ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලාංකීය දෙමළ සාහිත්‍යය හෝ ලාංකීය දෙමළ සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ වර්තමාන ශ්‍රී ලංකා දේශය තුල වෙසෙන, ශ්‍රී ලාංකීය දෙමළ ජනයා, ශ්‍රී ලංකාවේ ‍ඉන්දියානු දෙමළ ජනයා හා ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනයා වැනි දෙමළ බස කතා කරන විවිධ ප්‍රජාවන් අතින් එලිදැක්වෙන දෙමළ සාහිත්‍යය කෘතිනටය. එහි ජනප්‍රවාදගත සම්භවය ලෙස දැක්වෙන සංගම් සමයෙන් ඇරඹී, මධ්‍යතන යුගයේදී යාපන රාජධානියේ රාජසභා තුල පැවතී, එතැන් සිට නූතන යුගය දක්වා විහිදී යන ඉතිහාසයක් එයට ඇත.

සම්භවය[සංස්කරණය]

ජනප්‍රවාදයන්ට අනුව, 'ශ්‍රී ලාංකික දෙමළ සාහිත්‍යයහි සම්භවය සංගම් සමය දක්වා එනම් ක්‍රියුපූ 200 සිට ක්‍රියු 600 දක්වා කාලසීමාවට දිනයනය කෙරේ. ඊලත්තු පූදන්දේවනර් නම් කවියා මෙම කාල සීමාවෙහි දෙමළ කවියෙකු ලෙස විශ්වාස කෙරේ.[1] 11 වන සියවස පමණ කාලයේදී චෝල අධිරාජ්‍යය විසින් ගොඩනැගූ හින්දු දේවාල වල හින්දු දේවතාවන් ගුණ ගැයෙන පැදි ලියා තිබූ බව කියැවේ.

මධ්‍යතන අවධිය[සංස්කරණය]

දෙමළ සාහිත්‍යයේ මධ්‍යතන යුගය එලිදැක්වුනේ දේශීය යාපන රාජධානියේ රාජ සභා තුලය. ජයවීර සිංගයියාරියන්ගේ රාජ්‍ය සමයෙහිදී, වෛද්‍ය විද්‍යාවන් පිළිබඳ (සෙගරාජසේකරම්), ජ්‍යෝතිෂය පිළිබඳ (සෙගරාජසේකරමලයි)[2][3] සහ ගණිතය පිළිබඳ (කනකතිකරම්) කෘතීන් කරිවයියා විසින් රචනා කරන ලදි.[3] කුණවීර සිංගයියාරියන්ගේ පාලන සමයෙහිදී, වෛද්‍ය විද්‍යාව පිළිබඳ කෘතියක් වන පරරාජසේකරම් නම් කෘතියෙහි සම්පාදනය නිම කරන ලදි.[3] සිංගයි පරරාසසේකරන්ගේ පාලන සමයෙහිදී, දෙමළ භාෂාවෙහි ව්‍යාප්තිය උදෙසා පුරාතන දෙමළ සංගම්හි මාදිලියෙහි ශාස්ත්‍රාලයක් නල්ලූර් හිදී පිහිටුවන ලදි. පුරාතන කෘතීන් රැස් කොට ඒවා සංරක්‍ෂණය කොට අත්-පිටපත් ලෙසින් [3] සරස්වතී මහල් නම් වූ පුස්තකාලයෙහි තැන්පත් කෙරුමෙන් මෙම ශාස්ත්‍රාලයය ඵලදායී සේවාවක් සිදු කල බව කිවමනාය. සිංගයි පරරාසසේකරන් ගේ ඥාති සහෝදර අරසකේසරී විසින් රඝුවම්ස නම් සංස්කෘත සම්භාව්‍ය කෘත්‍යය දෙමළ බසට පරිවර්තනය කර ඇත.[2] යුරෝපියානු යටත් විජිතවාදීන් ගේ ආගමනයට පෙර සම්පාදනයවූ ඓතිහාසික සාහිත්‍ය කෘතීන් අතර, වයියපුරි අයියාර් විසින් රචිත, වයියපටල් ප්‍රචලිතය.[3][4]

යටත්විජිත අවධිය[සංස්කරණය]

මෙයද බලන්න: යාපනය රාජධානිය පෘතුගීසින් විසින් යටත් කර ගැනීම, ලන්දේසි ලංකාව, සහ බ්‍රිතාන්‍ය ලංකාව

පෘතුගීසි හා ලන්දේසි යටත්විජිත යුගයන්හීදී (1619–1796) ඔවුන්ගේ සාහිත්‍යමය අවශ්‍යතාවයට අනුකූලතා දැක්ම සිදුවිය; ක්‍රිස්තියානු ධර්මදූත කටයුකු වලට අනුකූලතා දැක්මට සාහිත්‍යය භාවිකා කල අයවළුන් අතර පළමුවැන්නා ලෙස දන්නේ මුතුකුමාර කවිරාජර් (1780–1851) ය. මෙයින් පසුව ග්‍රන්ථ කිහිපයක් රචනය කොට ප්‍රකාශයට පත් කල ආරුමුග නවාලාර් (1822–1879) ගේ සාහිතම්‍ය කටයුතු ගෙනහැර පෑ හැකිය . [1] එංගලන්ත සභාව, ඇමරිකානු ලංකා සභාව සහ මෙතෝදිස්ත සභාවන් විසින් 19 වන සියවස් අවසන් භාගය වන තුරු එක්ව ධර්මදූත කටයුතු සිදුකල කාලසීමාවෙහිදී නූතන අධ්‍යාපනය පැතිරීමද පරිවර්තන කටයුතු පුළුල් වීමච සිදු වූ බව නිරික්ෂණය කල හැකිය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "50 ඉයර්ස් ඔෆ් ශ්‍රී ලංකන් ටැමිල් ලිට්රිචර්" (html). කාර්තිගේසු සිවතම්බි. සම්ප්‍රවේශය 2008-03-25. 
  2. 2.0 2.1 කොඩ්රිංටන්, එච්., සිලෝන් කොයින්ස් ඇන්ඩ් කරන්සි, පිටු.74
  3. 3.0 3.1 3.2 3.3 3.4 ගුනසිංහම්, එම් ශ්‍රී ලංකන් ටැමිල් නැෂනලිසම්, පිටු.64-65
  4. නඩරාජන්, වී හිස්ට්‍රි ඔෆ් සිලෝන් ටැමිල්ස්, පිටු.80-84