Jump to content

ඉසිරැවීම

විකිපීඩියා වෙතින්

ඉසිරැවීම[1] යනු වදනක් හෝ බසක් හෝ බෙණෙන අයුරු යි. මින් නිශ්චිත උපබසකින් ("නිවැරදි" හෝ "සම්මත" ඉසිරැවීම) යම් වදනක් හෝ බසක් හෝ බිණීමේ දී යෙදෙන සැමැනියෙන් එකඟ වූ සද[2] අනුපිළිවෙලක් හෝ යම් තැනැත්තකු විසින් වදනක් හෝ බසක් හෝ බෙණෙන අයුර හෝ හැඟැවෙනු වියැ හැකී.

වදන්වලැ ඉසිරැවීම සදකොසු වැනි විමැසුම් කෘතිවලින් ලැබේ. සැමැනි සදකොසුවලැ සැමැනියෙන් ඇතුළත් වනුයේ සම්මත ඉසිරැවීම් පමණි. නමුදු පෙදෙසි හෝ උපබාසා හෝ ඉසිරැවීම වඩාත් නිශ්චිත කෘතිවලින් ලැබේ. Orthoepy යන්නෙන් හැඟැවෙනුයේ නිවැරදි ලෙස සැලැකෙන ඉසිරැවීම හෝ එය හැදෑරීමයි.

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ උසුරවයි - උච්චාරණය කරයි. (උසුරවයි, උසුරවති, ඉසිරැවී යැ, ඉසිරැවූ හ)
  2. ^ සද - ශබ්ද (sounds)

බැහැරි සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ඉසිරැවීම&oldid=682386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි