සාකච්ඡාව:යට්zසි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

Yatzy යන වචනයට යට්zසි කියන්නේ ඇයි යට්සි හේ යැට්සි නොකියා? PIZZA වලට පිට්zසා යැයි කියනවාද? මේ වචනය සිංහලෙන් කියන කොට z ශබ්දය පිටවෙන එක අවශ්‍ය නම් ඒක කියන එක්කෙනා ඒක හිතල කරයි. මේ විදිහට පිස්සු විදිහට ලියල, මේක සිංහලත් නොවෙයි ඉංග්‍රීසිත් නොවෙයි, ඔලුවට ඇනලා කියන්න ඕනද? N. M. Perera කියන එක ඒ යුග පුරුෂයා ලිවුවේ මුදල් නෝට්ටු වල අත්සන් කළේ ඇන්. ඇම්. පෙරේරා කියලා. ඒක එයාගේ ක්‍රමය. ඉංග්‍රීසි කාරයෝ ඒ විදිහට ශබ්ද කරන්නේ නැහැ. සිංහලයන්ට අපිට යම් විදිහකට ශබ්ද කරන්න යැයි බලකරන්නත් බැහැ. ඉන්දියන් කාරයෝ (ඉංග්‍රීසියෙන්) ක්‍රිකට් විස්තර ප්‍රචාර කරන හැටි අහල තියෙනවාද? ඕවර් කියලා ර් ශබ්දය බර කරල කියන්නේ. ඉංග්‍රීසි කාරයෝ කියන්නේ ඕව කියලා. ලංකාවේ අයත් ඉංග්‍රීසියෙන් කියන්නේ ඕව කියලා. සිංහලෙන් ලියන්නේ ඕවර් කියලා. -- අස්ලාන් (talk) 16:05, 11 නොවැම්බර් 2011 (යූටීසී)[reply]

වඩා නිවැරදි එකට ගෙන යන්න. -- බිඟුවා සාකච්ඡාව 17:23, 11 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ගෙන යෑමට අපිට සීමා තියෙනවා. එක් වරයි පුළුවන්. එම නිසා මුලින් කරන දේ හිතල කරන්න. ඒක ගැන නිසැක නොවේ නම් අනෙක් පරිශීලකයන්ගේ අදහස් විමසල කරන්න. හිතෙන දේ එක්වර කරන්න එපා. එය විකිපීඩියාවට අහිතකරයි. මේ වෙනසත් ප්‍රජාව විමසල කරමු. ඔයාම මේක ප්‍රජාවට යොමු කරන්න. --- අස්ලාන් (talk) 02:06, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ගෙනයාමේ සීමාවන් මොනවාද? ඔයාට අවැසි නම් මේක ප්‍රජාවට යොමු කරන්න. මට මෙහෙම හොඳයි වගේ. කට්ටිය කියනවානම් මේක වෙනස් කරන්න කියලා එහෙම කරමු. ඒකේ කිසිම අවුලක් නැ. නමුත් මේ z අකුර භාවිතයට අපේ සම්මුතියක් තවම නෑ නේද? සීබ්‍රා බලන්න. එක්කෝ ඒ සම්මුතිය හදලා ඉන්න එක වැඩිය හොඳයි වගේ. ඕනෑ එකක්. මට කිසිම අවුලක් නෑ. ප්‍රජාවේ තීරණය වඩාත් හොඳයි. -- බිඟුවා සාකච්ඡාව 05:22, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන් ගේ අදහසට සහය පළ කරමි.   | අනංගයා | සංවාදය​ | 08:55, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
I think nothing wrong has been done by බිඟුවා.
We have right to do whah we genuinely think is correct. As wikipedia is a community effort, community can decide to accept / change or remove it.
I personally think usage is z is ok as we do not have a universally accepted symble to show that sound. As our writing system is an Abugida type Phoenician language; we should be open to accept symbles for new sounds & to consider it as an improvement to the language.
We have accepted many improvements from west to our scripts. 1, 2, 3 .... !, ? ".... are good examples. We only had ෴ (kundaliya) as a punctuation before western invasions).
I have mentioned my ideas. Community can decide.
I may not be active for 2 more weeks.
Singhalawap (talk) 12:58, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
Any Language will evolve unless it is already dead. For example Latin is a dead language; they are used only by scholars and not general public. Hence there is hardly any room for any changes in speech or writing of Latin. But any Language in current use in any part of this world (or the Universe) will evolve and undergo changes. Yet, we should understand that these changes will not happen due to a research of Professor of Languages, a King or Emperor decrees so or because some thinker/philosopher thinks so. Languages evolve with time because people who use it decide to do so. Evolution is not Revolution. The changes are not sudden but gradual. There can be Political, Religious or Social Revolutions, but definitely not Language Revolutions. We in Sinhala Wikipedia can not decide on Sinhala Language. On the other hand we are obliged to follow and encompass the changes to Sinhala Language that had happened over the years. So we the Sinhala Wikipedians can not decide how to write Yatzy in Sinhala. If the society using Sinhala Language decides on some day to write Yatzy as යට්zසි then we are obliged to use it that way. Until such time, we can not force that. WE ARE NOT PURIFIERS OF SINHALA LANGUAGE HERE. SINHALA WIKIPEDIA IS NOT A PLACE TO PROPAGATE SOMEONE'S PERSONAL IDEAS. IT IS A FREE ENCYCLOPEDIA WHERE KNOWLEDGE IS COLLECTED FOR USE OF MANKIND. --- අස්ලාන් (talk) 14:26, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
ගෙන යෑමේ සීමාවන් මොනවාදැයි කිසියම් විකිපීඩියානුවෙකු අසා තිබුණා. ඔහු කරුණාකර මෙය කියවා බලන්න. -- අස්ලාන් (talk) 14:39, 12 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
අස්ලාන් ඉංගිරිසියෙන් කියා තිබෙන දෙය ම තමා මට ද කීමට ඇත්තේ. දැනට නො පවතින ව්‍යවහාර හඳුන්වා දීමට විකිය පාවිච්චි කරන්නේ මොටද​? සුනාමියට ත්සුනාමිය කියන්න ඕනෙ ද​? අපිට ත්සු ශබ්දය නෑ. අපි අපේ කට හුරුවට සුනාමි කියනවා. Z ශබ්දය ගැන උණත් එච්චර තමයි. Zebra කියන්න බැරි නිසා සීබ්‍රා කියනවා. ඕක අක්‍ෂර මාලාව වෙනස් කරන්න තරම් ලොකු ගැටළුවක් නෙමෙයි. ලොකු ගැටළුවක් වෙච්ච දාට ගැටළුවට විසඳුමක් ලැබේවි. (ලොකු ගැටළුවක් කියන්නේ බස දොඩන බහුතරයට මේක ගැටළුවක් වීම​.)   | අනංගයා | සංවාදය​ | 05:27, 15 නොවැම්බර් 2011 (යූටීසී)[reply]
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:යට්zසි&oldid=182150" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි