රයිගම් කෝරළය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

අතීත සිංහලේ දේශය පරිපාලන අතින් පලාත් හතරකට බෙදී පැවතිනි. ඒ රුහුණු, මායා, පිහිටි, මළය ලෙසිනි. එවා දිසා ලෙස බෙදා දිසා කෝරළවලට බෙදා පැවතුනි. කෝරළ පත්තුවලට බෙදා තිබුණි. පත්තු සමන්විත වූයේ ආරච්චි වසම් වලිනි. ඒ තුළ විවිධ ගම්මානන විය. මෙම පැරණි පරිපාලන සම්ප්‍රදායන්ට අනුව මායා රටට අයත් කෝරළ අතර රයිගම් කෝරළය ප්‍රමුඛ තැනක් ගනී. අප රයිගම් කෝරළයට පත්තු 6කි. මේ බව කඩවත් පොත්වල දැක්වේ(ලංකා කඩවත් විත්ති- මාරඹේ)

1. රයිගම් උඩුගහ පත්තුව

2. රයිගම් කුඹුක පත්තුව

3. රයිගම් අධිකාරී පත්තුව

4. රයිගම් තල්පිටිබද්ද පත්තුව

5. පානදුර තොරමුණ පත්තුව

6. මුන්වත්තේ බාගේ පත්තුව

මේ අතරින් වත්මන් ඉංගිරිය ප්‍රෙද්ශීය ලේකම් බල කොට්ඨාසය අයත්ව පැවති උඩගහ පත්තුව වනාහී උතුරෙන් හේවාගම් කෝරළයටත්, නැගෙනහිරෙන් සබරගොමුවටත්, දකුණෙන් කාල නදිය හා පස්ටදුන්ත් කොරළයටත්, බස්නාහිරෙන් රයිගම් කුඹුකේ පත්තුවටත් මායිම්ව පවතිනවා.

වර්තමාන බෙදීම් අනුව රයිගම් උඩුගහ පත්තුව වනාහී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට බෙහෙයින්ම සමානවේ.

කුඹක පත්තුව හොරණ ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාසයද, අධිකාරි පත්තුවට බණ්ඩාරගම ප්‍රාලේ කෝට්ඨාසවද, තල්පිටියේ සිට බොල්ගොඩ ගඟ ඔස්සේ හිරණ ගොරකාන දක්වාවූ කලාපය තල්පිටිබද්ද පත්තුවටද, පානදුර නගර කලාපය පානදුර තොටමුණ පත්තුවටද, මදුරාවල හා මිල්ලනිය කොට්ඨාස මුන්වත්තබාගේ පත්තුවටද අයත්ය. (ආරියරත්න ජේ.ටී - අසිරිමත් රයිගම පිට 12)

රයිගම කොරළයක් ලෙසින් ඒ නමින් සංවිධාන ගත වෙන්නේ පොළොන්නරු යුගයේදීය. ඒ හිරණ්‍ය මළය හා පාන බුන්න දනව්වේ කොටසක් එක් වීමෙනි. හිරණ්‍යමළයේ සීමාවන්ට පානදුර තොටමුණ පත්තුව හා තල්පිටිබද්ද පත්තුව හැර සෙස පත්තු අයත්ව තිබිණ. එම පත්තු දෙක යත්ව පැවතියේ පාණ බුන්න දනව්වටය.

"https://si.wikipedia.org/w/index.php?title=රයිගම්_කෝරළය&oldid=439220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි