බාල් වීර්

විකිපීඩියා වෙතින්
බාල්වීර්
තැනුවේවිපුල් ඩී. ෂා
සන්ජීව් ෂර්මා
රචනය කලේඅමිත් සේන්චෞධරි
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන1111
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)විපුල් ඩී. ෂා
කැමරා සැලැස්මබහු-කැමරා
ධාවන කාලයආසන්න. මිනිත්තු 22
නිෂ්පාදන සමාගමඔප්ටිමිස්ටික්ස් එන්ටර්ටේන්මන්ට්
බෙදාහරින්නාSAB TV
ප්‍රචාරණය
මුල් නාලිකාවSAB TV
රූප ආකෘතිය480i (SDTV)
1080i (HDTV)
මුල් ධාවනය8 ඔක්තෝබර් 2012 (2012-10-08) – 4 නොවැම්බර් 2016 (2016-11-04)
බාහිර සබැඳි
වෙබ් අඩවිය

බාල්වීර්,[1] හෙවත් බාල්වීර්[2] යන නාමයෙන් හැඳින්වෙන්නේ SAB TV නාළිකාව ඔස්සේ විකාශය වූ ඉන්දියානු ළමා රූපවාහිනී කතාමාලාවකි..[3] මෙම රූපවාහිනී කතාමාලාව එහි විකාශය ඇරඹූයේ 2012 ඔක්තෝබර් 8 දින ය.[4] 2016 නොවැම්බර් 4 දින මෙම කතාමාලාවේ විකාශය අවසන් විය. එය කථාංග 1111කින් යුතුව විකාශය විය.[5]

කථාපුවත[සංස්කරණය]

බාල් වීර් රූපවාහිනී කතාමාලවෙන් කියැවෙන්නේ අධි ස්වාභාවික බලයක් සහිත මිනිස් දරුවකු පිළිබඳ කථා පුවතකි. ඔහුට සුරංගනාවියන් සත් දෙනකුගේ සුපිරි බලයයන්ගේ උපකාරය ලැබේ. සුරංගනා ලෝකයේ සුරංගනාවියන් ගණනාවක් වේ. මෙහි වෙසෙන සෑම සුරඟනකටම ඔවුන්ගේ මූලික ගුණාංග සහ හැකියා අනුව නාමයක් ලබා දී ඇත. කෙසේනමුත්, මව් සුරඟන විසින් බහුරූපි සුරඟන සුරඟන ලෝකයේ රැජිනිය ලෙසින් සිංහාසනාරූඪ කරවයි. ටෞබා-ටෞබා නැමැති සිය සහායකයාගේ උපකාර ඇතිව භයංකාර සුරඟන, සුරඟන රැජිනිය ධුරය හිමි කර ගැනීමට කුමන්ත්‍රණ කරන්නී ය. නමුත් පසුව බාල් වීර් විසින් ඇයව පරාජය කරනු ලබයි.

බාල් වීර් විසින් සුරඟන ‍ලෝකය සහ සුරංගනාවියන් මෙන්ම ලෝකය පුරා සිටින ළමයින්ව ද දුෂ්ට බලවේගවලින් ආරක්ෂා කරයි. හැමවිටම යහපත්ව සහ සත්‍යවාදීව කටයුතු කරන ලෙස ඔහු ළමුන් හට උගන්වයි. බාල් වීර් මිනිස් ලෝකයේ බල්ලු නැමැති මිනිස් දරුවකු ලෙස රහසිගතව ජීවත් වේ. ඔහුගේ සමීප මිතුරන් වන මානව් සහ මෙහේර්ගේ හදාගත් සොහොයුරා ලෙස ඔහුව සලකනු ලැබේ. මෙම ළමයින්හට ඔවුන්ගේ පාසලේ සගයකු වන මොන්ටු නිතරම හිංසා පීඩා සිදු කරයි. නමුත් ඔවුන්ව බේරා ගැනීමට බාල් වීර් හැමවිටම පැමිණෙයි.

චරිත නිරූපණය[සංස්කරණය]

අන්තර්ජාතික විකාශය[සංස්කරණය]

ශ්‍රී ලංකාව තුළ සිංහල බසින් හඬ කවන ලද මෙම රූපවාහිනී කතාමාලාව සූරයන්ගෙත් සූරයා යන තේමාව යටතේ හිරු TV නාළිකාව ඔස්සේ විකාශය කරනු ලබයි.

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. TNN (25 April 2014). "Baal Veer over takes Mahadev in slot ranking". Times of India. සම්ප්‍රවේශය 3 June 2014.
  2. "SAB TV Baalveer official website". SAB TV.
  3. Bhopatkar, Tejashree (15 September 2012). "Anushka Sen to join Shama Sikander and Karishma Tanna in Baal Veer". Times of India. සම්ප්‍රවේශය 17 July 2013.
  4. "Baal Veer Episode 1 - 8th October, 2012". SAB TV. 8 October 2012.
  5. "Baal Veer Episode 1111 - 4th November, 2016 - Last Episode". SAB TV. 4 November 2016. සම්ප්‍රවේශය 7 November 2016.

බාහිර සබැඳි[සංස්කරණය]

සැකිල්ල:SAB TV Programmes

"https://si.wikipedia.org/w/index.php?title=බාල්_වීර්&oldid=571583" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි