Jump to content

රැම්සාර් සම්මුතිය

විකිපීඩියා වෙතින්
රැම්සාර් සම්මුතිය
Ramsar Convention
අන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය, විශේෂයෙන් ජලජ පක්ෂීන්ගේ ස්වභාවික වාසස්ථාන සංරක්ෂණය
Convention on Wetlands of International Importance, especially as Waterfowl Habitat'
ලාංඡනය
අත්සන් කිරීම1971 පෙබරවාරි 2
ස්ථානයරම්සාර් (ඉරානය)
බලපැවැත්ම1975 දෙසැම්බර් 21 සිට
කොන්දේසියරටවල් 7 කින් අනුමත කිරීම
පාර්ශව168
සන්ධාපනලාභියායුනෙස්කෝ අධ්‍යක්ෂක ජෙනරාල්
භාෂාඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන් හා රුසියන් ramsar.org/
තෙත් බිමක්

රැම්සාර් සම්මුතිය (අන්තර්ජාතිකව වැදගත් වන තෙත් බිම් පිළිබඳව සම්මුතිය) යනු, තෙත්බිම් සංරක්ෂණය කිරීම සහ ඒවා තිරසාර ලෙස භාවිතයට ගැනීම වෙනුවෙන්, ජාත්‍යන්තරව සකසා ගන්නා ලද සම්මුතියකි.[1] තෙත්බිම් බලයෙන් අල්ලාගැනීම, වර්ථමානයේදී හා අනාගතයේදී තෙත්බ්ම් විනාශයට පත් වීම වැළැක්වීම හා, තෙත් බිම් හී මූලික පාරිසරික විද්‍යාත්මක ක්‍රියාකාරීත්වයන් සහ ඒවායේ ආර්ථික, සංස්කෘතික, විද්‍යාත්මක සහ වින්දනීය වටිනාකම් හඳුනාගැනීම සඳහා, මෙම ගිවිසුම නිර්මාණය කොට ගෙන තිබෙයි. 1971 වසරේදී ගිවිසුම අත්සන් කල ස්ථානය වූ, ඉරානයේ රැම්සාර් (ramsar) නගරයේ නමින්, මෙම සම්මුතිය නම් කර ඇත.

සම්මුතියට එළැඹීම

[සංස්කරණය]

1971 පෙබරවාරි 2 වන දින ඉරානයේ රම්සාර් හී, එරට පරිසර දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලැබූ සමුළුවකට සහභාගී වූ ජාතීන් විසින්, මෙම සම්මුතිය මුල්ම වරට වැඩිදියුණු කොට ක්‍රියාත්මක කල යුතු දෙයක් ලෙස සම්මත කර ගන්නා ලදී. 1975 දෙසැම්බර් 21 වන දින සිට මෙම සම්මත කර ගත් ගිවිසුම, බලාත්මක කිරීම ආරම්භ වුණි.

රැම්සාර් සම්මුතිය සතුව නිත්‍ය කාරක සභාවක්, විද්‍යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවක් සහ මහලේකම් කාර්යාලයක් පවතියි. මෙහි මූලස්ථානය ස්විට්සර්ලන්තයේ, Gland හී පිහිටුවා තිබෙයි.

රැම්සාර් තෙත්බිම්

[සංස්කරණය]

මේ වන විට (2013 නොවැම්බර් 2) අන්තර්ජාතිකව වැදගත් වන ලොව පුරා වූ තෙත් බිම් කලාප 2,168 පමණ ප්‍රමාණයක් (හෙක්ට්යාර් 206,632,105 පමණ වපසරියක), රැම්සාර් තෙත් බිම් ලෙස නම් කොට තිබෙයි.[1]

වැඩිම රම්සාර් තෙත් බිම් ප්‍රමාණයක් සහිත රට එක්සත් රාජධානිය (තෙත් බිම් 169ක්) වන අතර; විශාලතම රැම්සාර් තෙත් බිම කැනඩාව සතු වෙයි. (වර්ග කිලෝ මීටර 130000 ක් පමණ විශාල).[2]

ශ්‍රී ලංකාව

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ බූන්දල හා මාදු ගඟ අවට තෙත් බිම් ප්‍රදේශය, මෙම ගිවිසුමට යටත් මෙරට පවතින රැම්සාර් තෙත් බිම් කලාප වෙයි.

ගිවිසුම්ගත පාර්ශ්වකරුවන්

[සංස්කරණය]

1971 වසරේදී ජාතීන් 21ක් දෙනෙකුගේ එකඟතාවකින් ආරම්භ කරන ලද මෙම සම්මුතියට, 1999 වර්ෂය වන විට සාමාජිකයියෝ 119 දෙනෙකුත්, මේ වන විට, සාමාජිකයෝ 168 දෙනෙකුත් සම්බන්ධව සිටිති.[3] සෑම වර්ෂ තුනකට වතාවක් මෙම සම්මුතියට අදාලව සමුළුවාර (Conference of the Contracting Parties (CCP)) පැවැත්වෙන අතර, ඉන් ප්‍රථම සමුළුව 1980 වසරේදී ඉතාලියේ, Cagliari හීදී පවත්වනු ලැබිණි. 1982 වසරේ පැරිස් සමුළුවාරයේදී හා 1987 Regina සමුළුවාරයේදී, රම්සාර් සම්මුතියෙහි මුල් එකඟතාවලට සංශා්ධන කිහිපයක් එක් කෙරුණි.[4]

ජාත්‍යන්තර සංවිධාන සහකරුවන්

[සංස්කරණය]

ජාත්‍යන්තර සංවිධාන සහකරුවන් (International Organization Partners (IOPs)) ලෙස හඳුන්වනු ලබන ප්‍රධාන ජාත්‍යන්තර සංවිධාන පහක් සමග, රැම්සාර් සම්මුතිය සමීප ලෙස කටයුතු කරයි. ඒවා නම් Birdlife International, පරිසර සංරක්ෂණය සඳහා වූ අන්තර්ජාතික එකමුතුව (International Union for Conservation of Nature (IUCN)), ජාත්‍යන්තර ජල කළමණාකරන ආයතනය (International Water Management Institute (IWMI)), Wetlands International සහ WWF International (World Wide Fund for Nature) යන සංවිධාන වෙයි.

විශේෂඥ තාක්ෂණික උපදෙස් ලබාදීම, ක්ෂේත්‍ර අධ්‍යයනයන් සඳහා දායක වීම හා මූල්‍යමය ආධාර ලබාදීම වැනි දෑ මගින්, මෙම ජාත්‍යන්තර සංවිධාන සහකරුවන්, රම්සාර් සම්මුතියට සිය දායකත්වය ලබා දෙයි. මීට අමතරව ඔවුහූ, රම්සාර් සම්මුති සමුළුවාරයන්හීදී නිරික්ෂණ සාමාජිකයින් ලෙසත්, විද්‍යාත්මක හා තාක්ෂණික සමාලෝචන කමිටුවේදී පූර්ණ සාමාජිකයින් ලෙසත් ක්‍රියා කරයි.

මේවාද බලන්න

[සංස්කරණය]

ආශ්‍රිත

[සංස්කරණය]

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=රැම්සාර්_සම්මුතිය&oldid=679656" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි