ශ්‍රද්ධා රූපවාහිනිය

විකිපීඩියා වෙතින්
Shraddha TV
දියත් කළේ29 සැප්තැම්බර් 2012 (2012-09-29)
හිමිකාරිත්වයMahamevnawa Buddhist Monastery
උද්යෝග පාඨයරූපවාහිනී කළණ මිතුරා (The Noble friend of Television Media)
රටSri Lanka
භාෂාවSinhala, Tamil, English
විකාශන ප්‍රදේශයSri Lanka,
මූලස්ථානKaduwela, Western Province
Availability
Terrestrial
UHF (Colombo)55
UHF (Gongala)55
UHF (Gammaduwa)55
UHF (Nuwara Eliya)*55 *Reserved
UHF (Kandy)*55 *Reserved
UHF (Ratnapura)*55 *Reserved
UHF (Jaffna)*55 *Reserved
Satellite
Dialog TV27
Dish TV Sri Lanka2531
IPTV
PEO TV99

ශ්‍රද්ධා රූපවාහිනිය(ඉංග්‍රීසි:  Shraddha TV) ශ්‍රීලංකාවේ සිට විකාශනය කරනු ලබන බෞද්ධ රූපවාහිනී නාලිකාවකි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මිහිරි ශ්‍රී සද්ධර්මය ඒ අයුරින් ලොවට දායාද කිරීම ශ්‍රද්ධා රූපවාහිනියේ මූලික අරමුණයි. ඒ තුළින් මිනිසුන්ගේ සිත් සතන් තුළ කරුණාව මෛත්‍රිය ආදී ගිලිහෙමින් යන මානුෂීය ගුණ ධර්ම ඇතිකරලීමත්, මිනිසුන් සසර දුකින් එතෙර කරවනු පිණිස ලෝකය විනිවිද දැකීමේ ප්‍රඥාව පුබුදුවාලීමත්, ශ්‍රද්ධා රූපවාහිනියේ අරමුණයි. ශ්‍රී සද්ධර්මය ලොවට දායාද කිරීමට අමතරව මිනිසුන් සුවපත් කරවන නොයෙක් සමාජ සත්කාරයන් ද ශ්‍රද්ධා රූපවාහිනිය මගින් සිදු කරනු ලැබේ.

ශ්‍රද්ධා රූපවාහිනියේ නිර්මාතෘ වරයාණන් වහන්සේ අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේයි. ශ්‍රද්ධා රූපවාහිනි‍යේ නිර්මාතෘවරයාණන් වහන්සේ වන්නේ මහමෙව්නාව භාවනා අසපු සංචිතයේ නිර්මාතෘවර අතිපූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ යි. එසේ ම රූපවාහිනිය ආරම්භ කොට පවත්වාගෙන යනු පිණිස තවත් පින්වත් ස්වාමීන් වන්සේලා ඇතුළු බොහෝ ගිහි පින්වතුන් ශ්‍රමයෙන් ධනයෙන් හැකියාවන්ගෙන් දායක වෙති. විශේෂයෙන් ශ්‍රද්ධා අධ්‍යක්ෂක මණ්ඩලය, කාර්ය මණ්ඩලය සහ මාසික ධර්මදාන සාමාජිකයින් ඇතුළු ඒ සියලු පින්වතුන්ගේ වෙහෙස ශ්‍රද්ධා ඔබ වෙත දායාද කිරීමට මහෝපකාරීය.

ශ්‍රද්ධා සමාජ සත්කාර[සංස්කරණය]

පිවිතුරු පැන් පූජා
  බැර ලෝහ මිශ්‍රිත ජලයෙන් ඇතිවන වකුගඩු රෝගය අවම කිරීම උදෙසා සිදු කෙරෙන පිරිසිදු පානීය ජලය ලබා දීමේ පුණ්‍යව්‍යාපෘතිය
අධ්‍යාපන ශිෂ්‍යත්ව
  ඉගෙනීමට දක්ෂ, නමුත් ආර්ථික අපහසුතා ඇති දූ දරුවන්ගේ අධ්‍යාපනයට සවියක් ලබා දෙන ශිෂ්‍යත්ව වැඩසටහන.
රුධිර දාන
  ජාතික රුධිර සංචිතයට අඩුවෙන් ම රුධිරය ලැබෙන මාස අරමුණු කරගෙන සංවිධානය කරනු ලබන රුධිර දාන කඳවුරු මාලාව.
අභය දාන
  අහිංසක සතුන් මරණයෙන් නිදහස් කර ජීවිත දානය ලබා දෙමින් සිදුකරන අභය දාන පුණ්‍ය ව්‍යාපෘතිය.
ගිලාන දාන
  රෝග පීඩා ඉදිරියේ අසරණ වන අපේම සහෘද ජනතාවට සරණක් වෙමින්, උපකාර කිරීම උදෙසා ක්‍රියාත්මක වන පුණ්‍ය ව්‍යාපෘතිය.
අසරණ සරණ
  උපකාරයක් අවැසි කළ උපකාර අවැසි අය උදෙසා උපකාර කිරීමේ අරමුණින් දියත් කරන පුණ්‍ය ව්‍යාපෘතිය.



ශ්‍රද්ධා රූපවාහිනිය නරඹන්නේ කෙසේද?[සංස්කරණය]

 දැන් ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය, බස්නාහිර සහ දකුණු පළාතට සහ රජරටට UHF 55 ඔස්සේත්,  පැය විසි හතර පුරාම, Peo TV නාලිකා අංක 99 ඔස්සේත්,Dialog TV නාලිකා අංක 27 
 ඔස්සේත් නැරඹිය හැකි ය. 
 ශ්‍රද්ධා    රේඩියෝව සංරක්ෂණය කළ පිටපත 2020-02-04 at the Wayback Machine
 FM තරංග මාලා 105.2 සහ 105.4 ඔස්සේ ශ්‍රවණය කල හැකිය.
 You can watch Shraddha TV twenty four hours a day in all seven days a week via Peo TV channel number 99, Dialog TV channel number 27 


 විදේශයන්හි සිටින ඔබට ශ්‍රද්ධා රූපවාහිනිය LankaTV සබඳතාවයක් ලබා ගැනීමෙන් සහ Shraddha YouTube channel ඔස්සේ ශ්‍රද්ධා රූපවාහිනිය නැරඹීමේ පහසුකම තිබේ.
 People live abroad can watch the Shraddha TV by getting LankaTV connection.You can watch Shraddha TV featured programs from this website or our 
 Youtube Channel.


ශ්‍රද්ධා රූපවාහිනි වැඩසටහන් සංරක්ෂණය කළ පිටපත 2020-05-06 at the Wayback Machine[සංස්කරණය]

අනුහස් පිරුණු සත්‍ය ක්‍රියාව,
උදෑසන බුද්ධ වන්දනාව,
ධම්ම චින්තා,
මෛත්‍රී ශාන්තිය,
උදෑසන බුද්ධ පූජාව,
දවසේ සිතුවිල්ල / දවසේ වැදගත්කම,
ධම්මපදය,
ධම්ම චින්ත,
දම් සිහනද,
ධම්මපදය,
දහවල බුද්ධ පූජාව,
භාවනාව,
Wise Shall Realise,
පින් මතුවන වන්දනා,
අසිරිමත් දම්සක,
හොඳ ළමයා,
අසිරිමත් දම්සක,
සිරි ගෞතම බෝධි වන්දනාව,
සුදම් සභාව
    

Work with Shraddha[සංස්කරණය]

      ඔබත් ශ්‍රද්ධාවන්ත විනයගරුක සහ කැපවීමෙන් වැඩ කළ හැකි දක්ෂ අයෙක් නම්, ශ්‍රද්ධා රූපවාහිනියේ ධර්මප්‍රචාරය සඳහා ඔබටත් පහත සඳහන් රැකියා ඔස්සේ සම්බන්ධ විය හැකිය.
          1. Graphic and Web Designer
          2. Radio Producer
          3. 3D Animator
          4. Camera Assistant
          5. Network Administrator
          6. Announcers
          7. Technical Officer
          8. Office Assistant
          9. Store Keeper







"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රද්ධා_රූපවාහිනිය&oldid=620672" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි