Jump to content

වන්නිය (ශ්‍රී ලංකාව)

විකිපීඩියා වෙතින්

වන්නිය (දෙමළ: வன்னி, ඉසිරැවීම: ʋənni; ඉංග්‍රීසි: Vanni) යනු සිරි ලකෙහි උතුරු පළාතේ ප්‍රධාන බිම් පෙදෙසට ලබා දී ඇති නමයි. මන්නාරම්, මුලතිව් හා වවුනියා දෙසිතිත් කිලිනොච්චි දෙසිත්තෙහි බොහෝ පෙදෙසුත් අයත් වන්නිය දළ විසින් වර්ග කිලෝමීටර 7,650 (හතරැස් සැතැපුම් 2,950) ක වපසරියකින් යුතු යි.[1] අතීතයෙහි මීට වඩා ඉපුළුල් පෙදෙසක් වන්නිය නමින් හැඳින්විණි.

නිරුත

[සංස්කරණය]

සිංහලයෙහි 'වන්නි' යන්නෙන් 'වනයෙහි පිහිටි ප්‍රදේශ' හැඟැවෙයි.[2] වනහි වූයේ 'වන්නි' (වන්‍ය) වෙයි.[3][a] කාලිංග මාඝ ඇක්මුම හා තුන් වැනි විජයබා රජු හා ගැනැ එන විස්තරෙහි 'වන්නි' යන වදන ලිඛිත ඉතිහාසයෙහි මුලින් මැ හමුවෙයි.[3] රුහුණෙහි හා මායා රටෙහි හා උන් වන්නි නිරිඳුන්, මහවන්නින්, සිරිවන්නින් ගැනැ ද ඉතිහස්හි දැක්වෙයි.[4][b] “වන්නියලෑත්තෝ” යනු වැද්දන් අතරැ බහුලවැ යෙදෙන නමෙකි. දෙමළුවෙහි 'වන්නි' යන්න කැලෑව යන අරුතැති 'வனம்' (vaṉam) යන්නෙන් බිඳුණ හ යි දක්වා ඇත. [5] 'වන්නියර්' නමින් හැඳින්වෙන ජන පිරිසක් ඉන්දියාවේ උතුරු තමිල්නාඩුවෙහි වෙසෙන අතර එ වදනට දී ඇති නිරුත් අතර 'ගින්න' යන අරුතැති සකු 'वह्नि' (vahni) යන්නෙන් ආ බව ද වෙයි.[6]

සටහන්

[සංස්කරණය]
a.^ 1. ප්‍රත්‍ය 'වූයේ යැ.' අරුත්හි යෙදීම: ගම්හි වූයේ, ගම් + > ගැමි [7] 2. වන්නි + අ > වන්නිය
b.^ තුන් වැනි විජයබා රජු වන්නි නිරිඳු ද ලෙස හැඳින්විණි .[3]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "Vanni (Sri Lanka)". en.wikipedia.org.
  2. ^ වැලිවිටියේ සෝරත හිමි (1956). ශ්‍රී සුමංගල සිංහල ශබ්දකෝෂය 2 ප-ළ.
  3. ^ a b c "වන්නි උන්නැහේලාගේ නිජබිම වූ වන්නිය". lankadeepa.lk.
  4. ^ යාපහුවේ බිදවැටීම - Neth FM - Unlimited History - Episode 129 - 03 Video යූ ටියුබ් වෙත
  5. ^ "Vanniar (Chieftain) - Etymology". en.wikipedia.org.
  6. ^ Hiltebeitel, Alf (1991). The cult of Draupadī: Mythologies : from Gingee to Kurukserta. Vol. 1. Motilal Banarsidass. pp. 33–34. ISBN 9788120810006.
  7. ^ මුනිදාස කුමාරණතුංග (1937). ව්‍යාකරණ විවරණය.
"https://si.wikipedia.org/w/index.php?title=වන්නිය_(ශ්‍රී_ලංකාව)&oldid=708673" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි