වල්ලිපුරම
වල්ලිපුරම வல்லிபுரம் Vallipuram | |
---|---|
සුළු නගරයක් | |
ඛණ්ඩාංක: 9°47′0″N 80°14′0″E / 9.78333°N 80.23333°E | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | උතුරු |
දිස්ත්‍රික්කය | යාපනය |
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස | වඩමාරච්චි |
ජනගහණය | |
• මුළු | 596 |
වල්ලිපුරම නැතහොත් වැලිපුරය (දෙමළ: வல்லிபுரம்) [1][2] යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතෙහි පේදුරුතුඩුවට අසල් වඩමාරච්චියෙහි පිහිටි ගමකි. වල්ලිපුරම් අල්වාර් විෂ්ණු කෝවිල මෙහි පිහිටා ඇත.
ඉතිහාසය
[සංස්කරණය]පුරාණයෙහි මේ පෙදෙස බදකර අතන හෙවත් භද්‍රකර නම් ආස්ථානයට [a] අයත් වූ බවට මෙහි හමුවූ වසභ මහරජ දවසට අයත් රන් පතකින් හෙළි වේ. තව ද මහවංශයෙහි සඳහන් භල්ලතිත්ථය[b] හෙවත් භල්ල වරාය ද වැලිපුරෙහි වූ හ යි විශ්වාස කෙරේ.[3][2]
වල්ලිපුරම් යනු ශ්‍රී ලංකාවේ උතුරු රාජධානිවල පුරාණ අගනුවරකි. පේදුරු තුඩුව ආසන්නතම නගරයයි. වල්ලිපුරම් යනු නැගෙනහිර වඩමාරච්චි ගම්මානයක් වන තුන්නාලෙයි හි කොටසකි. ඉන්දියාවේ සමාන නම් ඇති ස්ථාන දෙකක් තිබේ. එකක් නාමක්කල් අසල වන අතර අනෙක කන්චි අසල ය. මෙයින් යාපනයේ සහ ඉන්දියාවේ ජනතාව අතර දීර්ඝ කාලීන සම්බන්ධයක් පිලිබිඹු කෙරෙනවා. මෙම ස්ථානය කොයිම්බතූර් හි නාමක්කල් අසල වල්ලිපුරම් නම් නගරයෙන් සංක්‍රමණිකයන් විසින් පදිංචි කර ඇත. මහාචාර්ය පීටර් ෂාක් (උප්සලා විශ්ව විද්‍යාලය) මෙසේ ලියයි, "වල්ලිපුරම් ඉතා පොහොසත් පුරාවිද්‍යාත්මක නටබුන් ඇති අතර එය මුල් ජනාවාසයක් විය. එය ක්‍රිස්තු වර්ෂ පළමු සියවස්වල වාණිජ මධ්‍යස්ථානයක් විය හැකිය. [...].[4] මෙහි හමුවූ බුද්ධ ප්‍රතිමාව 1906 දී එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර හෙන්රි බ්ලේක් විසින් තායිලන්තයේ රජු වෙත ලබා දෙන ලදී.
ගැලරිය
[සංස්කරණය]වල්ලිපුරම් ගැලරිය | ||||||
---|---|---|---|---|---|---|
|
සටහන්
[සංස්කරණය]- a.^ අතනක් හෙවත් ආස්ථානයක් යනු වසභ රජු විසින් පිහිටැවුණු පරිපාලන ඒකකයකි.[3]
- b.^ වෝහාරික තිස්ස සොයුරු අබයනාග කලක් සැඟැවැ උන් තැන. [6]
- c.^ මෙය "ඉසිගිරිය ඇමැති ..... පියගුකතිස විහාරය කරවන ලදී" ලෙස ද අරුත් දැක්වේ.[3]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "අවුරුදු 25ක් සිංහල දරුවන්ට ඉගැන්වු දමිළ ගුරු මාතාව". divaina.lk.
- ^ a b c "වල්ලිපුරම් හෙවත් වැලිපුර රන් සන්නස". sinhala.archaeology.lk.
- ^ a b c Neth FM - Unlimited History - Episode 59 - 03 Video යූ ටියුබ් වෙත
- ^ Schalk, Peter (1996-01-01). "The Vallipuram Buddha Image "Rediscovered"". Scripta Instituti Donneriani Aboensis (ඉංග්‍රීසි බසින්). 16: 301. doi:10.30674/scripta.67235. ISSN 2343-4937.
- ^ Schalk, Peter; Veluppillai, A.; Nākacāmi, Irāmaccantiran̲ (2002). Buddhism among Tamils in pre-colonial Tamilakam and Īlam: Prologue. The Pre-Pallava and the Pallava period (ඉංග්‍රීසි බසින්). Almqvist & Wiksell. pp. 151, 221, 231. ISBN 9789155453572.
- ^ "CHAPTER XXXVI". lakdiva.org.lk.