ශ්‍රී ලංකාවේ ආදි වාසීන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

හැදින්වීම

හ්‍රී ලංකාවේ ආදී වාසින් යනුවෙන් හැදුන් වනුයේ වැද්දන්ය.ඔවුන්ගේ ආරම්භය සිදුවු ආකාරයන් පිළිබදව එක් එක් කට කථා මෙන්ම ජන කථාවන්ද කිහිපයකි.ඉන් වැඩි දෙනකුගේ මතය වන්නේ ඉංදියාවෙන් පිටුවහල් කරනු ලැබු විජය කුමාරයා ලක්දිවට ගොඩ බැසීමේදි හමුවු එවකට යක්ෂ ගෝත්‍රයක කුමාරිකාවක් වශයෙන් සලකණු ලැබු කුවේණිය හා විවාහ විමෙන් පසු ෆමම යුවලට දාව උපන් දරැවන් වු ජීවන්ත හා දිසාලා යන දරැ පරපුරෙන් පැවත එන්නන් බවය. මෙසේ ඉහත කථා පුවතට අනුව ආදි වාසින් ලෙස සලකණු ලබන වැද්දන්ටත් ප්‍රථමයෙන් සිංහලයින් මෙම රටතුල ජීවත්වු බවට සාධක බොහොමයක් ඇතත් වර්ථමානයේ ආදි වාසින් ලෙස සලකනු ලබන්නේ මෙම වැද්දන්ය.

”සිවු හෙලයන්ගෙන්” සමන්විත රට සිංහලය වී නම් සිංහලයන් වන්නේ එවකට සිටි යක්ෂනාග - රාක්ෂ - දේව යන ප්‍රධාන ජන කොට්ඨාසයන්ය. පුලින්ද හා සබර යන තවත් ප්‍රධාන ජන කොට්ඨාස දෙකක් ද විය. බලංගොඩ මානවයා ලෙස නම්කර ඇති ශ්‍රී ලංකාවේ ආදි මානවයාගෙන් මුල් කොට ඇතිව පසුව පැවතෙන සබරුන් සබරගමුව ප්‍රධාන කොට ඇති ආදිවාසී ජන කොට්ඨාසයෝය.වැද්දන් ආදිවාසින් යැයි නම් කිරිමට සමහර සිංහලයින් විසින් මැලිකමක් දැක්වුවද ඔවුන් ආදිවාසින්ගේ හවුල් කරැවන් කොටසක් වශයෙන් ඉහත ජන කථාවන් අනුව සනාථ වේ"' 

මේ ජන කොට්ඨාසය හෝර්ටන්තැන්න දක්වා සංක්‍රමණය වී ඇතැයි භූගත පුරා විද්‍යා සාක්ෂි ලැබී ඇති බව ප්‍රකටය. දිවයිනේ විවිධ පළාත්වලින් මුලින් හඳුනාගත් බලංගොඩ මානවයාට සමාන එම යුගය නියෝජනය කරන බොහෝ ජන කොට්ඨාසයන් සිටි බවට සාධක ලැබී තිබේ. මෙම මානව ශේෂ අවි ආයුධ හා මෙවලම් හා අනෙකුත් පාෂාණ කොටස් ද හමුවීමෙන් ව්‍යාප්තිය මුලු දිවයිනටම ආවරණය කරයි. පාලි හා සංස්කෘත පොත්වල දැක්වෙන “ව්‍යාධ” යනු විදීම නම් දුන්නෙන් විද සතුන් දඩයම් කර ආහාරයට ගැනීමට නිසා වැද්දන් ලෙස නම් කෙරුණ බව ප්‍රකාශිතයි. ආහාරයට හා අනෙකුත් අවශ්‍ය දෑ සොයා කැලෑවට වැද කල්ගත කර පැමිණීම නිසා ද වැදි වශයෙන් සඳහන් කළ හැකියි. මේ ස්වදේශීය ජන කොටස් දිවි පැවැත්ම හා ඒ සඳහා තෝරා ගත් මාධ්‍යයන් අනුව ප්‍රධාන කොටස් කීපයකට බෙදා දැක්වීමට තොරතුරු සෙවූ විමර්ශකයින් කටයුතු කර තිබේ.

ආදි වාසීන් ජිවත් වන පලාත්

ඇදුම් පැලදුම්

ආහාර හා නවාතැන් පහසුකම්

ආගමානුකුල චාරිත්‍ර

භාෂාව

වැද්දන් වර්ග කිහිපයකට අයත්ය

නිරි වැද්දන්

ගස් බෙන – ගස් මණ්ඩි අතර සිටිමින් ගස් පොතු, සුඹුල් ඇඳුම් වශයෙන් යොදා ගත්තද,කයෙන් වැඩි කොටසක් නිරාවරණය වූ පිරිස

ගල් වැද්දන්

ආහාර රැස්කර ගල්ගුහා හා ගල්තලාවන් ඇසුරේ දිවි ගෙවූ අය දක්ෂ දඩයම්කරුවෝ -ඈත කැලෑවේ ජීවත් වූ අතර සිරුර වසා ගැනීම සඳහා කොළ අතු ආදිය භාවිත කෙරුණි. === ගම් වැද්දන් === ගම්මානයට සමීපව ගොවිතැන් ආහාර භෝග වගාවට සම්බන්ධ කැලෑ සීමාවේ ජීවත්වූ අය, නිවෙස වශයෙන් අතු සෙවිලි කළ කටුමැටි කුඩා නිවෙස් -කෙටි රෙදිකඩ විලි වසාගැනීමට යොදා ගත්හ.

වෙරළබඩ වැද්දන්

මේ අය මසුන් ඇල්ලීම මඟින් ආහාර සපයා ගත්, මුහුදු වෙරළේම කළපුවලට සමීපව දිවි ගෙවූ අය. ගම්මානවල ගොවීන් හා සමීප වූ නිසා කෙටි රෙදි කඩකින් සිරුර වසා ගැනීමට පුරුදු වූ අයයි.

ගංගා ජලාශ හා මූදු අසල වූ ගෝත්‍රිකයින් නාග ඇදහිල්ල නිසා නාගගෝත්‍ර වූ අතර ගොඩ බිම ඇසුරු කරමින් යක්ෂයන් හා රාක්ෂයින් ඇදහීම නිසා යක්ෂ හා රාක්ෂ ග්‍රෝත්‍ර ලෙස හැඳින්වූවා යැයි පිළිගත හැකියි.

ආදී වාසීන් ලෙස සලකන වැදි ජනයාගේ අතීත තොරතුරැ

වැදි නායකයින්

  1. උෘරැවරිගේ තිසාහාමි
  2. උෘරැවරිගේ වන්නිලා ඇත්තෝ

වැදි ජන සාහිත්‍යය

වැදි ජනයාගේ ඡායාරෑප


වෙනත්