ලෝක තෙත්බිම් දිනය
Appearance

ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 2 වනදා සමරනු ලැබේ.
දිනය තෝරා ගැනීම
[සංස්කරණය]1971 වසරේ ඉරානයේ රැම්සාර් නුවරදී, ජාතීන් 21 ක් විසින් තෙත්බිම් සම්බන්ධ රැම්සාර් සම්මුතියට අත්සන් කල දිනය, එනම් පෙබරවාරි 2 වන දිනය, ලෝක තෙත්බිම් සැමරුම් දිනය ලෙස තෝරා ගෙන තිබෙයි.
තෙත්බිම් දිනය සැමරීම
[සංස්කරණය]ලොව ප්‍රථම වතාවට තෙත්බිම් දිනය සමරනු ලැබුවේ, 1997 වර්ෂයේදීයී. එතැන් පටන් සෑම වසරකදීම, රජයේ කාර්යාංශ, රාජ්‍ය නොවන සංවිධාන සහ විවිධ තරාතිරම් වල පුරවැසි කණ්ඩායම් විසින්, තෙත් බිම් වල වටිනාකම් හා ප්‍රතිලාභ පිළිබඳවත්, විශේෂයෙන් රැම්සාර් සම්මුතිය ගැනත් සම්බන්ධ පොදු දැනුවත් කිරීම් සිදුකරනු ලැබේ. මේ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය සඳහා රැම්සාර් මහලේකම් කාර්යාලයද, අවශ්‍ය ද්‍රව්‍ය හා ආධාර සපයයි.
බාහිර සබැඳි
[සංස්කරණය][[commons:Lua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).|ලෝක තෙත්බිම් දිනය]] හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- ramsar.org - වර්ල්ඩ් වෙට්ලන්ඩ්ස් ඩේ පෝර්ටල්