යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය

විකිපීඩියා වෙතින්

ඛණ්ඩාංක: 56°50′N 60°35′E / 56.833°N 60.583°E / 56.833; 60.583

යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය
Уральский федеральный округ
රුසියාවේ ෆෙඩරල් දිස්ත්‍රික්කය
රුසියාව තුල යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කයේ පිහිටුම
රුසියාව තුල යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කයේ පිහිටුම
රට රුසියාව
පිහිටුවීමමැයි 18, 2000
පරිපාලන කේන්ද්‍රයයෙකැතරින්බර්ග්
රජය
 • ජනාධිපතිමය තානාපතිඉගෝර් කෝල්මාන්ස්කික්
සරිය
 • සම්පූර්ණ1,788,900 කිමී2 (690,700 සතරැස් සැත)
භුමිප්‍රමාණ අනුස්ථිතිය3වන
ජනගහණය(2010)
 • සම්පූර්ණ12,080,526[1]
 • අනුස්ථිතිය6වන
 • නාගරික79.9%[1]
 • ගම්බද20.1%[1]
ෆෙඩරල් පාලන ප්‍රදේශ6 ඇතුලත් කෙරිණි
ආර්ථික ප්‍රදේශ2 ඇතුලත් කෙරිණි
වෙබ් අඩවියuralfo.ru/

යූරල් ෆෙඩරල් දිස්ත්‍රික්කය (රුසියානු: Ура́льский федера́льный о́круг, උරැල්ස්කි ෆිඩරැල්නි ඕක්රූග්) යනු, රුසියාවේ ෆෙඩරල් දිස්ත්‍රික්ක නවය අතුරින් එකකි. 2010 ජනගහණ සංගණනය ප්‍රකාර, එහි ජනගහණය 12,080,523 (79.9% නාගරික) විය.[1]

රුසියාවේ ජනාධිපතිගේ නියෝගයක් පරිදී, 2000 මැයි, 13 දිනදී මෙම දිස්ත්‍රික්කය පිහිටුවන ලදි.[2] මෙම දිස්ත්‍රික්කය බොහෝ ලෙසින් යූරල් භූගෝලීය ප්‍රදේශයේ පිහිටා ඇති නමුදු, වොල්ගා ප්‍රදේශයේ සුළු කොටස්ද එයට අයත් වෙයි. රුසියාවේ යුරෝපියානු සහ ආසියානු ප්‍රදේශයන්ගේ සීමාවෙහි එය පිහිටා ඇති අතර,[3] එහි ප්‍රමාණය, යූරල් ආර්ථික ප්‍රදේශයේ ප්‍රමාණයට වඩා වෙනස්ය. මෙම දිස්ත්‍රික්කයේ පරිපාලන කේන්ද්‍රය වන්නේ යෙකැතරින්බර්ග් නගරය වෙයි.

එහි ජනගහණය මුළු රුසියානු ප්‍රමාණයෙන් 8.5% ක් පමණක් වුවද, මෙම දිස්ත්‍රික්කය විසින් රුසියාවේ දළ ප්‍රාදේශීය නිෂ්පාදිතයෙන් 18% කට දායකත්වය සපයයි.[4]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 "Всероссийская перепись населения 2010 года. Том 1". Всероссийская перепись населения 2010 года (2010 සමස්ත-රුසියානු ජනගහණ සංගණනය) (රුසියානු බසින්). ෆෙඩරල් රාජ්‍ය සංඛ්‍යාන සේවය. 2011. සම්ප්‍රවේශය ජූනි 29, 2012. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
  2. "Указ Президента РФ от 13 мая 2000 г. N 849 "О полномочном представителе Президента Российской Федерации в федеральном округе" (රුසියාවේ ජනාධිපති විසින් 2000 මැයි, 13 දිනදී, නිකුත් කෙරුණු අණාඥාව #849)" (රුසියානු බසින්).
  3. සංරක්ෂිත පිටපත, http://www.smsr-senclub.ru/en/region/index.php?SECTION_ID=350, ප්‍රතිෂ්ඨාපනය 2014-04-26 
  4. "5 යූරල් ෆෙඩරල් ඩිස්ට්‍රික්ට්: ද බැක්බෝන් ඔෆ් ද නේෂන්ස් ඉකොනමි". රෂියාස් රීජන්ස්: ගෝල්ස්, චැලෙන්ජර්ස්, එචීව්මන්ට්ස් (PDF). ජාතික මානව සංවර්ධන වාර්තාව. යූඑන්ඩීපී. 2006/07. p. 68. සම්ප්‍රවේශය 3 දෙසැම්බර් 2013. {{cite book}}: Check date values in: |date= (help)