සරලා කාරියවසම්

විකිපීඩියා වෙතින්
ගොනුව:Sarala kariyawasam.jpg
සරලා කාරියවසම්

සරලා කාරියවසම් ගාල්ල ප්‍රදේශය නිජබිම වූ ශ්‍රී ලාංකික ළමා නිළියකි. සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවක් වන සරලා ජාත්‍යන්තරයට ගිය පළමු ශ්‍රී ලාංකික ළමා කලාකාරිනියයි. දැනට ඇය ශ්‍රීලංකාවේ විකාශනය වන වෙළඳ ළමා වැඩසටහනකට දායකත්වය ලබා දෙයි.[1]

රංගනය[සංස්කරණය]

හොලිවුඩ් හි තරුණ කලාවේදී පදනම විසින් ඇය හට ලොව හොඳම ළමා නිළියට හිමි සම්මානය ලබා දුනි. මෙය ඇය රගපෑ "වෝටර්" චිත්‍රපටයේ ළමා වැන්දඹුවක ගේ චරිතය උදෙසා පිරිනැමිණි. මෙය දීපා මේහ්තාගේ නිර්මාණයකි.[2] [3]

වෝටර් චිත්‍රපටය කලාපීය ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර එය චන්ද්‍රන් රත්නම්ගේ ෆිල්ම් ලොකේෂන් සවිසස් ලංකා සමාගමේ සහ ජාතික චිත්‍රපට සංස්ථාවේ සහයෝගයෙන් සම්පූර්ණයෙන්ම ශ්‍රීලංකාවේ රූගත කරන ලද්දකි. ගැහැනු ළමයින් පනස් දෙනෙකු අතරින් මෙම අභියෝගාත්මක චරිතය සඳහා සරලා තෝරගනු ලැබු අතර මෙහෙතා විසින් සම්මුඛ පරික්ෂණය පවත්වන ලදි. රඟපැමට එක්වන විට අවුරුදු අටක තරම් වයසක පසුවුවත් ච්ත්‍රපට යේ ප්‍රධාන චරිතයට පණ පෙවීමට සුදුසු ම පුද්ගලයා ඇය බව ඇගේ රංගනය මගින් සපථ කර ඇති බව මෙහෙතාගේ මතයයි. වෝටර් රඟපැමට පෙර ඇය පාසලේ වේදිකා නාට්‍ය කිහිපයක ම රඟපා ඇති අතර ම මැතක දී පැවැත්වූ සමස්ත ලංකා නර්තන, ගායන සහ කථික තරගවලින් ද ප්‍රථම ස්ථාන දිනා ඇත.

ඇය පවසන්නේ ඇයට ඇගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීමට අවශ්‍ය නිසා රඟපැමට ලැබෙන ආරධනා බොහොමයක් ප්‍රතික්ෂේප කරන බවයි. සරලා විසින් අග්‍රගණ්‍ය චිත්‍රපටයක කරන ලද ඒ අතිවිශිෂ්ඨ චරිත නිරුපණය සඳහා හොලිවුඩය මගින් මිට වඩා වැඩි ඇගයීමක් ලබාදිය යුතුව තිබූ බව පවසන පදනමේ සභාපති මොරීන් ඩැරගෝන්, 28 වෙනි වරට ත් පැවැත්වූ සම්මාන ප්‍රදානයේදි ලෝකයේ දක්ෂත ම තරුණ ළමා කලකාරිනිය වෙනුවෙන් වූ සම්මානය සරලා හට පුද කරන ලදි.

ඇය අති දක්ෂ ගැහැණු ළමයක වන අතර ඇය කිසිදු හින්දි වචනයක් දැනනොසිටි නමුදු සියලුම දෙබස් කටපාඩම් කොට අවසානයේදි ඉතා හොඳ රංගනයක් ඉදිරිපත් කරමින් බොහෝ විචාරක මත ඇගේ රංඟනය මඟින් අභියෝගයට ලක් කළාය. මෙම චිත්‍රපටය ටොරන්ටෝ සිනමා උළෙලට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ එක්තරා විචාරකයකු පැවසුවේ මෙම චිත්‍රපටය කේන්ද්‍රගතවී ඇත්තේ ජීවය නොනැසී පවතින ගැහැණු ළමයකු වන තරුණ චුයියා ලෙස සරලා ඉදිරිපත් කරන අසම්මත රංඟනය වටා බවයි.[තහවුරු කර නොමැත]

ඇගේ උප්පත්තියෙන් වු දක්ෂතාවය හඳුනාගන්නාවිට ඇය හින්දි හෝ ඉංග්‍රීසි නොදැන සිටි නමුදු සති කිහිපයක් තුළදී භාෂා දෙකම ඉගෙන ගැනීමට ඇය සමත්වීම අධ්‍යක්ෂකවරියගේ පුදුමයට හේතුවිය. මෙම නිසා ඔවුන්ට ඉක්මනින් චිත්‍රපටයේ කටයුතු ආරම්භ කිරීමට හැකි වූ අතර මාස තුනක් ඇතුලත දී චිත්‍රපටයේ කටයුතු අවසන් කරන ලදි. සරලා හට චිත්‍රපටයේ චරිතය භාර ගැනීමේදී මුහුණදීමට සිදු වූ දුෂ්කර ම කටයුත්ත වූයේ සිය කෙස් වැටිය බූගා දැමිමට සිදුවීමයි. කුඩා කාලයේ සිට වැවූ දිගු කෙස් වැටිය ඇයට හුරුබුහුටි පෙනුමක් ලබාදී තිබිනි.

මෙම චිත්‍රපටයෙන් එක්දහස් නමසීය තිස්ගණන් වලදී ඉන්දියාවේ සිටි වැන්දඹුවන්ට විඳීමට සිදු වූ කටුක අත්දැකීම් ගැන කියවේ. ඇය නිරූපණය කරන ලද්දේ චුයියා නම් වූ ළමා මනාළියකගේ චරිතය වන අතර එම චරිතයට අනුව ඇයට වයස අවුරුදු අටේදී ඇගේ සැමියා අහිමි වන අතර ඉන්පසු ව ඇය ව අනෙක් වැන්දඹුවන් ජීවත් වන ආශ්‍රමයකට යවන අතර එහිදී ඇයට කර්කශ ජීවිතයකයට මුහුණදීමට සිදුවෙයි. කොන්ක්‍රීට් බිම මත නිදාගැනීමට ත්,ජීවත්වීම සඳහා හිඟමන් යැදීමට ත් සිදු වන අතර සමහර අවස්ථාවල දී ඇය ව ගණිකාව ක ලෙස ද ගඟ දෙපස සිටින උසස් කුලයේ යැයි සැලකෙන බ්‍රාහ්මණයන්ට විකිණීම ද සිදුවෙයි. ඇය ලීසා රේ විසින් පණ පොවන තවත් අතිශයින්ම රූමත් වැන්දඹුවක වන කල්‍යාණි සමඟ මිතුරු වෙයි. බ්‍රිථාන්‍ය විචාරකයකු මොවුන් ගැන පැවසුවේ මෙවැනි අදහසකි.සරලා චුයියා ලෙස කරන රඟපෑම සිත කුල්මත් කරන අතර ඇගේ අහිංසකත්වය හා අවස්ථානූකූල කලබලකාරී හැසිරීම් සහිත රංඟනය පුදුම එළවන සුලුය. එම පුදුමය තීව්‍ර කරන්නේ ඇය හින්දි හෝ ඉංග්‍රීසි වදනක් වත් නොදැන උච්චාරණයෙන් පමණක් ඉගෙන ගනිමින් එය කොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Sarala Brand Ambassador for Tikiri". Daily Mirror(Sri Lanka). 28 August 2007.
  2. "Sri Lankan filmed 'Water' soars to new heights at Oscars". The Sunday Times(Sri Lanka,ISSN:1391-0531). 28 January 2007.
  3. "Sri Lanka's Sarala wins world's Best Performing Child Actor award for her role in the controversial film Water". Asian Tribune. 24 May 2007.

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සරලා_කාරියවසම්&oldid=622251" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි