ප්‍රනාන්දු
සංගීතයසුනිල් ශාන්ත (ගී තනු)
බී.එස්. පෙරේරා (සංගීතය මෙහෙයවීම සහ පසුබිම් ස්වර සටහන)
සිසිර සේනාරත්න (ගායනය - ඕළු නෙළුම් නෙරිය රඟාලා)
සිනමාකරණයවිලියම් බ්ලේක්
සංස්කරණයටයිටස් ද සිල්වා
නිකුත් කල දිනය
1956
ධාවන කාලය
89 මිනිත්තු
රටලංකාව
භාෂාවසිංහල

රේඛාව ශ්‍රී ලංකාවේ ගැමි ජීවිතය සහ මිථ්‍යා විශ්වාසයන් පාදක කරගනිමින් 1956 දී තිරගත වූ චිත්‍රපටයකි. එය රට පුරා එළිමහන් ස්ථාන භාවිතා කරමින් ලංකාවේ සම්පූර්ණයෙන්ම රූගත කරන ලද පළමු සිංහල චිත්‍රපටය මෙන්ම ඉන්දියානු බලපෑමෙන් තොර පළමු ශ්‍රී ලාංකික නිෂ්පාදනය ලෙසද සැලකේ.

අධ්‍යක්ෂක ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ මංගල චිත්‍රපටය වූ රේඛාව, 1957 කෑන්ස් චිත්‍රපට උළෙලට හා ගෝල්ඩන් පාම් චිත්‍රපට උළෙලට තේරී පත්ව ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ අතර සිංහල සිනමා දත්තගබඩාවට අනුව රාජ්‍ය කොමිසමක් මගින් ශ්‍රී ලාංකේය සිනමාවේ පළමු අඩසියවසෙහි නිකුත්වූ විශිෂ්ඨතම චිත්‍රපටයක් ලෙස සම්භාවනාවට පාත්‍ර කොට ඇත.

මෙම චිත්‍රපටයෙහි සිසිර සේනාරත්නයන් 'ඕළු නෙළුම් නෙරිය රඟාලා' යන ප්‍රකට ගීතය ගැයීය. සුනිල් ශාන්තයන් ගී තනු නිර්මාණය කරන ලදී.

"https://si.wikipedia.org/w/index.php?title=රේඛාව_(චිත්‍රපටය)&oldid=771254" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි