සිබිල් වෙත්තසිංහ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සිබිල් වෙත්තසිංහ
උපතසිබිල් වෙත්තසිංහ
ජාතිකත්වයශ්‍රී ලංකාව ශී‍්‍ර ලාංකික
අධ්‍යාපනයගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාව, බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි.

කලා කීර්ති සිබිල් වෙත්තසිංහ යනු ශ්‍රී ලංකාවේ සිටින කෘතහස්ත ළමා පොත් රචිකාවියක් මෙන්ම චිත්‍ර ශිල්පිනියකි.


ළමා කාලය[සංස්කරණය]

ගාලූ පුරයේ උපත ලද සිබිල් වෙත්තසිංහ පළමුව අධ්‍යාපනය ලැබුවේ ගින්තොට බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි. දෙවනුව බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙනි. එච්. ඩී. සුගතපාල මහතාගේ "නවමඟ" පස්‌ වන ප්‍රමාණයේ කියෑවීම් පොතට සිබිල් වයස අවුරුදු පහළොවේදී චිත්‍ර ඉදිරිපත් කළාය. වයස අවුරුදු දහනවයේදී චිත්‍ර ශිල්පිනියක වශයෙන් පුවත්පත් කලාවට පිවිස එදා මෙදා තුර වසර හැටකට වැඩි කාලයක්‌ ළමයින් උදෙසා චිත්‍ර කතා නිර්මාණය කරන්නීය. එහිදී ඈ විසින් නිර්මාණය කරනු ලැබ ඇතිසිංහල, ඉංග්‍රීසි ග්‍රන්ථ සංඛ්‍යාව දෙසීයකට අධිකය.

කුඩ හොරා[සංස්කරණය]

1956 එළි දුටු ඇගේ "කුඩ හොරා" කෘතිය කතාවත්, චිත්‍රත් එකට සංකලනය කරමින් සිංහල ළමා කතාව නව මානයකට යොමු කළේය. එතැන් පටන් ඈ විසින් නිර්මාණය කරන ලද ළමා හා යොවුන් කෘති වෙනුවෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් බොහෝ සම්මාන දිනා ඇත. 1965 දී "වෙසක්‌ පහන" කෘතියටමහා බ්‍රිතාන්‍යයේ ඉසොබෙල් හටිං සම්මානය හිමිවීම, 1986 වසරේදී ජපානයේ පළවූ හොඳම විදේශීය ළමා කෘතිය වශයෙන් "කුඩ හොරා" පොත සම්මානයට භාජනය වීම හාටෝකියෝ නුවර ළමා පුස්‌තකාලය මගින් 1987 වසරේ ඉතාම ජනප්‍රිය ළමා පොත ලෙස එය තෝරා ගැනීම. හොඳම සැලසුම සහිත ළමා පොත සඳහා 2003 සාක්‌ සම්මානය ඇගේ "දුවන රැවුළ" පොතට හිමිවීම අන්තර්ජාතික වශයෙන් ඇය ලැබූ සම්මානවලින් කිහිපයකි.

ඇගේ "කුඩ හොරා" කෘතිය ජපානය,චීනය, කොරියාව, පිලිපීනය,නෝර්වේ, ස්‌වීඩනය, ඩෙන්මාර්කය,ඇමෙරිකා එක්‌සත් ජනපදය ඇතුළු රටවල් 12 ක පළකර ඇති අතර තවත් බොහෝ පොත්ද වෙනත් විදේශවල ප්‍රකාශයට පත්කර ඇත. මේ ලෙස විසිදුනු පොතක්‌ ලෙසින් එළිදකින "පොඩ්ඩයි පොඩ්ඩියි" කෘතියද මුලින්ම පළ වූයේ 2008 වසරේදී ජපානයේය. සිබිල් වෙත්තසිංහ සිය කලා ජීවිතය ගොඩ නඟාගත්තේ ස්‌වෝත්සාහයෙනි. ගාල්ලේ ගින්තොට හැදුණු වැඩුණු සිබිල් ගේ කලා ජීවිතයේ අඩිතාලම ඒ රමරණීය පරිසරයයි. එහිදී ලද සොඳුරු අත්දැකීම් සමූහයයි. ඇය ඇගේ ගැමි ගෙදරත්, ගැමි වටපිටාව හා සිරිත් විරිතුත් සමගින් අපගේම අනන්‍යතාවක්‌ සමගින් ලෝකයේ ප්‍රමුඛතම ළමා චිත්‍ර ශිල්පිනියක බවට පත්ව සිටී

ලේඛන පරිචය සම්බන්ධයෙන් රෝලන්ඩ් බානෙස්‌ මෙසේ සඳහන් කරයි" චිත්තරූප, ප්‍රකාශය, වාංමාලාව, ලේඛන දේහයෙන් හා අතීතයෙන් පැන නැගි ඔහුගේ කලාවේම ප්‍රතීකයන් බවට පත්වේ. මෙසේ රටාව නමින් ස්‌වයංපරියාප්ත භාෂාවක්‌ විකාශය වන අතර, එහි මුල් පවතින්නේ කතුවරයාගේ පෞද්ගලික හා ගුප්ත පුරා කතා තුළම පමණි" වෙත්තසිංහයන්ගේ ජීවිතයේ නිර්මාණවල සියුම් තැන් හා හරය ග්‍රහණය කරගැනීම පිණිස ඇගේ ජීවිතයේ ඇතැම් ලක්‍ෂණ පිළිබඳ සිත යොමුකිරීමට මෙවැනි කල්පිතයන්ගෙන් අපට ඇරයුම් ලැබේ. දකුණේ වරාය නගරයක්‌ වන ගාල්ලට කිට්‌ටු කුඩා නගරයක්‌ වන ගිංතොට සුවදායක ගැමි පරිසරයෙහි හැදී වැඩුණු සිබිල් වෙත්තසිංහයන්ගේ ළමා අවධිය ගම පිළිබඳ සොඳුරු මතකයන්ගෙන් පිරී පැවැති අතර, ඇගේ කෘතීන් එම ප්‍රමෝදජනක අවස්‌ථාවන් පිළිබඳ සොඳුරු අතීතාවර්ජනයක යෙදෙමින් ඒවා ප්‍රතිග්‍රහණය කර ගැනීම පිණිස දැවැන්ත කැන්වසක්‌ සැපයුවාය.

ස්‌වයං චරිතාපදානය[සංස්කරණය]

නේත්‍රා සමරවික්‍රම සිබිල් වෙත්තසිංහයන් පිළිබඳව ලියන චරිතාපදාන සටහන්වල මෙසේ සඳහන් කරයි. "ඇගේ ස්‌වයං චරිතාපදානය වන "මා තුළ වෙසෙන දරුවා" කෘතියෙහි ඇය ගමට පැමිණි, නාඩගම් ගී ගායනා කළ බොරු කකුල් කාරයින්, විහාරස්‌ථානයේ සිට නිවේදන ගෙන ගිය බෙරකරුවන්, හා දිගට අදිමින් ගායනා කළ කවි වලින් ගමට තොරතුරු බෙදාහැරි කවි කොළ කාරයන් දක්‌වා සවිස්‌තරාත්මක කරුණු සපයයි"

නවසිය විස්‌ස දශකයේ දී, ගිංතොට ගැමි පහස රැඳුණු, සම්ප්‍රදායික අගයන් ඔස්‌සේ සිය කෘතීන් පුරා ගැමි දිවියේ මෙම ලක්‍ෂණය, ගැමි ප්‍රජාව අතර පැවැති අෙන්‍යාන්‍ය ක්‍රියාකාරකම් හා සම්බන්ධතාවල ස්‌වභාවය, ඔවුන් තුළ සොබාදහමට වූ සමීපත්වය ග්‍රහණය කිරීමට වෑයම් කරයි.

ඇගේ කෘතීන් කියවන කල්හි, ඇගේ ගම, එහි ආකෘතික චරිත, එම චරිතවලටම විශේෂිත වූ චර්යාවන් හා ඇතුළුවන්ට ඇත්නම් යෑයි අපට සිතෙන ආකාරයේ අවිහිංසක නිස්‌කලංක ලෝකයක්‌ මවා පෙන්වන බුහුටි හා වර්ණවත් සංවාද සමග සෙනෙහසින් බැඳීමට පදනම මෙන්ම අධ්‍යාත්මිකවද අපට සන් කරයි.

ශ්‍රී ලාංකේය දරුවාගේ කල්පිත ලෝකයෙහි ආධිපත්‍යය බොහෝ කාලයක්‌ තිස්‌සේ දරා සිටි. ග්‍රිම්ගේ සුරංගනා කතා, හෑන්සර් ක්‍රිස්‌ටියන් ඇන්ඩර්සන් හා වෙනත් බොහෝ විදේශීය ලේඛකයන් විසින් ගෙනෙන ලද කතා මූලාශ්‍ර මත පදනම් වූ යුරෝපා - ඇමෙරිකානු කතාවල ඓතිහාසික උරුමය ද සමග ගැටෙමින්, ශ්‍රී ලංකා ළමා කතා සාහිත්‍යය යුරෝපීය කතා කීමේ සම්ප්‍රදායෙන් හා එම සම්ප්‍රදායෙහි සියුම් ලක්‍ෂණවලින් බැහැරව ගැනීමට, දේශීය ඇත්දැකීම් හා සිද්ධීන් මත පදනම් වූ වෙත්තසිංහයන්ගේ ලෝකයෙහි වූ චරිත නිසැකවම ශක්‍යතාවක්‌ සම්පාදනය කළේය. හිමකුමරි, සින්ඩරැල්ලා හා නිදිකුමාරි වැනි යුරෝ - කේන්ද්‍රීය කතා තුළින් සුදු කුමරියන්, ගිනි කන මකරුන්, කළු නපුරු කුඩම්මාවරු හා යුරෝපයේ මාළිගා පිළිබඳව ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ ආගන්තුක විස්‌මිත ලෝකයන් පිළිබඳව උත්තේජනයක්‌ ඇති කළේ නම් වෙත්තසිංහයන්ගේ කුඩාහොරා, වෙසක්පහනහා දුවන රැවුළ යන කතා නගරබද දරුවාට ගැමි දිවියේ අතිශය ප්‍රමෝදමත් ජීවිතය පිළිබඳ හඳුන්වාදෙන කෙළිලොල් අන්දමින් දේශීය සිරිත් විරිත් පිළිබඳ කෙරෙන සඳහන් සංස්‌කෘතික චිත්තරූප හා ගමෙහි ස්‌වභාවික පරිසරයේ අසිරිය පිළිබඳ කියමිනි.

සිබිල් වෙත්තසිංහයනගේ කෘතීන් දරුවාගේ පරිකාල්පනික ලෝකය සසල කළ තරමට, ඇගේ කතා කලාව ළමා කතා පොත් රචනයට නව පුරුකක්‌ ශ්‍රී ලාංකේය සන්දර්භය තුළ නිදන්ගත වූ ජනකතා සම්ප්‍රදායට එක්‌ කළේය.

ඇය චමත්කාර ජනක ලෙස ගම නිරූපණය කළ අතර, එසේ නිරූපණය කිරීමට අනුප්‍රාණය සැපයූ එම ගම පිළිබඳ ඇගේ මතකය සුන්දර මෙන්ම සානුකම්පිත එකක්‌ වන්නා සේම, කුසුමලතා වැනි කෘතියක්‌ තුළින් නගරබද ජීවිතය බුහුටි ලෙස විවේචනය කිරීමට ද ඇය පසුබට නොවෙයි. මෙම විශේෂ නැඹුරුව, එනම්, ගම නිර්මල ආකාරයෙන්ද, නගරබද ජීවිතය යටත් විජිත හා නාගරික ජීවන රටාවට හුරුවීමෙන් දූෂිත වූවක්‌ ලෙසද, උපග්‍රහණය කිරීම, නවසිය පනහේ හා හැටේ දශකවල ලේඛකයන්, සිනමාකරුවන් හා අනෙක්‌ කලාකරුවන් අතර ද, ජනප්‍රිය කලා ප්‍රභේදයක්‌ විය. නිදහසට පෙර හා නිදහසට පසු ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතිය තුළ අව්‍යාජ අස්‌මිතාවක්‌ සෙවීමේ උද්යෝගය සමග 1948 න් පසු දශකවලදී සම්ප්‍රදාය හා දේශීයත්වය පිළිබඳ උනන්දුව යළි පිබිදිණි.

මෙම සමාජ - දේශපාලන පරිසරය තුළ ජන සංස්‌කෘතියට විශාල වරප්‍රසාදයක්‌ හිමි වූ වෙත්තසිංහයන්ගේ කෘතීන් වෙත, මතවාදීමය වශයෙන් ස්‌වදේශීය වූ මාර්ටින් වික්‍රමසිංහ, චන්ද්‍රරත්න මානවසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා හා සුනිල් ශාන්ත වැනි කලා හා සාහිත්‍යකරුවන්ගේ ප්‍රේක්‍ෂකත්වය හා අනුමැතිය ලැබිණි.

කාන්තා නිර්මාණ ශක්‌තිය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ රූප සටහන් චිත්‍ර ශිල්පීන් අතර පෙරගමන්කාරියක වන සිබිල් වෙත්තසිංහ සිය කාන්තා නිර්මාණ ශක්‌තිය එතෙක්‌ දේශීය වශයෙන් බිහිවී තිබුණු ස්‌වාධීන කලාත්මක වෘත්තියක්‌ ස්‌ථාපිත කිරීමට යෙදවූවා ය. ඇගේ ගෘහස්‌ත පරිසරය තුළ ළමයින් ඇති දැඩි කිරීමේදී, ඔවුනට නැළවිලි ගී ගැයීම හා කතාන්තර කියාදීම පවුලේ ගැහැනු සාමාජිකයන් විසින් සිදුකරන ලදී.

මෙම ඇතැම් කතා සමාජයේ ප්‍රචලිත ජනකතා හා සුරංගනා කතා වූ අතර අනෙක්‌ කතා දරුවාගේ අවධානය තබා ගැනීම සඳහා ගෙනෙන ලද හෝ නොයෙක්‌ වෙනස්‌කම් කොට නැවත නිර්මාණය කරන ලද ඒවාය. ළමයින් පළමුව සමාජ චර්යා විධි, සිරිත් විරිත්, සම්මතයන් හා සදාචාර මූලධර්ම හඳුනාගන්නේ මෙම කතාකීම් තුළින් ය. එමෙන්ම ළමයින් සිය සෞන්දර්යය අභිප්‍රේතයන් සහ චිත්තරූප මවාගැනීමේ කලාව වර්ධනය කරගන්නේ ද කලා හා සාහිත්‍ය ලෝකය මුල්වරට හඳුනාගන්නේ ද මෙම එළිපත්තේදීය. මෙහෙයින් කතා කීම, ළමයින් සමාජ ගතවීමේ හා ඔවුන්ගේ ආරම්භක ඉගෙනගැනීමේ ක්‍රියාවලියෙහි තීරණාත්මක කාර්යයකි. මෙම නිර්මාණාත්මක කාර්යය, කාන්තාවන්ගේ ගෘහාශ්‍රිත හා මාතෘ වගකීම්වල කොටස්‌ ලෙස බොහෝ දෙනා විසින් නොසලකා හැර ගණනකට නොගෙන තිබේ. කෙසේ වුවද, පරම්පරා ගණනාවක්‌ තිස්‌සේ කාන්තාවන්ගේ නිර්මාණශීලිත්වය ආයෝජනය කර ඇත්තේ කිනම් දිසාවකට දැයි විමසුවහොත්, එය ගෘහ අලංකාරකරණයේ නොයෙකුත් අංශ දෙසට, මැහුම් වැඩ හා නිර්මාණාත්මක නව සූපවේදී ක්‍රම සොයා ගැනීම් වෙත යොමු කොට ඇති බව හඳුනාගත හැකිය. සිය පවුලේ කාන්තාවන් රේන්ද සෑදීම, පන් විවීම හා මැහුම් වැඩ වැනි අලංකාර කරණ කලාවන්හි ඉතා කාර්යක්‍ෂම ලෙස නිරත වූ අධිෂ්ඨානශීලී මාතෘ මූලික පරිසරයක්‌ තුළ වැඩුණු වෙත්තසිංහ මුල් අවධියේ පටන් සිය විවේක කාලයේදී කාන්තාව නියුතුවන නිර්මාණාත්මක කාර්යයන්හි අගය, ශක්‌තිය හා විභවයන්ට නිරාවරණය වූවාය. "සිය වැඩිහිටි වියේදී තමන් වර්ධනය කරගත් ස්‌වාධීනත්වය ඇයට ලැබුණේ රැකියා සොයා ගම අතහැර කොළඹ නගරය වෙත නිතර ඇදුනු පිරිමින්ගේ උපකාරය නොමැතිව සම්පත් ද ස්‌වයං පර්යාප්තියද ළඟාකරගත් මෙම දැඩි අධිෂ්ඨානශීලී කාන්තාවන්ගෙන් බව ඇගේ මතයයි.

නාගරික ළමා ගහණයකින් හෙබි කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේදී සිබිල් වෙත්තසිංහ සාර්ථක බිරියක්‌a සඳහා අත්‍යාවශ්‍ය යෑයි සලකනු ලැබූ ගෘහ විද්‍යා පුහුණුවක්‌ ද සමග මිෂනාරි අධ්‍යාපනයක්‌ද ලැබුවාය. කෙසේ වුවද, ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක වනු දැකීමේ මවගේ අභිලාශය වෙනුවට ඇය චිත්‍ර ශිල්පි වෘත්තිය තෝරා ගත්තාය. සිය පවුලේ කාන්තාවන් ඉටුකළ බහුවිධ හා නිර්මාණාත්මක භූමිකා ඇය තුළ ඇතිකළ දැඩි හැඟීම් ඇතැම් විට ස්‌වාධීන චිත්‍ර ශිල්පිනියක්‌ වීමට ඇය ගත් එඩිතර පියවර ලෙස විද්‍යමාන වූවා විය හැකිය.

යුගයේ ස්‌ථාපිතව පැවැති කතා කීමේ කලාවට අභියෝග කරමින් කාන්තාවන්ට ලැබී තිබුණු මෙම නිර්මාණාත්මක අඩවිය, වෙත්තසිංහයන් විසින් ගෘහාශ්‍රිත ක්‍ෂෙත්‍රයෙන් බැහැර කොට පොදු අඩවියක පිහිටුවී යෑයි උපකල්පනය කිරීමට ඇගේ කලා නිර්මාණ ද, ළමා කතා ක්‍ෂෙත්‍රයේ ඇය ලබා ඇති ජයග්‍රහණයන් ද අපට ඉඩ සලසයි. මෙහිදී ඇය විශේෂ සෞන්දර්යාත්මක රූප සටහන් රටාවක්‌ හඳුන් වාදී තිබෙනවා පමණක්‌ නොව, ශ්‍රී ලංකාවේ ළමා කතා ලෝකයේ භාෂාමය හා මතවාදීමය විස්‌ථාපනයක්‌ ද සිදුකොට ඇත.

පොත් සඳහා රූ සටහන් නිර්මාණය උසස්‌ කලා කර්තව්‍යයක්‌ ලෙස නොසලකා එය වඩා විශාල ලෙස පැතිරුණු මෝස්‌තර නිර්මාණය හා වාණිජ කලාවට අයත් යෑයි වර්ගීකරණය කෙරෙන ස්‌ථාපිත මතවාදයන්ට ඒ හා සිතීමට වෙත්තසිංහයන්ගේ කෘතීන් අප පොළඹවයි.

චිත්‍ර කලාවේ සංවිධිත ලක්‍ෂණ ග්‍රහණයන් කරගත් වෙත්තසිංහයන්ගේ නිර්මාණයන් හි නවකථා සහ ඒවායෙහි කථන ශක්‌තිය අපට දෘශ්‍ය කලාවන් තුළ නිර්මාණයක්‌ කිරීමේ සීමා මායිම් පිළිබඳ නැවත සිතීමටද, උසස්‌ කලාවන් ලෙස ඉතා ලෙහෙසියෙන්ම පිළිගෙන වෙනත් දෘශ්‍ය කලා අභ්‍යාසයන් සඳහා ලැබෙන අනුමැතිය හා පිළිගැනීමට ලැබිය යුතු විශ්වසනීය කලා නිර්මාණ අභ්‍යාසයක්‌ ලෙස පොත් සඳහා රූප සටහන් නිර්මාණය දෙස නැවත සිතා බැලීමට අපට ඉඩ ප්‍රස්‌ථා සලසයි.

නිර්මාණ රැසක්‌ බිහිකොට ඇති කලා ශිල්පිනියක වන සිබිල් වෙත්තසිංහ පළකොට ඇති පොත් සංඛ්‍යාව 200 ක්‌ පමණ වේ. මේවා බොහෝමයක්‌ සිංහලෙන් ලියා පසුව වෙනත් භාෂාවන්ට පරිවර්තනය කොට ඇත. ඇගේ මුල්ම පාඨකයන් වූයේ සිංහල කතාකරන ජනයාය. ඇගේ පොත්වලින් පාඨකයන් තුළ නිහතමානීව අභිමානය හා ජාතික අව්‍යාජත්වය පිළිබඳ අදහස්‌ තුළට වැළඳ ගැනිණි.

වසර පහක්‌ පුරා, ව්‍යාජවූ ඇගේ සිතුවම් ශිල්පි ජීවිතය තුළ ඇය සපුරාලූ නිර්මාණවල හරස්‌ කඩක්‌ නිරූපණය කිරීමට සිබිල් වෙත්තසිංහගේ කලාව" ප්‍රදර්ශනයෙන් වෑයම් කෙරෙයි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය, සිය වෘත්තියේ සම්මත ප්‍රතිමාන හා සීමා මායිම්වලින් ඔබ්බට තම කලා නිර්මණ විකාශනය කිරීමට තීරණය කළ, එමෙන්ම සිය ජීවිත පරිඥානයන් ඔස්‌සේ ගමන් කිරීම පිණිස සිය ස්‌වාධීනත්වය රැකගත් විශිෂ්ට කලා ශිල්පිනියකට පිදෙන උපහාරයකි.


==ළමා කතා ගැලරිය

"https://si.wikipedia.org/w/index.php?title=සිබිල්_වෙත්තසිංහ&oldid=434465" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි