ලාහුගල කොට වෙහෙර
ලාහුගල කොට වෙහෙර | |
---|---|
මූලික තොරතුරු | |
පිහිටීම | ලාහුගල, ශ්‍රී ලංකාව |
භූගෝලීය ඛණ්ඩාංක | 06°52′41.1″N 81°45′10.6″E / 6.878083°N 81.752944°Eඛණ්ඩාංක: 06°52′41.1″N 81°45′10.6″E / 6.878083°N 81.752944°E |
අනුබැඳියාව | බුද්ධාගම |
දිස්ත්‍රික්කය | අම්පාර |
පළාත | නැගෙනහිර පළාත |
උරුම නාමකරණය | ආරක්ෂිත පුරාවිද්‍යා ස්මාරක ස්ථානය |
ගෘහනිර්මාණ විස්තර | |
ගෘහනිර්මාණ ප්‍රභේදය | බෞද්ධ විහාරය |
ගෘහනිර්මාණ ශෛලිය | කොට වෙහෙර |
ලාහුගල කොට වෙහෙර ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රදේශයේ පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ දැකගත හැකි කොට වෙහෙර සම්ප්‍රදායට අයත් ස්තූප හතර අතුරින් එකක් වන මෙම වෙහෙර සහිත විහාරය පොතුවිල්-මොණරාගල මහා මාර්ගයේ පොතුවිල් සිට කිලෝමීටර 10ක් පමණ දුරින් පිහිටා ඇත.
ඉතිහාසය
[සංස්කරණය]අතීතයේදී මෙම විහාරය, කොට පබ්බත, කොටගල වෙහෙර, ලාහුගල චේතිය යන නම් වලින් හඳුන්වා තිබේ.[1]
කොටවෙහෙර ගිරි ලිපි
[සංස්කරණය]විහාරයේ පිහිටි ගල් පර්වතය මත කොටා ඇති ගිරි ලිපි දැක ගත හැකිවේ.
ගිරි ලිපිය අංක 1
[සංස්කරණය]මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ පළමුවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. භාතිකාභය (භාතිකතිස්ස) (ක්‍රි.පූ. 19 - ක්‍රි.ව. 9) රාජ්‍ය කාලයට අයත්ය.
ගිරි ලිපිය අංක 2
[සංස්කරණය]මෙම ගිරි ලිපිය ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසට අයත් වන අතර, අපර බ්‍රාහ්මී අක්ෂරයන්ගෙන් හා පුරාණ සිංහල භාෂාවෙන් නිර්මිත වේ. පළමුවන ගජබාහු රාජ්‍ය කාලයට (ක්‍රි.ව. 112-134) අයත්ය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ලාහුගල කොටවෙහෙර". අමේසිංලංකා. සම්ප්‍රවේශය 13 ජනවාරි 2017.