රජරට වකුගඩු රෝගය

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ ජනතාව අතර බහුල නිධන්ගත වකුගඩු රෝගයකි.

නම[සංස්කරණය]

මෙම රෝගය අති බහුලවම පැතිර ඇති ප්‍රදේශය අතීත රජරට සීමාවට අයත්ව තිබූ ප්‍රදේශ බැවින්.

හේතු(ව)[සංස්කරණය]

කෘෂි රසායන ද්‍රව්‍ය දිගු කාලයක් අධිකව භාවිතයෙන් පානීය ජලය දූෂණය වීම ප්‍රධාන හේතුව ලෙස හඳුනාගෙන ඇත. අදාල රසායනික සංයෝග නිශ්ච්කව හඳුනාගෙන නැති නමුත් බැර ලෝහමය මූලද්‍රව්‍ය 2ක් සහ වල් නාශක වර්ගයක් ප්‍රධාන වශයෙන් සැකකෙරේ.

  1. කැඩ්මියම්
  2. ආසනික්[1]
  3. ග්ලයිෆොසෙට් [2]

මෙම රසායන අඩංගුවන නිශ්චිත කෘෂි රසායන නිශ්පාදන හඳුනාගැනීම ආරම්භවී ඇති නමුත් තවමත් නිෂ්චිත තොරතුරු හමුවී / ප්‍රසිද්ධකර නැත.

රෝග ලක්‍ෂණ[සංස්කරණය]

ප්‍රථිකාර[සංස්කරණය]

ආශ්‍රිත සමාජ ගැටළු[සංස්කරණය]

වැලැක්වීම[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

රජරටින් ආරම්භ වූ වකුගඩු රෝගය හැඳින්වීම


මෙම විශේෂිත වූ, මාරාන්තික, නිදන්ගත වකුගඩු රෝගය මුලින්ම උතුරු මැද පලාතෙන් වාර්තා විය. ඒ 1994 වසරේදී ය. පසුව උතුරු, වයඹ සහ ඌව පළාත්වලටද,දැන් කෙමෙන් කෙමෙන් දකුණු පළාතට ද ව්‍යාප්ත වනු දැකිය හැකිය. මෙම රෝගය, ශ්‍රී ලංකාවේ ප්‍රධානම ජීවනෝපාය වන ගොවිතැන සිදුකරන ගොවියා ගොදුරු කරගන්නා මාරාන්තික රෝගයක් වීම, අප රට මුහුණ පා ඇති විශාලතම සෞඛ්‍ය ප්‍රශ්නයයි. එපමණක් නොව සෑම වසර 4 කටම වරක් රෝගීන්ගේ ප්‍රතිශතය දෙගුණ වීමක් දක්නට ඇත.මේ වන විට උතුරුමැද පළාතේ ජනගහනයෙන් 16% ක් මෙම රෝගයට ගොදුරු වී ඇත (ලෝ.සෞ.සං.2013). දැනට 20,000 කට වැඩි රෝගීන් සංඛ්‍යාවක් මරණයට පත්වී අති අතර ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් රෝගීන් බවට පත් වෙමින් සිටින බව විශ්වාස කෙරේ. සාමාන්‍යයෙන් නිධන්ගත වකුගඩු රෝගියෙක් හඳුනාගන්නා විට වකුගඩු යුගලයෙන් 60-70% ප්‍රමාණයක් විනාශ වී පවතී. එබැවින් දැනට හඳුනාගෙන සිටින රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි, අති විශාල ගොවීන් සංඛ්‍යාවක් රෝගීන් බවට පත්ව ඇති බව පැහැදිලිය. මුල් කාලයේ දී මැදි වයසේ රෝගීන් වාර්තා වුවත් වර්තමානයේ ළමා පරපුරද මේ රෝගයට ගොදුරු වෙමින් පවතී. ධාර්මික කෘෂිකාර්මික ශිෂ්ඨාචාරයක් මත ගොඩනැගුනු ලාංකික සිංහල බෞද්ධ සංස්කෘතිය වර්තමානයේ මුහුණපාන දරුණුතම ව්‍යසනය බවට මෙය පත්වෙමින් පවතී. එය ක්‍රමයෙන් මුළු රටම ගිලගනිමින් පවතින කාලිංග මාඝ ව්‍යසනයටත්, කොටි ත්‍රස්තවාදයටත් එහා ගිය මානව හා සත්ත්ව සංහාරයකි.

     මෙම රෝගය  සුවකල හැකි නිශ්චිත ප්‍රතිකාරයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ හෝ දැනට ලංකාවේ ලියාපදිංචි වෙනත් වෛද්‍ය ක්‍රමයක හෝ නැත.
        සාමාන්‍යයෙන් නිදන්ගත වකුගඩු රෝගවලට හේතු වන්නා වූ දියවැඩියාව, අධිරුධිර පීඩනය, ගුච්ඡිකාවල ආසාදන තත්ත්වයන් මෙම රෝගය සඳහා මුලික හේතු කාරක නොවේ. ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විවිධ පර්යේෂණ කණ්ඩායම් 2010 වසරේ අග භාගය වන තෙක් මෙම රෝගයට හේතුව සෙවීම සඳහා කරන ලද පර්යේෂණයන්ගෙන් පිළිගත හැකි නිශ්චිත හේතුවක් ඉදිරිපත් නොවූ බැවින් මෙයට නොදන්නා හේතුවකින් හටගන්නා වකුගඩු රෝගය(CKDu) ලෙස නම් කර තිබුණි. 

පර්යේෂණය පර්යේෂණය සඳහා පදනම:

     හේතුව හඳුනානොගත් රෝගයකට, හඳුනානොගත් හේතු කාරක අති විශාල සංඛ්‍යාවක් පැවතිය හැකිය. වකුගඩු රෝගයකට හේතු විශාල සංඛ්‍යාවකි. ඉන් එකක් වකුගඩුවලට බලපාන විෂ යි. ඉතා කුඩා සාන්ද්‍රවලදී වකුගඩුවලට විෂ විය හැකි යයි සිතිය හැකි රසායන ද්‍රව්‍ය සංඛ්‍යාව අති මහත්ය. මනුෂ්‍ය ශරීරයට සාමාන්‍යයෙන් ඇතුළු වන බව නොදන්නා විෂ වර්ග නොගිනිය හැකි සංඛ්‍යාවකි.  ඒ එක් එක් විෂ ශරීරගත විය හැකි ආකාර බොහොමයකි. ශරීරගත වූ විෂ ශරීරයේ තැන්පත් වන ස්ථාන බොහොමයක් වන අතර ඒ එක් එක් අවස්ථාවේදී වකුගඩුවලට බලපාන ක්‍රමවේදයන් විවිධය.             බටහිර විද්‍යාවේ පර්යේෂණ ක්‍රමයට අනුව එක් පර්යේෂණයකින් සනාථ කල හැක්කේ එක් කාරණාවක් පමණි. එම පර්යේෂණ ක්‍රමය පිලිබඳ මනා අවබෝධ ඇත්තෙකුට ඉහත සඳහන් අනන්ත වූ කාරණා ඔප්පු කිරීමට බටහිර විද්‍යාවට ගතවන කාලය පිලිබඳ සිතීමට පවා අපහසු වනු ඇත. දියුණුම පර්යේෂණ දැනුම් සම්භාරය ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා  වසර ගණනාවක් පර්යේෂණ කොට මෙම රෝගයට හේතුවක් සොයාගත නොහැකි වුයේ මේ නිසාය.

පර්යේෂණයට යොමු වීම

රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මෙම වකුගඩු රෝගය සම්බන්ධව උනන්දු වූ වෛද්‍යවරයෙකි. ඔහු, මහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ හඳුන්වාදීම මත, භාවනානුයෝගීව සිත දියුණු කොට ඇති ප්‍රියන්තා සේනානායක මහත්මිය හමුවන්නේ මෙම රෝගයට කුමන හෝ අයුරකින් හේතුවක් සොයාගෙන දිනෙන් දින මිය යන ගොවීන්ගේ ජීවිත බේරා ගැනීමේ චේතනාවෙනි. ඒ හමුවීමත් සමග සේනානායක මහත්මිය ඇතුළු එතුමිය හා සම්බන්ධ සම්‍යදෘෂ්ඨික දෙවිවරුන්ගේ අධිෂ්ඨානයෙන් ගොවි ජනතාව ඇතුළු සමස්ත සමාජයම ධර්ම මාර්ගයට යොමු කරමින් ආසනික් සම්බන්ධ වැඩපිළිවෙල ආරම්භ විය.

බටහිර හෝ වෙනත් විද්‍යාත්මක පර්යේෂණයන්ගෙන් ඒ දක්වා සෙවීමට නොහැකි වූ එම හේතුව හා ඊට අදාල අවබෝධය පිරිසිදු බෞද්ධ අධ්‍යාත්මික ක්‍රමවේදයක් හරහා ලබාගෙන, පසුව යුගයේ අවශ්‍යතාව මත බටහිර විද්‍යාවට අනුව ලොවට හෙලිකල ආකාරය පහත දක්වමු. තවද එම ක්‍රමවේදය හරහා උරුම වුනු හෙළ නිල වෙදකමත්, හෙළ ගොවිතැනත් මගින් මෙම රෝග සුව කිරීමත්, රෝග නිවාරණයත් සිදු කරන ආකාරය ඔබගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරමු. අපගේ අධිෂ්ඨානය “ආරෝග්‍යා පරමා ලාභා – සන්තුට්ඨි පරමං ධනං” යන බුදු වදන අනුව යමින් නිරෝගිමත් දැහැමි සමාජයක් බිහිකිරීමයි. අධ්‍යාත්මිකව දියුණු සමාජය බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා පදනම බව අපි තරයේ විශ්වාස කරමු. ගෞතම බුද්ධ අධිෂ්ඨානය අනුව මෙම ශාසනය පවතින වසර 5000 ක කාලය තුල අපගේ මාතෘ භූමිය සමග බුද්ධ ශක්තිය සම්බන්ධ වන බවටත්, එම ශක්තිය පංච සීලයේ පිහිටා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නා වූ සියලු මනුෂ්‍යයන්ට සම්බන්ධ වී, පංච ඉන්ද්‍රියයන්ට හසුනොවන, දියුණු මනසට පමණක් හසුවන සත්‍ය වූ විද්‍යාව අවබෝධ කොටගත හැකි බවටත් මෙම සියලු සිද්ධීන් පැහැදිලි සාක්ෂි දරයි. නාථ දෙවිඳුන් ඇතුළු සම්‍යදෘෂ්ඨික දෙවිවරු මුලින්ම පරිසරයේ ආසනික් ඇති බව සඳහන් කරමින් මෙම සමාජය ගොඩගැනීම සඳහා පහත කරුණු දැනට පවතින විද්‍යාවෙන් මනුෂ්‍යයන්ට තේරුම් යන ලෙසට දක්වන ලෙස උපදෙස් දෙන ලදී.


ලැබුණු අරමුණු


වකුගඩු රෝගීන්ගේ ශරීරයේ ආසනික්(As) නැමති උග්‍ර විෂ අන්තර්ගත වන බව පෙන්වීම. රෝගීන්ගේ වකුගඩු රෝගයට හේතුව එම ආසනික් බව පෙන්වීම. රෝගී ශරීරයේ ඇති ආසනික්වල මූලික ප්‍රභවය කෘෂිරසායන බව පෙන්වීම. රෝගයේ භූගෝලීය ව්‍යාප්තිය, පස, කිවුල් ජලය සහ ආසනික් අතර ඇති සම්බන්ධය සෙවීම. මෑත කාලයේ සීග්‍රයෙන් වැඩිවන අනෙකුත් බෝ නොවන රෝග සහ ආසනික් අතර සම්බන්ධය සෙවීම. එම අරමුණු ඉටුකිරීමට අපි පහත ක්‍රියා මාර්ග අනුගමනය කළෙමු. මේ සඳහා සහභාගී වූ විද්‍යාඥයින්:

            මහාචාර්ය නලින් ද සිල්වා (එවකට පීඨාධිපති, විද්‍යා පීඨය, කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය ප්‍රියානි පරණගම (එවකට රසායන විද්‍යා අංශාධිපතිනිය, කැලණිය විශ්වවිද්‍යාලය), මහාචාර්ය මාලා අමරසිංහ (එවකට උද්භිද විද්‍යා අංශාධිපතිනිය, කැලණිය විශ්වවිද්‍යාලය), ආචාර්ය කිත්සිරි සේනානායක (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, කැලණිය විශ්වවිද්‍යාලය), වෛද්‍ය කේ.එස්. දහනායක (වැඩ බලන විශේෂඥ අධිකරණ වෛද්‍ය, ශික්ෂණ රෝහල, කරාපිටිය), වෛද්‍ය චන්න ජයසුමන(කථිකාචාර්ය, වෛද්‍ය පීඨය, රජරට විශ්වවිද්‍යාලය), වෛද්‍ය චින්තක විජේවර්ධන(ස්ථාන භාර වෛද්‍ය නිලධාරී, පදවි-ශ්‍රී පුර රෝහල, පදවි-ශ්‍රී පුර), වෛද්‍ය පණ්ඩුක මහමිතව, වෛද්‍ය ලක්ෂිත  රාජකරුණා, වෛද්‍ය ධනංජය සමරසිංහ(මූලික රෝහල, කරවනැල්ල), සාරංග ෆොන්සේකා(කැලණිය විශ්වවිද්‍යාලය)
      මෙහිදී එවකට කැලණිය විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිව සිටි මහාචාර්ය නලින් ද සිල්වා මහතා අපගේ පර්යේෂණය කෙරෙහි දැක්වූ විශේෂ අවධානය හා සහයෝගය පිළිබඳව අපි, අපගේ කෘතඥතා පූර්වක අවධානය යොමු කරමු.
     පදවි ශ්‍රී පුර රෝහලේ වකුගඩු රෝග සායනයේ ලියාපදිංචි රෝගීන් පුර්ණ සායනික පරික්ෂාවකට භාජනය කරන ලද අතර ඔවුන්ගේ ලේ, මුත්‍ර හා හිසකෙස් ආසනික් සඳහා ප්‍රමාණාත්මකව විශ්ලේෂණය කරන ලදී. තවද මිය ගිය රෝගීන්ගේ සම්පුර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වූ අතර ඔවුන්ගේ අවයව කොටස් ද ආසනික් සඳහා ප්‍රමාණාත්මක විශ්ලේෂණයකට භාජනය කරන ලදී. මෙහිදී කැලණි විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා අංශයේ විද්‍යාගාරය සතු පරමාණු අවශෝෂක වර්ණාවලික්ෂය(Atomic Absorption Spectrophotometer) විශ්ලේෂණ කටයුතු සඳහා යොදා ගැනින.
             තවද, එම රෝගීන් ජීවත් වන  පරිසරයේ ලිං ජලය, පස්, වැව් හා ඇල පද්ධතිය ආශ්‍රිත ශාක ප්‍රජාව සහ ඔවුන්ගේ ප්‍රධාන ආහාරය වන සහල්, ආසනික්  ඇතුළු බැර ලෝහ සඳහා පරීක්ෂා කරන ලදී.

එම තොරතුරු ඔබගේ දැනගැනීම පිණිස පහත දක්වමු.

සායනික පරික්ෂාවේදී හුමු වූ රෝග ලක්ෂණ:



අත්ලේ හා පතුලේ ආවේනික සම ඝන වීම් සහ කළු පැහැ මෙලනින් වර්ණකය තැන්පත් වීම්. තෙහෙට්ටුව කොන්ද කැක්කුම හිස කැක්කුම ඇස් දැවිල්ල වමන ගතිය බඩ කැක්කුම අත පය හිරි ගතිය රක්ත හීනතාවය අක්මාව ඉදිමීම ප්ලීහාව ඉදිමීම


පානීය ජලයේ ඇති ආසනික්

             මෙවන් දරුණු ආසනික් විෂවීම් ඉන්දියාවේ බෙංගාල ප්‍රදේශයෙනුත්, බංගලාදේශයෙනුත් වාර්තා වෙයි. මානව ඉතිහාසයේ වාර්තා වුනු දරුණුතම රසායනික විෂවීම ලෙස මෙය සැලකිය හැකිය.

ශ්‍රී ලංකාවේ සහල්වල ඇති ආසනික්

          චන්ද්‍රජිත් සහ ඔහුගේ කණ්ඩායම(Chandrajith et al) 2010 දී ලංකාවේ මෙම වකුගඩු රෝගය පවතින ප්‍රදේශවල ඇති සහල් පරීක්ෂාකොට ඒවායේ ඉහල අගයන්ගෙන්(මයික්‍රෝ ග්‍රෑම් 100-260 අතර) ආසනික් අඩංගු වන බව සොයා ගැනින.

අප පර්යේෂණ ප්‍රතිපල අනුව රජරට වකුගඩු රෝගය බහුල ප්‍රදේශයේ සහල්වල අඩංගු ආසනික් මට්ටම් පහත දැක්වේ.

වකුගඩු රෝගීන්ගේ හිසකෙස්වල ඇති ආසනික්


මුත්‍රවල ඇති ආසනික්


ස්කෑන් පරීක්ෂණය



සාමාන්‍ය නිරෝගී ශ්‍රී ලාංකික වැඩිහිටි පුද්ගලයෙකුගේ වකුගඩුවේ ප්‍රමාණය සෙ.මි. 10-11.5 අතර වේ. වකුගඩු රෝගීන්ගේ වකුගඩුවේ සාමාන්‍ය ප්‍රමාණය පහත දැක්වේ.


වකුගඩු රෝගයෙන් මියගිය රෝගීන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලින් ලබාගත් තොරතුරු.

නිරෝගී වකුගඩුවක හරස්කඩක්.

මුත්‍රා පෙරෙන පිටතින් වූ බාහිකය කොටස සෙ.මී. කිහිපයක පළලින් යුතුව නිරෝගීව ඇත.

වකුගඩු රෝගයෙන් මියගිය පුද්ගලයෙකුගේ වකුගඩුවක හරස්කඩක්. බාහිකය දියවී ගොස් ඉතා සිහින්ව ඇත.

රෝගී වකුගඩුවක යටි ධ්‍රැවයේ ආසනික්තැන්පත් වූ අළු පැහැ ප්‍රදේශය.


ආසනික් විෂ නිසා හටගත් වකුගඩු රෝගයෙන් මියගිය රෝගියෙකුගේ වකුගඩුවක්(වමේ) දියවැඩියාව නිසා හටගත් වකුගඩු රෝගයෙන් මියගිය රෝගියෙකුගේ වකුගඩුවක්(දකුණේ) වකුගඩු පටක තුල ආසනික් තැන්පත් වීම

නිරෝගී වකුගඩුවක අන්වීක්ෂීය පෙනුම. පෙරන අවයව ගහනය වැඩියි.

රෝගී වකුගඩුවක අන්වීක්ෂීය පෙනුම. පෙරන අවයව ගහනය ඉතා අඩුයි. රෝගී වකුගඩුවක පෙරන අවයවයේ කැල්සියම් තැන්පත් වී ඇති අයුරු.(Von Kossa වර්ණ ගැන්වීම) ආසනේට් සංයෝගය සඳහා වර්ණ ගැන්වීම. වම් පස පරීක්ෂණයද සැලකූ විට, මෙම රෝගී වකුගඩුවේ පෙරන අවයවයේ කැල්සියම් ආසනේට් තැන්පත් වී ඇති ආකාරය පෙන්විය හැකිය. වගා බිමේ ඇති ආසනික් පස් නියැදි පරීක්ෂාව

      ආසනික් අධික සාන්ද්‍රවලින් අඩංගු වන්නේ කුඹුරු ආශ්‍රිත පසේ බව නිරීක්ෂණය වූ නිසා විවිධ ප්‍රදේශවල ඇති කුඹුරු වල අඩි 12 ක් පමණ ගැඹුරට යනතෙක් ඇති පස්වල ආසනික් පරීක්ෂා කරන ලදී. පහත දැක්වෙන, ඉන් ලැබුණු ප්‍රතිඵල අධ්‍යයනය කිරීමේ දී ආසනික් වැඩි සාන්ද්‍ර පවතින්නේ මතුපිටට ආසන්න ස්තරවල බවත්, අඩි 5 සිට ගැඹුරට යත්දී ඒ ඒ ප්‍රදේශ අනුව ආසනික් දක්නට නොලැබෙන(ND) බවත් පැහැදිලි වෙයි. එනම්,මව් පාෂණයෙන් පසට ආසනික් එකතුවීමක් සිදුනොවන බව සනාථ කල හැක. කුඹුරුවලට පිටතින් එක් කරන යෙදවුම් නිසා මෙම තත්ත්වය ඇති වූ බව සිතිය හැකිය.


කෘෂිරසායනවල ඇති ආසනික් කැලණිය විශ්වවිද්‍යාලයේ රසායනාගාරයේ සහ ජල සම්පත් මණ්ඩලය මගින් සිදුකෙරුණු පලිබෝධනාශක පිලිබඳ පර්යේෂණ ප්‍රතිඵල.


පොහොර සඳහා කල පර්යේෂණ ප්‍රතිඵල

වකුගඩු රෝගී ව්‍යාප්තිය, පානීය ජලයේ කිවුල සහ පසේ සංයුතිය අතර ඇති සම්බන්ධය


පළමු සිතියම – වකුගඩු රෝගීන්ගේ ව්‍යාප්තිය දෙවන සිතියම – පානීය ජලයේ කිවුල ප්‍රමාණය ව්‍යාප්ත වී ඇති ආකාරය තුන්වන සිතියම – එක් එක් සංයුතියෙන් යුතු පස් වර්ග ව්‍යාප්ත වී ඇති ආකාරය

       මෙම සිතියම් අධ්‍යයනයෙන් වැඩි වකුගඩු රෝගී ගහනයත්, පානීය ජලයේ කිවුල වැඩි වීමත්, රතු දුඹුරු පසේ ව්‍යාප්තියත් යන සාධක භූගෝලීය වශයෙන් එකිනෙක මත සම්පාත වන ආකාරය පැහැදිලිව දැකගත හැකි වෙයි. රජ රට පොලවේ ඇති පස, වී වගාවට ඉතාමත් සුදුසු වන රතු දුඹුරු පසයි. මෙම පසෙහි බහුලව අඩංගු කැල්සියම්, මැග්නීසියම්, යකඩ වැනි ලෝහවල ලවණ, පාංශු ජලයට කාන්දු වීම නිසා ජලයේ කිවුල ඇති වේ. මෙකී පාංශු ලවණ, කෘෂි රසායන හරහා පසට එකතු වන ආසනික් සමග ප්‍රතික්‍රියා කොට ඉතා ස්ථායී දැලිස ව්‍යුහයන් සාදයි. කාලයත් සමග පස තුල එක්රැස් වන මෙම සංයෝග ලිං ජලයට කාන්දු වෙමින් ගොවීන්ගේ පානීය ජලයේ ආසනික් සාන්ද්‍රණය වැඩි කරයි.

ආසනික් සහ අනෙකුත් බෝ නොවන රෝග මෙම කාරණය සම්බන්ධයෙන් බටහිර විද්‍යාවට අනුව සිදුකෙරුණු පර්යේෂණවල පර්යේෂණ පත්‍රිකා සහ ලියකියවිලි රාශියක් අධ්‍යයනය කිරීමෙන් පහත සඳහන් බෝ නොවන රෝගවල සීග්‍ර වැඩිවීම කෙරෙහි දිගු කාලීන ආසනික් විෂවීම සෘජුවම බලපාන බව පැහැදිලිවම පෙනී යයි. පිළිකා – සම, පෙනහළු, වකුගඩු දියවැඩියාව හෘදයාබාධ අංශභාගය ඇදුම සංජානනීය ආබාධ වඳ බව උදරයේ දැවිල්ල (ගැස්ට්‍රයිටිස්) වයිරස් උණට ප්‍රතිශක්තිය අඩුවීම කිවුල් ජලය නොමැති ප්‍රදේශවල ලාංකිකයන්ගේ සිරුරට ආසනික් ඇතුළු වන ප්‍රධානතම මාර්ගය වන්නේ කෘෂිරසායන යොදා සෑදු ආහාර පානයි. මෙසේ ආහාරයෙන් ඇතුළු වන ආසනික් බඩ වැලේ දී උරාගෙන අක්මාව හරහා මුළු සිරුර පුරා ගමන් කරයි.ජීවී සෛලයක මූලික ක්‍රියාකාරී ඒකකය වන DNA අණුව වෙනස් කල හැකි විශේෂ හැකියාවක් ආසනික් සතුව ඇත. DNA ව්‍යුහය වෙනස් කිරීම නිසා ඇතිවන විකෘති සෛල, පිළිකා ඇතිකිරීමටත්, සංජානනීය ආබාධ හා වඳ බව ඇතිකිරීමටත් හේතු වෙයි. අග්න්‍යාශයේ ඉන්සියුලින් හෝමෝනය නිෂ්පාදනයට බලපෑම නිසා ඉන්සියුලින් නිෂ්පාදනය අඩාල වී දියවැඩියාව හටගනී. අක්මාවේ නිපදවෙන හෙපරින් නමැති රසායනිකයට බලපෑම මගින් හෙපරින් නිපදවීම අඩු වීම නිසා ලේ කැටිගැසීමේ දෝෂ හටගෙන හෘදයාබාධ, අංශබාග වැනි රෝග සෑදීමේ අවධානම වැඩි වෙයි. මේ ආකාරයටම ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඇතිවන බාධා නිසා සම හා ස්ලේශ්මල පටලවල ආරක්ෂාකාරී ක්‍රියාව දුර්වල වන අතර විෂ බීජ සමග සටන් කිඊමේ හැකියාව බිඳ වැටී පහසුවෙන්ම ලෙඩ රෝගවලට ගොදුරු වේ.

DNA ක්‍රියාකාරීත්වය වැඩි, වර්ධන වේගය වැඩි පටකවලට ආසනික් දැඩි බලපෑමක් ඇතිකරයි. එයින් අදහස් වන්නේ කළල හා ළමා අවදියේ දී ආසනික් ශරීර ගත වන අපගේ බාල පරපුර ඉහත රෝගයන්ට අඩු වයසින්ම ගොදුරුවීම අනිවාර්යයෙන්ම සිදුවන බව හෙවත් අනාදිමත් ඉතිහාසයකට උරුමකම් කියන ජාතියක අවසානය ආරම්භ වී

ආශ්‍රිත[සංස්කරණය]

http://helasuwaya.org/%E0%B6%86%E0%B7%83%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A/

"https://si.wikipedia.org/w/index.php?title=රජරට_වකුගඩු_රෝගය&oldid=487659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි