සාවිත්‍රී (නිළිය)
සාවිත්‍රී ගනේසන් යනු දකුණු ඉන්දිය නිළියක්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියක්, ගායිකාවක් හා චිත්‍රපට නිෂ්පාදකවරියක් වේ. 50-70 දශකයන් හි ඉන්දියාවේ ප්‍රසිද්ධ තරුවක් වූ ඇය තෙලිගු, දෙමළ, කන්නඩ, හින්දි හා මලයාලම් චිත්‍රපට සදහා දායක වී ඇත. ඇගේ ප්‍රථම ප්‍රධාන නිළි චරිතය වූයේ 1952 දී තිරගත වූ පෙල්ලි චේසි චෝඩු/කල්‍යානම් පන්නිප්පාර් යන තෙලිගු-දෙමළ චිත්‍රපටයේ ය. 1960 දී චිවරකු මිගිලෙඩි නම් තෙලිගු චිත්‍රපටය වෙනුවෙන් ඇයට ඉන්දිය ජනාධිපති විසින් දෙනු ලබන රාෂ්ට්‍රපති සම්මානය හිමිවිය. ඇය අධ්‍යක්ෂණය කළ තෙලිගු චිත්‍රපටයක් වන චින්නරි පාපුලු (1968) වෙනුවෙන් ආන්ද්‍රා ප්‍රාන්ත සම්මානය ලබා ඇත. 2018 වසරේ ඇයගේ ජීවිත කතාව කියාපාන මහානටි/නඩිගෛයර් තිලකම් චිත්‍රපටය තුළින ඇගේ රංගන ජීවිතයටත් එහා අත්දැකීම් පිළිබදව සදහන් වේ.
දෙමළ සිනමාවේදිත් ඇගේ හොදම චිත්‍රපටයන් ලෙස කලතූර් කන්නම්මා (1959), පාසමලර් (1961), පාර්තාල් පසි තීරුම් (1961), කර්පගම් (1963), කර්ණන් (1963), නවරාත්‍රි (1964), තිරුවිලයාඩල් (1965) යනාදිය හැදින්විය හැකියි. පාසමලර් චිත්‍රපටයේදි අවසන දුක්බර කොටසේදී සාවිත්‍රි හා සිවාජි ගනේෂන්ගේ ඇඩීමේ සිද්ධිය එකවර රූගත කෙරුණු නිසා ඔවුන් දෙදෙනා ලෝක සිනමාවේ අධික වේලාවක් එකවර හැඩු පළමු නළුවන් බවට පත්වූහ. ග්ලිසරින් නොමැතිව කදුළු උනන හැකියාවක් පවා ඇයට තිබේ.
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]සාවිත්‍රි උපත ලැබුවේ ආන්ධ්‍ර ප්‍රාන්තයේ චිට්‍රවුරු ප්‍රදේශයේ තෙලිගු කපු පවුලකටය. තම පියා මියයෑමෙන් අනතුරුව ඇගේ පිය පාර්ශවයේ නිවසකට ගොස් හැදී වැඩුණාය. වැඩිවියට පත් වූ පසු එකළ පැවති වේදිකා නාට්‍ය රංගනය තම ජීවිකාව කරමින් ජීවත්වූවාය.
සාවිත්‍රි දෙමළ නළු ජෙමිනි ගනේෂන් සමග ප්‍රේම සම්බන්ධයකින් විවාහ වූවා ය. එම විවාහයට අකමැති වූ සාවිත්‍රිගේ සුළු පියා ඇයව පවුලෙන් පන්නා දමන්නේ, ජෙමිනි ගනේෂන් යනු පළමු විවාහයක් කරගත් කෙනෙක් නිසා ය. පසුව සාවිත්‍රි හා ජෙමිනි ගනේෂන් එක්ව වාසය කළහ. සාවිත්‍රිට දුවෙක් හා පුතෙක් සිටි.
සාවිත්‍රි තමන් වෙත පැමිණෙන අසරණයින්ට පිහිට වීමට නොපැකිලෙයි. සිනමාවෙන් ඇය උපයන මුදලන් කොටසක් දුගීන් වෙත යැවීමට ඇය කටයුතු කළා ය.
රංගන දිවිය
[සංස්කරණය]වරක් නාග චරිතයකින් වේදිකා නාට්‍ය රගපාමින් සිටියදී සිනමා ඡායාරූප ශිල්පියෙක් විසින් ඇයව ඡායාරූප ගතකර මදුරාස පට්ටිනම් හී (දැන් චෙන්නායි) පිහිටි විජය ව්‍යූහිනි ස්ටූඩියෝ ආයතනය වෙත යවන ලදි. එහිදී ඇය පාටල බෛරවි නම් තෙලිගු චිත්‍රපටය රගපෑමට තෝරාගන්නාද ලදී. එතැන් පටන් සාවිත්‍රි තෙලිගු සිනමාවේදි අක්කිනේනි නාගේෂ්වරා රාඕ, එන්.ටී.රාමා රාඕ, එස්.වී.රංගා රාඕ යන අය සමග රගපා ඇත. ඇගේ හොදම තෙලිගු චිත්‍රපට ලෙස චිවරුකු මිගලෙඩි (1960), මෝග මනසුලු (1964), මායා බසාර් (1957), ගොරින්ටකු (1979) යනාදිය හැදින්විය හැක.
දෙමළ සිනමාවේදි සාවිත්‍රි එම්.ජි.ආර්, සිවාජි ගනේෂන්, ජෙමිනි ගනේෂන්, නම්බියාර්, එම්.ආර්.රාධා යන අය සමග රගපා ඇත. ඇය අධික වශයෙන් රගපා ඇත්තේ සිවාජි සමග වන අතර එවකට ඉන්දියාවේ වැඩිම වැටුපක් ලබන නිළියන්ගෙන් කෙනෙක්ද වූවාය. ඇය හින්දි, කන්නඩ හා මලයාලම් චිත්‍රපටවලද රගපා ඇත. ඇගේ රංගනයෙන් චුලි යනුවෙන් මලයාලම් චිත්‍රපටයක් තිරගත වුවද එය අසාර්ථක විය.
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1951 | පාටල බෛරවී | නැට්ටුක්කාරියක් | රානන්ටේ රානේ රනු ගීතයේ නර්තනය |
රූපාවති | වම්ප කෝකිලා | ||
1952 | පල්ලෙටොරු | සුගුණා | |
1953 | දේවදාසු | පාර්වති | |
බ්‍රටුකු ටෙරුවු | ජමින්දාර්ගේ දුව | ||
පරිවර්තනා | සුන්දරම්මා | ||
1955 | මිස්සම්මා | මේරි හා මහාලක්ෂ්මි | සාවිත්‍රි ගේ ප්‍රථම ද්විත්ව රංගනය |
ඩොන්ග රාමුඩු | සීතා | ||
සන්තානම් | ශාරදා | ||
අර්ධාංගි | පද්මා | ||
කන්‍යශුල්කම් | මදුරවානි | ||
1956 | බලේ රාමුඩු | රූපා | |
චරන දාසි | ලක්ෂ්මි | ||
1957 | මායාබසාර් | සසිරේඛා | |
කුටුම්භ ගෞරවම් | සත්‍යා | කුඩුම්භ ගෞරවම් දෙමළ චිත්‍රපටයේ තෙලිගු කතාව | |
ටොඩි කොඩල්ලු | සුසිලා | ||
බලේ අම්මායිලු | සරෝජා | ||
1958 | මාංගල්‍ය බලම් | සරෝජා | |
කර්තවරයලුනි කතා | ආර්යමාලා | ||
ඉන්ටි ගුට්ටු | ශෝභා | ||
අප්පු චේසි පප්පු කෝඩු | මංජරි | ||
1959 | භාග්‍ය දේවතා | සරලා | |
බන්ඩ රාමුඩු | ගෞරි | ||
1960 | චිවරුකු මිගිලෙඩි | හොදම ඉදිරිපත් කිරීම සදහා රාෂ්‍ට්‍රපති සම්මානය | |
ශ්‍රී වෙන්කටේස්වර මහාත්‍යම් | පද්මාවති දේවිය | ||
විමලා | විමලා හා ලලිතා | ||
අභිමානම් | රාධා | ||
දීපාවලි | සත්‍යබාමා | ||
1961 | වෙලුගු නීඩලු | සුගුනා | |
කලසි වුන්ටේ කඩලු සුඛම් | රාධා | ||
1962 | ගුන්ඩම කතා | ලක්ෂ්මි | |
ආරාධනා | අනුරාධා | ||
මන්චි මනසුලු | ශාන්ති | ||
සිරි සම්පඩලු | පද්මා | ||
රක්ත සම්බන්ධම් | රාධා | ||
ආත්ම බන්ඩුවු | ලක්ෂ්මි | ||
1963 | තොබුට්ටුවුලු | පාර්වති | |
චඩුවුකුන්නා අම්මායිලු | සුජාතා | ||
නර්තනසාලා | ද්‍රෝපති | ||
1964 | පූජා පලම් | සීතා | |
මෝග මනසුලු | රාධා | ||
ඩොක්ටර් චක්‍රවර්ති | මාධවි | ||
1965 | සුමංගලි | ශාරදා | |
නාඩි ආඩ ජන්මෙ | කල්‍යානි | ||
1966 | නවරාත්‍රි | රාධා | |
භක්ත පෝටනා | සරස්වති දේවිය | ||
මනසේ මන්දිරම් | සීතා | ||
1967 | නිර්දෝෂි | කමලා | |
ප්‍රාණ මිතෘලු | පාර්වති | ||
සති සුමති | පාර්වති දේවිය | ||
1968 | තල්ලි ප්‍රේමා | සීතා | |
1969 | විචිර කුඩුම්බම් | කමලා | |
මාතෘ දේවතා | ලක්ෂ්මි | අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකි. | |
1970 | කොඩලු ඩිඩ්ඩින කපුරම් | ලක්ෂ්මි | |
1971 | නින්ඩු දම්පතුලු | ශ්‍රී දේවි | |
1979 | ගෝරින්ටකු | වයසක මැහැල්ලක |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1954 | සුගම් එන්ගේ | වේනි | |
1955 | මිස්සියම්මා | මේරි හා මහාලක්ෂ්මි | මිස්සම්මා තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව
හා සාවිත්‍රි ගේ ප්‍රථම ද්විත්ව රංගනය |
ගෝමතියින් කාදලන් | ගෝමති | ||
සන්දානම් | ශාරදා | සන්තානම් තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව | |
ගුණ සුන්දරි | නිළිය | ||
චෙල්ල පිල්ලෛ | ලලිතා | ||
මාමන් මගල් | මාලති | ||
1956 | අමර දීපම් | අරුණා | |
පෙන්නින් පෙරුමෛ | පද්මා | ||
මදර්කුල මානික්කම් | ලක්ෂ්මි | ||
ප්‍රේම පාසම් | රූපා | ||
1957 | මායාබසාර් | සසිරේඛා හා වත්සලා | මායාබසාර් තෙලිගු චිත්‍රපටයේ දෙමළ කතාව |
වනගමුඩි | දේවසුන්දරි | ද්විත්ව රංගනය | |
කුඩුම්බ ගෞරවම් | සත්‍යා | ||
එන්ග වීට්ටු මහාලක්ෂ්මි | සුසිලා | ||
කර්පුක්කරසි | මංජුලා | ||
යාර් පෛයන් | ලතා | ||
සෞභාග්‍යවති | ගෞරි | ||
මහාදේවි | මහාදේවි | ||
1958 | කඩන් වාංගි කල්‍යාණම් | මංජුලා | |
කාත්තවරායන් | ආර්යමාලා | ||
තිරුමනම් | වානි | ||
1959 | මන්ජල් මහිමෛ | සරෝජා | |
පානෛ පිඩිත්තවල් භාග්‍යසාලි | මීනා | ||
1960 | කලතූර් කන්නම්මා | කන්නම්මා | |
1961 | පාසමලර් | රාධා | |
පාව මන්නිප්පු | තංගම් | ||
කප්පල්ලෝට්ටිය තමිළන් | කන්නම්මා | ||
එල්ලාම් උනක්කාග | සරලා | ||
1962 | මනිදන් මාරවිල්ලෛ | ලක්ෂ්මි | |
කාත්තිරුන්ද කන්ගල් | ලලිතා / ශන්මුගම් | ද්විත්ව රංගනය | |
කොන්ජුම් සලංගෛ | ශාන්තා | සාවිත්‍රිගෙ ප්‍රථම දිර්ඝකාල වර්ණ චිත්‍රපටය | |
බන්ධ පාසම් | පූංගුඩි | ||
පාර්තාල් පසි තීරුම් | ඉන්ද්‍රා | ||
වඩිවුක්කු වලෛ කාප්පු | වඩිවු | ||
පාද කානික්කෛ | මාලති | ||
පඩිත්තාල් මට්ටුම් පෝදුමා | සීතා | ||
1963 | රථ තිලකම් | කමලා | |
පරිසු | පොන්නි | ||
කර්පගම් | අමුදා | ||
1964 | කර්ණන් | බානුමති | |
වේට්ටෛක්කාරන් | ලතා | ||
නවරාත්‍රි | නලිනා | ||
කෛ කුඩුත්ත දෙයිවම් | කෝකිලා | ||
1965 | තිරුවිලයාඩල් | පාර්වති දේවිය, දාක්ෂායිනි | |
හෙලෝ මිස්ටර් ජමින්දාර් | රාධා | ||
පූජෛක්කු වන්ද මලර් | චිත්‍රා | ||
1966 | තට්ටුන්ගල් තිරක්කප්පඩුම් | මීනාක්ෂි | |
සරස්වති සබදම් | සරස්වති දේවිය | ||
අන්නාවින් ආසෛ | සීතා | ||
කන්දන් කරුණෛ | පාර්වති දේවිය | ||
1967 | සීතා | සීතා | |
1971 | ප්‍රාප්තම් | රාධා | සාවිත්‍රි අධ්‍යක්ෂණය කළ එකම දෙමළ චිත්‍රපටය,
මෝග මනසුලු චිත්‍රපටයේ දෙමළ තිරගතකිරීම හා අවසාන ප්‍රධාන නිළි චිත්‍රපටය |
1973 | සූර්යකාන්ති | සිවගාමි - මෝහන්ගේ මව | |
1975 | අන්දරංගම් | මල්ලිකා | |
1977 | උන්නෛ සුටෘම් උලගම් | ධනභාග්‍යම් | |
1979 | අලාවුදීනුම් අර්පුද විලක්කුම් | අලාවුද්දීන්ගේ මව |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1954 | බහුත් දීන් හුයේ | ||
1963 | ගාර් බසාකෙ දෙක්හෝ | ගීතා | |
ගංගා කී ලහ්රේන් | සීමා | ||
1968 | බල්රාම් ශ්‍රී ක්‍රිෂ්ණා | රේවති |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1975 | දේවරු කොට්ට වරා |
|
|
1978 | තයිගේ තක්ක මගා | විශාලක්ෂම්මා | |
අශ්වතමා | |||
1979 | චන්දනද ගොම්බේ | රත්නා ගේ මව | |
1980 | රවිචන්ද්‍රා |
වසර | චිත්‍රපටය | චරිතය | සටහන් |
---|---|---|---|
1973 | චුලි | එලිසෙබත් | |
1978 | අශ්වදමවු | ||
ඇන්ටනිස් පොනයවාලන් | |||
1979 | අලාවුද්දීනුම් අල්පුද විලක්කුම් | අලාවුදීන්ගේ මව |
චිත්‍රපට අධ්‍යක්ෂණය,නිෂ්පාදනය හා ගායනය
[සංස්කරණය]සාවිත්‍රි විසින් අධ්‍යක්ෂණය හා නිෂ්පාදනය යන දෙකම එකවර කළ චිත්‍රපට තුනකි. නිෂ්පාදන ආයතනයට ශ්‍රී සාවිත්‍රි ප්‍රොඩක්ෂන්ස් යනුවෙන් නම් තබන ලදි. නවරාත්‍රී නම් තෙලිගු චිත්‍රපටයේ "රාජු වේඩාලේ" නම් ගීතය ඇය විසින් ගායනා කර ඇත.
චිත්‍රපටය | වසර | භාෂාව |
---|---|---|
චින්නරි පාපුලු | 1968 | තෙලිගු |
මාතෘ දේවතා | 1969 | |
ප්‍රාප්තම් | 1971 | දෙමළ |
අභාවය
[සංස්කරණය]සාවිත්‍රි ඇගේ 45 වන වියේදි මත්පානයට ඇබ්බැහි වීමෙන් රුධිර පීඩනය හා දියවැඩියාව අධික වී අසාධ්‍ය විය. ඒ හේතුවෙන් මාස දහනවයක් කෝමා තත්ත්වයෙන් පෙලුණු ඇය 1981 දෙසැම්බර් 26 වනදා චෙන්නායි හිදී අභාවප්‍රාප්ත වූවාය.
විශේෂ සම්මාන හා ගෞරව ප්‍රණාමයන්
[සංස්කරණය]- ඉන්දිය ජනාධිපති විසින් පිදෙනු ලබන රාෂ්ට්‍රපති සම්මානය
- තමිල්නාඩු රජයේ කලෛමාමණි සම්මානය
එමෙන්ම සාවිත්‍රි නිළියට ගෞරවයක් ලෙස 2011 වසරේ ඉන්දිය රජය විසින් මුද්දරයක් නිකුත් කරනු ලැබිය.