රේෂ්මි ඝෝෂ්

විකිපීඩියා වෙතින්
(රෙෂ්මි ඝෝෂ් වෙතින් යළි-යොමු කරන ලදි)
රේෂ්මි ඝෝෂ්
රේෂ්මි ඝෝෂ් විසින් බර්කොවිට්ස් ආරම්භ කළ අයුරු
උපත
රේෂ්මි ඝෝෂ්

අධ්‍යාපනයජෝගමායා දේවි විද්‍යාලය (B.A.)
රැකියාවනිළියක, නිරූපිකාව
සක්‍රීය වසර2002–වර්තමානය
කලත්‍රයා(යන්)සිද්ධාර්ත් වසුදේව් (වි. 2013)

රේෂ්මි ඝෝෂ් (බෙංගාලි: রেশমি ঘোষ) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූ රැජිනක සහ නිළියකි.[1] මෑතක දී ඇය විසින් සුසරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාව තුළ ඉන්ද්‍රවතී නැමැති පිශාච ආත්මයේ චරිතය නිරූපණය කරන ලදී.

මුල්කාලීන දිවිය[සංස්කරණය]

ඇය උපත ලබා හැදී වැඩුණේ කොල්කතාවේ ය. ඇය සිය පාසල් අධයාපනය හදාළේ කාර්මල් කන්‍යාරාම පාසලේ දී ය. ඇය සිය BA උපාධිය සම්පූර්ණ කරන ලද්දේ දකුණු කොල්කතාවේ ජෝගමායා දේවි විද්‍යාලය වෙතිනි. මුලින් ඉතා ලැජ්ජාශීලී යුවතියක වූ මෙම බෙංගාලි රූමතිය විශ්වාසයෙන් යුතු නිරූපණ ශිල්පිනියක සහ අපේක්ෂා සහගත නිළියක බවට පත්වූවා ය. ඇයට ලාබාල සොයුරියක ද වේ.

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2013 පෙබරවාරි 1 දින කොල්කතාවේ දී රේෂ්මි ඝෝෂ්, සිද්ධාර්ත් වසුදේව් සමග විවාහ වූවා ය. වසුදේව් ශෝභා සෝම්නාත් කි රූපවාහිනී කතාමාලාවේ ඇය සමග ප්‍රධාන චරිත නිරූපණය සිදුකළ නළුවා ද විය.[2][3] මීට අමතරව රේෂ්මි සහ සිද්ධාර්ත් වසුදේව් බුද්ධා නම් රූපවාහිනී කතාමාලාවේ ද චරිත නිරූපණයෙන් සහභාගී වී තිබේ.

වෘත්තිය[සංස්කරණය]

2002දී රේෂ්මි ඝෝෂ් ඉන්දියානු මිහිකත රූ රැජින කිරුළ තමන් සතු කරගැනීමට සමත් වූවා ය.[4] අනතුරුව ඇය බොලිවුඩ් චිත්‍රපට කිහිපයක මෙන්ම[5] රූපවාහිනී මාලා නාට්‍ය[6] සහ වෙළඳ දැන්වීම් සඳහා ද රංගනයෙන් දායක වී තිබේ.

රේෂ්මි සිය රංගන දායකත්වය සැපයූ රූපවාහිනී කතාමාලා අතර ක්‍යුන්කි සාස් භි කභි බාහු ති (2006-2008), කහේ නා කහේ (2007–2008), කිස් දේශ් මේන් හේ මේරා දිල් (2008), ‍කොවුන් ජීතේගා බොලිවුඩ් කා ටිකට් (2008), කරම් අප්නා අප්නා (2008–2009), කායාමත් (2008–2009), මාන් රහේ තේරා පිතා (2010), තේරේ ලියේ (2010–2011), මාතා චෞකි (2011), බාබා ඒසෝ වාර් ධූන්දෝ (2011), ශෝභා සෝම්නාත් කි (2011–2012), පියා කා ඝාර් ප්‍යාරා ලගේ (2011–2013) සහ සාවිත්‍රි (2013–2014) වැනි කතාමාලා ප්‍රධාන වේ. 2014දී ඇය බුදුන් වහන්සේගේ ජීවන පුවත අලලා නිර්මාණය වූ බුද්ධා රූපවාහිනී කතාමාලාවේ මංගලා දේවී නම් චරිතය නිරූපණය කළා ය. 2015දී ඇය සුප්‍රකට ළමා රූපවාහිනී කතාමාලාවක් වූ බාල් වීර්හි දෛත්‍යානිගේ චරිතය නිරූපණය කළා ය. 2015දී ඇය කලර්ස් ටීවී නාලිකාවේ ජනප්‍රිය රූපවාහිනී කතාමාලාවක් වූ සසුරාල් සිමර් කා හි ඉන්ද්‍රවතී ගජේන්ද්‍ර සිං නැමැති දායන්වරියගේ ආත්මයේ චරිතය නිරූපණය කළා ය. 2016දී ඇය සංකත්මෝචන් මහාබලි හනුමාන් මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවේ කෛකේයි‍ බිසවගේ චරිතය නිරූපණය කළා ය.

රූපවාහිනී කතාමාලා[සංස්කරණය]

වර්ෂය කතාමාලාව චරිතය නාළිකාව නිෂ්පාදන නිවස
2006–2008 ක්‍යුන්කි සාස් භි කභි බාහු ති භූමි විරානි ස්ටාර් ප්ලස් බාලාජි ටෙලිෆිල්ම්ස්
2007–2008 කහේ නා කහේ නීනා 9X බාලාජි ටෙලිෆිල්ම්ස්
2008 කිස් දේශ් මේන් හේ මේරා දිල් රේෂ්මි ඝෝෂ් ස්ටාර් ප්ලස් බාලාජි ටෙලිෆිල්ම්ස්
2008 ‍කොවුන් ජීතේගා බොලිවුඩ් කා ටිකට් ඇය ලෙසම (සහභාගීත්වය) 9X බාලාජි ටෙලිෆිල්ම්ස්
2008–2009 කරම් අප්නා අප්නා නිශා ස්ටාර් ප්ලස් බාලාජි ටෙලිෆිල්ම්ස්
2008–2009 කායාමත් මල්ලිකා ස්ටාර් ප්ලස් බාලාජි ටෙලිෆිල්ම්ස්
2010 මාන් රහේ තේරා පිතා මාධව්ගේ භාර්යාව සෝනි ටීවී ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
2010–2011 තේරේ ලියේ නුපූර් බාසු ස්ටාර් ප්ලස් බාලාජි ටෙලිෆිල්ම්ස්
2011 මාතා චෞකි නිර්ති මාතා සහරා වන් ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
2011 බාබා ඒසෝ වාර් ධූන්දෝ අෂ්තමි ඉමැජින් ටීවී B.A.G ෆිල්ම්ස්
2011–2012 ශෝභා සෝම්නාත් කි ඉන්දුමතී සී ටීවී ස්වස්තික් ප්‍රොඩක්ෂන්ස්
2011–2013 පියා කා ඝාර් ප්‍යාරා ලගේ උර්මිලා සහරා වන් මැක්සිමම් ප්‍රොඩක්ෂන්ස්
2013–2014 සාවිත්‍රි ගූලිකා ලයිෆ් ඕකේ ෆ්ලයිං ටර්ට්ල්ස් ෆිල්ම්ස්
2014 බුද්ධා මංගලා දේවී සී ටීවී ස්පයිස් ‍ග්ලෝබල්
2014-2015 මහාරක්ෂක්: ආර්යන් විෂකන්‍යා/ විශාඛා සී ටීවී එසෙල් විෂන් ප්‍රොඩක්ෂන්ස්
2015 බාල් වීර් දෛත්‍යානි එස්ඒබී ටීවී ඔප්ටිමිස්ටික්ස් එන්ටර්ටේන්මන්ට්, දරින්දා ප්‍රොඩක්ෂන්ස්
2015 සසුරාල් සිමර් කා ඉන්ද්‍රවතී ගජේන්ද්‍ර සිං (දායන්වරියගේ ආත්මය) කලර්ස් ටීවී රශ්මි ෂර්මා ටෙලිෆිල්ම්ස්
2016 සංකත්මෝචන් මහාබලි හනුමාන් මහාරාණි කෛකේයි සෝනි එන්ටර්ටේන්මන්ට් කොන්‍ටිලෝයි එන්ටර්ටේන්මන්ට්
2016 මේරි අර්වාස් මි පෙහ්චාන් හේ ප්‍රතිමා බෝස් &TV ද හවුස් ඔෆ් ඔරිජිනල්ස්
2016 ඩොක්ටර් භානුමතී ඔන් ඩියුටි චන්දා චෞහාන් එස්ඒබී ටීවී ඔප්ටිමිස්ටික්ස් එන්ටර්ටේන්මන්ට්

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Singh, Manmohan (12 October 2012). "I don't want Bigg Boss kind of fame: Reshmi Ghosh". The Times of India. 15 October 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 30 April 2015.
  2. "TV star Resshmi Ghosh's wedding". සම්ප්‍රවේශය 3 January 2017.
  3. සංරක්ෂිත පිටපත, http://articles.timesofindia.indiatimes.com/2013-01-02/news-and-gossip/36094551_1_resshmi-ghosh-filmi-style-aborto, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  4. Reshmi takes on the Earth!-Delhi Times-Cities-The Times of India
  5. Reshmi Ghosh Filmography - Yahoo! India Movies
  6. Untitled Document, http://www.mumbaimirror.com/net/mmpaper.aspx?page=article&sectid=12&contentid=2007113020071130023312828d9d78eed, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 

බාහිර සබැඳි[සංස්කරණය]

සම්මාන සහ ජයග්‍රහණ
පූර්වප්‍රාප්තිකයා
ශාමිතා සිංහා
මිහිකත රූ රැජින ඉන්දියාව
2002
අනුප්‍රාප්තික
ශ්වේතා විජේ
"https://si.wikipedia.org/w/index.php?title=රේෂ්මි_ඝෝෂ්&oldid=593165" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි