ඇඳුම්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇඳුම් යනු මනුසත් ජීවියා තම විලි වසා ගැනීම සඳහා භාවිතා කරනු ලබන රෙදිපිළි, සත්ව හම්, ශාක පත්‍ර වැනි අමුද්‍රව්‍ය මඟින් සාදාගන්නාදේ වේ. පුරාණයේ විසූ ආදීවාසීන් තම විලි වසා ගැනීමට මෙන්ම දඩයමේ යාමට සත්ව හම්, ශාක පත්‍ර සහිත අතු මඟින් සාදාගත් පිළි භාවිතයට ගැනීය. පෙර කල්හි පිරිමි සහ ගැහැනු උඩුකය පමණක් ආවරණය කරගනු ලැබීය. ඔවුන් බොහෝ විට වනගතව සිටි බැවින් ශාක පත්‍ර යොදා සාදාගත් ඉන දවටනයක් වැනි යමක් නිර්මාණය කරගනු ලැබීය. මේවා බොහෝවිට පිරිමි පාර්ශ්වය භාවිතා කළේය. එයට හේතුව සතුන් දඩයම් කිරීම සඳහා පරිසරය සමඟ අනුවර්තනය වීමට විය හැක. මෙසේ දඩයම් කළ සතුන්ගේ හම් නොබෝ කලකදී ඔවුන්ගේ ශරීරය වසා ගැනීය.

මිනිසා විවිධ අවශ්‍යතා උදෙසා ඇඳුම් භාවිත කරයි.මුල්ම යුගයේ මානවයා දේශගුණිකා කාලගුණික උපද්‍රවයන්ගෙන් ආරක්ෂාවීම සඳහා ඇඳුම් භාවිත කළහ.පසුව සතුන්ගෙන් සිදුවන උපද්‍රව අවමකරගැනීමට වේෂාන්තරණයක් ලෙස භාවිත විය.මෙසේ ගොඩනැගුනු ඇඳුම් භාවිතය මිනිසා ශිෂ්ටාචාරගතවීමත් සමග ඉත දියුණු තත්වයකට පත්විය.වර්තමානයේදී විවිධ අවශ්‍යතා හා උවමනා සපුරාගැනීමට ඇඳුම් භාවිත කරති.විළිවසා ගැනීමට තත්ව සංකේතයක් ලෙස ආරක්ෂාව ලබාගැනීමට අලංකාරය සදහා ආදී වශයෙන් ඇඳුම් භාවිතයේ උපයොගීතාවයන් ඉතා විශාල පරාසයක් දක්වා විහිදී යයි.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

මුල්ම වස්ත්‍ර භාවිතය ආරම්භ වූ බව මානව විදයඥයන් විශ්වාස කරන්නේ පැලෝතියික යුගයේ විසූ හෝමෝ සේපියන්ස් හෙවත් නියැන්ඩතාල් මානවයන් විසින් බවයි.මෙම අවධියේ පැවති අධීක ශීත දේශගුණය නිසා ඇතැම් සතුන් විනාශ වී යන්නට ඇතිබව විද්‍යාඥයන් අනුමාන කරයි.මෙම අවධියේ දී මානවයන් විසින් අධික ශිත දේශගුණයෙන් ආරක්ෂාවීම සදහා තමන් දඩයම්කල සතුන්ගේ සම් පොරවාගැනීමට හුරුවිය.එය ඇඳුම් භාවිතයේ ආරම්භයයි.විලි වසාගැනීමේ අරමුනෙන් ඇඳුම් භාවිතා කරන්නට යොමු වූයේ හෝමෝ සේපියන්ස් සේපියන්ස් හෙවත් නූතන මානවයා විසිනි.

ලෝකයේ දියුණුව සමඟ දිනෙන් දින දියුනු වූ මෙය එක් එක් පාලන සමවලදී විවිධ සොයාගැනූම් වලට ලක්විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සේද, කපු වැනි ශාක කොටස් විපර්‍යාසවලට ලක්කොට මිනිසෙකුගේ ශරීරය මුළුමනින් වැසෙන පරිදි මෙය බිහි විය. පසුකලෙක රාජ්‍ය පාලන සම වලදී පෙරදී මෙන්ම දුබලයා හට වටිනාකමෙන් අවම රෙදිපිළි ද රාජ්‍ය පාලකයන්ට සේද වැනි උසස් පන්තියේ රෙදිපිළි ද හිමිවිය.

ළදරුවෙකු සීත සෘතුවට හැඩ ගැසෙමින්



මිනිසා මුල්වරට ඇඳුම් ලෙස භාවිතකර ඇත්තේ තමන් දඩයම්කළ සතුන්ගේ සම්ය.එය ඔවුන්ට අධික ශීත දේශගුණයෙන් මිදීමට හා වෙනත් සතුන්ගෙන් හා දඩයම් භූමි වල පැවති බාහිර උවදුරුවලින් මිදීමටට ප්‍රයා්ජනවත්විය.පරිසරයට අනුගතවෙමින් වේෂාන්තරණයකට ලක්වීමෙන් විලොපිකයන්ගෙන් ආරක්ෂාවීමට හා තම ගොදුරු රැවටීමට ලක්කර උන්වෙත ගඟාවීමට හැකිවිය.මුල් යුගයේදී වඩාත් පරිසරය හා ගැටුනු පිරිමි මානවයන්ට ඇඳුම් වඩාත් ප්‍රයෝජනවත්විය.සත්ව සම් වලට අමතරව කොළ අතු ගස්වල පට්ටා ඇඳුම් ලෙස භාවිතවිය.මෙමගින් දඩය ම්භුමිතුල මනාව වේෂාන්තරණයට ලක්වීමට මිනිසාට හැකිවිය.වර්තමානයේ පවා ආරක්ෂක හමුදාවල මෙම ක්‍රමය යොදාගනී.සතුරා රැවටීමට ලක්කර ඔවුන් වෙත ලගාවීම හා තම ආරක්ෂව උදෙසා මෙසේ කොළ අතු වලින් සිරුර ආවරණය කරගනී.

පසුව මිනිසා විවිධ කෙඳිවර්ග යොදාගෙන රෙදි විවීමට පුරුදු විය.මිනිසා මුලින්ම මෙසේ කෙඳිවර්ග යොදාගෙන ඇඳුම් නිපදවූ යුගය මීට වසර 40000 දක්වා ඈතට දිවයයි.[1]මෙසේ සත්ව හා ශාකකෙඳි උපයොගී කරගෙන වියනලද වස්ත්‍ර ඉතා ප්‍රාථමික ස්වරූපයක් ගත්හ.මෙම කෙඳි මගින් රෙදි විවීමේ කලාවේ ප්‍රබල සංධිස්ථානයක් වන්නේ කපු නූල් භාවිතයෙන් රෙදිවිවීමට මිනිසාට හැකිවීමයි.ක්‍රිස්තු පූර්ව පන්දාසත් හයදහසත් (5000-6000) අතර කාලයේදී ඉන්දුනිම්න ශිෂ්ටාචාරවාසීන් මුල්වරට කපු කෙඳි ඇසුරින් රෙදිවිවීම ආරම්භකර ඇති බවට සාධක ලැබේ.[2]සිල්ක් හෙවත් සේද රෙදි විවීම මිනිසා ආරම්භ කරන්නේ ක්‍රිස්තු පූර්ව හාරදහසේදී (4000) පමණ හොවැංහෝ නිම්න ශිෂ්ටාචාර යුගයේදීය.[3] පටි පනුවගෙන් ලබාගන්නා කෙඳි ඇසුරින් සේද රෙදි වියනු ලබයි.බැටළු ලොම් ඇසුරින් රෙදි විවීමේ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 1500 දක්වා ඈතට දිවයයිග[4]මේ ආකාරයට කෙඳිවර්ග භාවිතයෙන් රෙදි විවීම කපු සේද හා ලොම් රෙදි විවීම මගින් දියුණුවිය.වර්තමානයේ කෘතිම කෙඳි භාවිතයෙන් රෙදි විවීම සිදුකරයි.

අවස්තා[සංස්කරණය කරන්න]

ඇඳුම් භාවිතය මගින් මිනිසාට සිදුවන ප්‍රයෝජන බොහෝ ඇත.මේ අතර කාලගුණික හා දේශගුණික උවදුරුවලින් ආරක්ෂාවීම ඉතා වැදගත්ය.අධික ශීත දේශගුණයක් පවතින රටවල මිනිසුන් හොදින් ශරීරය ආවරණය වනසේ ඇඳුම් භාවිත කරයි.උදාහරණ ලෙස ධ්‍රැවාසන්න ප්‍රදේශවල මිනිසුන් සත්ව ලොම් හා සේද රෙදි භාවිකර නිපදවූ ඇඳුම් භාවිත කරයි.මෙමගින් සිරුරේ උෂ්ණත්වය ආරක්ෂා කරගැනීමට උපකාරීවෙයි.මිනිසා යනු අචලතාපී සත්වයෙකි එබැවින් ශරීර උෂ්වත්වය නියතව තබාගැනීම මිනිසාට ඉතා වැදගත් කාරනයකි.ඝර්ම කලාපීය දේශගුණයක් පවතිව රටවල මිනිසුන් සිරුරේ උෂ්ණත්වය ඉවත්කර ගැනීම හා දහඩිය උරාගැනීමට පහසුවන අයුරින් කපු නූල් යොදා නිර්මාණය කළ ඇඳුම් භාවිත කරයි.ඝර්ම කලාපීය රටවල මිනිසුන් තරමක් දුරට සිරුර නිරාවරණය ලෙස ඇඳුම් අඳිති.අධික උෂ්ණත්වයක් පවතින මධ්‍යම අප්‍රිකානු රටවල යටිකය පමනක් ආවරණය වනසේ ඇඳුම් සකසා ගනී.ඇඳුම් භාවිතය මගින් සූර්‍යාෙලා්කයෙන් ලැබෙන අහිතකර විකිරණ ආවරණය කරගැනීමට හැකියාව ලැබේ.තවද වාතය මගින් සිරුර වෙත පැමිණෙන දූවිලි වැනි අහිතකර දුව්‍යන්ගේන් සිරුර ආරක්ෂාකර ගැනීමට ඇඳුම් භාවිත කළහැක.

මීට අමතරව සංස්කෘතික සමාජීය ආගමික කාරණා මුල්කරගෙන මිනිසා ඇඳුම් භාවිතය සිදුකරයි.

සංස්කෘතිය[සංස්කරණය කරන්න]

කාලයක් ගතවනවිට මිනිසා ගේ ඇඳුම් භාවිතයේ උපයෝගීතාවය වෙනස්විය.මිනිසා ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග මෙම තත්වය දක්නට ලැබේ.මෙම අවධීන්හි විවිධ ආගම් අභිවාර දර්ශනයන් ගේ පහළවීමත් සමග ඇඳුම් එක්තරා සංස්කෘතිකාංගයක් ලෙස වර්ධනයවෙයි.මුල් යුගයේ ස්ත්‍රී පුරුෂ භාවයˌසමාජ තත්වයˌආගම අදිය මත ඇඳුම් වෙනස් නොවුවද ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීම සමග එය වෙනස්වෙයි.

ලිංගිකත්වය[සංස්කරණය කරන්න]

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන පුද්ගලයන්ගේ ඇඳුම් භාවිතයේ වෙස්වීම් සිදුවූ ආකාරය පැරණී ශීෂ්ටාචාර ඇසුරින් මුල්වරට සාධක ලැබේ.

සමාජ තත්වය[සංස්කරණය කරන්න]

සමාජ තත්වය පදනම් කරගෙන ඇඳුම් භාවිතවූ ආකාරය ඉතා ඈත යුගයට එනම් ගොත්‍රික යුගයන් කරා ඇදී යනබව මානව විද්‍යාඥයන් පවසයි.අදපවා ජීවත්වන ඇතැම් ප්‍රාථමික ජන කණ්ඩායම් තුල සමාජ තත්වය පදනම් කරගෙන ඇඳුම් භාවිතයේ වෙනස්කම් පවතී.උදාහරණ ලෙස ගෝත්‍රික නායකයා කොටි තත් දිවි සම් ආදී පරිසරයේ සිටින භයානක සතුන්ගේ ශරීර කොටස් තම ඇඳුම් හා සම්බන්ධකරගෙන ඇත.ඒ ඔවුන්ගේ වීරත්වය ගාම්භීරත්වය ප්‍රදර්ශනය කිරීමටයි.ගොත්‍රික යුගයෙන් ශීෂ්ටාචාරගත යුගයට පිවිසීමත් සමග මෙම සමාජ තත්වයන් තවත් වර්ධනය විය.සමාජ පංතිය කුලය ආදී පනම්කරගෙන ඇඳුම් භාවිතයේ පැහැදිළි වෙනසක් දක්නට ලැබේ.

ආගම[සංස්කරණය කරන්න]

විවිධ ආගමික ඉගැන්වීම්ද ඇඳුම් භාවිතය කෙරේ ඍජුවම බලපෑම් සිදුකර ඇත.

දේශපාලනය හා නීතිය[සංස්කරණය කරන්න]

ඇතැම් බටහිර රටවල මුළු සිරුරම ආවරණයසේ අඳින බුර්කාව වැනි අඳුම් තහනම්කර ඇත.

ඇඳුම් නිර්මානය[සංස්කරණය කරන්න]

මූල ද්‍රව්‍ය[සංස්කරණය කරන්න]

වර්ථමානයේදී ඇඳුම් නිර්මානය සදහා ප්‍රධාන වශයෙන් මූලද්‍රව්‍ය 04 භාවිතවේ.ඒ කපු පුළුන්ˌපටපණුවගෙන් ලබාගන්නා සේද නූල්ˌබැටළුවන්ගෙන් ලබාගන්නා ලොම් හා ඛනිජ තෙල් නිස්සාරනයෙන් ලබාගන්නා අපද්‍රව්‍ය ඇසුරින් නිපදවන කෘතිම නූල් වේ.

කපු පුළුන්[සංස්කරණය කරන්න]

කපු පුළුන්

කපු පුළුන් යනු කපු ගසේ බීජ සුළග මගින් ව්‍යාප්තවීමට උපකාරවල සියුම් කෙදි විශේෂයකි.නිවර්තන කලාපීය රටවල හොදින් වැඩෙන ශාකයක් ලෙස කපු හදුන්වාදියහැක.අමරිකා අප්‍රිකා යන මහද්වීපවල හා ඉන්දියානු කලාපයේ හොදින් වැඩේ.මිනිසා විසින් මුල්වරට කපු පුළුන් ඇසුරින් රෙදිවිවීම ආරම්භකර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 5000-6000 අතර කාලයේදී ඉන්දුනිම්න ශිෂ්ටාචාර යුගයේදීය.කපු ඇසුරින් නිර්මාණය කරගන්නා ඇඳුම් උණුසුම් දේශගුණයක් පවතින ඝර්ම කලාපීය රටවලට හොදින් ගැලපේ.එමගින් උණුසුම් දේශගුණයක් සහිත තත්වයන්හිදී සිරුරෙන් පිටවන දහඩිය උරාගැනීම හා සිරුරට උෂ්ණත්වය නිසා ඇතිවන හානි වළක්වයි.කෙසේ වෙතත් මෙම කපු පුළුන් ඇසුරින් නිෂ්පාදනය කල ඇඳුම් ඉක්මනින් ජලය උරාගැනීම හා වියලීම සෙමෙන් සිදුවේ.එබැවින් කපු පුඵන් ඇසුරින් නිෂ්පාදනය කරන ඇඳුම් වඩාත් සුදුසු ඝර්මකලාපීය රටවලටය.

සේද නූල්[සංස්කරණය කරන්න]

සේදනූල් නිපදවන්නේ පටිපණු කෝෂයෙන් ලබාගන්නා කෙඳි භාවිතා කිරීමෙනි.මෙම සේද රෙදිවල ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 4000 දක්වා දිවයයි.සේදරෙදි නිර්මානය ආරම්භ කරන්නේ හොවැංහෝ නිම්න ශිෂ්ටාචාරය සමයේ චීන ජාතිකයන් විසින්ය.පටි පණු කීටයා පිළා අවස්ථවේදී සාදනලද පිළා කෝෂයේ ඇති ප්‍රෝටීනමය තත්තු විශේෂයක් සේද රෙදි නිර්මාණයට යොදාගනී.මෙම කොකු පණුවන් මල්බෙරි ශාක පත්‍ර මත තම ජීවන චක්‍රය අරබයි.සේද රෙදි වඩාත් යෝග්‍ය වන්නේ අධික ශීත දේශගුණයක් පවතික සෞම්‍ය කලාපීය රටවලටය.අධික ශිතලෙන් සිරුර ආරක්ෂා කරගැනීමට සේදරෙදි භාවිත කරයි.

බැටළු ලොම්[සංස්කරණය කරන්න]

බැටළු ලොම් ඇසුරින් ඇඳුම් විවීම ආරම්භකර ඇත්තේ ක්‍රිස්තු පූර්ව 1500 දී පමණය.බැටළුවන් හැරුලු විට ඇතැම් ඝණ ලොම් පිහිටා ඇති වෙනත් සතුන්ගේ ලොම්ද රෙදි විවීමට යොදාගනී.බැටළුවන්ගේ අපිචර්මය මත වැඩෙන මෙම ලෝම මගින් අධික ශිත දේශගුණයන්හි වාසය කරන මෙම සතුන්ට අධික ශිතල නිසා ඇතිවන හානි අවම කරයි.මෙම ලෝම වැස්ම භාවිතකර මිනිසා විසින්ද අධික ශිතලෙන් ආරක්ෂාවීමට ඇඳුම් මැසීම සිදුකලහ.ලොම් රෙදි වඩාත් ජනප්‍රියව පවතින්නේ සෞම්‍ය කලාපීය දේශගුණයක් ඇති රටවලයි.ලොම් කර්මාන්තය බහුලව සිදුවන රාජ්‍ය ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.මීට අමතරව චීනය එක්සත් ජනපදය නවශ්‍රීලංතය ආජන්ටිනාව දකුණු අප්‍රිකාව වැනි රටවලද ලොම් රෙදි නිර්මානය කරයි.

කෘතිම නූල්[සංස්කරණය කරන්න]

ආර්ථිකය[සංස්කරණය කරන්න]

සමාජ විද්‍යාව[සංස්කරණය කරන්න]

එකම පුද්ගලයා විවිධ තත්වයන් නිරූපනය කරයි

සමාජ විද්‍යඥයන්ට අනුව මිනිසා සමාජ තත්ව හා කර්‍යභාරයට අදාලව තත්ව සංකේතයක් ලෙස ඇඳුම් යොදාගනී.සමාජ විද්‍යාවට අනුව ඕනෑම මානව සමාජයක පිළිවෙලක් දක්නට ලැබේ.සමාජයක විවිධ සමාජිකයන් අතර ඇති සමාජ සම්භන්ධතා සහ සමාජ ක්‍රියාකාරකම් සාමාන්‍යයෙන් අනුකලනයවී පවතී.ඔ්නෑම සමාජයක් ඒ ඒ තත්වයන් හා තත්වයට අදාල අපේක්ෂිත හැසිරීම් කට්ටලයක් දක්නට ලැබේ.කිංස්ලි ඩේවිඩ් නම් සමාජ විද්‍යාඥයා ප්‍රකාශ කරන ආකාරයට සමාජයක සාමාජිකයන් නිරූපනය කරන තත්වයට අදාලව සංකේතයක් ලෙස ඇඳුම් භාවිත කරයි.මෙමගින් ඒඒ අවස්ථාවේ පුද්ගලයා නිරූපනය කරන තත්වය ඇඳුමින් ප්‍රකාශ කරයි.සමාජයක ජීවත්වන එකම පුද්ගලයා වුවද විවිධ සමාජ තත්වයන්ට මුහුණ දෙයි.උදාහරණ ලෙස එක් පුද්ගලයෙකු ගත හොත් ඔහු තම නිවසේදී පුතා ලෙසද වීශ්ව විද්‍යාලයේදී උපාධි අපේක්ෂකයෙකු ලෙසද මාර්ගයේ යනවිට මගියකු ලෙසද වෙළදසැලට ගියවිට පාරිභෝගිකයෙකු ලෙසද කුල පරම්පරාව අනුව ගොවිගම කුලයට අයත් අයකු ලෙසද ජන්දපොළේදී ඡන්දදායකයෙකු ලෙසද මහා සමාජයේදී සිංහල ජාතිකයෙකු ලෙසද ආදී වශයෙන් එකම පුද්ගලයා විවිධ තත්වයන් නිරෑපනය කරයි.මෙම ආරෝපිත හා සාධිත තත්වයන් මත ඒ තත්වයට අදාල භූමිකාව රංගනයේදී එයට අදාල තත්ව සංකේතය ලෙස ඇඳුම් වෙනස් වෙයි.උදාහරණ ලෙස රැකියාවලට ආවේණික නිල ඇඳුම් බොහෝ රැකියාවල භාවිත කරයි.

මේවාත් බලන්න[සංස්කරණය කරන්න]

මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

යොමුව[සංස්කරණය කරන්න]

  1. http://web.archive.org/web/20070304054636/http://www.sciencenews.org/articles/20030823/fob7.asp
  2. https://en.wikipedia.org/wiki/Cotton
  3. https://en.wikipedia.org/wiki/History_of_silk
  4. https://en.wikipedia.org/wiki/Wool#cite_note-18
"https://si.wikipedia.org/w/index.php?title=ඇඳුම්&oldid=396924" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි