ගවුම

විකිපීඩියා වෙතින්
ගවුමක් ඇදි ජපන් ජාතික ගායිකාවක්(2010)

ගවුම (Frock)මධ්‍යතන යුගයේ සිට යුරෝපීය රටවල භාවිතවූ ඇඳුමකි මෙය ස්ත්‍රීන් මෙන්ම පුරුෂයන්ද භාවිතකර ඇත.මෙය ප්‍රධාන වශයෙන් ස්ත්‍රීන්ගේ හා ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස භාවිතාවේ.යුරෝපයේ සමභවය වූ ගවුම පසුව සංස්කෘතික විසරණය මගින් වෙනත් මහද්වීප කරාද සංසරණය විය. 

ඉතිහාසය

ගවුම සැහැල්ලු දිග හා පළලකින් යුත්ත ඇඳුමක් විය.කතොලික පූජකයන් මෙය මුලින්ම භාවිතා කර ඇත.

වර්තමානයේ ගවුම විවිධ විලාසිතා අනුව සකස්කර භාවිතවෙයි.

  • 16 වන සියවසයේ සිට 20 වන සියවස දක්වා යුරෝපා සමාජයේ ප්‍රධාන කාන්තා ඇඳුම ලෙස ගවුම සැළකින.එකල ගවුම පා ඇඟිලි ස්පර්ශ වනසේ දික්වූ අඳුමක් ලෙස පැවතින.පසුව වික්ටොරියානු සංස්කෘතිය අභාවයට යාමත් සමග විවිධ විලාසිතා අනුව ගවුම් නිමැවිනි.වර්තමානයේ වික්ටොරියානු සංස්කෘතියේ මෙන් දෙපා ඇඟිලි දක්වා දික්වූ දිග ගවුම් වෙනුවට කොටට පහසුවට නිමවූ ගවුම් දක්නට ඇත.
  • 17 වන සියවසයේ දී ගවුම එඩේරුන් කම්කරුවන් ගොවිපල් හිමියන් ගොවියන් වැනි වැඩකරන ජනයාගේ ඇඳුමක් ලෙස බ්‍රිතාන්‍යයේ භාවිත විය.සාමාන්‍යයෙන් මෙම වැඩකරන ජනයා හැදි ගවුමේ තරමක් විශාල කොලරයක් දක්නට ලැබුනි.
  • 18 වන සියවසයේදී බ්‍රිතාන්‍ය හා ඇමරිකා ජාතික පුරුෂයන් දඩයම් කිරීමට යාමේදී හා එවැනි දුහුබැඳයාම් වලදී ගවුමක් හැඳ සිටියක. එයට හේතව වන්නට ඇත්තේ වනාන්තරයක ආදී බාධක සහිත මගක යාමේදී මෙය පහසු අඳුමක් නිසාය.18 වන සියවසයේ දී කම්කරුවන් ඇඳි ගවුම ඉදිරි පසින් පැලු ඇඳුමක් ලෙස සකස්විය.19 වන සියවසයේ දී මෙය කබායක් ලෙස සකස්විය.ඉහළ රැකියා කල පුද්ගලයන්ගේ කබායට පසුව පළල් කොළරයක් සාක්කු සහිත ඇඳුමක් ලෙස පරිණාමය විය. .

කම්කරුවන් ඇඳි ගවුම 18 වන සියවසයෙන් පසු කබාය දක්වා පරිණාමය වෙද්දී කාන්තාවන් ඇඳි ගවුම 20 වන සියවස දක්වා වික්ටොරියානු සංස්කෘතියතුල කාන්තාවන්ගේ සහ ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස යුරෝපා සමාජයේ පැවතින.ගවුමේ භාවිතයන් කිහිපයක් මෙසේය

  • කාන්තාවන්ගේ් හා ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස.[1][2]
  • කුඩා දරුවන්ගේ සැහැල්ලු ඇඳුමක් ලෙස.
  • නැවියන් හා ධිවරයන් ගේ ඇඳුමක් ලෙස.
  • පුරුෂයන් විසින් භාවිත කළ ගවුමක්
    නැවියන්ගේ විශේෂ ඇඳුමක් ලෙස.

වර්තමාන භාවිතයන්

යුරෝපයේ සම්භවය වූ ගවුම ක්‍රමයෙන් ලෝකයේ සෑම මහද්වීපයකටම විසරණය විය.විශේෂයෙන් යුරෝපා යටත්විජිතකරණයත් සමග යටත් විජිතවලට ලැබිණි.වර්තමානයේ පවතින ගෝලීයකරණයේ ප්‍රථිපලයක් ලෙස විශේෂයෙන් බලවත් ජාතීන්ගේ සංස්කෘතික අංග වේගයෙන් විසරණය වීම සිදුවේ.අද වනවිට විශේෂයෙන් කාන්තාවන් හා ගැහැණු ළමුන්ගේ ඇඳුමක් ලෙස විවිධ විලාසිතා අනුව හැඩගැන්වූ ගවුම් දැකිය හැකිය.මුල් යුගයේ කාන්තාවන් ඇදි ගවුම පළල් කරක් සහිත බිම ගෑවෙන පමණ දික්වූ ඇඳුමකි.එහි ඉණෙන් පහළ කොටස රැළි ගන්වා තිබිණ.අත් දිගට හෝ කොටට හැඩගන්වා තිබිණ.එහෙත් වර්තමානයේ ඉතා කෙටි ගවුම් දැකිය හැකිය.දණින් මදක් උස් වනසේ හැඩ ගැන්වූ ගවුම් වර්තමානයේ දක්නට ලැබේ.පෙර පැවති පළල් කොළරය වෙනුවට පටු කොළරයක් හෝ කොළරයක් කොහෙත්ම නැති ගවුම් ඇත.අත් පිහිටා නැති ගවුම්ද ආදී වශයෙන් විවිධ නවීකරණයන්ට අදවනවිට ගවුම භාජනය වී ඇත.

පිංතූර ගැලරිය

මූලාශ්‍ර

යොමුව

  • Oxford English Dictionary
  • Picken, Mary Brooks: The Fashion Dictionary, Funk and Wagnalls, 1957.
  • Walker, George: The Tailor's Masterpiece: All Kinds of Coats, 1838 revised edition, reprinted by R.L. Shep, 2001. ISBN 0-914046-28-4.
  • Waugh, Norah: The Cut of Men's Clothes 1600–1900, Routledge, 1964. ISBN 0-87830-025-2.

බාහිර යොමු

"https://si.wikipedia.org/w/index.php?title=ගවුම&oldid=591895" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි