ශ්‍රී ලංකාවේ බෝධිසත්ත්ව ප්‍රතිමා
වර්තමානයේ ථේරවාදී බෞද්ධ රාජ්‍යයක් වුව ද, අතීතයේ ශ්‍රී ලංකාව තුළ මහායාන සංකල්ප අනුව බෝධිසත්ත්ව ප්‍රතිමා වන්දනය ද සිදුව ඇත. එහි දී බුදුන් වහන්සේට දෙවැනි වන වන්දනා ක්‍රමයක් ලෙස බෝධිසත්ත්ව වන්දනාව අනුරාධපුර රාජධානි යුගයේ දී ශ්‍රී ලංකාව පුරාම ජනප්‍රියව පැවති බවට සාක්ෂි ලැබේ.[1] මේ බව වර්තමානයේ දක්නට ඇති බෝධිසත්ත්ව ප්‍රතිමා අනුව වටහාගත හැක.
ඉතිහාසය
[සංස්කරණය]අනුරාධපුර රාජධානියේ මධ්‍ය භාගය වන විට බෝධිසත්ත්ව වන්දනාව ශ්‍රී ලංකාව තුළ බෙහෙවින් ප්‍රචලිතව පැවතිණි.[2] මුල් අවධියේ ශ්‍රී ලංකාවේ බුදු දහම තුළ ථෙරවාදී අදහස් මුල්බැසගෙන තිබුණ ද, පසුකාලීනව මහායාන සංකල්ප ද වර්ධනය විය. එහි දී බෝධිසත්ත්වවරුනට ප්‍රධාන ස්ථානයක් හිමි විය. අනුරාධපුර යුගයේ මහාසේන රජ සමයේ බෝධිසත්ත්ව ප්‍රතිමා ඉදිවූ බැව් සඳහන් වේ.[1] එසේම ධාතුසේන රජු (ක්‍රි.ව. 459–477) විසින් මෛත්‍රෙය බෝධිසත්ත්ව[3] ප්‍රතිමාවක් ඉදිකළ බැව් සඳහන් වේ. අනුරාධපුර යුගයට අයත් ශිලා ලිපි කිහිපයකම අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් පිළිබඳ සඳහන් වේ.[1]
ක්‍රි.ව. 7–10 දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ මහායාන බුදු දහම ප්‍රබලව ව්‍යාප්තව ගොස් තිබී ඇත.[1] මේ යුගයට අයත් බෝධිසත්ත්ව ප්‍රතිමා සහ කැටයම් රාශියක් හමුවීමෙන් මේ බවට සාක්ෂ්‍ය ලැබේ. පළමුවන දප්පුල රජු රුහුණේ රියන් පහළොවක් උසැති මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් තැනවූ බැව් සඳහන් වේ.[3] මෙය වර්තමානයේ ප්‍රතිසංස්කරණයන්ට ලක්කොට පිහිටුවා ඇති දඹේගොඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව විය හැකි යැයි විශ්වාස කෙරේ.[1] මෙය එකල ශ්‍රී ලංකාවේ මෛත්‍රෙය බෝධිසත්ත්ව වන්දනාව ප්‍රචලිතව පැවති බවට මනා නිදසුනකි.
ගම්පොළ යුගයේ දී හතරවන බුවනෙකබාහු රජු විසින් ලංකාතිලක විහාරයේ මෛත්‍රී බෝධිසත්ත්ව සහ නාථ ප්‍රතිමා තැනවූ බවත්, කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් රිදී විහාරයේ මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමාවක් තැනවූ බවත් සඳහන් වේ. ක්‍රි.ව. 1780ට අයත් දඹුලු විහාර තුඩපතෙහි සඳහන් වන මෛත්‍රෙය සහ නාථ බෝධිසත්ත්ව ප්‍රතිමා දඹුලු විහාරයේ මැද දොරටුවට මුහුණලා පිහිටි බුද්ධ ප්‍රතිමාව දෙපස ත්‍රීමූර්තියක් සේ දක්නට ලැබේ.[1]
ප්‍රභේද
[සංස්කරණය]ශ්‍රී ලංකාවෙන් බෝධිසත්ත්ව ප්‍රතිමා මෙන්ම බෝධිසත්ත්වවරියන්ගේ ප්‍රතිමා ද හමුවී තිබේ. මෙහි දී අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ ප්‍රතිමා ප්‍රධාන වේ.[2] එසේම අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන්ගේ ශක්තිය ලෙස සැලකෙන තාරා දෙවඟනගේ ප්‍රතිමා ද ගණනාවක් හමුව තිබේ. මේ අනුව තාරා දෙවඟන වන්දනාව ද එකල ශ්‍රී ලංකාවේ ජනප්‍රියව පැවති බැව් පෙනේ.[4] අවලෝකිතේශ්වර ප්‍රතිමා හැරුණු විට මෛත්‍රෙය බෝධිසත්ත්ව ප්‍රතිමා ද සුලබව දක්නට ලැබේ. එසේම වජ්‍රපාණී සහ මංජු ශ්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමා ද හමුව තිබේ.
මාධ්‍ය සැලකූ විට බෝධිසත්ත්ව ප්‍රතිමා නිර්මාණය සඳහා ලෝකඩ, කළුගල් මෙන්ම ඇත්දත් ද භාවිතා කොට තිබේ.
නිදසුන්
[සංස්කරණය]වර්තමානයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති අනුරාධපුර යුගයට වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ශ්‍රී ලංකාවෙන් හමුවූ අනර්ඝතම බෝධිසත්ත්ව ප්‍රතිමාව ලෙස සැලකේ.[2] ලෝකඩ මාධ්‍යයෙන් නිමවූ මෙය මාන ව්‍යවච්ඡේද ලක්ෂණ පවා මැනවින් නිරූපණය කොට තිබේ. එසේම දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් හමුවූ තාරා දෙවඟනගේ ප්‍රතිමාව ද අග්‍රගන්‍ය කලා කෘතියකි.[4][5] මේ හැරුණු විට අඩි 33ක් උසැති දඹේගොඩ අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව ප්‍රතිමාව ද ප්‍රකට ය. බුදුරුවගල ප්‍රතිමා අතර අවලෝකිතේශ්වර, මංජු ශ්‍රී සහ තාරා දෙවඟනගේ ප්‍රතිමා දක්නට ලැබේ.[1] වැලිගම කුෂ්ටරාජගල බෝධිසත්ත්ව ප්‍රතිමාව ද ශ්‍රී ලංකාවේ දක්නට ඇති ප්‍රකට බෝධිසත්ත්ව ප්‍රතිමාවකි.[1] එසේම වර්තමානයේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ක්‍රි.ව. 8-9 සියවසට අයත් කුරුණෑගල ප්‍රදේශයෙන් හමුවූ හිඳි තාරා ප්‍රතිමාව ද විශිෂ්ට කලා ලක්ෂණවලින් යුක්ත ය.[6]
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ a b c d e f g h සනත් ධර්මබන්දු (2011). "බෝධිසත්ත්ව ප්‍රතිමා සහ වෙනත් ප්‍රතිමා". චිත්‍ර හා මූර්ති කලාව. සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම. ISBN 955211571X.
- ^ a b c රංජිත් හේවගේ (2012). "වෙහෙරගල අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව මූර්තිය". විස්මිත අතීත උරුමයන්. සුසර ප්‍රකාශකයෝ. ISBN 9789556761658.
- ^ a b නන්දදේව විජේසේකර (1997). "සොයාගැනීම්වල ඉතිහාසය". පැරණි සිංහල ප්‍රතිමා ශිල්පය. සීමාසහිත එම්. ඩී. ගුණසේන සහ සමාගම. ISBN 955210651626981.
{{cite book}}
: Check|isbn=
value: length (help) - ^ a b රංජිත් හේවගේ (2012). "තාරා දෙවඟන මූර්තිය". විස්මිත අතීත උරුමයන්. සුසර ප්‍රකාශකයෝ. ISBN 9789556761658.
- ^ Statue of Tara, Highlights, British Museum, accessed 9 December 2013
- ^ රංජිත් හේවගේ (2012). "හිඳි තාරා මූර්තිය". විස්මිත අතීත උරුමයන්. සුසර ප්‍රකාශකයෝ. ISBN 9789556761658.