සිංහරාජ වනාන්තරය
![]() | |
යුනෙස්කෝ ලෝක උරුම අඩවිය | |
---|---|
නිල නාමය | Sinharaja Forest Reserve ![]() |
පිහිටීම | සබරගමුව පළාත, දකුණු පළාත, ශ්‍රී ලංකාව ![]() |
ඛණ්ඩාංක | 6°14′N 80°17′E / 6.24°N 80.28°E |
නිර්ණායක | ස්වාභාවික: ix, x |
සමුද්දේශ | 405 |
අභිලේඛනය | 1988 (10වන සැසිය) |
වෙබ්අඩවිය | nps.gov/meve/ |
සිංහරාජ වන රක්ෂිතය | |
---|---|
IUCN category II (national park) | |
පිහිටුම | සබරගමුව සහ දකුණ, ශ්‍රී ලංකාව |
වර්ග ප්‍රමාණය | 88.64 km² |
සංස්ථාපනය | අප්‍රේල් (බක්), 1978 |
සිංහරාජ වන රක්ෂිතය ශ්‍රී ලංකාවෙහි මධ්‍යම කදුකරයේ නිරිත දිගින් පිහිටි රක්වාන කදුවැටියේ උස මීටර 300-1170 සීමාවේ, හේක්ටයාර 11250 ක පැතිර පවතින ජාතික වන වනෝද්‍යානයකි. එය අන්තර්ජාතික අවධානයට ලක් වී ඇති අතර යුනෙස්කෝව විසින් ජෛවගෝල රක්ෂිතයක් සහ ලෝක උරුම අඩවියක් ලෙසට නම් කොට ඇත.
ශ්‍රී ලංකාවෙහි පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ කොටසක් වන මෙම නොඉඳුල් කඳුකර වැසි වනාන්තරය, පිවිසුම් අපහසුතාව හේතුවෙන් වාණිජකරණයට ලක් වීමෙන් ආරක්ෂා විය. මෙය 1607වසරේ දී ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද, 1988 වසරේ දී ලෝක උරුමයක් ලෙස ද නම් කොට තිබීම ඒ සඳහා තවත් හේතුවක් විය. රක්ෂිතයේ “සිංහරාජය” යන නාමය “සිංහරජදහන” අරුත් දේ.
රක්ෂිතයේ නැගෙනහිර දෙස සිට බටහිර දෙසට දුර කි.මි. 81ක් සහ උතුරු දෙස සිට දකුණු දෙසට උපරිම දුර කි.මි. 7ක් වුව ද ඵය ශාක විශේෂ මෙන් ම කෘමීන්, උභයජීවීන්, උරඟයින්, පක්ෂීන් සහ ක්ෂීරපායීන් ඇතුළු ආවේණික ජීවී විශේෂ සඳහා සුරක්ෂිත අභය භූමියකි.
ඝන ශාක වැස්ම හේතුවෙන් යාල වැනි වියලි කලාපීය වනෝද්‍යාන මෙන් වන සතුන් මෙහි දී පහසුවෙන් දැක ගත හැකි නොව්. මෙහි දී අවසන් තෙත් කලාපීය අලි තිදෙනා දැකගත හැකි අතර දිවියන් ද දක්නට ලැබෙනුයේ දුලබ වශයනි.මෑතකදී දුර්ලබ කලු දිවියෙකුගේ (කොටියකුගේ) මරනයක් වර්තා වූ අතර බහුලව ම දැකිය හැකි විශාල ම ක්ෂීරපායි ජීවියා වනුයේ, ශ්‍රී ලංකා අළු වඳුරා යි.
එක් ආශ්වාදජනක සංසිද්ධියක් වනුයේ පක්ෂීන් බොහෝ විට ආහාර සොයා යාම සඳහා සාමූහික රංචු වශයෙන් හැසිරීමට ප්‍රවණතාවයක් දැක්වීම යි. මෙවැනි රංචුවක් බොහෝ විට මහ කවුඩා සහ රතු දෙමළිච්චා යන පක්ෂී විශේෂ වලින් සමන්විත වේ. මෙවැනි රංචුවක පෙරමුණ ගන්නා මහ කවුඩා ප්‍රචණ්ඩකාරී පක්ෂියෙකු ලෙස ද රතු දෙමළිච්චා ඝෝෂාකාරී පක්ෂියෙකු ලෙසද ප්‍රචලිත ය.මෙහි විවිධ පක්ශීන් දැක ගත හැකිය.
සිංහරාජයට ආවේණික වූ සත්වයින්[සංස්කරණය]
ශ්‍රී ලංකාවේ දැනට හඳුනාගෙන ඇති ආවේණික අතුරෙන්, වැසි වනාන්තර ඇසුරේ වාසය කරන විශේෂ 20ක් ඇති අතර, වත රතු මල් කොහා, ශ්‍රී ලංකා බට ඇටිකුකුළා සහ ශ්‍රී ලංකා කැහි බෙල්ලා ඇතුළු සියලු ම විශේෂ මෙහි දී දැකගත හැකි වේ.
උරගයින් වශයෙන් ආවේණික විශේෂ වන, පළා පොළඟා සහ කුණකටුවා දැකගත හැකි අතර පුළුල් උභයජීවී විවිධත්වයක් ද පවතී. මෙහි දී ගස් ගෙම්බන් විශේෂයෙන් සඳහන් කළ යුතු වේ. අපෘෂ්ඨවංශීන් ලෙස කොමන් බර්ඩ්වින්ග් සමනළයා සහ කූඩැල්ලන් ප්‍රසිද්ධියක් උසුලයි.
සිංහරාජයේ මෝනින් සයිඩ් ප්‍රදේශයේ ඊටම ආවේණික වූ හා එහි පමනක් දැකිය හැකි සත්වයන් රැසකි. ඒ අතරින් කටුසු හා හූනූ විශේෂ ප්‍රධාන වේ.
සිංහරාජයට ආවේණික වූ ශාක[සංස්කරණය]
මේ යෝධ මීවන විශේෂය සිංහරාජයට ආවේණික වේ. මෙය මීටර දෙකේ සිට මීටර පහක් පමණ උසට වැඩේ.මෙපමණක් නොව සිංහරාජය හෙළ ඔසුවේ මහගෙදර හා සමානය.
පිවිසුම් මාර්ග[සංස්කරණය]
ලංකාගම පිවිසුම - *
කොළඹ හරහා - දක්ශින අධිවේගිමාර්ගය - වැලිපැන්න පිටවීම - පැලවත්ත - නෙලුව - ලංකාගම
- ගාල්ල - උඩුගම - තවලම - නෙලුව - ලංකාගම පිවිසුම.
- කුඩව හරහා පිවිසුම:කොළඹ -->කලවාන -->කුඩව
- කොළඹ -- ගාල්ල ---දෙනියාය--පල්ලේගම---මෙදේරිපිටිය---- පිටදෙනිය
- කොළඔ - ගාල්ල - දෙනියාය - විහාරහේන - සමන්ගල පිවිසුම
පරිසරයයේ ඇති වැදගත්කම