සමන්ත විතානගේ

විකිපීඩියා වෙතින්
ඕවිටිගල විතානගේ සමන්ත
උපත
මියගිය දිනය2002 නොවැම්බර් 7[1][2]
මිය යාමට හේතුවගංගොඩවිල ප්‍රදේශයේ දී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අතර ඇති වූ ගැටුමක දී පහර කෑමට ලක්වීම නිසා
පුරවැසිබවශ්‍රී ලාංකික
ප්‍රසිද්ධව ඇත්තේවිශ්වවිද්‍යාලය තුල නවකවධ විරෝධී ව්‍යාපාරයක් ඇරැඹූ පුද්ගලයෙකු ලෙස

ඕවිටිගල විතානගේ සමන්ත නොහොත් සමන්ත විතානගේ (22) යනු මෙරට විශ්වවිද්‍යාල තුල නවක වද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැංවීමට පෙරමුණ ගත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨයේ තෙවැනි වසරේ උගෙනුම ලබමින් සිටි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකි. පීඨය තුල ක්‍රියාත්මක වන දරුණු නවක වධය නැවැත්වීම සම්බන්ධ රැස්වීමක් අතරතුරදී එල්ල වූ මැර ප්‍රහාරයක් හේතුවෙන් ඔහු 2002 වසරේ නොවැම්බර් 7 වන දින ඝාතනයට ලක් විය.[3] මෙරට විශ්වවිද්‍යාල තුල සිදුවන නවක වදයට එරෙහිව බොහොමයක් සිසුන් හා ශාස්ත්‍රාල නිළදාරීන් පෙළගැස්සවීමට, සමන්තගේ ඝාතනය සුවිශේෂ හේතු කාරකයක් වූ බව පැවසෙයි.

සිදුවීම[සංස්කරණය]

2002 වසරේ නොවැම්බර් 7 වන දිනදී නවක වදයට එරෙහි ව්‍යාපාරයෙහි යෙදෙන්නන් පිරිසක් හා නවක වදයට හිතවාදී ජේවීපී ය විසින් මෙහෙයවනු ලැබූ ශිෂ්‍ය කවුන්සිලයක් වූ - ශ්‍රී ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය (ප්‍රගතිශීලී පෙරමුණ), ට අයත් සිරිසක් අතර සාකච්චාවක් දියත් කෙරුණු අතර, රැස්වීම අලෙවි කළමණාකරණ පීඨ අංශ භූමි පරිශ්‍රයේදී සිදුකෙරුණි. රැස්වීම පැවැත්වෙන අතරවාරයේ ජනතා විමුක්ති පෙරමුණට හිතවාදී 200 ක පමණ කලහකාරී පිරිසක් ගල් හා මුගුරු සහිතව පැමිණ සාකච්ඡාවන්හී යෙදී සිටි විතානගේ ඇතුළු නවක වදයට එරෙහි පිරිස වෙත පහර දුන් අතර, ප්‍රහාරකයින් වීදුරු කොටස් වලින් වින්දිතයින් වෙත ඇනුම් ප්‍රහාර එල්ල කල බව පැවසෙයි. ගැටුම අතරතුරදී එවක මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිව සිටි සුජිත් කුරුවිට නැමැත්තා විසින් විතානගේ ගේ හිස මතට පරිඝණක මොනිටරයක් අතහැරි බවද සඳහන් වෙයි.[4] ගැටුම හේතුවෙන් තුවාල ලත් පිරිස රෝහල වෙත රැගෙන යාමට කටයුතු කිරීමේදී නවක වද හිතවාදී පිරිස ඊටද බාධා සිදුකර තිබූ අතර, ප්‍රහාර නිසා බරපතල තුවාල ලත් විතානගේ පසුව මරණයට පත්වන ලදී.[5][6][7]

ඝාතනයෙන් පසු[සංස්කරණය]

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවද්‍යාලයීය කථිකාචාර්ය සංගමය විසින් විතානගේ ඝාතනය සම්බන්ධව ප්‍රකාශයක් සිදුකරමින්, එය විශ්වවිද්‍යාල ඉතිහාසයෙහි කලු පැල්ලමක් ඇති කල අමානුෂික ඝාතනයක් යැයි චෝදනා කරන ලදී.[8] ආචාර්ය වික්‍රමභාහු කරුණාරත්න විසින් මෙම මරණය සඳහා වගකිව යුත්තේ ජනතා විමුක්ති පෙරමුණ යැයි දේෂාරෝපණය කරන ලදී.[9] ශ්‍රී ජයවර්ධනපුර මහා ශිෂ්‍ය සංගමය, ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ ශිෂ්‍ය සංගමයක් වූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට අයත් සාමාජික ශිෂ්‍ය සංවිධානයක් වෙයි.[10]

පසුව ඝාතනයට ලක්වූ ඔහුගේ සිහිවීම පිණිස, සමන්ත විතානගේ අරමුදල නමින් අරමුදලක් පිහිටුවන ලදී.[11]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ඔහු මරා දමා අට වසරෙකි
  2. ජ’පුර සරසවි සිසු ඝාතනයේ විත්තිකරුවන් 11ක් නිදහස්, http://newsfirst.lk/sinhala/2013/12/%E0%B6%A2%E0%B6%B4%E0%B7%94%E0%B6%BB-%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94-%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A-%E0%B7%80%E0%B7%92/, ප්‍රතිෂ්ඨාපනය 2014-10-12 
  3. යුනිවර්සිටි ස්ටුඩන්ට්ස් ප්‍රොටෙස්ට් ස්ටුඩන්ට්'ස් ස්ලෙයිං
  4. ඩෙත් බයිකිලින්ග්ස්
  5. ද "විලේජ්" ඉන් අවර් පොලිටිකල් කල්චර්: අ පෝස්ට්ක්‍රිප්ට් ටු ඇන් අන්ඩර්ග්‍රැඩ්’ස් ඩෙත්
  6. රැගිං ඉන් අවර් යුනිවර්සිටීස්: අ සිම්ප්ටොම් ඔර් අ ඩිසීස්?
  7. ජේවීපී-ඉන්ස්පයර්ඩ් වයලන්ස් ලෙඩ්ස් ටු ක්‍රැක් ඩවුන් ඔන් ශ්‍රී ලංකා කැම්පසස්, http://www3.wsws.org/articles/2002/dec2002/jvp-d02.shtml, ප්‍රතිෂ්ඨාපනය 2014-10-12 
  8. ලෙස්ට් වී ෆොගෙට්..., http://www.thesundayleader.lk/archive/20050807/review.htm, ප්‍රතිෂ්ඨාපනය 2014-10-12 
  9. පීඑම් ඕර්ඩර්ස් රිපෝර්ට් ඔන් මර්ඩර් ඔෆ් ජ'පුර ස්ටුඩන්ට්
  10. "ශ්‍රී ලංකා මාර්ක්සිස්ට් ස්ටුඩන්ට් යූනියන් ලොජස් කම්ප්ලෙයින්ට් විත් එච්ආර්සී". කළම්බු පේජ්. 2010. සම්ප්‍රවේශය 2010-08-01.
  11. සමුර්ධි ස්ටුඩන්ට්ස් ෆන්ඩ්ස් මිස්ඇප්‍රොපියේටඩ්

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සමන්ත_විතානගේ&oldid=597721" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි