විකිපීඩියා:අතීතයේ අද වැනි දිනක/නොවැම්බර් 4
Jump to navigation
Jump to search
1791 – වයඹදිග ඉන්දීය යුද්ධය: ඇමරිකානු ඉන්දියානුවන් අතින් එක්සත් ජනපද ලද දරුණුම පරාජය තුලින්, ඔහයියෝහී වර්තමාන රිකවරි කොටුව අසබඩදී වාබුෂ් සටනෙහිදී බටහිරදිග සන්ධානය ප්‍රධාන ජයග්‍රහණයක් ලදහ.
1852 – සිටුවර කෙවූ (රූපයේ) පීඩ්මොන්ට්-සාඩීනියා රාජධානියෙහි අග්‍රාමාත්‍යය ලෙසින් පත්වූ අතර, එය විගසින් ප්‍රසාරිතවී ඉතාලියානු අධිරාජ්‍යය බවට පත්විය.
1869 – පැරණිතම සහ බෙහෙවින් සම්භාවනීය පොදු කාර්ය විද්‍යාත්මක ජර්නලයන් අතුරින් එකක් වන, නේචර්, පළමුවෙන් ප්‍රකාශයට පත් කෙරිණි.
1890 – ලොව පළමු ගැඹුරු-මට්ටම් උමං දුම්රිය ලෙසින් ලන්ඩනයේ සිටි ඇන්ඩ් සවුත් ලන්ඩන දුම්රිය පද්ධතිය ඇරඹුනේ, ලන්ඩන නගරය හා ස්ටොක්වෙල් අතර 5.1 කිමී (3.2 සැත) දුරක් ධාවනයෙහි යෙදෙමිනි.
1995 – ටෙල් අවිව් හී කිංස් ඔෆ් ඊශ්‍රායෙල් චතුරස්‍රයෙහි සාම රැළියකට සහභාගි වෙමින් සිටියදී යිගල් අමීර් විසින් ඊශ්‍රායෙල අගමැති යිට්සාක් රාබින් ඝාතනය කෙරිණි.
නොවැම්බර් 4: පැනමාවේ කොඩි දිනය ; රුසියාවේ එකමුතු දිනය
තවත් සිදුවීම්: නොවැම්බර් 3 – නොවැම්බර් 4 – නොවැම්බර් 5