සවුදි අරාබියාවෙහි සල්මාන් රජ

විකිපීඩියා වෙතින්
සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද්
සවුදි අරාබියාවෙහි රජ
ශුද්ධවූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි භාරකරු
2013දී එකල ඔටුන්න හිමි කුමරුවා සල්මාන්
සවුදි අරාබියාවෙහි රජ
සවුදි අරාබියාවෙහි අග්‍රාමාත්‍යවරයා
රාජ්‍ය සමය23 ජනවාරි 2015 – වර්තමානය
බයා23 ජනවාරි 2015
පූර්වප්‍රාප්තිකයාඅබ්දුල්ලා රජ
සැකිල්ල:නොහතුමමුක්කරින් (2015)
මුහම්මඩ් (2015–17)
මොහම්මඩ් (2017–වර්තමානය)
උපත31 දෙසැම්බර් 1935 (1935-12-31) (වයස 88)
රියාද්, සවුදි අරාබියාව
දරුවන්
Detail
මොහම්මඩ්
ටර්කි
අබ්දුල්අසීස්
ෆාඩ්
බන්දර්
ෆයිසාල්
අහමද්
සුල්තාන්
රකන්
සම්පූර්ණ නාමය
සල්මාන් අබ්දුල්අසිස් බින් අබ්දුල් රහ්මාන් බින් ෆයිසාල් බින් ටර්කි බින් අබ්දුල්ලා බින් මොහම්ම්මඩ් බින් සවුද්
වංශයසවුද් රජ පෙළපත
පියාසවුදි අරාබියාවෙහි අබ්දුල්අසීස් රජ
මවහස්සා බින්ට් අහමද් අල් සුදයිරි
ආගමවහාබී හන්බලි සුන්නි ඉස්ලාම්ඔහු වීරයෙක්

සල්මාන් බින් අබ්දුල්අසීස් අල් සවුද් (අරාබි: سلمان بن عبد العزيز آل سعود‎‎, Salmān ibn ‘Abd al-‘Azīz Āl Sa‘ūd; උපත 31 දෙසැම්බර් 1935) යනු, සවුදි අරාබියාවෙහි රජ, ශුද්ධවූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි භාරකරු, සහ සවුද් රජ පෙළපතෙහි ප්‍රධානියා වෙයි. [1]

රියාද් හී නියෝජ්‍ය ආණ්ඩුකාරවරයා ලෙසින් සහ ඉන්පසුව ආණ්ඩුකාරවරයා ලෙසින් 1963 වසරෙහි සිට 2011 දක්වා වසර 48 ක් ඔහු සේවය කළේය. ඉන්පසුව, ආරක්ෂක අමාත්‍යවරයා ලෙසින් ඔහු පත් කෙරිණි. ඔහුගේ සොහොයුරු නායිෆ් බින් අබ්දුල්අසීස් අල් සවුද් ගේ මරණයෙන් පසුව, 2012 වසරෙහිදී ඔටුන්න හිමි කුමාරයා ලෙසින්ද ඔහු නම් කෙරිණි. ඔහුගේ අර්ධ-සහෝදර, අබ්දුල්ලා රජුගේ මරණයෙන් පසුව, 2015 ජනවාරි 23 දිනදී සවුදි අරාබියාවෙහි නව රජු ලෙසින් සල්මාන් ඔටුනු පැළඳීය. ඔහුගේ පාලනාධිකාරී කාලය තුල දැනට සිදුවූ අතිමහත් සංගණ්‍ය සිදුවීම් අතර යේමන සිවිල් යුද්ධයට සවුදි අරාබියාවෙහි හමුදාමය මැදිහත්වීම, හජ් වන්දනාව තුලදී සිදුවූ 2015 මිනා තෙරපුම, සහ 2016 ජනවාරි 2 දිනදී නිමර් අල්-නිමර් සහ පාලන තන්ත්‍රයට විරුද්ධවාදීන් තවත් 46 දෙනෙකු වෙත මරණ දණ්ඩනය පැමිණවීම වෙති.

  1. "කිං සල්මාන් බින් අබ්දුල්අසීස්". 18 සැප්තැම්බර් 2015. 23 සැප්තැම්බර් 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. {{cite web}}: Unknown parameter |dead-url= ignored (|url-status= suggested) (help)