රුහුණ විශ්වවිද්‍යාලයය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(රුහුණු විශ්ව විද්‍යාලය වෙතින් යළි-යොමු කරන ලදි)
වෙත පනින්න: සංචලනය, සොයන්න
රුහුණ විශ්වවිද්‍යාලයය
ආදර්ශ පාඨය පඤ්ඤා නරානං රතනං (පාලි)
පිහිටුවන ලද්දේ ක්‍රි.ව. 1978
වර්ගය රාජ්‍ය
කුලපති පූජ්‍ය පල්ලත්තර සුමනජෝති හිමි
උපකුලපති මහාචාර්ය ගාමිනී සේනානායක
පරිපාලන කාර්ය මණ්ඩලය 1144 (366 teaching)
ශිෂ්‍යයන් 6366
පශ්චාත් උපාධි අපේක්ෂකයා 100
පිහිටීම , ශ්‍රී ලංකාව
අධ්‍යයන මණ්ඩප මාතර සහ ගාල්ල
වෙබ් පිටුව http://www.ruh.ac.lk/

රුහුණ විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ පිහිටි විශ්ව විද්‍යාලයකි. දකුණු පළාතෙහි ඇති එකම විශ්වවිද්‍යාලයයි. ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන වර්ගීකරණය අනුව 2015 වර්ෂයේදී මෙම විශ්ව විද්‍යාලය මෙරට 6 වන ස්ථානය හිමිකරගෙන තිබෙන අතර, ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව 3557 ස්‌ථානය හිමිකරගෙන තිබෙයි. [1]

ආරම්භය[සංස්කරණය කරන්න]

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන කැබිනට් අමාත්‍යවරයා වශයෙන් ආචාර්ය නිශ්ශංක විජයරත්න මහතා ගේ අදහසක් අනුව 1978 අංක 16 දරණ විශ්ව විද්‍යාල පනතින් රුහුණ විශ්වවිද්‍යාලයය 1978 දි ආරම්භය කරන ලදි.

අධ්‍යයන මණ්ඩප[සංස්කරණය කරන්න]

ප්‍රධාන මණ්ඩපය[සංස්කරණය කරන්න]

රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය මාතර මැද්දවත්තෙහි පිහිටා තිබෙන අතර එහි, මානව ශාස්ත්‍ර, විද්‍යා, කළමනාකරණ සහ මූල්‍ය, ධීවර සහ සාගර විද්‍යා හා තාක්‍ෂණ, පශ්චාත් උපාධි අධ්‍යයන සහ තාක්‍ෂණ පීඨය යන පීඨ නවය ද, උපකුලපති ‍කාර්යාලය ඇතුළු පරිපාලන සංකීර්ණය ද, ප්‍රධාන පුස්තකාලය, ගෘහස්ත ක්‍රීඩාගාරය සහ පරිගණක විද්‍යාගාරය ද පිහිටා ඇත. ඉතාම දැකුම්කළු ගෘහ නිර්මාණ සැලැස්මකින් ඉදිව ඇති රුහුණ විශ්වවිද්‍යාලයයෙහි ප්‍රධාන මණ්ඩපය ශ්‍රී ලංකාවේ කීර්තිමත් ගෘහ නිර්මාණ ශිල්පියෙකුව සිටි ජෙෆ්රි බාවා විසින් නිර්මාණය කෙරිණි. ඉදිකිරීම් බැල්පර් බියැටි නම් ඕලන්ද සමාගම විසින් සිදු කරන ලදී.

වෙනත් මණ්ඩප[සංස්කරණය කරන්න]

විශ්වවිද්‍යාලයයෙහි කෘෂිකර්ම පීඨය කඹුරුපිටිය ප්‍රදේශයේ මාපලානෙහි ද, වෛද්‍ය පීඨය ගාල්ල කරාපිටියෙහි ද පිහිටා ඇති අතර මෑතදී සරසවියට එක්වූ නව පීඨය වන ඉංජිනේරු පීඨය පිහිටා ඇත්තේ ගාල්ල වක්වැල්ලෙහි ය.


මේවාද බලන්න[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=රුහුණ_විශ්වවිද්‍යාලයය&oldid=392858" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි