Jump to content

2021 ලංකා ප්‍රිමියර් ලීග්

විකිපීඩියා වෙතින්
(ලංකා ප්‍රිමියර් ලීග් 2021 වෙතින් යළි-යොමු කරන ලදි)
2021 ලංකා ප්‍රිමියර් ලීගය
කාලය5 – 23 දෙසැම්බර් 2021
පරිපාලක(යෝ)ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC)
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට්
තරඟාවලි ආකෘතියලීග් වටය හා පිලිමලුන් පිටුදැකීමේ වටය
සත්කාරකත්වයශ්‍රී ලංකාව
ශූරයන්ජැෆ්නා කින්ග්ස්
අනුශූරයන්ගෝල් ග්ලැඩියේටර්ස්
සහභාගීත්වය5
තරඟ24
තරඟාවලියේ වීරයාඅවිශ්ක ප්‍රනාන්දු
වැඩිම ලකුණුකුසල් මෙන්ඩිස්
වැඩිම කඩුලු සමිත් පටෙල් සහ මහේෂ් තීක්ෂණ
නිල වෙබ් අඩවියlankapremierleague.com
2020
2022

ශ්‍රී ලංකා ක්‍රිකට් මගින් සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වේ.[1] එය 2021 දෙසැම්බර් 05 සිට 23 දක්වා පැවැත්විය. කණ්ඩායම් සංඛ්‍යාව පහේ සිට හය දක්වා වැඩි කිරීමට සැලසුම් කර තිබූ නමුත් පළමු තරගාවලියට අනුව කණ්ඩායම් පහක් සහභාගී වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) තහවුරු කළේය.[2]


2021 ජුනි මාසයේදී, 2021 ලංකා ප්‍රිමියර් ලීග් සඳහා LPL තාක්ෂණික කමිටුවේ සභාපති ලෙස චරිත් සේනානායක පත් කරන ලදී. එම මාසයේම මුල්‍ය ගැටළු හේතුවෙන් කලම්බෝ කින්ග්ස් සහ දඹුල්ල වයිකින්ග්ස් කණ්ඩායම් වල හිමිකාරිත්වය අවසාන කිරීමට කටයුතු කලේය. ඔවුන් වෙනුවට නව කන්ඩායම් දෙකක් පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද තහවුරු කළේය. ඊළඟ මාසයේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජැෆ්නා ස්ටැලියන්ස් කන්ඩායමද ඉවත් කළේය. මුලදී, මෙම තරඟාවලිය 2021 ජූලි 30 සහ අගෝස්තු 22 අතර පැවැත්වීමට නියමිතව තිබුණි. 2021 ජූලි 9 වන දින, තරඟාවලිය 2021 නොවැම්බර් 19 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබිණ. 2021 සැප්තැම්බර් මාසයේදී දඹුල්ල වයිකින්ග්ස් අයිතිකරුවන් වෙනස් කිරීමෙන් පසු ඔවුන්ගේ නම දඹුල්ල ජයන්ට්ස් ලෙස වෙනස් කළේය. ජැෆ්නා ස්ටාලියන්ස් ද එම මාසයේ පසුව ඔවුන්ගේ නම ජැෆ්නා කින්ග්ස් ලෙස වෙනස් කළේය. 2021 ඔක්තෝම්බර් මාසයේදී, කැන්ඩි ටස්කර්ස් නව හිමිකරුවන් සිටින බව ප්‍රකාශ කිරීමෙන් පසු ඔවුන්ගේ නම කැන්ඩි වොරියර්ස් ලෙස වෙනස් කළේය. 2021 නොවැම්බර් මාසයේදී කලම්බෝ කින්ග්ස් නව හිමිකරුවෙකු විසින් අත්පත් කර ගැනීමෙන් පසු ඔවුන්ගේ නම කලම්බෝ ස්ටාර්ස් ලෙස වෙනස් කරන ලදී.

සංචිතයන්

[සංස්කරණය]

ක්‍රීඩක තෝරාගැනීම 2021 නොවැම්බර් 09 දින පැවැත්විය

Colombo Stars Dambulla Giants Galle Gladiators Jaffna Kings Kandy Worries

ක්‍රීඩාංගන

[සංස්කරණය]

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදි තරග පැවැත්විය.

 

කොළඹ හම්බන්තොට
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය
ධාරිතාව: 35,000 ධාරිතාව: 34,300
තරග: 20 තරග: 4
2021 ලංකා ප්‍රිමියර් ලීග් is located in Sri Lanka
හම්බන්තොට
හම්බන්තොට
කොලඹ
කොලඹ

කණ්ඩායම් වර්ගීකරනය

[සංස්කරණය]

ලකුණු පුවරුව

[සංස්කරණය]

තරග සටහන්

[සංස්කරණය]
Team Group matches Playoffs
12345678Q1/EQ2F
Colombo Stars 2 2 2 2 4 6 6 8 L
Dambulla Giants 2 2 4 5 7 7 7 7 W L
Galle Gladiators 2 2 4 5 5 5 7 9 W L
Jaffna Kings 0 2 4 6 8 10 12 12 L W W
Kandy Warriors 0 0 0 2 2 2 4 4
Win Loss ප්‍රතිඵලයක් නෑ
Note: The total points at the end of each group match are listed.
Note: Click on the points (group matches) or W/L (playoffs) to see the match summary.

තරගාවලි දත්ත

[සංස්කරණය]

වැඩිම ලකුණු

[සංස්කරණය]
PlayerTeamMatInnsRunsAveSRHS100504s6s
ශ්‍රී ලංකාව Kusal Mendis Galle Gladiators101032736.33 148.63 8502329
ශ්‍රී ලංකාව Avishka Fernando Jaffna Kings101031234.66 152.94 100 122619
එංගලන්තය Phill Salt Dambulla Giants101030130.10154.35 64 023210
එංගලන්තය Tom Kohlier-Cadmore Jaffna Kings111129632.88 137.03 92021920
ශ්‍රී ලංකාව Dinesh Chandimal Colombo Stars9927746.16 150.54 65*012211
Source: ESPNcricinfo[3]

වැඩිම කඩුලු

[සංස්කරණය]
PlayerTeamMatInnsWktsBBIAvgEconSR4w5w
ශ්‍රී ලංකාව Maheesh Theekshana Galle Gladiators1010163/1313.685.7614.200
එංගලන්තය Samith Patel Jaffna Kings1010164/2516.756.8714.610
බටහිර ඉන්දීය කොදෙව් Jaden Seals Jaffna Kings76154/1310.607.818.110
දකුණු අප්‍රිකාව Imran Thahir Dambulla Giants109153/2014.006.0014.000
ශ්‍රී ලංකාව Sekkuge Prasanna Colombo Stars88133/3115.616.5414.300
Source: ESPNcricinfo[4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. "LPL 2021: Wolf777 News joins Lanka Premier League as title sponsor". InsideSport. සම්ප්‍රවේශය 30 December 2020.
  2. "SLC to stick with only 5 teams for 2nd edition of LPL". The Papare. සම්ප්‍රවේශය 12 June 2021.
  3. "Lanka Premier League, 2021 – Most Runs". Cricinfo. සම්ප්‍රවේශය 24 Dec 2021.{{cite web}}: CS1 maint: url-status (link)
  4. "Lanka Premier League, 2021 – Most Wickets". Cricinfo. සම්ප්‍රවේශය 27 Dec 2021.{{cite web}}: CS1 maint: url-status (link)