විකිපීඩියා සාකච්ඡාව:විශේෂාංග ලිපි තෝරාගැනීම

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

මෙම තෝරාගැනීමේ ක්‍රියාවලිය ඉක්මන් කිරිමට යම් නිර්ණායකයක් යොදාගත් යුතුයි.යෝජනාකල දින සිට සතියක් තුල වැඩිජන්දයෙන් අනුමත වන ලිපිය තෝරාගත් ලිපියක් ලෙස සැලකිය හැකියි.-----සමන් (talk) 04:37, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]

  1. සහයෝගය පළ කරමි. ඔව්. දින 7ක් හෝ 14ක් සෑහේ. -- බිඟුවා සාකච්ඡාව 15:19, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි.- දින 14 ක් පුරා මත විමසුම කළ යුතුයි. මත පළ කරන්නන් සංඛ්‍යාව අතුරින් සහයෝගය පළ කරන්නන් හා විරුද්ධ වන්නන් එකතුව වෙතින් 60% ක් හෝ ඊට වඩා සහයෝගය සඳහා පළ විය යුතුයි. මධ්‍යස්ථ වූවන්ගේ ඡන්දය අපතේ යයි. ඔවුන්ගේ මතය සැලකිල්ලට ගත යුතුයි. මත විමසුම දින 14 නො ඉක්මවිය යුතුයි. මත විමසුම අවසන් වන දිනය හා වේලාව පැහැදිලි ලෙස දක්වා තිබිය යුතුයි. එම කඩඉම පසුව මතයන් නිෂ්ප්‍රභා විය යුතුයි. මධ්‍යස්ථ, සහය හෝ විරුද්ධ සැකිලි ඉදිරියෙන් නොව වෙනත් ප්‍රකාශ නොසලකා හැරිය යුතුයි. -- අස්ලාන් තම්බි (talk) 15:39, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
මත විමසුම ඇරඹී අවස්ථාවෙහිදී ලිපියේ තත්ත්වය පමණක් විමසුමට පදනම් විය යුතුයි. මත විමසුම පැවැත්වෙන දින 14 තුලදී ලිපියෙහි ඇතිවිය හැකි වෙනස් කම් සැලකිල්ලට ගත යුතු නොවේ. --- අස්ලාන් තම්බි (talk) 15:48, 4 ජනවාරි 2012 (යූටීසී)[reply]
  1. සහයෝගය පළ කරමි. - බිඟුවා සහ අස්ලාන් කියනවා වගේ දින 14 හොඳයි. අස්ලාන් කිවුවා වගේ අඩුමගානෙ 60% ක් බලන එක හොඳයි හැබැයි මට වෙනස් යෝජයාවකුත් තියනවා. ලවයට Support ඡන්ද දාලා හරයට සම්පූර්ණ (මධස්ථ ඡන්ද සමග) ඡන්ද ප්‍රමාණය දාමු. එතකොට 50% ක් Support ඡන්ද ඇති. Singhalawap (talk) 06:51, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
  2. සහයෝගය පළ කරමි. - දින 14 කදී මත විමසුම අවසන් කරමු. --උපුල් (talk) 09:26, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
මම ඔය යෝජනා කළේ මගේ හිතළුවක් නොවෙයි. විකියේ වෙනත් මත විමසුම් පැවැත්වෙන ආකාරය. බොහෝ අය ලංකාවේ කැමතියි ෂේප් තියරියට. හැමෝම සතුටු කරන්නත් කිසිවකු නොරිදවන්නත්. ඒකයි බොහෝ අය මධ්‍යස්ථ වන්නේ. ඒවා මත විමසුම් වලදී ගණනයට ගන්නේ නැහැ. නමුත් අවසාන තීරණයට ඒ මධ්‍යස්ථ මතයන් සැලකිල්ලට ගන්න පුළුවන් අවසන් තීරකයාට එයා කැමති නම්. එම නිසා මම යෝජනා කරපු අයුරින් 60% ගත යුතුයැයි ඉල්ලා සිටිනවා. --- අස්ලාන් තම්බි (talk) 13:41, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
  1. සහයෝගය පළ කරමි. . මේ ක ක්‍රියාත්මක කරන්නේ ඇඩ්මින්ද?-----සමන් (talk) 05:26, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]
මං හිතන්නේ ඇඩ්මින්ලා මේක කරන්න ඕනෑ නෑ කියලායි. යෝජනා කරපු එක් කෙනාටම දින ගණන අවසන් උනාම තීරණය දාන්න පුලුවන්නේ. -- බිඟුවා සාකච්ඡාව 08:40, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]
ෆිට් ...----සමන් (talk) 10:23, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]

සෑම ලිපියකටම විරුද්ධත්වය ප්‍රකාශ කිරීම[සංස්කරණය]

මෙහි ව්‍යාපෘතිය දෙස බලන්න. පරිශීලක:අස්ලාන් විසින් සෑම ලිපියකටම විරුද්ධත්වය ප්‍රකාශ කොට ඇත. අස්ලාන් කියන විදිහට නම් මේවා එකක් වත් මුල් පිටුවට සුදුසු නැත. සිඳු ( සාකච්ඡාව / @ ) 09:12, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]

මට පේන විදිහට නම් අස්ලාන්ට ඕනේ පොඩි අඩුපාඩුවක් වත් නැති මේ විකියේ තියන හොඳම ලිපියද කොහෙද. හි හි. සිඳු ( සාකච්ඡාව / @ ) 09:16, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]

හොඳම වෙන්න නම් අඩුපාඩු නැති වෙන්න ඕනෑ. ඔය සමහර ලිපි පරිවර්තනය සම්පූර්ණයි. ඒත් පොඩි අඩුපාඩු තිවෙනවා. ඒ දේවල් මම හදන්නම්. ඊට කලින් ඒවා මත විමසුමෙන් එලියට අරන් දෙන්න. සමහර ඒවා නම් මත විමසුමේ පැත්ත පළාතක තියන්න බැහැ. ඒවා වුනත් හදල ගමු. එක ලිපියක් හදල ඒක පූර්ණකාලීන තෝරාගත් ලිපිය කරමු අනික්වා දහයක් දොළහක් හදා ගන්නකම්. නැත්තම් මේක කරන්න බැහැ. --- අස්ලාන් තම්බි (talk) 13:34, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
User:අස්ලාන්
ඔයා හැම එකටම විරුද්ධ වෙලා තියනවා දැකලා මටත් මල පැනලා හිටියෙ. ඒත් දැං බැලුවම ඔයා විරුද්ධ වෙලා තියෙන්නෙ නිකංම නෙමේ, පැලෑනකි හිතේ තියං. ඕක කලිංම කිවුවනං ඉවරනේ. ඔයාගෙ ප්ලෑන් එක (කරනවනං) මල් 7යි.
Singhalawap (talk) 15:21, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
මගේ සැලසුම පැත්තක තියලා හොඳට ඇස් ඇරලා බලන්න. ඔබතුමාලා හොඳ තෝරාගත් විශේෂාංග ලිපි කියලා මුල් පිටුවේ දාපු ලිපි වල තියෙන දොස් හා අඩුපාඩු. මම විරුද්ධ වුනේ ඒ නිසයි. නැත්නම් හැම එකටම විරුද්ධ වන ලෙඩක් නිසා නොවෙයි. ඒක තේරුම් ගන්න. මම විරුද්ධ වුනේ ප්ලෑන් එකක් හිතේ තියාගෙන නොවෙයි. ප්ලෑන් එක ප්‍රකාශයට පත් කළේ විසඳුමක් ලෙසයි. ලෙඩේ තියෙනවා කියලා දොස්තර කෙනෙක් කියන්නේ ඒ ලෙඩේ සනීප කරලා ලෙඩා බේරගන්න ඕන නිසා මිසක් බෙහෙත් දීලා සනීප කරලා ගෞරවය ලබන්න නොවෙයි කියලා කාටත් වඩා හොඳට ඔබතුමාට අවබෝධ වනවා ඇතියි සිතමි. මේකත් ඒ වගේ තමයි. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:28, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
පරිපාලක වැප් මහතාණනි, දැනට මත විමසුමට ලක් වී ඇති ලිපි වලින් එකක් ගලවා දෙන්න සංස්කරණය කරන්න ඕන නම්. --- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 15:48, 5 ජනවාරි 2012 (යූටීසී)[reply]
User:අස්ලාන්
ගලවාදෙන්න යන්නෙන් ඔබ අදහස් කලේ කුමක්ද? Singhalawap (talk) 09:31, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]
මහතාණනි, සමන් ගේ නිර්ණායක මත විමසුමට මගේ යෝජනා බැලුවොත් පෙනෙයි මම යෝජනා කරලා තියෙනවා හොඳම ලිපි තෝරාගැනීම මත විමසුමට ලක් වන ලිපි මත විමසුමට පිවිසෙනකොට තිබෙන ආකාරයට විමසුමට ලක් විය යුතු බව. විමසුම පැවැත්වෙන දින 14 ඇතුලත සංස්කරණ ඇති වෙයි නම් ඒවා විමසුමේදී නොසැලකිය යුතු බව. මේකේ තර්කය මෙයයි. විමසුමේ මුල් අවස්ථාවේදී ලිපියේ ගුණාගුණ අනුව යම් අයෙක් තම මතය ප්‍රකාශ කරනවා. පස්සේ දිනයක ලිපිය වෙනස් වුනාම මතය වෙනස් කරන්නද? එහෙම කී වතාවක් වෙනස් කරන්නද? දැන් අපේ ප්‍රශ්නයට යොමු වුණොත් මම පොරොන්දු වුනානේ දැනට හොඳම ලිපි තෝරාගැනීම ට යොමු වෙලා තිබෙන ලිපි නිවරද කරලා දෙනවා කියලා. දැන් ඒවා ගැනත් මත පළවෙලා තියෙන්නේ. ඒක නිසා අවශ්‍ය ලිපි(යන්) මත විමසුමෙන් ඉවත් කොට (ගලවා) දෙන්න. මම එය (ඒවා) නිවරද කර දුන්නාම නැවත මත විමසුමට අළුතෙන් යොමු කරන්න පුළුවන්. පැහැදිලියි කියල හිකෙනවා.--- අස්ලාන් තම්බි (බූරුවා) (talk) 14:04, 6 ජනවාරි 2012 (යූටීසී)[reply]

යළි අවධානයට[සංස්කරණය]

වර්තමානයේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොකිරීම මහත් ගැටලුවකි. ලිපි සාදන්නන් හට උනන්දුවක් ඇති කරලීමට යළි මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ගරු පරිශීලක උතුමන්ලාගේ අවධානය. සිංහල විකිපීඩියාවේ ලිපි 4-5 යි තෝරාගත් ලිපියට තිබෙන්නේ. එය අපට මහත් අවමානයකි. වගකීමක් ඇති පරිශීලක/පාලක වරුනි අවධානය යොමු කරන්න.!--Ravindu Navin (talk) 10:07, 12 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]