නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යටත් විජිත යුගයේ ලේඛනවලින්ද දේශීය ලියවිලිවලින් සහ දේශීය පුරාවෘත්තයන් මගින්ද නැගෙනහිර දෙමළ ජනතාවගේ ඉතිහාසය පිළිබඳ තොරතුරු හෙලිදරව් වේ. ශ්‍රි ලාංකික දෙමළ ප්‍රජාව ඔවුන්ගේ ව්‍යවහාර කරන භාෂාව සහ වෙනත් සිරිත් විරිත් අනුව උතුරු, නැගෙනහිර හා බටහිර වශයෙන් උපකාණ්ඩවලට බෙදී ඇත. නැගෙනහිර දෙමළ ජනතාව නමින් හැඳින්වෙන කොටස් ත්‍රීකුණාමලය, මඩකලපුව හා අම්පාර යන දිස්ත්‍රික්කවල පදිංචිව සිටිති.

මුල් ජනාවාස[සංස්කරණය කරන්න]

තමිල්නාඩුවේ සහ ශ්‍රි ලංකාවේ ජනතාව ඵකම සංස්කෘතියක කොටස්කාරයන් වූ බව බටහිර වෙරළේ පොම්පරිප්පුහිදී සහ නැගෙනහිර වෙරළේ කදිරවේලිහිදී කරන ලද මහා ශිලා යුගයට අයිති සුසාන භූමි කැනීමේදි ලැබෙන තොරතුරුවලින් හෙලිවේ. මේවා ක්‍රි.පූ දෙවැනි ශත වර්ෂයේ සිට ක්‍රි.ව දෙවැනි ශත වර්ෂය දක්වා කාලයට අයත් වේ.

දෙමළ ජනතාව ශ්‍රී ලංකාවේ පදිංචි වූයේ කුමන කාලයේදීදැයි නිවැරදි තොරතුරක් නොලැබෙන නමුදු දිගින් දිගටම සිදුවූ දකුණූ ඉන්දීය ආක්‍රමණවලින් පසු (පළමු ශත වර්ෂයේ සිට 13 වෙනි ශත වර්ෂය දක්වා) ඵය සිදුවන්නට ඇත. ඵමෙන්ම දෙමළ බස කථා කරන ජනයා උතුරු සහ නැගෙනහිර මුහුදුබඩ පෙදෙස්වල පදිංචි වන්නට ඇත. 13 වෙනි ශත වර්ෂයවන විට දෙමළ රජෙකුගේ පාලනයක් ද සහිතව දෙමළ හින්දු සමාජයක් යාපනය අර්ධද්විපය තුළ ඇති වූයේ ඵ් වන විට වියළි කලාපයේ තිබූ සිංහල රාජධානිය පිරිහීමට ලක් වූ හෙයිනි. ඵකොළොස්වෙනි සහ දොලොස්වෙනි ශත වර්ෂය වන විට නැගෙනහිර පළාතේ ඉහළ පෙදෙසෙහි දෙමළ ජනාවාස ආරම්භ වුණි.

ශ්‍රි ලාංකික දෙමළ වැසියන්ගේ ජනවාර්ගික බෙදීම නැගෙනහිර ත්‍රීකුණාමලය 34.3% ක්ද මඩකලපුවේ 70.8% ක්ද අනුරාධපුරයේ 18.4% ක්ද විය.

නැගෙනහිර දෙමළ ජනතාව ඌර්පොඩියාර් ආශ්‍රිතව ඵය මූලස්ථානය කොට වැඩසටහන් සංවිධානයන් ගම්මට්ටමින් පවත්වාගෙන ගිය අතර කුඩි නම් ක්‍රමය මගින් අන්තර් ක්‍රියාවන් පාලනය විය. උඩරට රාජධානියේ පාලනය යටතේ නාමික වශයෙන් පත්කරනු ලැබූ වන්නිමෛ නම් ප්‍රධානීන් මගින් දේශපාලනික වශයෙන් සංවිධානය වූහ. වඩා වැදගත් සමාජ කොටසක් වූයේ මුක්කුවර්වරුය. ඔවුන්ගේ සම්භවය දකුණු ඉන්දියාවෙහිය. යනුවෙන් කෝකිල සංදේශය රචනා කරන ලද සමයේදී මොවුන් ගැන සඳහන් කිරීමේදී "මුක්කුර හටන" යනුවෙන් සඳහන් කර ඇති අතර ඵ් කාලයේදී වරින්වර ලංකාව ආක්‍රමණය කර ඇත. දෙමළ ජනතාව නැගෙනහිර ශ්‍රි ලංකාවට පැමිණීම සහ පදිංචි වීම සම්බන්ධව මට්ටක්කලප්පු මාන්මියම් හී විස්තර සඳහන් කර ඇත.

දේශීය මූලාශ්‍ර[සංස්කරණය කරන්න]

‍මට්ටකලප්පු මාන්මියම් යනු සත්‍ය වශයෙන්ම බැලු කළ මඩකලපුව දිස්ත්‍රික්කයේ මුක්කුවාවරුන්ගේ ජනාවාස පිළිබඳව ඔවුන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලු කථාවයි. ඵයින් ස්ථාන නාම පිළිබඳව නිරුක්ති පැහැදිලි කරන අතර මුක්කුවාවරු ගැන පුරාවෘත්තවල සඳහන් තොරතුරු හා ඵෙතිහාසික කරුණු ඵකට සම්බන්ධ කර ඇත. එහි පාවිච්චි කර තිබෙන භාෂාව ගැන පරීක්ෂා කරන විට පැහැදිලි වන්නේ ඵය කර්තෘවරුන් කීප දෙනෙකු විසින් කාලයක් තිස්සේ කරන ලද කාර්යයන්හි ඵකතුවක් ලෙසයි.

මාන්මියම්වලට අනුව මුක්කුවාවරු පැමිණ ඇත්තේ පාන්ඩ්‍ය දේශයෙනි. ඵය වර්තමාන ඉන්දියාවේ තමිල්නාඩුවයි. ඔවුන් නැගෙනහිරට පැමිණීමෙන් පසු මධ්‍යගත ගම් හතක් පිහිටුවා ගත්හ. ඵසේ පිහිටුවා ගැනීමෙන් පසු ඔවුහු ධීවර කර්මාන්තයට සම්බන්ධ "තමිලර්" නම් කුලයේ අය සමග ආරවුල් ඇති කර ගත්හ. තමිලර් කුලයේ අය නැගෙනහිර මෙන්ම උතුරේද සිටිති. මුල්ම ජනාවාසය හඳුන්වන ලද්දේ "තමිලතිව්" වශයෙනි. මාන්මියම්වලට අනුව ඵතැන බලකොටුවක් තිබී ඇත. ඔවුහු වලෛ කත්තිරවු නැමැති ධීවර ජනාවාසයේද පදිංචි වී දැල් යොදා විශාල ලෙස මාළු අස්වනු ලබා ගත්හ. "වලෛ" යනු දෙමළ භාෂාවෙන් දැල යන අර්ථයයි. ඉන් පසු ධීවර කර්මාන්තය හා සම්බන්ධ අර්බුද (තිමිලර් අය සම්බන්ධයෙන්) මහත් විනාශයක් කරා ක්‍රමයෙන් වර්ධනය වූ අයුරු මාන්මියම් විස්තර කරයි.

ඉන්දියාවේ සිට මඩකලපුවට පැමිණි තවත් ජනවර්ගයක් වූ පට්ටනියර්වරුන්ගේ උදව් ලබා ගෙන ඔවුහු තිමිලර්වරු පරාජය කර එලවා දැමූහ. ඵසේ එලවා දැමුයේ වෙරුගල් නැමති ප්‍රදේශයටයි. ඵම ස්ථානය මඩකලපුව හා ත්‍රිකුණාමලය අතර මායිමේ පිහිටි ගම්මානයකි. මෙම පට්ටනියර්වරු දකුණු ඉන්දියාවෙන් වෙළඳ කටයුතු සඳහා පැමිණි මුස්ලිම් පිරිසක් යයි විශ්වාස කෙරේ.

සමහර ගම්වල නම් ඵකී යුද්ධය සිහිපත් කරන ස්මාරක යයි හැඟේ. වර්තමාන මඩකලපුවට ආසන්නයේ තිබෙන "සතුරු කොන්ඩන්" නැමති ගමට තබා ඇති නමෙහි දෙමළ අර්ථය "සතුරන් මරන ලද ස්ථානය" යන්නයි. තමිලර්වරු පලවා හැරි වීරයන් ආපසු පැමිණ ඵකට හමු වූ ස්ථානය "සන්දිවෙල්ලි" නමින් හැඳින්වේ. ඵම වීරයින් ජයග්‍රහණය සැමරූ ස්ථානයත් ගිමන් හැරී ස්ථානයත් හඳුන්වන ලද්දේ"වන්දාරුමූලෙයි" නමිනි. මෙම ස්ථානයේ වර්තමාන නැගෙනහිර විශ්ව විද්‍යාලය පිහිටුවා ඇත.

තිමිලර්වරුන්ගේ ආපසු පැමිණීම වැළැක්වීමට මුස්ලිම්වරු උදව් කළ ස්ථානය හා මුක්කුවර්වරුන් පදිංචි ස්ථානය හඳුන්වන ලද්දේ "එරාවුර්" නමිනි. මෙම නම සෑදී ඇත්තේ එරාදු (ආපසු ගමන වැළැක්වීම) සහ ඌර් (ගම හෝ ස්ථානය) යන වචන ඵක් වීමෙනි. මෙම එරාවුර් ගම අද මුස්ලිම් බහුතරයක් වෙසෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ ගමකි.

තවත් සමාජ කණ්ඩායමක් වූ වෙල්ලාලවරුන් නැගෙනහිර පදිංචියට පැමිණීම පිළිබඳව ඔවුන්ගේම කුලයට ආවේනික වූ පරම්පරාගත කථා තිබේ. වෙල්ලාලයන් කියන්නේ ඔවුන් පැවත එන්නේ ලංකාව ආක්‍රමණය කළ මාඝගේ (1215 - 1236) සෙබලුන්ගෙන් බවයි. කුතුහලය දනවන කාරණයක් වන්නේ යාල්පානම් වෛපව මාලෙයි කතුවරයා සහ වෙනත් උගතුන් කියන අන්දමට යාපනය රාජධානිය ආරම්භ වීමට හේතු භූත වී ඇත්තේද ඔහුය යන්නයි. මාඝ යනු වර්තමාන ඉන්දියවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් පැමිණි ආක්‍රමණිකයෙකි. ඔහුගේ හමුදාවට භටයින් බඳවා ගෙන ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. ශ්‍රී ලංකා සාහිත්‍ය කෘතිවල මාඝගේ ආක්‍රමණය ගැන විස්තර කර තිබෙන්නේ 'වියළි කලාපීය ශාස්ත්‍රීය සිංහල ශිෂ්ටාචාරයක් ඇති නොවීමට ප්‍රධාන හේතුව වන්නට ඇත්තේ මාඝගේ ආක්‍රමණයයි' යනුවෙනි.