සැතපුම
සැතපුම | |||||
---|---|---|---|---|---|
අන්තර්ජාතික | එජ මිනුම් | නාවුක | |||
1.609344 | කිමී | 1.609347219 | කිමී | 1.852 | කිමී |
1,609.344 | මී | 1,609.347 219 | මී | 1,852 | මී |

සැතපුම යනු විවිධ පර්යායන් කිහිපයක දිග සඳහා ඒකකයකි. සමකාලීන ඉංග්‍රීසියෙහි, සැතපුමක් යන්නෙන් අදහස් වන්නේ 5,280 අඩි (1,760 යාර, හෝ 1,609.344 මීටර) කින් සමන්විත අනුමත සැතපුමක්, 5,280 මිනින්දෝරු අඩි (1,609.3472 මීටර (5,280.01 අඩි)) වලින් සමන්විත මිනින්දෝරු සැතැපුමක් හෝ 1,852 මීටර (6,076.12 අඩි) වලින් සමන්විත නාවුක සැතපුමක් වේ.[1] මෙය, පැරණි මිනුම වූ, ගවුවකින් තුනෙන් පංගුවක් පමණ වෙයි.