හිම්බා ජනතාව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හිම්බා (singular: OmuHimba, plural: OvaHimba) ජනතාව යනු උතුරු නැම්බියාවේ වාසය කරන 50,000 අධික සංඛ්‍යාවකින් යුත් ආදිවාසී ජන කොටසකි[1] මොවුන් කුනෙනේ ගංගා නිම්නය අශ්‍රිතයව ඇන්ගෝලාවේ වෙසෙති.[1] මීට අමතරව කුඩා පිරිසක් ඔවටාහි (Ovatwa) වාසය කරයි, මොවුන් ඔවාහිම්බා නමින් හදුන්වන අතර මොවුන් උතුරු නැම්බියාවේ හා දකුණු ඇංගෝලාවේ වාසය කරන ජනයාට වඩා තරමක් වෙනස්ය.

සංස්කෘතිය[සංස්කරණය]

කඔකොලැන්ඩ් ප්‍රදේශයේ වෙසෙන හිම්බා ජාතිකයන් පිරිසක්

යැපුම් ආර්ථිකය[සංස්කරණය]

හිම්බා ජනයාගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත සතුන් ඇතිකිරීමයි.මොවුන් බැටළුවන් එළුවන් හා ගවයන් ඇතිකරයි.ප්‍රධාන වශයෙන් කිරි ලබාගැනීම උදෙසා මෙම සතුන් ඇතිකරති.[1] මීට අමතරව ඔවුන් ඉරිගු හා මෙනේරි වගා කරති.[1] ඔවුන් ගේ ප්‍රධාන ආර්ථික කටයුත්ත කිරි සහ මස් නිෂ්පාදනයයි.තවද බිත්තර හා කුකුළ් මස්ද ඔවුනගේ යැපුම් ආර්ථිකයට අයත්ය.වනාන්තරය තුලින් ලබාගන්නා පැළෑටි වර්ග මෙන්ම මීපැණි ද ඔවුන් පරිබෝජනයට යොදාගනිති. කලාතුරකින් ඔවුන් තම පශු සම්පත් විකුණා මුදල් උපයාගනී.[1] ඇතැම් හිම්බා ගෝත්‍රිකයන් දැන් රාජ්‍ය සේවයට බැදී කටයුතු කරති. එමගින් රාජ්‍ය අංශයෙන් වැටුප් හා විශ්‍රාම දීමනා ලබාගනී[1]

දෛනික දිවි පෙවෙත[සංස්කරණය]

දෛනික දිවියේ දී වැඩි වැඩ කොටසක් හිම්බා ජාතික කාන්තාවන් හා ගැහැණු දරුවන් අතින් සිදුවේ.වතුර ගෙනඒම දර ගෙන ඒම සාම්ප්‍රධායික රතු මැටි හා ගොම යොදා නිවස කපරාදු කිරීම ගෙබිම සැකසීම දියලබු වයින් නිෂ්පාදනය කිරි නිෂ්පාදනය ඉවුම් පිහුම් කටයුතු හා ආහාර බෙදාදීම අදුම් මැසීම අත්කම් නිර්මාණ ආභරණ සැකසීම වැනි බොහෝ දෛනික දිවියේ ක්‍රියාකාරකම් රැසක්ම ස්ත්‍රීන් විසික් සිදුකරන කාර්‍යෙව්.[1] ගවයන් හා එළුවන් ගේ කිරි වෙීමෙ කටයුතුද ගැහැණු ලරුවන් හා කාන්තාවන් සිදුතරති.[1] කාන්තාවන් හා ගැහැණු දරුවන් තම පවුලේ දරුවන් බලා ගැනීම මෙන්ම තම අසල්වැසි හා ඥාතීන්ගේ දරුවන් රැකබලා ගැනීමටද සහායවෙයි.හිම්බා ගෝත්‍රික පිරිමින්හට පැවරී ඇති ප්‍රමුඛ කර්‍යයය නම් ගොවිපල රැකබලා ගැනීමයි.බොහෝ විට පුරුෂයන් නිවසෙන් පිට ගතකරන කාලය වැඩිය .[1]

මොවුන් කුඩා විස්තෘත පවුලක් ලෙස කුඩා ගමක වාසය කරති.මෙම කුඩා ගමක පවුල් කිහිපයක් වාසය කරති.සෑම පවුලකටම ගෙවත්තක් පිහිටා ඇත.මෙම කුඩා ගමකම මළවුන් උදෙසා කළ ආගමික ස්ථානයක් පවතී.මෙම ආගමික ස්ථාන මගින් මිනිසා හා මළගිය ඥාතීන් අතර සම්භන්ධතා ගොඩනගා ගතහැකිබව ඔවුන් විශ්වාස කරති".[2]

වස්ත්‍ර හා කොණ්ඩ විලාසිතා[සංස්කරණය]

හිම්බා ජාතික තරුණියන් දෙදෙනෙක් ඔවුන්ගේ සාම්ප්‍රධායික වස්ත්‍ර හා කොණ්ඩ විලාසිතා වලින් යුක්තව.
සුවද ද්‍රව්‍ය නිපදවන හිම්බා ජාතික කාන්තාවක් .

හිම්බා ගෝත්‍රික ස්ත්‍රීන් හා පුරුෂයන් ඔවුන්ගේ සංස්කෘතියට අයත් සාම්ප්‍රධායික ඇදුම් ආයිත්තම් වලින් සැරසී සිටිනු දක්නට ලැබේ.ඔවුන් ජීවත්වන පරිසරයේ පවතින උණුසුම් දේශගුණික තත්වයට ඔරොත්තු දෙන අයුරින් මෙම ඇදුම් සකසාගෙන ඇත. ගව සමින් නිමැවුන සායකට සමාන වස්ත්‍රයක් හෝ නවීන වස්ත්‍ර භාවිතයද සිදු කරති.ඔවුන් ගේ පුරුෂයන් සේම ස්ත්‍රින්ද උඩුකය නග්නව තබාගනී. ඇතැම් විට පාවහන්ද පළදිති.ඇතැම් විට වාහන වලින් ඉවත් කළ ටයරයෙන් පාවහන් සකසා ගනී.[තහවුරු කරන්න] හිම්බා ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද අධික වියලි හා උණුසුම් දේශගුණ තත්වයන් යටතේ වාසය කරන නිසා ඔහුන් තම සිරුරේ විවිධ ආලේප ගල්වා ගනී එමගින් අධික හිරු රැස්වලින් ඔවුන්ගේ සමටවන හානිය අවමවෙයි.එක් අතකින් මෙම ආලේපන හා විලවුන් ගල්වා ගැනීම නිසා මදුරුවන් දෂ්ටනය වැනි කෘබීන්ගෙන් එන උවදුරුද වළකාගනී.මෙම ආලේප හා විළවුන් සාදා ගැනීමට ගස්වල ලාටු හෝ දුම්මල යොදාගනී.මෙම අලේපන විචිත්‍ර වර්ණයන්ගෙන් යුක්තය.[3]

මොවුන්ගේ කොණ්ඩ විලැසිතාව හා ආභරණ මගින් ඔවුන් නියොජනය කරන සමාජ තත්වය පෙන්වා දෙයි.[3] ළදරුවන් හා දරුවන් සාමාන්‍යයෙන් හිසකෙස් තට්ටය පෑදෙන අයුරින් කපා දමති එසේත් නැතිනම් හිසකෙස් ස්වල්පයක් පමණක් පවතිනසේ ඉතා කොටට කොණ්ඩය කපා දමයි,තරුණ ගැහුණු දරුවන් හා පිරිමි තරුවන් හිසකෙස් තැඑළි වශයෙන් ගොතා ඉරිරියට රූරා වැටෙන අයුරින් සකස්කරගනී,පියපේරුවේ ආරෝහණ සමූහයේ සාම්ප්‍රධායට අනුව මෙම වස්ත්‍ර හා විලාසිතා අනුගමනය කරයි,වැඩිවිය පැමිණිම දක්වා ඔවුන් මෙම විලාසිතා අනුගමනය කරති .[3] ඇතැම් ගැහැණු ළමුන් එක් කොණ්ඩ ගෙතුමක්ින් පමණක් සැරසීම මගින් ඔවුන් නිවුන් සොයුරියන් බව කියාපායි.[3]

තාරුණ්‍යයට පැමිනීමේ සිට හිම්බා පිරිමි ළමුන් කොණ්ඩය කැරළි ආකාරයට සකස්කරගනීt,ගැහැණු ළමුන් විවිධ විලාසිතා අනුව කොණ්ඩය සකස්කර ගනිති.[3] විවාහපත්වූ හා දරුවන් අති කාන්තාවන් කොණ්ඩ කැරළි කිහිපයකින් යුතු ඔවුන්ට ආවේණික විලාසිතා අනුගමනය කරයි.[3] අවිවාහක පිරිමින් එක් කොණ්ඩ කැරළක් සිටිනසේ හිසකෙස් සකස් කරගනී විවාපත් පිරිමීන් හිසේ හිස්වැසුමක් පළදිති.[4][5] තම බිරිද මියගිය පුරුෂයන් හිස්වැසුම් නොපළදිති.[3]

සිරිත් විරිත්[සංස්කරණය]

හිම්බාවරු බහුවිවාහ ක්‍රමයන් අනුගමනය කරති.බහු භාර්‍යාෙස්වනය මොවුන් අතර ප්‍රචලිතය එක් පුරුෂයෙකුට ස්ත්‍රින් දෙදනකු සරණපාවාගත හැක.මොවුන්ගේ විවාහ යොජිත විවාහවන අතර දෙපාර්ෂවයේ පියවරුන් විසින් තම දරුවන්ට සුදුසු කාලත්‍රයා සොයාදෙයි.ගැහැණු දරුවකු වැඩිවියට පත්වූ දිනයේම ඇගේ පියා විසින් ඇයට සුදුසු සහකරුවකු යොජනා කරයි.මෙහි දී පියාගේ කැමැත්ත මත ඇය විවාහ දිවියට ඇතුලුවෙයි.[1] එහෙත් වයස අවුරුදු 10 අඩු ගැහැණු දරුවන් විවාහ කරදීමක් සිදුනොවේ..

සමාජ ගතිකත්වය[සංස්කරණය]

හිම්බා ජනයා වෙනම සංස්කෘතියක් සහිතව දුෂ්කර ග්‍රාමීය පෙදෙස් වල වාසය කලද ඔවුන් මහා සමාජය හා නිතර ගනුදෙනු කරන ජන ප්‍රජාවක් ලෙස වර්තමානයේ දී දක්නට ලැබේ.ඔවුන් වෙළදපොළ අවශ්‍යතා සදහා නිතර නගරයට පැමිණිම සිරිතකි.සුපිරි වෙළදසැල් වෙළදසැල් සදහා විවිධ අවශ්‍යතා සදහා ගමන් කරයි.ඔවුන් මහා සමාජට වේගයෙන් අනුගතවෙමින් පවතී.[1]

ප්‍රාථමික ව්‍යුහය[සංස්කරණය]

හිම්බා ජාතික ප්‍රාදේශීය නායකයෙක්

කර්කශ කාන්තාර දේශගුණය ඔවුන් ගේ ජීවිතය හා විවේකය පාලනය කරනු ලබයි.ඔවුන් තම ජීවන ශෛලිය සාම්ප්‍රධායික සමාජ ව්‍යුහය මත පදනම් වෙමින් ගත කරන්නට මෙම දේශගුණ තත්වය විසින් ඔවුන්ව පොළබවනු ලබයි .ඔවුනොවුන් සමගියෙන් එකිනෙකාට උදවු කරමින් සාමූහිකව දිවි ගෙවති.

හිබ්බා තරුණියක්

ඔවුන් ගේ සමාජ ව්‍යුහය ද්වීපාර්ෂවික අවරෝණ ක්‍රමයට ගොඩනැගී ඇත.පීතෘ මූලික අවරෝහණ ක්‍රමය හා මාතෘ මූලික අවරෝහණ ක්‍රමය යන ක්‍රම දෙකම මෙහිදී භාවිතවේ.පීතෘ මූලික අවරෝහණ ක්‍රමය ඔරුසෝ(oruzo) වශයෙන්ද මාතෘ මූලික අවරෝහණ ක්‍රමය එන්ඩා (eanda) යනුවෙන් ද හදුන්වයි.[6] හිම්බා ගොත්‍රිකයන් ගේ පවතින්නේ පීතෘ මූලික සමාජයකි.පවුලේ වැඩිමල් පුරුෂයා පවුලේ නායකත්වය දරයි.දියණියන් විවාහවූවිට ඔවුන් තම සැමියාගේ නිවසට යයි.එහෙත් නිෂ්චල හා චංචල දේපල අයිතිය මාතෘ මූලික අවරෝහණ ක්‍රමයට බෙදීයයි.ඒ අනුව පියාගේ අයිතිය පුතාට නොලැබේ.උදාහරණ ලෙස පියාට අයිතිව තිබුන ගවයින් පුතාට නොව බෑනාට ලැබේ.එනම් පුතකුට පියාට අයත් දේ නොව මාමාණ්ඩියට අයත් දේ උරුමවේ.එයට හේතුව පීතෘ මූලික අවරෝහන ක්‍රමයට සම්පත් බෙදී නොයාම නිසයි.

මේ ආකාරයට ද්විත්ව අවරෝහණ ඥාතීත්ව රටා ක්‍රියාත්මකවන සමාජ කිහිපයක් දකුණු අප්‍රිකාව ඉන්දියාව ඔස්ට්‍රේලියාව මලයාසියාව සහ පොලිනීසියාව අදී සමාජයන්හි දැකගත හැත.[7]

ඉතිහාසය[සංස්කරණය]

හිම්බා ජනයාගේ ඉතිහාසය නියඟයන් වැනි ස්වභාවික විපත් මෙන්ම ගරිල්ලා යුද්ධ නැම්බියානු නිදහස් අරගලය වැනි යුධ ගැටුම් හමුවේ ඉදිරියට ගිය දුෂ්කර ගමනක් විය.මීට අමතරව ජර්මානු අධිරජ්‍යවාදීන් විසින් දියත් කල මහා ජන සංහාරයන්ට මැදිවීමටද ෙමාවුන්ට සිදුවිය.[තහවුරු කරන්න]

1980 දී පමණ හිම්බාවරුන්ගේ ජන ජීවිතය කාලගුණ හා දේශගුණ විපර්‍යාෂ මෙන්ම දේශපාලන තත්වයන් නිසා තවදුරටත් කටුක හා දුශ්කරවූ ආකාරය දැකියහැක.[8] නියං තත්වය නිසා 90% පමණ පශු සම්පත් විකාශවූ අතර බොහෝ හිම්බාවරු ඔවුන්ගේ වාසස්ථාන අතහැර සරණාගතයන් ලෙස වෙනත් ප්‍රදේශයන්ට පලා ගියහ.[8] මොවුන් ඇන්ගෝලාවේ දේශ සීමාවේ සිටියදී පැහැර ගැනීම් ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගැනීම ඇන්ගෝලා නිදහස් අරගලයේ යෙදුන හමුදා කණ්ඩායම් අතින් සිදුවිය.[8]

ආගම[සංස්කරණය]

මොවුන්ගේ ආගම ඒකදේවවාදී ආගමක්වන අතර මුකුරු(Mukuru) නම් වූ දෙවියකු අදහති.එසේම මළවුන් පිදීමද සිදුකරති..[9] සෑම පවුලකටම අයත් විශේෂ පූජාස්ථානයක් ඔවුන්ට ඇත.මෙමගින් ඔවුන් තම ප්‍රධාන දෙවියා වන මුකුරු හා මළවුන් ගේ පිහිට ලබාගතහැකිබව විශ්වාස කරති.[10] නිතරම මුකුරු නම්වූ දෙවියා කාර්‍යබහුල නිසා ඔහු වෙනුවෙන් පෙනී සිටීම මළවුන් විසින් සිදු කරනබව ඔවුන් අදහති.[10]

ඔවුන් සතුව හදි හූනියම් ආදී කළු අභිචාරක්‍රමද ප්‍රචලිතව පවතී.[11] ඔවුන් මෙම කළු අශිචාර නිසා මිනිසුන් මියයන බව විශ්වාස කරති.[12] එසේම ඇතැම් අමනුෂ්‍ය බලවේගයන්ට මිනිසාගේ මනසට බලපෑම් කළහැකිබව විශ්වාස කරති[13] එසේම ඇතැම් අස්වාශාවික අද්භූත සිදුවීම් අමනුෂ්‍ය බලපෑම් නිසා සිදුවන බව විශ්වාස කරති.[14] යොකාරයට බොහෝ ගුප්ත සිදුවීම් නොපෙනෙන බලවේගයන්ගේ බලපෑමෙන් සිදුවන බව ඔවුන් අදහති.[14]

නැම්බියාවට නිදහස ලැබුනු දා සිට[සංස්කරණය]

ජංගම පාසැලක්

වර්තමානයේ දී හිබ්බා ජනයාගේ ආර්ථික හා සමාජීය තත්වය වර්ධනය කරගැනීම සදහා නැම්බියා රජයෙන් හා ජාත්‍යන්තර සංවිධාන මගින් ආධාර උපකාර හිමිවේ.

නොර්වේ රජය හා අයිස්ලන්ත රජය විසින් හිබ්බා ගෝත්‍රික දරුවන් වෙනුවෙන් ජංගම පාසැල් ආරම්භ කළහ.කෙසේ වෙතත් පසුව නැම්බියා රජය ඔවුන් වෙනුවෙන් ස්තීර පාසැල් ආරම්භ කරනලදී.හිම්බා ගෝත්‍රික නායකයා චොදනා කරන්නේ මෙම පාසැල් පද්ධතිය ඔවුන්ගේ සංස්කෘතියට තර්ජනයක් බවයි.

මානව හිමිකම්[සංස්කරණය]

අතීතයේ ඔවුන් උතුරු නැම්බියාවේ කුනෙනේ පෙදෙසෙහි දඩයමෙන් හා එඩේර ජීවිතය ගතකරමින් ඔවුන්ගේ සාම්ප්‍රධායික සංස්කෘතික අංග පිළිපදිමන් ජීවත්විය.කෙසේ වෙතත් වර්තමානයේ ඔවුන්ට විවිධ තහංචි වලට ලක්වීමට සිදුවී ඇත..[15]

2012 පෙබරවාරි මාසයේදී හිම්බා නායකයා විසින් තම වර්ගයාගේ අයිතීන් වෙනුවෙන් ප්‍රකාශනයක් අප්‍රිකානු සංගමයට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට යොමු කළේය.

ඔවුන් තම අයිතිවාසිකම් ලබා ගැනීම සදහා නැම්බියා රජයට හා ජාත්‍යන්තර සංවිධාන වෙත තම දුක්ගැනවිලි ඉදිරිපත් කළහ.

2012 සැප්තැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විශේෂ වාර්ථාවක් සකස් කරමින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සදහා කටයුතු කළහ.[16]

මානව විද්‍යාත්මක පර්යේෂණ[සංස්කරණය]

වර්ණ සංජානනය[සංස්කරණය]

හිබ්බා ජනයාගේ වර්ණ සංජානනය ඉතා උසස්බව මානව විද්‍යාඥයන් විසින් සිදුකළ පර්යේෂණ වලදී පෙනීගොස් ඇත.[17] ඔවුන්ගේ භාෂාව තුලද වර්ණ විභේදනය දක්නට ලැබේ;එකම වර්ණයක ශුක්ෂම වෙනස් කම් පවා ඔවුන්ට සංවේදී බව පැවසේ,ඔවුනගේ භාෂාව තුල ඇති වර්ණ සදහා යෙදෙන නාම විශේෂනයන්හි සංකීර්ණ බව තවත් උදාහරණයකි.[18]

මේවාත් බලන්න[සංස්කරණය]

  • Herero people
  • Ovambo people
  • Nama people
  • Oorlam people

ගැලරිය[සංස්කරණය]

සාහිත්‍ය[සංස්කරණය]

යොමුව[සංස්කරණය]

  1. 1.00 1.01 1.02 1.03 1.04 1.05 1.06 1.07 1.08 1.09 1.10 Kamaku Consultancy Services cc., Commissioned by: Country Pilot Partnership (CPP) Programme Namibia (2011). Strategies That Integrate Environmental Sustainability Into National Development Planning Process to Address Livelihood Concerns of the OvaHimba Tribe in Namibia - A Summary. Windhoek, Namibia: The Ministry of Environment and Tourism, Republic of Namibia.. http://www.met.gov.na/CPP/Resources/Himba%20research%20Study%20Report.pdf. 
  2. Crandall 2000, p. 18.
  3. 3.0 3.1 3.2 3.3 3.4 3.5 3.6 Empty citation (help) 
  4. Empty citation (help) 
  5. Empty citation (help) 
  6. Crandall 2000.
  7. Ezzell, Carol (17 June 2001). "The Himba and the Dam". Scientific American. http://www.sciam.com/article.cfm?chanID=sa006&articleID=0005596A-DE68-1C6F-84A9809EC588EF21. 
  8. 8.0 8.1 8.2 Bollig, Michael (2006). Risk Management in a Hazardous Environment: A Comparative Study of two Pastoral Societies. New York: Springer Science+Business Media, Inc.. පිටු 167–168. ISBN 9780387275819. http://books.google.co.uk/books?id=SsPO7wYv1VkC&printsec=frontcover&source=gbs_ge_summary_r&cad=0#v=onepage&q&f=false. 
  9. Crandall 2000, p. 188.
  10. 10.0 10.1 Crandall 2000, p. 47.
  11. Crandall 2000, p. 33.
  12. Crandall 2000, pp. 38–39.
  13. Crandall 2000, p. 102.
  14. 14.0 14.1 Crandall 2000, p. 66.
  15. Empty citation (help) 
  16. Empty citation (help) 
  17. Empty citation (help) 
  18. Reiger, Terry; Kay, Paul (28 August 2009). "Language, thought, and color: Whorf was half right" (pdf). Trends in Cognitive Science. doi:10.1016/j.tics.2009.07.001. http://www1.icsi.berkeley.edu/~kay/tics2.pdf. ප්‍රතිෂ්ඨාපනය 2012-08-29. 

වැඩිදුර කියවීම්[සංස්කරණය]

බාහිර සබැදුම්[සංස්කරණය]

ඡායාරූප[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=හිම්බා_ජනතාව&oldid=385725" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි