සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා
Jump to navigation
Jump to search
සවුදි අරාබියා රාජධානිය ඔටුන්න හිමි කුමාරයා | |
---|---|
![]() | |
ශෛලීය | රාජකීය උත්තමයා ගරු මහතා |
නිවහන | රජුගේ මාලිගය, රියාද්[1] |
පත් කරන්නා | පක්ෂපාතිත්ව සභාවෙහි අනුමැතියෙන් පසුව සවුදි අරාබියාවෙහි රජ |
සමාරම්භක දරන්නා | සවුද් රජ 1933 මැයි 11 |
සවුදි අරාබියාවෙහි ඔටුන්න හිමි කුමාරයා යනු, එහි රජුට පමණක් දෙවන වන, සවුදි අරාබියාවෙහි දෙවන මහත් වැදගත් තනතුර වන අතර, රජුගේ නාමෝද්දේශිත අනුප්‍රාප්තිකයා වෙයි.
වර්තමානයෙහි, ඔටුන්න හිමි කුමාරයා විසින් ධූරන්දර වනුයේ, රජු විසින් ඔහු පත් කරනු ලැබීමෙන් අනතුරුව, පක්ෂපාතිත්ව සභාව විසින් අනුමැතිය ලබා දීමෙන් පසුවය. මෙම ක්‍රමය රටෙහි හඳුන්වාදුන්නේ අබ්දුල්ලා යුගයෙහිදීය. රජු නොමැති විටෙකදී, රජු නැවත පැමිණෙන තුරු රාජ්‍යයෙහි කටයුතු කුමරු විසින් පාලනය කල හැකි වන පරිදී ආඥාවක් නිකුත් කෙරෙයි. මෙම ආඥාව විසින්, රජු නැවත රාජධානිය වෙත පැමිණෙන තුරු, කුමරුගේ ධූරය ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සිට ශුද්ධවූ මුස්ලිම් දේවස්ථාන දෙකෙහි උප භාරකරු දක්වා තාවකාලිකව වෙනස් කෙරෙයි.