Jump to content

යට්zසි

විකිපීඩියා වෙතින්

යට්zසි[1] යනු දාදු කැට ක්‍රීඩාවකි. මෙම ක්‍රීඩාව ස්කැන්ඩිනේවියානු රටවල ඉතා ජනප්‍රිය ක්‍රීඩාවක් වේ. අවම වශයෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුවත් සිටිය යුතු අතර ඕනෑම සංඛ්‍යාවකට මේ සඳහා සහභාගී විය හැකිය. වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයා ජයග්‍රහණය කරයි. සාමාන්‍යය යට්zසි ක්‍රීඩාව සඳහා දාදු කැට 5ක් භාවිතා කරයි. එම දාදු කැට සාමාන්‍යය දාදු කැට වන අතර එකේ සිට හය දක්වා ලකුණු කර ඇත.

ක්‍රීඩාව කරන ආකාරය

[සංස්කරණය]

එක් ක්‍රීඩකයෙක් හට කැට පෙරලීම සඳහා අවස්ථාවන් 3ක් ලැබේ. ක්‍රීඩකයා පළමුව කැට 5 පෙරළයි. එහි පෙරළී ඇති අවස්ථාව පරිදී පහත වගුව ඇසුරෙන් ලකුණු ගණනය කරයි. යම් හෙයකින් ඔහුට අවැසි අවස්තාව ලැබී නැත්නම් කැමති නම් සියළුම කැට හෝ තෝරා ගත් කැට නැවත වරක් පෙරළයි. එවරද අසමත් වී නම් නැවත වරක් කරයි. මෙම අවස්තා 3 අවසනයේදී ඔහුගේ අවසාන කැට පිහිටීම අනුව ලකුණු ගණනය කර පුවරුවට එක් කරයි. ගැලපෙන කිසිම අවස්ථාවක් නොලැබී ගියේ වුවද පුවරුවෙන් එක් අවස්ථාවක එය සටහන් කිරීම අනිවාර්යය වේ. ආරම්භයේදී ක්‍රීඩකයාගේ ලකුණු ගණන 0කි.

උදාහරණය

[සංස්කරණය]

පළමු අවස්ථාවේ කැට පෙරලීම 5 5 3 4 4 යයි සලකන්න. දැන් ඔහුට ඇති අවස්ථාවන් වන්නේ 3, 4, 5 වැටී ඇති අවස්ථාවන් හා 2 යුගල විශේෂ අවස්ථාවය. 3 ලබා ගැනීම අවාසි අවස්ථාවක් නිසා 4 හෝ 5 ලබා ගැනීමේ මූලික අවස්ථාව ලබා ගත හැකිය. ඊට අමතරව 2 යුගල අවස්ථාව ගත හැකිය. පහත අවස්ථාවට අනුව අහඹුව වඩාත්ම වටිනා අවස්ථාව වේ. මෙවන් අවස්ථාවලදී ක්‍රීඩකයින් තමන්ගේ දෙවන අවස්ථාව ලබා ගනී.

අවස්ථාවආකාරයලකුණු ගණන
35 5 3 4 43
45 5 3 4 48
55 5 3 4 410
1 යුගල5 5 3 4 410
2 යුගල5 5 3 4 418
අහඹුව5 5 3 4 421


ක්‍රීඩකයා 5 5 හා 4 4 ඉතුරු කරමින් 3 කැටය නැවත පෙරලුවෙයැයි සිතන්න. එවිට 5 ලැබුනේ වී නම් 5 5 5 4 4 අවසාන ප්‍රතිඵලය වේ. දැන් ඔහුට මුළු ගෙදර අවස්ථාව ලබා ගත හැකිය. දැන් පහත අයුරින් ලකුණු වෙනස් වේ. මෙසේ අවසානයේ පිහිටීම අනුව ක්‍රීඩකයා කැමති කොටුවක ලකුණු සටහන් කර ගනී. මෙම උදාහරණයට අනුව මුළු ගෙදර ලබා ගැනීම වඩාත්ම වාසි අවස්ථාව වේ.

අවස්ථාවආකාරයලකුණු ගණන
45 5 5 4 48
55 5 5 4 415
1 යුගල5 5 5 4 410
2 යුගල5 5 5 4 418
එක සමාන 3ක්5 5 5 4 415
මුළු ගෙදර5 5 5 4 423
අහඹුව5 5 5 4 423

ලකුණු පුවරුව

[සංස්කරණය]

thumb

අවස්ථාවලකුණු ගණනඋදාහරණයඋපරිම ලකුණු ගණන
11 වැටී ඇති කැට ගණන1 2 1 3 1 = 1 + 1 + 1 = (3)5
22 වැටී ඇති කැට ගණන2 2 3 3 1 = 2 + 2 = (4)10
33 වැටී ඇති කැට ගණන2 3 3 3 3 = 3+ 3+3+3 = (12)15
44 වැටී ඇති කැට ගණන4 4 1 5 4 = 4 + 4 + 4 = (12)20
55 වැටී ඇති කැට ගණන5 5 5 1 5 = 5 + 5 + 5 + 5 = (20)25
66 වැටී ඇති කැට ගණන6 6 6 3 1 = 6 + 6 + 6 = (18)30
අවස්ථාවලකුණු ගණනඋදාහරණයඋපරිම ලකුණු ගණන
බෝනස්1,2,3,4,5,6 අවස්ථාවන්වල එකතුව 63 හෝ ඊට වැඩි වූ විට50
1 යුගලයුගල 1 වැටී තිබීම2 2 3 4 1 = 2 + 2 = (4)12
2 යුගලයුගල් 2ක් වැටී තිබීම2 2 3 3 6 = 3+ 3+ 2+2 = (10)22
එක සමාන 3ක්4 4 1 5 4 = 4 + 4 + 4 = (12)18
එක සමාන 4ක්5 5 5 4 5 = 5 + 5 + 5 + 5 = (20)24
කුඩා කෙලින්1 2 3 4 515
ලොකු කෙලින්6 5 4 3 2 වැටීම20
මුළු ගෙදරඑක් වර්ගයකින් 3ක් හා අනෙක් වර්ගයකින් 2ක් ලැබීම6 6 6 3 3 = 6 + 6 + 6 +3+3= (24)28
අහඹුවසියළුම කැටවල එකතුව6 6 6 3 2 = 6 + 6 + 6 +3 + 2 = (23)30
යට්zසිසියළුම කැටවල එකම අංකයක් තිබීම1 1 1 1 1 = (50)50

විචලනයන්

[සංස්කරණය]

මෙම ක්‍රීඩාවේ ප්‍රධාන විඩලන ක්‍රීඩා දෙකක් වෙයි. ඒවා බලාත්මක යට්zසි සහ මැක්සි යට්zසි වේ.

මැක්සි යට්zසි

[සංස්කරණය]

මෙම ක්‍රීඩාව සඳහා දාදු කැට 6ක් භාවිතා කරයි.

මූලාශ්‍ර

[සංස්කරණය]

බාහිර සබැඳුම්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=යට්zසි&oldid=773499" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි