දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව

විකිපීඩියා වෙතින්
(දඹේගොඩ බෝධිසත්ත්ව ප්‍රතිමාව වෙතින් යළි-යොමු කරන ලදි)

දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව ප්‍රතිමාව (අවලෝකිතේශ්වර නාථ පිළිමය) ශ්‍රී ලංකාවේ මොණරාගල දිස්ත්‍රික්කයේ මාළිගාවිල විහාර භූමියේ දඹේගොඩ පිහිටා තිබේ. මෙරට මහායාන බුදු දහම පැතිරයාමත් සමග ගොඩනැංවෙන්නට ඇතැයි විශ්වාස කෙරෙන මෙම ශෛලමය ප්‍රතිමාව[තහවුරු කර නොමැත] විභූෂණ (ආභරණ සහිතව) ආකාරයෙන් නිර්මාණය කල අවලෝකිතේශ්වර බෝධිසත්ව ප්‍රතිමාවක් සේ සැළකේ.[1]

ඉතිහාසය[සංස්කරණය]

මෙම ප්‍රතිමාව පළමුවන දප්පුල රජු විසින් ඉදිකරන ලද්දක් බැව් සැළකේ.[2]

ප්‍රතිමාව[සංස්කරණය]

සමභංග ඉරියව්වෙන් යුතුව සම්පූර්ණ තනි ගලින් නිර්මාණය කොට ඇති මෙම ප්‍රතිමාවෙහි උස රියන් පහළොවක් පමණ වේ. දකුණු අතින් වරද මුද්‍රාව නිරූපණය කොට ඇති අතර වම් අතෙහි පද්මයක් දරා සිටියි. ශීර්ෂ ජටා මකුටයේ මධ්‍යයෙහි ධ්‍යාන බුද්ධ රූපයක් දැකගත හැකිවේ. පිළිමයේ යටි කය දෝතියකින් සරසා තිබේ.

සංරක්ෂණය[සංස්කරණය]

1988 වර්ෂයේදී එවක ශ්‍රී ලංකා ජනපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ අවධානය යටතේ එතෙක් පැහැදිලි සංරක්ෂණයට භාජනය නොවී තිබූ මාළිගාවිල බුදු පිළිමය සහ ඒ ආසන්නයේ පිහිටි දඹේගොඩ මෛත්‍රී බෝධිසත්ව පිළිමය ප්‍රතිසංස්කරණයට පියවර ගන්නා ලදී. ඒ අනූව සංරක්ෂණය කෙරූ ප්‍රතිමාව 1990 වර්ෂයේදී මහජනයාගේ වන්දනයට නිරාවරණය කරන ලදී.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සිරිසමන් විජේතුංග (හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු) (20 සැප්තැම්බර් 2015). "ලොව විශාලතම ශෛලමය අවලෝකිතේශ්වර බෝසත් පිළිමය". සිළුමිණ. සම්ප්‍රවේශය 6 අප්‍රේල් 2016.
  2. ප්‍රභාත් ගමගේ (10 ජූලි 2008). "ශ්‍රී ලංකාවේ ඉපැරැණි අවලෝකිතේශ්වර බෝසත් ප්‍රතිමාවලින් හෙළි වන කරුණු". බුදුසරණ. සම්ප්‍රවේශය 6 අප්‍රේල් 2016.