Jump to content

වැන් ඩ' වාල්ස් අන්තර්ක්‍රියා

විකිපීඩියා වෙතින්

අණු අතර පවත්නා සියලූ ම වර්ගවලට අයත් අන්තර් අණුක අන්තර්කි‍්‍රයා[1] පොදුවේ වැන් ඩ' වාල්ස් අන්තර්කි‍්‍රයා ලෙස හැඳින්වේ. වැන් ඩ' වාල්ස් අන්තර්කි‍්‍රයා ආකර්ශක බල හෝ විකර්ශක බල විය හැකිය.[2] මෙම අන්තර්කි‍්‍රයා ආකාර පහකට වර්ග කළ හැකි ය.[3]

හයිඩ්‍රජන් ක්ලෝරයිඩ් අණු දෙකක් අතර ඇතිවන ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියාව
  • අයන - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා
  • ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා සහ හයිඩ‍්‍රජන් බන්ධන
  • අයන - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා
  • ද්විධ‍්‍රැව - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා
  • අපකිරණ (ලන්ඩන්) බල

අයන - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා

[සංස්කරණය]

යම් කැටායනකට හෝ ඇනායකට ධ‍්‍රැවීය අණුවක් ආකර්ෂණය වීමේ දී මෙම අන්තර්කි‍්‍රයා ඇති වේ. මෙම අන්තර්කි‍්‍රයාවල ප‍්‍රබලත්වය අයනවල ප‍්‍රමාණය, ආරෝපණය සහ ද්විධ‍්‍රැවයේ විශාලත්වය මත රඳා පවතී.

ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්ක‍්‍රියා

[සංස්කරණය]

ස්ථිර ද්විධ‍්‍රැවයක් සහිත අණු අතර මෙම බන්ධන ඇති වේ.

උදා :- I♭+-H♭- --- I♭+-H♭-

H♭+-Cl♭- --- H♭+-Cl♭-

හයිඩ්‍රජන් බන්ධන

[සංස්කරණය]

ෆ්ලූවොරීන්/ක්ලෝරීන්/නයිට්‍රජන් වැනි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල් කිහිපයක් හෝ සහිත විද්‍යුත් ඍණ පරමාණුවකට (X) සහසංයුජ ව බැඳුණු හයිඞ්රජන් පරමාණුවක් හා ෆ්ලූවොරීන්/ක්ලෝරීන්/නයිට්රජන් වැනි එකසර ඉලෙක්ට්‍රෝන යුගලක් හෝ යුගල් කිහිපයක් හෝ සහිත වෙනත් විද්‍යුත් ඍණ පරමාණුවක් (‍Y) අතර හට ගන්නා විශේෂ ආකාරයක ඉලෙක්ට්‍රොනික අන්තර්කි‍්‍රයාවක් හයිඩ්‍රජන් බන්ධනය ලෙස හැඳින්වේ. මෙම අන්තර්කි‍්‍රයාව පහත පරිදි දැක්විය හැකි ය.

X♭--H♭+ --- Y♭-
බන්ධන වර්ගය බන්ධන ශක්තිය KJmol-1
හයිඩ්‍රජන් බන්ධන 10 - 40
වෙනත් අන්තර් අණුක බල 0.1 - 10

අයන - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා

[සංස්කරණය]

අයනයක් වැනි ආරෝපිත අංශුවක්, ආරෝපණයක් රහිත නිර්ධ‍්‍රැවීය අණුවක් (උදා: උච්ච වායු අණුවක්) ආසන්නයේ ඇති විට පරමාණුවේ හෝ අණුවෙහි ඉලෙක්ට්‍රෝන වලාව විකෘති වේ.

උදා :- ජලීය පොටෑසියම් අයඩයිඩ් වල දිය කළ I2 මගින් I3- අයන ඇති වීම.

ද්විධ‍්‍රැව - පේ‍්‍රරිත ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා

[සංස්කරණය]

මෙම වර්ගයේ අන්තර්කි‍්‍රයා ආරෝපණයක් රහිත නිර්ධ‍්‍රැවීය ප‍්‍රභේද හා ධ‍්‍රැවීය ප‍්‍රභේද අතර හට ගනී.

උදා :- O2, I2, Xe වැනි නිර්ධ‍්‍රැවීය ප‍්‍රභේදවල ජලයේ දිය වීම.

අපකිරණ බල (ලන්ඩන් බල හෝ ලන්ඩන් අපකිරණ බල)

[සංස්කරණය]

නිර්ධ‍්‍රැවීය අණු හෝ පරමාණු අතර පවත්නා අන්තර් කි‍්‍රයා අපකිරණ බල ලෙස හැඳින්වේ. ඕනෑ ම නිර්ධ‍්‍රැවීය අණුවක් එහි ඉලෙක්ට්‍රෝන වලාව ක්ෂණික විකෘතිතාවකට පත් වීමෙන් තාවකාලික ව ධ‍්‍රැවීකරණයට ලක් විය හැකි ය. එම අණුවේ ධ‍්‍රැවීයතාව හේතුවෙන් තවත් නිර්ධ‍්‍රැවීය අණුවක් තාවකාලික ව ධ‍්‍රැවීය විය හැකි ය. එ වැනි අණු අතර පවත්නා අන්තර්ක‍්‍රියා අපකිරණ බල ලෙස හැඳින්වේ. එ වැනි බල සියලූ ම අණු අතර ඇති වේ. සාමාන්‍යයෙන් සියලූ ම වර්ගවලට අයත් වැන් ඩ‘ වාල්ස් බල අතර දුබල ම ආකාරය වනුයේ අපකිරණ බලයි. කෙසේ වෙතත් ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා ඉක්මවා යන අපකිරණ බල පවතින අවස්ථා ද ඇත.

සංයෝගය ද්‍රවාංකය ද්විතියික අන්තර්කි‍්‍රයාවේ ස්වභාවය
CH3F -142 oC ද්විධ‍්‍රැව - ද්විධ‍්‍රැව අන්තර්කි‍්‍රයා සහ අපකිරණ බල
CCl4 - 23oC අපකිරණ බල

ආශ්‍රිත

[සංස්කරණය]
  1. ^ ශුද්ධ හා ව්‍යවහාරික රසායන විද්‍යා පිළිබද ජාත්‍යන්තර සංගමය, රසායනික පාරිභාෂික ශබ්ද එකතුව, 2වන සංස්. (the "Gold Book" හෙවත් "රන් පුස්තකය") (1997). අන්තර්ජාලය ඔස්සේ නිවැරදි කළ සංස්කරණය:  (1994) "van der Waals forces".
  2. ^ වැන් ඔස්, සී.ජේ.; ඇබ්සෝලොම්, ඩී.ආර්.; නෙවුමන්, ඒ.ඩබ්ලිව්. (1980). "Applications of net repulsive van der Waals forces between different particles, macromolecules, or biological cells in liquids". කලිල පෘෂ්ඨ. 1 (1): 45–56. doi:10.1016/0166-6622(80)80037-0. ISSN 0166-6622.
  3. ^ ඒ.ඒ. අබ්‍රිකොසොව්, එල්.පී. ගෝ'කොව්, අයි.යී. ඩිසායාලොශින්ස්ක්යි (1963–1975). Methods of Quantum Field Theory in Statistical Physics. ඩෝවර් පබ්ලිකේශන්ස්. ISBN 0-486-63228-8.{{cite book}}: CS1 maint: multiple names: authors list (link) Chapter 6 Electromagnetic Radiation in an Absorbing Medium

බාහිර සබැඳි

[සංස්කරණය]
  • සෙනේසේ, ෆ්‍රෙඩ් (1999). "වැන් ඩ' වාල්ස් බල යනු මොනවාද?". ෆ්‍රොස්ට්බර්ග් ප්‍රාන්ත විශ්ව විද්‍යාලය. සම්ප්‍රවේශය March 2010. {{cite web}}: Check date values in: |accessdate= (help) වැන් ඩ' වාල්ස් බල හඳුන්වාදීමේ විස්තර