රොකට් යානය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
රොකට් තාක්ෂණය සදහා රොකට් තාක්ෂණය බලන්න.

ඉතිහාසය[සංස්කරණය කරන්න]

රොකට් යානය කවර දාක කවරෙකු විසින් නිපදවන ල්ද්දේ යැයි නිශ්චය වශයෙන් කීමට සමත් කිසිවෙකු නැත්තේය.චීන ජාතිකයන් විසින් 13 ව්න් සියවසේදී චීනයේ නිපදවන ලද අහස් වෙඩිල්ල රොකටයේ පියා ලෙස සැලකිය හැක.චීනයේ දී මොංගෝලියානු ආක්‍රමණිකයන් පලවා හරින ලද අහස් වෙඩිල්ල රොකට් යානය ලෙස වැඩීමට නොයෙක් ජාතීන් උපකාර කරන ලදී. සර් අයිසෙක් නිව්ටන් හා රොකටයේ ක්‍රියාත්මක මූලධර්ම

එංගලන්තයේ ජීවත් වූ සර් අයිසැක් නිව්ටන් විසින් සොයා ගත් නියම අතර රොකට් යානයට වැදගත් වන්නේ "චලනය" පිළිබද නියමනු යි.

නූතන රොකට් යානය හා රුසියානු දායකත්වය[සංස්කරණය කරන්න]

නිකොලයි අයිවනොච්චි කිබල්චි - (1881)[සංස්කරණය කරන්න]

වෙඩි බෙහෙත් සාදන්නෙකි. දෙවෙනි ඇලෙකෙසැන්ඩ්ර් සාර් මැරීමට තැත් කිරීම යන චෝදනාව යටතේ සිර ගත විය. එහිදී වෙඩි බෙහෙත් කරල් එකිනෙක පිපිරවීමෙන් ක්‍රියා කරන රොකට් අහස් යානයක් පිළිබද සැලැස්මක් ඉදිරිපත් කරන ලදී.

කොන්ස්ටන්ටයින් සියැල්කොවිස්කි - (1891)[සංස්කරණය කරන්න]

රොකටයේ ඉතිහාස කතාව අතර රුසියානු නම සදා ‍රැදවූ දෙදෙනාගෙන් කෙනෙකි.1895 දී ග්‍රහලෝක කරා ගමන් කිරීම පිළිබද තම ප්‍රථම ලිපිය පල කලේය. එමගින් වෙඩි බෙහෙත් දැවීම වෙනුවට ද්‍රව ඉන්ධන භාවිතා කරමින් එහි වේගය බොහෝ සෙයින් වැඩි කල හැකි බව පෙන්වා දුන්නේය.ද්‍රව ඉන්ධන සංකල්පය හදුන්වා දුන් ඔහු එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර ද පෙන්වීය.නමුත් අප විස්මයට පත් විය යුතු වන්නේ ඔහු බිහිරි පුද්ගලයෙකු වීමයි.

රොකට් බූස්ටර[සංස්කරණය කරන්න]

වර්න්හර් වොන් බ්‍රෝන් මඟින් නායකත්වය දුන් ඉංජිනේරු කණ්ඩායමක් ඇපලෝ වැඩ සටහන සඳහා සැලසුම් කිරීම ආරම්භ කළ විට ඔවුන්ගේ රොකට් බූස්ටරවලට සහාය දීමට ඇත්තේ කිනම් ආකාරයේ මෙහෙයුමකටදැයි ඔවුන්ට පැහැදිලි නොවීය. සෘජු නික්මීමක් සඳහා බූස්ටරයක් අවශ්‍ය වේ. සැලසුම් කර තිබූ නෝවා රොකට්ටුවක විශාල බර ප්‍රමාණයක් එසවීමේ හැකියාව තිබේ. නාසාහි තීරණය නිසා මාෂල් අභ්‍යාවකාශ ගමන මධ්‍යස්ථානයෙහි වැඩකටයුතු සැටර්න් 1B හා සැටර්න් V නිෂ්පාදනය කරා යොමු විය. මේවා නෝවාට වඩා ජවයෙන් අඩු වූ නමුත් සැටර්න් V ඊට පෙර නිපදවූ ඕනෑම බූස්ටරයකට වඩා බලයෙන් වැඩි විය.සැටර්න් V අදියර තුනකින් සමන්විත අතර බූස්ටරයේ මඟ පෙන්වීම් පද්ධති ඇතුළත් උපාංග ඒකකයකින් ද සමන්විත වේ. ප්‍රථම අදියර වන S-1 C හරස් රටාවකට සකසා ඇති F-1 එංජින් 5කින් යුක්ත වන අතර එමඟින් රාත්තල් මිලයන 7.5කට වඩා වැඩි තෙරපුමක් නිපදවයි. ඒවා දහනය වෙන්නේ මිනිත්තු 2.5ක් පමණක් වන අතර එමඟින් අභ්‍යාවකාශ යානයේ වේගය දළ වශයෙන් පැයට සැතපුම් 6000 (2.68kms-1) දක්වා ත්වරණය කරයි. නිර්මාණය කිරීම අතරතුර දී F-1 එංජින් දහන අස්ථායීතාවකට මුහුණ පෑය. දහන ප්‍රචාලක එංජිමෙහි දහන මුහුණත හරහා ඒකාකාරී නොවේ නම් එංජිමට හානි වන අයුරින් පීඩන තරංග ගොඩනැඟිය හැක. මෙම ගැටළුව පර්යේෂණ ගණනාවක් හරහා එංජිම හොඳින් සුසර කිරීමෙන් විසදන ලද අතර එමනිසා එංජිම තුළ ඇති වූ කුඩා ආරෝපණයක් පවා අස්ථායීතාවයක් ප්‍රේරණය නොකරයි.

දෙවන අදියර වන S-II , J-2 එංජින් 5කින් සමන්විත වේ. ඒවා දළ වශයෙන් මිනිත්තු 6ක් පුරා දහනය වන අතර අභ්‍යාවකාශ යානය පැයට සැතපුම් 15300ක වේගයට (6.84kms-1) හා සැතපුම් 115ක් පමණ වන උන්නතාංශයකට රැගෙන යයි. මෙම අවස්ථාව වන විට S-IV B තෙවන අදියර ක්‍රියාත්මක වී අභ්‍යාවකාශ යානය කක්ෂයට ඇතුල් කරයි. එහි එක් J-2 එංජිම ට්‍රාන්ස් චන්ද්‍ර ඇතුළ් වීම් දහනය සිදු කිරීම සඳහා නැවත පණ ගැන්වීමට හැකි ලෙස සැලසුම් කර ඇත.

සැටර්න් IB යනු මුල් සැටර්න් 1හි වැඩි දියුණු කළ සංස්කරණයකි. එයට H-1 එන්ජින් 8කින් යුත් ප්‍රථම අදියරක් හා සැටර්න් V හි තෙවන අදියරට සමාන S-IV B දෙවන අදියරක් ද ඇත. සැටර්න් V හි වූ රාත්තල් මිලියන 7.5ක තෙරපුමට සන්සන්දනාත්මකව සැටර්න් IB ‍ට එහි ප්‍රථම අදියරේ දී ඇත්තේ රාත්තල් මිලියන 1.6ක තෙරපුමක් ඇත. නමුත් එයට අණ දීම් හා චන්ද්‍ර මොඩියුලය පෘථිවි කක්ෂයට යැවීමේ හැකියාව ඇත. එය ඇපලෝ පර්යේෂණ මෙහෙයුම්වල දී ස්කයි ලැබ් වැඩසටහනේ දී හා ඇපලෝ - සොයුස් පර්යේෂණ වැඩසටහනේ දී යොදා ගන්නා ලදී. 1973 දී සැටර්න් V විසින් නිකුත් කරන ලද නැවත සවි කරන ලද S-IVB අදියරක් ස්කයි ලැබ් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය බවට පත් විය

"https://si.wikipedia.org/w/index.php?title=රොකට්_යානය&oldid=362075" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි